Saturday, November 9, 2019

අයෝධ්‍යාව හින්දුන්ට හිමි වෙයි.



1992 දෙසැම්බර් 06 වන දින අයෝධ්‍යාවේ, බබ්රි මුස්ලිම් දේවස්ථානය හින්න්දු විසින් බිමට සමතලා කර දමන ලදි.

16 වන සියවසේදී ඉදිකරන ලද මෙම මුස්ලිම් දේවස්ථානය ඉදිකර ඇත්තේ රාමා දෙවියන් උපත ලද ස්ථානයේ බව හින්න්ගේදු විශ්වාසය විය. ආක‍්‍රමණිකයන් විසින් රාමා උපන් මෙම ස්ථානයේ නටඹුන් මත ඔවුන් මෙම මුස්ලිම් දේවස්ථානය ඉදකර ඇති බව හින්න්ගේදු මතය වී තිබිණ.

මෙම ස්ථානයේ අයිතිය පිළිබදව හින්දු හා මුස්ලිම්වරුන් අතර අරගලය උච්ඡස්ථානයට පත්වූයේ 1992 දෙසැම්බර් 06 වන දින මෙම මුස්ලිම් දේවස්ථානය බිමට සමතලා කර දැමීමත් සමගය. භූමියේ අයිතිය පිළිබඳව ඊළඟට ආරම්භ වූ නීතිමය අරගලය 2019.11.09 (අද) දින නිමාවට පත්විය.

ඒ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකණයේ අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 05 දෙනෙකු විසින් දෙන ලද ඒකමතික තීරණයෙන්ය.

16 වන සියවසේ ඉදිකරන ලද මෙම මුස්ලිම් දේවස්ථාන භූමිය තමන්ට අයිති බවට ඔප්පු කිරීමට මුස්ලිම් පාර්ශවයන් අසමත්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය විය.

එම තීන්දුවට අනුව හින්න්ටදු අයිති බවට හා ඉදිරියේදී මෙම භූම්ය රජය යටතට පත්කර එය සංවර්ධනය කිරීමට මණ්ඩලයකට පැවරෙනු ඇත.

මුස්ලිම්වරුන්ට දේවස්ථානයක් ඉදි කිරීමට රජය අක්කර 5 ක භූමි භාගයක් ලබාදිය යුතු බවට ද එම තීන්දුවෙන්ම රජයට නියම කර ඇත.

මෙම තීන්දුව සමග රාම උපන් තැන බවට විශ්වාස කරන අයෝධ්‍යාව හින්දුන්ට හිමිවිය.

මේ වන විට, මෙම තීන්දුව මුස්ලිම් නීතිඥ කණ්ඩායම්වල අප‍්‍රසාදයට ලක්ව ඇති බවත්, ඔවුන් මෙම තීන්දුව නැවත සලකා බැලීම සඳහා කටයුතු කිරීමට සූදානම් වන බවත් වාර්තා වේ.

No comments:

Post a Comment