Monday, November 25, 2019

පොලිස් බිරිඳක්ව කූඩුවට දමන්න හදයි, වැසිකිලි වලක අර්බුදයකට.


පනස් තුන් හැවිරිදි ඇය පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක්. එපමණක් නොවේ ඇගේ පුතා විශේෂ කාර්ය බලකායේ.

ඇය සිය පවුල සමග පදිංචිව සිටින්නේ, පොලිස් නිල නිවසා වල.

යාබද නිවසේ සිටින පොලිස් සැරයන් රියදුරු, තමන්ව සහ පවුලේ උදවිය නිරන්තරයෙන් පීඩාවට පත්කරන බව ඇය චෝදනා කරයි. 

මැතිවරණ දිනයට පෙරදා, මෙම පො.සැ.රියදුරු, සිය නිවසට අයත් වැසිකිලි වලේ එකතු වූ සියල්ල, තම නිවසේ ජනේලය අසල වලක් කපා දැමීමට වූ සූදානමට එරෙහිව ඇය, පොලීසියට ගියේ එමගින් හෝ සාධාරණයක් ඉටු කර ගැනීමටය.

නමුත් ඇයට සිදුවූයේ ස්ථානාධිපති වරයාගෙන් බැනුම් අහන්නටය. නින්දා අපහසයන් වල  ගොදුරක් බවට පත්විමටය. එපමණක් නොවේ ඇය සිර කූඩුවට දමන බවටද තර්ජනය කරනු ලැබීය.

ඇය ප‍්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කළද වැඩක් නොවීය. 

ඇය සිය දුක්ගැනවිල්ල මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කර ඇත. සිද්ධිය වාර්තා වන්නේ ක`ඵතර උතුරෙනි.

පොලිස් රියදුරන්ට තියෙන බලය, මේ පොලිස් බිරිඳට වැටහුනේ එම අවස්ථාවේදීය.

අපිට මෙහෙම නම්, පොලීසියට එන සාමාණය්‍ය ගෑණුන්ට වෙන්නේ මොකද? ඇය ප‍්‍රශ්න කරයි. 

  

No comments:

Post a Comment