Thursday, April 7, 2016

ඉංගිරිය OIc පාර අයිනේ ඉන්නත් ලයිසන් ඉල්ලයි. මංත‍්‍රී කථා කලාම ඛ්අ නැතිව බයිසකලය ගෙනියන්න දෙයි.


තමා පාර අයිනේ ඉන්නකොට, ඉංගිරිය පොලිසියේ OIC ලඟට ඇවිල්ලා ලයිසන් ඉල්ලූවා. මම ලයිසන් නැහැ කිව්වා. ගෙදර මිදුලේ නවත්වලා තිබූ යතුරු පැදිය අරගෙන පොලිසියට ගියා. 

දේශපාලන පළිගැනීම් වලට ඉංගිරිය පොලිසියේ OIC නිශ්ශංක ද සිල්වා මෙසේ තමාව පීඩාවට පත් කරන බවට වන පැමිණිල්ලක් බලධාරීන්ට කරන්නේ - චම්පිකා රණසිංහ මහත්මියයි.(අවු: 40යි, විවාහක, දරුවන් 02යි, ව්‍යාපාරිකි කාන්තාවකි. සැමියාට නීති විරෝධි මත් පැන් අලෙවියට අදාල පෙර වැරදි තිබෙන අයෙක් බව ඇය පිළිගනි.)

ඇය පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළි වේ.

‘‘ 2016.04.05 රාත‍්‍රී 10ට පමණ මා, මාගේ සොහොයුරෙක් වූ නිලූක  යන අයගේ නිවස ඉදිරිපිට, පාර අයිනේ සිටින විට, මා අසල ඉංගිරිය පොලිසියේ ජීප් රථය නවත්වන ලදි. එ් තුල සිටි, ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, එයින් බැස මා සිටි තැනට ඇවිත්, ලයිසන් අරගත්තාද යයි මගෙන් ඇසුවා. මම තවම ගන්න බැරිවුනා යයි කිව්වා. 

එවිට, ඔහු, ජීප් රථයේ සිටි පොලිස් කොස්තාපල්වරයාට කිව්වා - මාගේ සොහොයුරාගේ නිවස පිහිටි ඉඩමේ නවත්වා තිබූ - මාහට අයත් යතුර පැදිය අරගෙන පොලිසියට ගෙනියන්න කියා.
මම ඇයි ඇසූ විට මුකුත් කිව්වේ නැහැ.

2016 පෙබරවාරි 05 වන දින මා දහවල් 11.30 ට පමණ, ඉංගිරිය නගරයට යතුරු පැදියෙන් පැමිණ ජයරත්න උකස්කරු ඉදිරිපිට නවත්වා, එම කඩයට ගිය අතරතුර, පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණ යතුරු පැදිය කාගේද යයි විමසුවා.

මා, ඉදිරියට පැමිණ මාගේ බව ප‍්‍රකාශ කලා. එවිට ඔවුන් මාගේ රියදුරු බලපත‍්‍රය හා අනෙකුත් ලියකියවිලි පිලිබඳ විමසුවා. මා රියදුරු බලපත‍්‍රය නැති බවත්, අනෙක් ලේඛණ ඇති බවත් ප‍්‍රකාශ කලා. එවිට ඔවුන්, රියදුරු බලපත‍්‍ර තිබෙන අයෙක් සමග පොලිසියට ඇවිත් යතුරු පැදිය ගෙනියන්න යයි කිව්වා.

එදිනම, දහවල් 1.30 පමණ, රියදුරු බලපත‍්‍ර තිබෙන දමිත් නැමැති අසල්වැසියෙක් සමග ඉංගිරිය පොලිසියට ගියා. එ් අවස්ථාවේ රථ වාහන අංශයේ ස්ථානාධිපති වැදිසිංහ නැමැති නිලධාරියා පසුවදා එන්න යයි මට කිව්වා.

එ් උපදෙස අනුව, මා 2016.01.06 වන දින, පොලිසියට ගියා. එවිට වේලාව උදේ 9.30 පමණ වේ. රථ වාහන අංශයේ වැදිසිංහ මට කිව්වා ස්ථානාධිපති නිශ්ශංක සිල්වා හමුවන ලෙසට. මා ඔහු ලඟට ගියා. එවිට ඔහු මට කිව්වා - බයිසිකල් එක උසාවියෙන් ගනින් කියා. මට පලයන් කිව්වා. මා පොලිසියෙන් පිට වුනා. තවද ඔහු කිව්වා උසාවි දාන්නේ 11 බදදා කියා.

මා දින 2කට පසුව නීතිඥ හේමන්ත වික‍්‍රමාරච්චි මයා හමුවී කාරණය කිව්වා. ඔහු රථවාහන අංශයේ ස්ථානාධිපති වැදිසිංහට කතා කලා. යතුරු පැදිය උසාවියෙන් ගන්න කියා ඔහුට කිව්වා. 
ඉන්පසු මා නීතිඥ තුෂාර ගුණරත්න මයා ලඟ ගොස් කාරණය කිව්වා. ඔහුද පොලිසියට කතා කලා. නමුත් යතුරු පැදිය දෙන්න බැහැ කිව්වා. 

ඉන්පසු මා - බස්නාහිර පළාත් සභා මංත‍්‍රී පී.ඞී.අබේරත්න මයා හමුවුනා. ඔහු හොරණ ස.පො.අධිකාරීට කතා කලා. ඉන්පසු මට 0777 370 360 දරණ අංකය දී, ඉංගිරිය පොලිසියට හෝ හොරණ ස.පො.අධිකාරීට කතා කරන්න කිව්වා. 

එ් අනුව මා ඉංගිරිය පොලිසියට ගොස් මාගේ ජංගම දුරකථනයෙන් ස.පො.අධිකාරීට කතාකර කාරණය කිව්වා. එ් වේලාවේම, ස.පො.අ. -හොරණ ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිට කතා කලා. එ් සමග ක‍්‍රියාත්මක වූ ඉංගිරිය පොලිසිය මට රු: 25000/= ක දඩ කොලයක් නිකුත් කලා. දඩ කොලය නිකුත් කලේ රිසව් එකේ සිටි ගංගා නැමැති නිලධාරිණියයි. 

එහි දිනය 2016.02.09 ලෙසට සඳහන් කර තිබුනා. මට බයිසිකලය ගෙනියන්න කිව්වා. මම පොලිසියේ ඉඳලා යතුරු පැදිය පදවාගෙන ගියා. මා 2014.02.10 දින දඩය ගෙවා, කොලය පොලිසියට ගෙනවිත් බාර දුන්නා.

මා ප‍්‍රකාශ කරන්නේ,
ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නිශ්ශංක ද සිල්වා - මා සමග අමනාපයෙන් පසුවන බවයි. එ් මා එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහනයට වැඩ කල නිසයි.

මා ඉ්ලලා සිටින්නේ,
1. අද දින දක්වාම, නීති විරෝධීව ඉංගිරිය පොලිසියේ රඳවා ගෙන සිටින - මාගේ යතුරු පැදිය (BAN 0152 හොන්ඩා), නොපමාව මා අතට පත්කරන ලෙසට,

2. නීති විරෝධී ක‍්‍රියාවල යෙදෙන ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නිශ්ශංක ද සිල්වා ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය’’. ----  











No comments:

Post a Comment