Saturday, October 26, 2019

යහපාලනයේ ගැලවුම් කාරයෝ වසන් කරන්න ට උත්සහා කරන පොලිස් අපරාධ




පොලිසිය සිදු කරන අපරාධ වාර්තා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එයට හේතු ගණනාවක් තිබේ. අදාල ආයතන කෙරෙහි වන විශ්වාසය කඩා වැටිම හා විශේෂයෙන් සිවිල් යයි කියා ගන්නා සංවිධාන වල ක්‍රියාකාරිත්වය ඒ අතරින් ප්‍රධාන වේ.

පසුගිය  18 වැනිදා දෙල්ගොඩ  ගොලුම්මහර පාසල් ක්‍රීඩා භූමිය පැවැත්වි සංගීත සංදර්ශනයට නිමේෂ් හා ඔහුගේ ඥාති සහෝදරයෙක් සහභාගී විය. රාත්‍රි 12.00 ට පමණ සහභාගි වූ තරුණ කණ්ඩායමක් තවත් තරුණයකුට වටකරගෙන පහර දෙනවා බොහෝදෙනෙකු බලා සිටිය අතර, පොලිසිය එතනට පැමිණ පහරදීම නවත්වා තරුණයාට පහරදුන් තරුණ කණ්ඩායම ට යන්නට ඉඩ හැර ගුටි කන ලද තරුණයාව අත්අඩංගුවට ගන්නා ලදී. මෙය නිරීක්ෂණය කළ නිමේෂ් ගුටිකාපු තරුණයාව අත්අඩංගුවට ගත්තේ ඇයි? පහර දීපු අයට යන්න දුන්නේ මොකද? යයි එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කර සිටියේය. එවිට එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගත් තරුණයා  ව මුදාහැර, ඉවත්ව  යන ලදී.

අලුයම 2.30 ට පමණ නිමේෂ් තම ඥතියා ද සමග සංගීත සංදර්ශන භූමියෙන් ඉවත්ව නිවස බලා යෑමට එළියට එන ලදී. ගේට්ටුව අසල රැඳී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් "මු තමයි අපිට නීති උගන්නන්" ආවේ යයි කියමින් ඔහුව අත්අඩංගුවට ගෙන පාරට ගෙන එන ලදී. පාරේ පොලිස් නිලධාරින් දහයක් පහළොවක් පමණ නතර සිටි අතර සිට ඇත. නිමේෂ ව ඔවුන් ඉදිරියට ගෙන ගොස් මු අපිට නීති උගන්නනවා යැයි කියමින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන ඇත. එහි සිටි සියලු පොලිස් නිලධාරීන් නිමේෂ්ට අතින් පයින්, හෙල්මට් වලින් හා පොලු  කෑලිවලින් පහර දෙන විට, නිමේෂ්ගේ ඥාතියා ඔහුව බේරාගැනීමට ඉදිරිපත් ව තිබේ. විනාඩි පහකට පමණ පසුව නිමේෂ්ව බේරාගත් ඥාතියා සහ ඔහුගේ රියදුරු ඔහුව රැගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගෙන ගොස් තුවාලයට බෙහෙත් දම්මවා ගෙන, නිවසට ගෙන ගොස් තිබේ. නිවසේදී ඔහු වමනේ දමන්නට පටන් ගත් නිසා ඥාතියා සහ රියදුරා ඔහුව රැගෙන ගම්පහා  මූලික රෝහලට ගෙන යන ලදී. එහිදී තමාට පොලිසිය පහරදුන් බව පවසන් ලද අතර ඔහුගේ නලලයේ තිබු තුවාලයට මැහුම් තුනක් දමා රෝහල්ගත කර ලදි. පසුදින උදයේ ඔහුව ENT සායන වලට ඉදිරිපත්කොට පරීක්ෂාකිරීමේදී  කන් බෙරය පැලි තිබුණු බව සහ වම් ඇස අවට බරපතල ලෙස තැලි  තිබෙන බව කිරික්ෂණය කර ප්‍රතිකාර කර තිබේ. ඉන් අනතුරුව ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර පසුව ටිකට් කපා ඈත. පසු දින නැවතත් දරුණු ලෙස රෝගාතුර වීම නිසා යළිත් ඔහුව රෝහල් ගත කිරීම සිදුව තිබේ

නිමේෂ් ට මෙම මුර්ග පහරදීමට මූණ දීමට සිදුවුයේ  තමා කිසිදු  අපරාධය සම්බන්ද වීම නිසා නොව,   පොලිස් නිලධාරීන් ගේ  අකටයුත්තක් ගැන ප්‍රශ්න කිරීම නිසාය.

හැමදාම පොලිසිය විවිධ හේතු මත නීති විරෝධීව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දරුණු ලෙස වධ හිංසා පමුණුවා, බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණය උපයෝගී කරගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලබයි.

නිමේෂ්ට ට පහර දෙන අවස්ථාවේදී විශාල පිරිසක් අවට රැස්ව සිටි නිසා හා ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට ඔහුගේ ඥාතියාට රියදුරාට හැකිවිම නිසා බොරු චොදනා වලට ගොදුරු නොවි සිටිමට හැකි විය. මෙය අහඹු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

යහපාලන ආණ්ඩුව ආවාට පසු ස්වාධීන බොඩ් එක ගසා මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම රටවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කටයුතු කරන බව ප්‍රදර්ශනය කිරීමට පටන් ගත් අතර මෙම බොරුව රජ කරවන්නට සමහර  සිවිල් සමාජයයි කියා ගන්නා සංවිධාන වල සහාය ද ලැබිණ.

මෙම පිරිසට වධහිංසා පැමිණවීම් අඩු වී ඇති බවට ලෝකයාට පෙන්වීමට ද වශ්‍ය විය. ඒ නිසාම සිද්ධින්, මෙම සිවිල් සමාජ ක්‍රියාකාරීන් යටපත් ලදී.

කරනු ලබන පැමිණිලි වලට නිසි පියවර නොගත් නිසා මෙම කොමිසම්මෙ වලින්න් වැඩක් නැති බව වන හැඟීමද ජනයා අතර ප්‍රචලිත විය.

මෙමස 18 වන දින සිදුවූ මෙම අපරාධය පිළිබඳ මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.

නිමේෂ් ට යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා තිබෙන බාධක ඉවත් කිරීමට නම් රටේ නීතිය මත පාලනය තහවුරු කර රටටම එකම ආකාරයට බලපාන එකම නීතියක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුව ඇත


No comments:

Post a Comment