ළමුන් වැරදි කරයි. ඒ බව නොදන්නා විදුහල් පතිවරුයි අද අපේ රටේ ඉන්නේ. සවන් දෙන්න මේ කතාවට
VIDEO
මනුෂ්‍ය ජීවතවලට වටිනාකමක් නැති රටක, මිනිසුන්ගේ ආත්ම ගෞරවය ගැන කුමන කථාද ?
ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දලම ගමේය. නමින්------ වූ ඇයට, හම්බන්තොට පොලිසිය පොලිස් පණීවුඩයක් ගෙන ආවේය. එම පණිවුඩයේ සඳහන් දේ - පණිවුඩය ගෙනා පොලිස්කාරයා මුළු ගමටම පෙන්වා ඇවිද තිබේ.
වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් පණීවුඩයට අනුව - කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා හි පවත්වාගෙන ගිය බවට ප්‍රකාශිත ,
සුපිරි ගණිකා මඩමට , අදාල පරීකෂණ සඳහා, ප්‍රකාශයක් ගැනීමට කරන ලද කැඳවීමකි. ඇය, ඇගේ දෙමාපියන් ඥාති හිතවතුන් කම්පාවට පත් විය. භියට පත්විය. ලැජ්ජාවට පත්විය. සියදිවි නසා ගැනීමට තරම් මානසික ආතතියට පත්විය. මුළු ගමටම, පොලිස් කාරයින්ට, ඇය ගණීකාවක් විය. ගමේ හාමුදුරුවන්, දේශපාලකයින් ප්‍රසිද්ධියේ නොකිව්වත්, රහසින් දොඩන්නට ඇත. නියම කල දිනය හා වේලාව 2011 ජනවාරි 26 දින උදේ 9’00 විය.
ඇගේ මව සහ ඥාතීන් කිහිපදෙනෙක් ඊයේ එනම් 2011. 01. 25 දින වලාන දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපතිව මුණගැසී කැඳවීම ගැන විමසූවට, ඔහු කියා ඇත්තේ, තමුසෙලාත් එකක් කතාවක් නැහැ, හෙට ---- එක්කගෙන එනවා, එතකොට එයාගෙ වැඩ පෙන්වන්නම් කියාය.
2011. 01. 26 දින අලූයම පානදුරයට පැමිණි ----- ර්ණ ඇගේ මව, සොහොයුරන් හා ඥාතීන් - වලාන දූෂණ මර්ධන ඒකකයට යන්නට හෝ නීති උපදෙසක් ලබාගැනීම පානදුර උසාවිය අසලට ගියේය. නීතිවේධී ම.දෝ. විජයපාල එහිදී ඔවුන්ට මුණ ගැසින. කථාවට සවන් දුන් ඔහු ගාස්තු වශයෙන් රුපියල් විසිපන්දහසක් (25.000/=) ගත්තේය. ප්‍රශ්ණය එතරම්ම බරපතල නිසාය.
ඔහු එම පිරිස රැගෙන ආවේ ජනසංසදයට ය.
ඒ, වලාන දූෂණ මර්ධනයට යාමට පෙර - අදාල තැන්වලට පැමිණීලි සකස් කර ගැනීමටය. වලාන දූෂණ මර්ධනය - ලිබර්ටි ප්ලාසා හි සුපිරි ගණීකා නිවාසයෙන් සොයාගත් දුරකථන අංකවල හිමිකාරයින් පසුපස පැන්නීම ආරම්භ කර ඇති බව එහිදී හෙළිවිය.ඒ අනුව අධිකරණයට ලබාදී තිබුනේ ඇගේ දුරකථන අංකය වේ. නමුත් අවශ්‍ය දුරකථන අංකය වෙන එකකි. වලාන දූෂණ මර්ධන ඒකකය කියා සිටියේ යතුරු ලියනයේදී සිදුවූ වරදක් බවත්, කණගාටුව ප්‍රකාශ කරන බවත්ය.
ම.දෝ/ විජයපාල නීතිවේධියා - වලාන දූෂණය කල මහ පොලව නුහුලන අපරාධය වසන් කිරීමට - ප්‍රකාශය ලියවෙව්වේ - විමර්ශන වලදී ඇය නිර්දෝෂී බව හෙළිවූවායැයි කියාය. එපමණක් නොව, ජනසංසදයට රැගෙනවිත් පිලියෙල කල පැමිණීලි තැපැල් නොකරන ලෙසටද ඇයට උපදෙස් දුන්නේය. වලාන දූෂණය හා පොලිසිය - -----පමණක් නොව, දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආත්ම ගෞරවය වනසා දමා ඇත. ඇය ද දැන් බොහෝ කෙනෙකුට සුපිරි ගණීකාවය.
මේ ලේබලය ඇගේ මරණින් පසුවද පවතිනු ඇත. රට පාලනය කරන එවුන්හට යුක්ති ධර්මය අවශ්‍ය නැත.
මේ සිද්ධිය මාගම්පුර වැසියන්ට සිතන්නට හිස් ගෙඩි ඇත්නම් ප්රමාණවත්ය.
JS
Lankadeepa.lk
මාතර පාලටුව පාසලක මුල් පෙළට දරුවන් ඇතුළු කළ මවුපියනට සිදු වුයේ පැදුරක් රැුගෙන එහි යෑමයි. ඊට හේතුව පාසලේ ඩෙස්ක් පුටු හිඟයකි. සතියක් යනතුරු දරුවනට පැදුරේ වාඩි වී අකුරු කිරීමට සිදුවනු ඇත.
ළමයින් සමනළයින්ය. ඔවුන්ට හොදම දේ දියයුතුයි. මක්නිසාද අප මෙි සියලුදේ කරන්නේ ඔවුන් සදහා බැවිනි.
ඇමතිවරුන් ඩයිනොසර්ලාය. ඇතැමි ඩයිනොසර්ලා යන්නේ ජගුවාර් වලය. ඇතමි ඩයිනොසර්ලාගේ පුත්තුන්ට නීති විිභාග පැවැත්වෙන්නේ වායු සමිකරණය කරන ලද කාමරවලය.
ඇත්තටම ඩයිනොසර්ලාට මොකද වුනේ? වදවිය. රටම කෑවාට පසු මෙි ඩයිිනොසර්ලාට සිදුවන්නෙත්් එයමද? අපි මාතර පාලටුව පාසලේ දෙමාපියන්ගෙන් අසමු.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
අනූරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් සය දෙනෙකු මියගිය බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වෙි. මෙය ඉතාම ඛෙදනිය තත්වයකි. මිට බෝහෝ හේතු කාරණා බලපාන්නට ඇත. නමුත් ඒ අතරින් ප්‍රධාන තැනැක් ගන්නේ පරිපාලනයේ ඇති දුෂණ සහ අක්රමිකතාවන්ය.
මෙි ඛෙිදවාචකය මතකයට නගන්නේ මිට මාසයකට හෝ මාස දෙකකට පෙර මාධ්‍යය විසින් දිගින් දිගටම හෙළිදරවි කළ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ දුෂණ සහ අක්රමිකතාවන්ය.
නමුත් දැන් එහි තත්වය කුමක්ද? එහි හිටපු දුෂිත සහ අකාර්යක්ෂම නිළධාරිින් මාරුකර නව නිළධාරින් බදවා ගෙන ඇත. සෑම දෙයක්ම ක්‍රමවත්ව සිදුවෙි. අලුත් පරිපාලනය ගැන පහළ නළධාරින් සතුටෙන් සිටින
බවද අසන්නට ලැබෙි.
එහි දැන් එක එක්කෙනාට ඔින ඔන විදියට රැුදවියන් හමුවිමට යානොහැක. මෙි තත්වය නීතිඥවරුන්ටද සමානව බලපායි. සෑම දෙයක්ම නීතියට අනුව සිදුවන බවක් එහි යන එන අයට දැකගත හැක. පිිරිස් කළමනාකරණයද සූභවාදි වෙනසකට ලක්ව ඇත.
හිත ඇත්නමි පත කුඩාදැයි ඇසිමට හුරුපුරුදු ශ්‍රී ලාංකිය සමාජයට ඔිනෑම දෙයක් වෙනස් කළහැක. මෙය අද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාටිටුව තුළ සෑබැවක් වි ඇත. මෙය සෙස්සන්ට ආදර්ශයකි.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
මාධ්‍යයට අදාල පුවතක්
වාරණයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය සහ වෘත්තීය පත්රකලාවේදීන්ගේ සංගමය එක්ව අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුරුදන් වී වසරක් ගත වීමත් සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ ගැන රජයේ අවධානය යොමු කිරීමත් එහි අරමුණ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විජිත හේරත්, ටිරාන් අලස්, මහත්වරු ද ඊට එක්වූහ.
මාධ්‍යයට අදාල තවත් පුවතක්
ශ්‍රී ලංකාවේ ඇතැම් වෙබ් අඩවි රජයේ නිලධාරීන්ට හා ඇතැම් ආයතන වලට වගකීම් විරහිතව අනවශ්‍ය ලෙස පහර ගැසීම් කරන නිසා එම ආයතන වලට විරුද්ධව ක්‍රියා කරන ලෙසට රජයේ ‘සිළුමිණ’ පත්‍රයේ කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා ජනාධිපතිවරයාට යෝජනාවක් කර තිබේ. ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වන අන්දමට ‘සිළුමිණ’ කර්තෘවරයා මේ යෝජනාව කර තිබෙන්නේ අරලියගහ මන්දිරයේ අද (13* පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානින්ගේ හා කර්තෘවරුන්ගේ හමුවේදීය.
මේ කර්තෘවරයා ඉහත ප්රශ්නය ජනාධිපතිවරයා වෙත ඍජුවම යොමු කරමින් අසා තිබෙන්නේ, එවැනි වෙබ් අඩවි වලට විරුද්ධව පියවරක් නොගන්නේ මන්ද කියායි. රටටත්, රජයටත්, ජනාධිපතිවරයාගේ පවුලේ අයටත් සමහර අවස්ථාවල එම වෙබ් අඩවි වලින් අපටත් පහර ගසනවා යැයි කියා ඇති සූරියආරච්චි කර්තෘවරයා ඒ සම්බන්ධව රජය නිහඬ මන්දැයි අසා ඇත.
රාජ්‍ය විරෝධී හා විශේෂයෙන් ආරක්ෂක හමුදාවලට එරෙහිව රටට අහිතකරලෙස වෙබ් අඩවි වල පුවත් පළවන බව පවසා ඇති ජනාධිපතිවරයා සමහර වෙබ් අඩවි රටින් පිට සිට පවත්වා ගෙන යන බවත් එම වෙබ් අඩවි පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් හා ඒවාට මෙරට සිට උදව් කරන අය ගැන වෙනම අංශයක් මගින් පරීක්ෂණයක් කරගෙන යන බවත් එම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ අයට විරුද්ධව පියවර ගන්නා බවත් ප්‍රකාශ කොට තිබේ. (ලංකා ඊ නිව්ස් 2011 ජන.13, ප.ව. 6.00*
මාධ්‍යවෙිදින් ඝාතනයට සහ අතුරුදහන් කිරිමට විරෝධය පල කළ යුතුයි. එහි විවාදයක් නැත. නමුත් මෙි කෑගසන මාධ්‍යවෙිදින් ජනාධිපතිවරයාගේ වෙබි අඩවි භීතිකාව ගැන නිහඩ ඇයිි? එය ඔවුන්ගේ ආචාර ධර්ම වලට අදාලත්වයක් නැති නිසාද? නැතිනමිි ඔවුන්ද ජනාධිපතිවරයාගේ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙින් සිටින නිසාද?
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
හේමචන්ද්‍ර කොඩිතුවක්කු ජයසේකර මෑතක් වනතුරුම හොරණ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විය. මේ වසර මුල සිට ඔහුව අධ්‍යාපන අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.
මොහු අපරාධ සැකකරුවෙකි. මොහුට නීතියෙන් බේරීමට පොලිසිය ක්‍රියා කරන අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු විනය පියවරක් ගෙන නැත. 2009. 03. 11 වන දින, මොහු හොරණ රාජකීය විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මධුසංඛ ශිෂ්‍යයාව කෲර වධහිංසාවට පත්කළේ අතින් හා වේවැලෙන් පහරදි ඔහුගේ කොණ්ඩය තැනින් තැන කපා විකෘති කොට,බඩෙන් අල්ලා මිරිකා උස්සා අතහැරීමෙන්ය. ඔහු එම සිසුවා ඉගෙනීම් කටයුතු කඩාකප්කළේය.
ROYAL COLLEGE - HORANA
මධුසංඛ එම සිද්ධියෙන් පසු බරපතල ලෙස රෝගාතුර විය. අධ්‍යාපනය කඩාකප්පල් විය.ජයසේකර මානව හිමිකම් කොමිෂමේ කැඳවීම් වලට ඉදිරිපත් වූයේ නැත. සමථ මණ්ඩලයටද ගියේ නැත.වසර දෙකක් ගතවී ඇතත්, පොලිසිය ඔහුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන නැත. අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධකරුවාව රැකීමට පියවර ගෙන ඇත.
අසමත් රටක්! අසමත් ජාතියක්!!
JS
ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය පොලිසියයි. පොලිස් ස්ථානයක සිදුවන සියලු කටයුතු වලට වගකිවයුත්තේ ස්ථානාධිපතිවරයාය. මෑතක සිට ස්ථානාධිපතිවරුන් ලෙස පත්විමි ලැබිමට ලොක්කාගේ මල්ලිගෙන් ලියුමක් අවශ්‍යය බව කියවෙි. රටෙි සිදුවු ප්‍රකට ඝාතන ගණනාවක් සමිබන්ධයෙන් පොලිසිය මෙතෙක් විමර්ශන පවත්වා නැත. මිට වසර දෙකකට පෙර මාධ්‍යයවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණි. දැනට වසරකට පෙර මාධ්‍යවෙිදි ප්රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරිණි. පොලීසිය මොකද කළේ?
මේ ආකාරයට රට තුළ ඝාතන ගණනාවක් සිදුවෙමින් ති බේ. ඊයේ මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ සිට පැමිණි කොළඹ කොස්වත්ත මුහන්දිරම් මාවතේ තරුණයකු මරාදමා ඇති බවයි. ඔහු ඉන්ද්‍රජිත් රාජපක්ෂ (35) වේ . මිට මාස දෙකකට පමණ පෙර බොරැල්ල සර්පන්ටයින් හංදියේදි පුද්ගලයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළේ ත්‍රාසජනක චිත්‍රපටියක ආකාරයෙනි.
මේ මෙරට අවනීතිය රජ කරන බව පෙන්විමට ඇති නිදසුන් සියගණනක් අතරින් අතලොස්සක් පමණි. එහෙත් අපට හොදින් කෙටුමිපත් කල නීතියක් ඇත. ඒ නීතිි ඉතා ලස්සනට පොත්වල ලියවි ඇත. සරලව කිවහොත් අපේ අපරාධ යුක්තිය පසිදලිම පිළිබද ක්‍රම මේදය වෙන කිසිදු රටකට දෙවෙනි නො වේ. එහෙත් මෙරට එය ඒ අයුරින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද?
නීතිපති දෙපාර්ථමෙින්තුව ලිපි ගොනු යටියන්තොට යැවිම පිළිබද ප්‍රසිද්ධියක් උසුලයි. ඇතැමි නඩු වලට නීති උපදෙස් ගොනු කිරිමට වසර 06 කටත් වඩා කල්ගත් අවස්ථා වලට නිදසුන් ඇත. නීති විද්‍යාලයේ ප්‍රශ්න පත්තර විභාගයට පෙර සිසුන් අතට පත්වි මේ තත්වයක් මෙන්ම ලොක්කාගේ පුතාට විභාග වලදි වැඩි වරප්‍රසාද ලබාදිමක්ද සිද්ධ වේ.
මේ අයුරින් ප්‍රයෝගිකව නිසි පරිදි ක්‍රියාත්මක නොවන නීතිය කෝලමක් මිස අන්කවරක්ද?
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
ගෙවිගිය සති කිහිපය තුළ මුලු ලෝකයටම කාළගණයෙන් බලවත් ආපදා එල්ල විය. බරපතල ආපදා එල්ල වු රටවල් අතර බ්‍රසීලය, ශ්‍රී ලංකාව, ඔස්ටේරිලියාව සහ පිලිපිනය පෙරමුණේ සිටිති. ශ්‍රී ලංකාවෙි මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇත. ගංවතුර සහ නායයෑමි නිසා පීඩාවට පත් මුලු සංඛ්‍යාව ලක්ෂ 10කට වැඩිය. තවද නිවාස අහිමි වු සංඛ්‍යාව 340000කි.
ශ්‍රී ලංකාවෙි වඩාත් බරපතල ලෙස ආපදා තත්වය බලපෑවෙි නැගෙනහිර පළාතටය. එයින් තත්වය වඩාත් දරුනු වුයේ මඩකලපු දිස්ත්රික්කයේය. 2004 සුනාමි ව්‍යසනයෙන්ද මෙම නැගෙනහිර ජනතාවට බරපතල ජිවිත හානි වලට මෙන්ම දේපල හානි වලට මුහුණදිමට සිදුවිය. මෙවර ගංවතුර හේතුවෙන් අස්වනු නෙලිමට සුදානමින් සිටි කුඔුරු රැුසැක් විනාශයට පත්විය. පාසල් ළමුන්ගේ පොත් පත්ද විනාශ වි ඇත. ගංවතුරෙන් පසුව ටයිපොයිඩි සහ පාචනය වැනි වසංගත රෝග පැතිරියාමෙි අවධානමක්ද පවති.
මෙම ආපදා තත්වය යටතේ ලංකාවට මුලින්ම ආධාර දිමට ඉදිරිපත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව ඉදිරිදින කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන එකක් වටිනා අත්‍යවශයය ද්‍රව්‍යය සැපයිමටද සුදානමින් සිටියි. එක්සත් ජාතින්ගේ සංවිධානයද ශ්‍රී ලංකාවට සහන සලසන්නැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
මෙම ලැබෙන විදේශ ආධාර නිසි පරිදි විිපතට පත් අයට ලැබිමට සැලැස්විම ආණ්ඩුවෙි වගකිමයි. 2004 සුනාමි ආධාර අප නිසි සැලසුමකින් භාවිතා නොකලා පමණක් නොව ඒ සමිබන්ධ නොයෙකුත් වංචනික ක්‍රියාවන්ද සිදුවිය. එපමණක් නොව මෙරටට ලැබුනු ඇතැමි සුනාමි ආධාර ප්‍රයෝජනයට නොගෙන පරිත්‍යාග කල රටවලට ආපසු යැවු අවස්ථාවන්ද අසන්නට ලැබිණි.
ස්වාභාවික ව්‍යසන වලින් පසුව දියුණු වු රටවල් ද ඇත. ඒ අතර මිට වසර 15කට පමණ පෙර භූමිකමිපාවක් නිසා විනාශ වු ජපානයේ කොබෙි නගරයද වෙි. අපි මෙි දේවල් වලින් පාඩමි ඉගෙන ගනිමු.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
I was awarded a sum of Rs. 75,000/= in regard to the S. C/ F. R. Case bearing No. 258/2007 as a compensation on May 13, 2009, and the sum has to be paid to me by the Inspector General of Police Dr. Mahinda Balasuriya. But upto date I have not received a single cent from the I.G.P. I wrote to the I.G.P., I wrote to the Registrar of Supreme Court but all were in vain. They did not have the courtesy at least to send me a reply. I received a letter from the Secretary of The Judicial Service Commission, Mr. Priyantha de Silva instructing me to go to the relevant Court but he failed to mention as to which court I should go. In the mean time, I came to know from a reliable source that the entire file of the above case is missing from the Supreme Court record room.
U.A.Chandresena; Petitioner
JS
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නියෝග ක්‍රියාත්මක නොකරන රටක - යුක්ති දාමයට සම ප්‍රවේශය ගැන කතා කරන්නන්ටයි මෙය කාත් කව්රුත් නැති, මළ පොතේ අකුරු බැරි අයෙකු සම්බන්ධයෙන් හෙයින් එය -මේ රටේ අති බහුතරයක් බුද්ධිමතුන්ට පමණක් නොව, මානව හිමිකම් ඔස්තාර්ලාටද, උදේ හවස බණ දෙසන එව්න්ටද තේරුම් ගන්නට බැරි බව අපට නම් නිසැකය. බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන කෙලින්කන්දේ පදිංචි කරුවෙකි චන්ද්‍රසේන. ඔහුට බදුරලිය පොලිසියේ, පොලිස්කාරයින් කණුවකට බැඳ පොලු වලින් පහරදුන්නේ 2007.06. 27 වන දින දීය. පහරදුන් පොලිස්කාරයින් රකින්න නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් කළේ, චන්ද්‍රසේනට ප්‍රතිකාර නොකර - රෝහලෙන් එළියට දැමීමය. චන්ද්‍රසේනගේ ගමේ හිතවතුන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ නිසාම මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට චන්ද්‍රසේනට හැකිවිය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කළේ 2007.07.27 වන දින දීය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2009.05.13 වන දින දීය. එම තීන්දුවට අනුව, තුන් මසක් ඇතුළත පොලිස්පතිවරයා, රුපියල් 75000/- ක මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳිය යුතුය. අද දක්වාම එම මුදල ඔහුට ගෙවා නැත. චන්ද්‍රසේන ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට, පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දුන්නේය. අවම වශයෙන් පිළිතුරක් එවීමට තරම්වත් ඔවුන් සදාචාරවූයේ නැත. හැදියාවක් තිබුනේ නැත. හැබැයි ඔවුන් සර්ලා හා මැඩ්ම්ලාය. ටයිපටි බැඳගෙන සාරිපටලවා ගෙන සිටිති. ෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට යැවූ ලිපියෙන් පිටපතක් ඔහු අධිකරණසේවා කොමිෂමේ ලේකම්වරයාට ද යැව්වා. අධිකරණසේවා කොමිෂමේ ලේකම් ප්‍රියන්ත ද සිල්වාගෙන් පිළිතුරක් - චන්ද්‍රසේනට ලැබිණ. එහි මෙසේ සඳහන්ය. "නිසි අධිකරණය වෙත ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි". එහි දාතම 2010.09.27 වේ . "නිසි අධිකරණය" කුමක් දැයි - චන්ද්‍රසේන අසයි. දෙන්න පිළිතුරක් හැකි අයෙක්.
JS
නිදහස හරිම සුන්දරයි. ආගමික නිදහස සාමයේ සෙවනැල්ලයි. ආසියාව ප්‍රධාන ආහමි ගණනාවකට උල්පත විය. නමුත් ආගම ඇදහිමෙ නිදහස සහ සෙසු ආගමි වලට ගරු කිරිම කෙතරමිදුරට එහි සාර්ථකත්වයක් ලබා තිබෙද?
මම ශ්‍රී ලංකාවෙි දකුණේ ජිවත්වන සිංහල බෞද්ධයෙක්. මෙම සිංහල බෞද්ධ හැදුනුමිපත මට ඉපදුනු වහාම මගේ දෙමාපිියන් විසින් ලබා දෙන ලදි. දැනුමි තෙරුමි යනකොට මානව හිමිිකමි පිළිබද විශ්ව ප්රකාශනය කියවන විට මට අවබෝධ වුනා මට මා කැමති ආගමක් ඇදහිමෙිි අයිතිියත් අන්‍යය ආගමි වලට ගරු කිරිමෙි යුතුකම මෙන්ම වගකිම ඇතිි බව.
හෙට හින්දු භක්තිකයින්ගේ අවුරුද්ද. ඒ කියන්නේ ඔවුන්ගේ තෛපොන්ගල් උත්සවය. මෙය නිරතුරුව උතුරු නැගෙනහිර විශේෂයෙන් යාපනේ ජනතාව සිහිකෙරෙන අවස්ථාවක්. ඒ ජනතාවට හෙටින් උදාවන අවුරුද්ද නැවුමි බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගත් එකක් වනවා නොඅනුමානයි.
යුද්ධය අවසන්ව මාස 19ක් වෙනවා. හෙට විශේෂයෙන් යාපනේ ජනතාවට ප්‍රීතියෙන් මෙම ආගමික උත්සවය සැමරිමෙි අවකාශය තිබෙනවාද? යුද්ධය අවසන් වුවාට මුලු රටෙිම හදීසි නීතිය ක්රිියාත්මක වෙනවා. යාපනය තුළින් හමුදාව ඉවත් කිිරිමක් සිදුවෙලා නැහැ. ඊයේ පෙරේදා මිනිමැරුමි සහ අතුරුදහන්විමි ගණනාවක් වාර්තා වුනා.
මිට අමතරව යාපනය තුළ බුදු පිළිම තැනින් තැන ඉදිවෙමින් තිබෙනවා. එහි දෙමළ ජාතික පාසල් සිසුන්ට අගමැතිවරයා සහභාගි වු උත්සවයකදි ජාතික ගී ය සිංහල භාෂාවෙන් ගැයිමට බලකෙරුනු බවත් මාධ්‍යය වාර්තා කළා.
සෑම ආගමකින්ම අන්‍යය ආගමිකයන්ට ගරු කිරිම උගන්වනවා. ජේසු තුමා අසල්වැසියාට පේ‍්‍රම කරන්න කිවිවා. බුදුන් වහන්සේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවත් තම හතුරාට උවද මෛති‍්‍ර කළ යුතු බව කිවිවා. අපට සෑම ආගමකින්ම ඉගෙන ගතයුතු දේවල් තිබෙනවා.
හෙට එනමි තෛයිපොන්ගල් දිනයේදි සිංහල බෞද්ධ අපි විශේෂයෙන් යාපනේ ජනතාවට ජිවත්විමට ඇතිඅයිතියත් ජිවිත සුඛිත මුදිත කර ගැනිමට ඇති අයිතියත් ආරක්ෂාකර දෙමු. සෑබෑ බෞද්ධකම නමි හින්දු ආගමට බෞද්ධ ආගම හා සමානව ගරු කිරිමයි. එය දීර්ඝකාලිින සාමයකට අත්‍යවශ්‍යයයි.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි
එළඹි නව වසර, පොලිස් නීති විරෝධී ක්‍රියාවන් තව දුරටත් උග්රවන්නාවු වසරක් ලෙසට - ගෙවී ගිය වසර සනිටුහන් කර තිබේ. නීතියේ ආධිපත්‍ය කඩා වැටීමට සාපේක්ෂව, පොලිස් නීති විරෝධී ක්‍රියාවන් වර්ධනය වීය. එම ක්‍රියාවන්ට යුක්තිය පසදලීම හා සම්බන්ධ සියලු ආයතනවල නොමද සහයෝගය ලැබින. දේශපාලන අධිකාරියේ ආශිර්වාදය හිමිවීම කැපීපෙනෙන්නක් විය. 2010 වසරේදී ජනසංසදයට වාර්තාවූ පොලිස් නීති විරෝධී ක්‍රියාවන්ගේ සංඛ්‍යාව එකසිය අසූ දෙකකි. මේ අතුරින් එකසිය පනස් තුනක්ම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්,නීති විරෝධී රදවා තබාගැනීම් හා ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම්ය. රට පුරා - වසර පුරා අපට වාර්තා නොවූ පොලිස් නීතිවිරෝධී ක්‍රියාවන් මෙපමණකැයි අනුමාන කල නොහැක. පොලිසිවල පීඩාවට එරෙහිව පැමිණීල්ලක් දැමීමට, හඩක් නැගීමට ඉදිරිපත්වන්නේ නැත. එයට හේතුවන කරුණු විවිධය.
මෙයට අමතරව, වෙනත් රාජ්‍ය ආයතන වලින් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අප ආයතනයට යොමුවූ පිරිස එකසියපනස් තුනකි. රජයේ පාසල්වලින් සිසුන්ව වධහිංසාවට පත්කිරීම, අදාලව සිද්ධීන් දොළහක් වාර්තා වින. මේ සියලු සිද්ධීන්ට ද්විතීයික පාර්ශවයක් ලෙසට පොලිසිය සම්බන්ධ වින. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට - උල්ලංඝණය කරන්නවුන් රැක ගැනීමට ආණ්ඩුව සෘජුව සම්බන්ධ වසරකි - 2010.
පවතින නීති ක්‍රියාත්මකවීම වැළැක්වීම, අකර්මන්‍ය කිරීම හා සමගාමීව දණ්ඩමුක්තිය ප්‍රතිපත්තිය ලෙසට ප්‍රකාශ වින. මෙම තත්වය තුල පීඩාවට පත්වන පුද්ගලයින් නොමග යැවීමටද සැලසුම් සහගතව පියවර ගන්නා ලදි.
පොලිසියට සෙත් පැතීම, ප්රචාරක පුවරු සකස් කිරීම හා පොලිසි ඉදිරිපිට අති විශාල බුද්ධ ප්‍රතිමා ඉදිකිරීමේ සිට පොලිස්පති හමුවීම, මහජන පැමිණීලි අංශ ඇති කිරීම, හදිසි දුරකථන ඇමතුම් අංක එලි දැක්වීම හා පොලිස්පතිට ජංගම දුරකථන හරහා කෙටි පණිවුඩ යැවිය හැකි බව ප්‍රසිද්ධ කිරීම - එම විහිලු අතර කැපීපෙනෙන ඒවාලෙසට හැදින්විය හැකිය. පාලකයින් ජනතාව රැවටීමට ගන්නා ප්‍රයත්නවල ප්‍රතිඵල ඇත. මේ සියල්ලටම ජනතාව රැවටී තිබේ. ඒවා ගැන කතාකරති. හුවා දක්වති. ඒ මාධ්‍ය, බුද්ධීමතුන් හා ඉහළයින්ය. ලැබූ නවවසරට සුභ පැතීමට අප එක් නොවන්නේ - සුභ නොවන බවට කරුණු කාරණා ඇති හෙයිනි.
කිරිබත්ගොඩ පොලිසියේ අමානුෂික පහරදීමක් සහ තරුණයකුට ලිංගික අතවර කිරීම පිළිබඳව එම තරුණය කරන් ප්‍රකාශයකි පහ්ත දැක්වෙන්නේ...
හැමදේම සිංහලෙන් පමණක් වියයුතුයි යන්න තිරණය කිරිම භීතියක් මිස අන්කවරක්ද? රාජපක්ෂගේ මෙම භීතිිකාව ගැන දෙමළ ජාතික සන්ධානය තවමත් නිහඩ ඇයි?
යාපනයේ විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව ලග එන පළාත් පාලන මැතිවරණයට අදාලව නිකුත් කරන සියලු චක්‍රලේඛ සහ රෙගුලාසි ආණ්ඩුව සිංහලෙන් පමණක් මුද්‍රණය කර ඇත. මෙිනිසා උතුරු නැගෙනහිර මැතිවරණ නිළධාරින් බලවත් අපහසුතාවයකට පත්ව තිබෙි.
මෑතකදි යාපනේ දෙමළ සිසුන්ට ශ්‍රී ලාංකාවෙි ජාතික ගීය සිංහලෙන් ගැයිමට බලකිරිම ගැටලු සහගත විය. මෙම සිද්ධියෙන් පසුව කොළඔ සෑම දෙයම සිංහලෙන් පමණක් විය යුතුයැයි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගෙමින් තිබෙන බව සිවිල් සමාජ කොටස් ප්‍රතාශ කරති.
යාපනේ මැතිවරණ නිළධාරින් මෙි තත්වය තුළ තමන්ට සිංහල භාෂා ප්රවිණයන් අවශ්‍යයව ඇතැයි මැසිවිලි නගති. තවද පරිවර්තන ක්‍රියාදාමයට සතියක පමණ කාලයක් අවශ්‍යය බවත් ඔවුන් ප්‍රකාශ කර සිිටිති.
මමත් සිංහල. නමුත් මෙි දේ වැරදියි. පොඩිඩක් හිතන්න සිංහලයෙක් වන ඔබටත් මටත් දෙමළ පමණක් කතා කරන්නට හෝ ලියන්නට බල කලවිට ඇතිවන තත්වය කුමක්ද කියලා. අද මෙි දේ වෙන්නේ අප වැනිම මිනිසුන් කොටසක් වන දෙමළ ජාතිකයින්ට. එකම වෙනස අපි බහුතරය ඔවුන් සුලුතරය විමයි. අපි මෙි ගැන තවමත් නිහඩයි. හෙට දවසේ අපිට අසාධාරණයක් වුනොත් අපේ නිහඩබව ඔවුන්ද අනුගමනය කරනු ඇත.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි