Thursday, December 12, 2019

ඉන්දියාවේ නීති විරෝධී මුස්ලිම් සංක්‍රමිකයන්ට පුරවැසි භාවය අහිමි කරන පුරවැසි පනත සම්මතයි.


 මෝඩි පාලනය විසින් සම්මත කරන ලද පුරවැසි සංශෝධන පනත මගින් අසල්වැසි මුස්ලිම් රටවල් වන පකිස්ථානය බංගලාදේශය ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් සරණාගතයින් ලෙසට පැමිණ සිටින හින්දු,ෂීක්,බෞද්ධ හා ක‍්‍රිස්තියානි ලබ්ධිකයින්ට මෙම පනත මගින් ඉන්දීය පුරවැසිභාවය හිමි වන්නේ ය.

මෙම පනත නිසා එරට අසල්වැසි රට වලින් නීති විරෝධී ලෙස පැමිණ සිටින මුස්ලිම් වරුන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වනු ඇත

 මෙම  පන  ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය විරුද්ධවිය එමෙන්ම මුස්ලිම් සරණාගතයන් බහුලව සිටින ඇසෑමය වැනි ප‍්‍රාන්තයන් විසින් දියත් කරනු ලැබූ ප‍්‍රචණ්ඩකාරී විරෝධතාවයක් නිසා එම ප‍්‍රදේශවල ඇදිරි නීතිය ප‍්‍රකාශයට පත් කර ඇත.

 මෙම පනත නිසා ඉන්දියවේ වතාවට අනුව එරට තවදුරටත් බහු වාර්ගික,බහු ආගමික දේශයක් නොවන බව පනතට විරුද්ධ මතධාරීන් ගේ තර්කය වී ඇත.

 මෙම පනත ඉන්දීය ශේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට මෙම පිරිස සූදානම් වේ.

No comments:

Post a Comment