Sunday, November 10, 2019

වෙඩි තැබීමකට යැයි කියා අල්ලාගෙන කුඩු දමා DO ගහලා වධ දෙනවා.




වෙඩි තැබීමකට යැයි කියා අල්ලාගෙන කුඩු දමා DO ගහලා වධ දෙනවා.

මෙම ප‍්‍රකාශය කරන්නේ, පොහොද්දරමුල්ලේ 86 හැවිරිදි බේඩින් සිල්වා, තම 18 හැවිරිදි මුණුබුරා පිළිබඳව කරන ලද පැමිණිල්ලක් මගින්ය.

දින කිහිපයකට පෙර ප‍්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුව ඇත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය කිහිප වතාවක්, බේඩින් සිල්වාගේ නිවසට පැමිණ මුණුබුරා ගැන විපරම් කර ගොස් තිබේ. 

මෙම පසුබිම යටතේ මුණුබුරාව පොලීසියට බාර දීමට කි‍්‍රියා කළේය.

ඒ නීතිඥවරයකු මගින්ය. නමුත් හැමවිටම පොලීසිය කියා සිටියේ මුණුබුරාව පොලීසියට අවශ්‍ය නැති බවයි.

කරුණු එසේ තිබියදී, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන යුනිට් එක, මුණුපුරාව අත්අඩංගුවට ගෙන වධ දීමට පටන්ගෙන තිබේ.

බේඩින් සිල්වා තම මුණුබුරාට, වධ දීම නවත්වන ලෙසට හා වධ දීමෙන් දැඩි ලෙස තුවාල වී තිබෙන ඔහුට ප‍්‍රතිකාර ලබාදෙන ලෙසට වගකිව යුත්තන් වන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හා  පොලිස්පති ගෙන් ලිඛිත පැමිණිල්ලක් මලින් ඉල්ලා සිටි  සිටී.

එම පැමිණිල්ලේ මේ ගැන සඳහන් වේ.

වධ දීම නවත්වන ලෙසට හා මුණුබුරාව වහාම, අධිකරණ වෛද්‍යවරයා ට ඉදිරිපත් කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

 බේඩින් සිල්වා, අවු: 86 යි, විවාහක, දරුවන් 06 යි, විශ‍්‍රාමික රජයේ සේවක, ලිපිනය:  පොහොද්රමුල්ල, වාද්වදු.

2019.11.08 වන දින දීය.

චමෝද් මනෝහාර, අවු: 18යි, අවිවාහක, පාසල හැර ගොස් ඇත. මාගේ මුණුබුරා වේ. 

2019.11.04 හා 05 වෙනි දිනයන්හිදි පොලීසියෙන් පැමිණ මුණුබුුරාව සොයා ගියා. ඒ හැම අවස්ථාවකම මුණුබුරා ගෙදර හිටියේ නැහැ. 

මේ නිසා මා, නීතිඥ සරත් කරවිට මහතා මගින් මුණුබුරාව වාද්දුව පොලීසියට ඉදිරිපත් කළා. වාද්දුව පොලීසිය මුණුබුරාව අවශ්‍ය නැති බව, සරත් කරවිට නීතිඥ මහතාට පවසා, පුතාව පානදුර දකුණ පොලීසියේ දිසා අපරාධ ඒකයට ගෙන යන ලෙසට කිව්වා.

ඒ අනුව නීතීඥ සරත් කරවිට මයා, මුණුබුරාව පානදුර දකුණ පොලීසියට බාර දුන්නා. එවිට සවස 3.30ට පමණ ඇති.

විනාඩි 10 කින් පමණ, මුණුපුරාව නිදහස් කළා.

ඔහු ගෙදර ඇවිත්, පාරට යනවා කියා ගියා. ඒ අතර අපට ආරංචි වුණා පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව.

වාද්දුව පොලීසියට ගොස් විමසූ විට, මුණුපුරාව පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකෙන් ගත්ත බවත් හවසට වාද්දුව පොලීසියට ගේන බවත් පැවසුවා.

වාද්දුව පොලීසියට රාත‍්‍රී 10.00 ට පමණ ගෙනත්, ප්‍රකාශ ගෙන ටික වේලාවක්  තියාගෙන ඉඳලා නැවත ගෙන ගියා.

පසුදින උදේ (7 වන ඉරිදා) 10.00 ට පමණ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන ගියා. එහිදී මුණුපුරාව, ඔහුගේ මවට හා සොහොයුරියට බලන්න ඉඩ දීලා තිබුණා. නමුත් කථා කරන්න ඉඩ දී තිබුනේ නෑ. මාංචු දාලා ගෙනත් පෙන්වා තිබුණා.

නීතිඥ සරත් කරවිට මහතාට දැනුම් දුන්නා. ඔහු සවස 4.00 පමණ, මුණුබුරාව බලා තිබුණා. නීතිඥ මහතා කිව්වා පුතාට වධ දී ඇති බව. ඔහුගේ පුරුෂ ලිංගයට හානි කර ඇති බව. ගුද මාර්ගයට යම් යම් දේවල් ඇතුල් කර ඇති බව. 

මම උදේ 7.00 ට පමණ, මුණුබුරාව බලන්න වාද්දුව පොලීසියට ගියා. මට බලන්න ඉඩ දුන්නා. මට කථා කරන්න ඉඩ දුන්නා.

මුණුබුරා කිව්වා, මට නැගිටින්න බෑ කියලා. මට දොස්තර කෙනෙකුට පෙන්නන්න කිව්වා. කථා කරන්න බැරිව හිටියා. ඇවිද ගන්න බැරිව හිටියා.

මම දවල් බලන්න වාද්දෙුව පොලීසියට ගිය විට කිව්වා, මුණුපුරාව ආපහු පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන ගිය බව කිව්වා..

වාද්දුව පොලීසියෙන් ප‍්‍රකාශ කළා, මුණුබුරාට, කුඩු ග‍්‍රෑම් 2 කට වැඩි ප‍්‍රමාණයක් දාලා රැඳවුම් නියෝග අරගෙන තියෙන බව.

එම නියෝගය අරගෙන තියෙන්නේ, පානදුර මහේස්ත‍්‍රාත් උසාවියෙන්. 2019.11 06 හා 07 දිනයන්හි මානව හිමිකම් කොමිෂමේ හදිස්සි ඇමතුම් අංකය වන 1996 ට කථා කර කිව්වා.

මා ඉල්ලා සිටින්නේ, දින 07 ක රැඳවුම් නියෝගයක් මත, වාද්දු පොලීසියට බාර දී ඇති මුණුබුරාව ප‍්‍රශ්න කරන්නේ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකෙන් බවත්, එහිදී වධ දීම සිදුකරන හෙයින් නොපමාව, මැදිහත්ව, වධ දීම නවත්වන ලෙසටද, 

මුණුබුරාව වහාම, අධිකරණ වෛද්‍යවරයා ට ඉදිරිපත් කරන ලෙසට හා විමර්ශන නිලධාරියකු ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසටය.

මෙයට,

 බේඩින් සිල්වා
  

No comments:

Post a Comment