Saturday, December 7, 2019

ස්ත්‍රි දුෂකයින් 4නා මරා දැමු හයිද්‍රාබාදයේ පොලීසියට ජනතාවගේ හරසර ! නිතිඥයින් ගේ විරෝධය. කුමකට ද අධිකරණය?



පශුවෛද්‍යවරිය දුෂණය කර මරා දැමු සැකකරුවන් 4 දෙනාව සිද්ධිය වූ ස්ථානයට ගෙන ගොස්  වෙඩි තබා මරා දමයි. හයිද්‍රාබාද් පොලීසියේ සැකකරුවන් ඝාතනය කිරිම ජන ප‍්‍රසාදයට ලක්ව ඇත. ඒ අතර නිතිඥයින් ගේ විරෝධය පළව ඇත. ඔවුන් පොලිසියට විරුද්ධව නිතිමය පියවර ගන්නා බව කියයි.

සැකකරුවන්ව ඝාතනය කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකා පොලීසිය දෙන උත්තරයම, හයිද්‍රාබාද් පොලීසිය දී තිබේ.

එ් අතර බිහාරයේ උසාවි ඇප මත නිදහස්වූ ස්ත‍්‍රී දුෂණ චෝදනා ලැබුවෙක් සිය සගයින් හා එක්ව උසාවියට එමින් සිටි, දුෂණයට ලක්වූ තරුණියට පිහියෙන් ඇන පණ පිටින් ගිණි තබන ලදි. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇයව දිල්ලිය බලා රැුගෙන විත් ඇත්තේ ගුවන් යානයකින්ය. එහෙත් ඇගේ දිවි ගලවා ගැනිමට නොහැකිව තිබේ. ඇගේ ඝාතණය ගැන මසක් ඇතුලත තින්දුවක් ජනතාව බලාපොරොත්තුවේ.

ඉන්දියාවේ බිහාර් හා හයිද්‍රාබාද් වල වූ මෙම සිදුවීම් හා ඒ පිළබ්‍දව ඉන්දීය ජන මතය විමසුමට ලක් විය යුතුය.

ස්ත‍්‍රී දුෂණ වැළැක්වීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල විය. විශේෂයෙන් ඉන්දීය උසාවි යුක්තිය ඉටු කිරිම පිළිබඳව පවතින අවිශ්වාසය හා නොපිළි ගැනිම හයිද්‍රාබාදයේ විශේෂයෙන් ඉන්දිය කාන්තාවන්ගේ මැදිහත්විමෙන් පෙන්නුම් කෙරින.

එරට උසාවි ගැන කිසිවෙක් පිළිගන්නා බවක් නොපෙනේ. මෙම මරා දැමීම ගැන හියිද්‍රාබාද් පොලීසියට සහය පළ කරමින් ඔවුන් ඇගයීමට දහස් ගණනින් එක්ව සිටිමෙන් පෙන්නුම් කළේ එයයි. ජනතාව කියන්නේ පොලීසිය යුක්තිය ඉටු කළ බවයි. කුමකට ද උසාවි?

මෙම මරා දැමීම සිය`ඵ පොලීසිවලට ආදර්ශයක් විය යුතු බව ප‍්‍රකාශ වේ.

බිහාර සිද්ධියේ සැකකරුට අධිකරණයෙන් ඇප ලබාදී ගතව ඇත්තේ, දින 10 කි. මේ අනුව
බිහාර් පොලීසිය ද යුක්තිය ඉටු කළ යුතුව තිබේ. එ් ජනතාවගේ ඉල්ලීමය.

කුමකට ද? අධිකරණ

කථා කරන්න.

1 comment:

  1. Anyway, Judicial punishment is an effect of avenge of human filtered through judicial process.
    So either way is correct if it is done according to the conscience of people who execute

    ReplyDelete