Thursday, January 30, 2020

ස්ථානාධිපති කැ.. තම්බියා කියා බැන මූණට කෙළ ගහලා !!


වීඩියෝව නැරබීමට ලින්ක් එක මත ක්ලික් කරන්න - https://www.youtube.com/watch?v=roVYsh0A-0g

කුඩු, නීති විරෝධී මත්පැන් සහ අනෙකුත් විවිධාකාර මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරීම අලෙවිය මෙන්ම නිෂ්පාදනය මර්ධනය කළ යුතුය. ඒ සියල්ල කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන හා ජනතාව රැවටීමේ අරමුණින් තොරව නීතියට එකඟවය.

ක`ඵතර මහ හීනටියන්ගල, මුස්ලිම් ප‍්‍රජාව බහුල ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ කුඩු ජාවාරම මෙන්ම අනෙකුත් මත්ද්‍රව්‍යය ගෙන්වීම, බෙදාහැරීම හා අළෙවිය සිදුවන්නේ සංවිධානාත්මකවය. එයට පොලීසියේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහය ලැබෙන බවද ප‍්‍රකාශ වේ.

මේ අතර ජනාධිපති නියෝගයෙන් පොලීසිය හා සුරාබදු නිලධාරීන් අඛණ්ඩව වැටලීම්ද කරයි. මාධ්‍යය වාර්තා වලට අනුව නම්  ඒවායේ අඩුවක් නැත.

රිස්වාන් පවුල, එම ප‍්‍රදේශයේ බහුලව පවතින විශේෂයෙන් පාසල් ළමුන් අතර, ප‍්‍රචලිත ‘‘මාවා” නමින් ප‍්‍රකට බුලත් විට අලෙවි කරයි. එය පොලීසියට නොරහසකි. ඔවුන් හා ක`ඵතර පොලීසි අතර පවතින්නේ කිට්ටු සම්බන්ධයකි.

වත්මන් මත්ද්‍රව්‍ය විරෝධී මර්ධන වැඩසටහන යටතේ 2020.01.23 දින එම නිවසට සිවිල් පිට ගිය පොලිස් නිලධාරීන් දෙන්නෙක් රිස්වාන්ගෙන් ‘‘බඩු’’ ඉල්ලා ඇත. ඉල්ලීමට ලැබුනු ප‍්‍රතිචාරය අයහපත් එකක් විය. රිස්වාන් ව අල්ලා මාංචු දැමීමට පියවර ගත් පොලිස් නිලධාරීන් ට නිවැසියන්ගේ හා අසල්වැසියන් ගේ විරෝධය එල්ල විය.

ඔවුන්ට දැමූ මාංචු ගලවන්නට සිදුවූයේ යතුර සමග ක`ඵතර දකුණ පොලීසියෙන් තිදෙනෙක්ව ගෙන්වා ගැනීමෙන් පසුවය. මෙම දර්ශන රූප ගතකරන්නට නිවැසියන් මෙන්ම අසල්වැසියන් පියවර ගෙන තිබින.

ක`ඵතර දකුණ පොලීසියේ නිලධාරින් 10 කට වැඩි ප‍්‍රමාණයක් එදින රාත‍්‍රී 11.00 පමණ, නිවස වටලා රිස්වාන් අත්අඩංගුවට ගත්තේය. නිවසේ තිබූ පුවක් කිලෝ 25 ක් දුම්කොළ ග‍්‍රෑම් 250 පැකට් 17 ක් හා ‘‘හිරාපාන” නම් ආනයන කරන ලද සුවිශේෂ රස කාරක ටින් 170 ක් හා ඔවුන් සතුව තිබූ රුපියල් දාහත්දාක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

නීතියට අනුව එම අත්අඩංගුවට ගැනීම ගැන හා අත්අඩංගුවට ගත් භාණ්ඩවල ලේඛන කිසිවක් සටහන් නොකර පොලීසියට ගෙන යන ලදි. පොලීසියේ දුෂණ මර්දන කාමරයට ගෙන ගොස් රිස්වාන් ව, නිරුවත් කර අතින් පයින් පහර දෙන ලදි.

රාත‍්‍රී 12.00 ට පමණ පහර දුන්න බව වෛද්‍යවරයාට පැවසුවහොත් බෝම්බයක් දමා සිරගත කරන බවට තර්ජනය කර, නාගොඩ මහා රෝහලට ගෙන යන ලදි. එහිදී පොලීසියේ ඉල්ලීමට පරීක්ෂාවකින් තොරව අධිකරණ වෛද්‍ය පෝරමය පුරවා අත්සන් කරදීමට වෛද්‍යවරයා පියවර ගනු ලැබීය.

පසුදින ඔහුව, ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. බලපත‍්‍ර රහිතව පුවක්, දුම්කොළ, හා ‘‘හිරාපාන” ග‍්‍රෑම් 400 ක් ළඟ තබාගත් බවට චෝදනා කරමින්ය.  ඒ අනුව ශරීර ඇපයක් මත ඔහුව මුදාහරිනු ලැබීමට ගරු අධිකරණය පියවර ගත්තේය.

රිසිවාන් මෙ ගැන මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, පැමිණිලි කරනු ලැබීය.

මේ ආකාරයට ශ‍්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කරන්නට මෙ කපයේ නම් බැරිවේ.


රිස්වාන්ගේ පැමිණිල්ලේ මෙසේ සඟන් වේ.

01. සභාපතිනිය                
    මානව හිමිකම් කොමිෂන් සභාව     
    අංක 14
    ආර්.ඒ. ද මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති               
     පොලිස් මූලස්ථානය       
     කොළඹ 01


නීති විරෝධී ලෙසට, අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා,
අවමන්සහගත සැළකිලිවලට භාජනය කර, බොරු නඩු දැමීම ගැන,
නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

රිස්වාන්, අවු: 45 යි, උපන්දිනය: 1974.07.29, විවාහක, දරුවන් 03 යි, රැකියාව:- රියදුරු   ලිපිනය:-මහ හීනටියන්ගල, ක`ඵතර. 
2020.01.25 වන දින දීය.

2020.01.23 වන දින, දවල් 11.00 ට විතර පොලීසියේ දෙදෙනෙක් ආවා. ඔවුන් සිවිල් පිට සිටියේ. ඒ දෙන්නා අපෙන් බඩු ඉල්ලූවා. මම කිවවා අපිට බලපත‍්‍ර තියෙනවා කියලා.

එවිට ඔවුන් මට මාංචු දැම්මා. ගෙනියන්න හැදුවා. මම විරුද්ධ වුනා. එවිට ඒ දෙන්නා මාංචු ගලවන්න කියා පොලිසියට කෝල් කරලා කිව්වා.

ඉන්පසුව තුන් දෙනෙක් සිවිල් පිට ආවා. ඔවුන් මාංචු ගැලෙව්වා.

එදින රාත‍්‍රී 10.00 ට විතර, සිවිල් පිට 10 ක් විතර ජීප් එකේ ආවා. අපරාධ අංශයේ ස්ථානාධිපති හිටියා.

ඔවුන් ගෙදර තිබූ පුවක් කිලෝ 25 ක්, දුම්කොළ ග‍්‍රෑම් 250 පැකට් 17 ක්, රු: 17,000/- කට වැඩිය තිබූ සල්ලි පෙට්ටිය, ‘‘හිරාපාන ටින්” 170 ක් ගෙන ගියා. මාව අත්අඩංගුවට ගත්තා.

ඉන්පසු ක`ඵතර දකුණ පොලීසියට ගෙන ගියා. එහි මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ඉදිරිපත් කළා. පොලීසියේ රථ වාහන අංශය පිටුපස, දකුණු අත පැත්තේ දුෂණ විමර්ශන අංශයට (කාමරයට) ගෙන ගියා. දොර වහලා, වට කරගෙන පහර දුන්නා.

අපරාධ අංශයේ ස්ථානාධිපති කාමරයට දාලා යන්න ගියා. ඔහු මගේ මූණට කෙල ගසා, කැ .... තම්බියා කියා බැන වැදුනා.

මට මාංචු දමා නිරුවත් කර, අතින් පයින් ගැහැව්වා. පිස්තෝලය කට ඇතුළට දැම්මා. මරණ බවට තර්ජනය කළා. පැය 3 ක් වතර තියාගෙන ගැහැව්වා. පහරදුන්න සිය`ඵ දෙනා දැක්කොත් අඳුරන්න පු`ඵවන්.

ඉන්පසු බෝම්බයක් ගෙනවිත්, සරමට තියා ගැටගසා, එය මා ළඟ තිබී ලබාගන්නා ආකාරයට, බිය වද්දා ෆෝන් එකෙන් වීඩියෝ කළා.

ඉන්පසු ගහපු බව කිව්වොත්, බෝම්බයට දාලා යවන බව කියා තර්ජනය කර, නාගොඩ රෝහලට ගෙන ගියා. එවිට මධ්‍යම රාත‍්‍රී 1.00 ට පමණ ඇති.

මම බයට, ගැහැව්ව බව දොස්තර මහත්තයාට කිව්වේ නැහැ. ඉන්පසු කූඩුවට දැම්මා.

පසුදින, එනම් 2020.01.24 වන දින, දවල් 12.00 ට පමණ, පුවක් ග‍්‍රෑම් 400 ක් එක්ක ක`ඵතර මහේස්ත‍්‍රාත් උසාවියට දැම්මා. මම නිවැරදිකරු කිව්වා.

රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැරියා. නඩු අංකය: 07715, මීළඟ නඩු දිනය: 2020.03.20

මට පහරදීම නිසා මාගේ කණ පැලී ඇත. තැලූම් තුවාල ඇත. (වෛද්‍යය වාර්තාවේ එම කරුණු සනාථ කර ඇත.)








මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙසට, අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා, අවමන්සහගත සැළකිලිවලට භාජනය කර, බොරු නඩු දැමීම ගැන, ක`ඵතර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතු`ඵ අදාළ නිළධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

රිස්වාන්

No comments:

Post a Comment