Monday, February 17, 2020

ඉපදුනු දවසේම දරුවාට බෙහෙත් ගේන්න ගියා, යුනිට් එකෙන් අල්ලා වධ දී, උසාවිය පාවිච්චි කර රිමාන්ඞ් කළා.




නාගොඩ මහා රෝහලේ ඉපදුනු කුඵඳුල් දරුවාට හා මවට අවශ්‍යය බෙහෙතක් ගේනන ඔසුහලට යන අතර කඵතර යුනිට් එකෙන් අල්ලාගෙන ගොස් වධ දී කුඩු ග‍්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගත් බවට ගරු උසාවියට බොරු කියා, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබූ තම සැමියා ගැන බිරිඳ මානව හිමිකම් කොමිෂන් සභාවට,  පොලිස්පතිට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට, කරන තිබෙන පැමිණිල්ල.


අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, ව්‍යාජ චෝදනා මත නඩු පවරා, බන්ධනාගාරගත කරවීම.

හංසිකා, අවු: 24 යි, ජා.හැ.අ.9---, වවාහක, දරුවන් 01 යි, ලිපිනය : මතුගම.
දු.ක. 07*** 2020.02.07 දිනදීය.
අසංක , අවු: 34 යි, කම්කරු - මාගේ සැමියා වේ.

2020.02.02 දින, ප:ව: 2.15 පමණ, කඵතර නාගොඩ රෝහල අසල, ඔසුසල අසලදී, කලූතර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, යුනිට් එකේ සමන්ත නැමැති නිලධාරියා ඇතුලූ නිලධාරීන් 04 කු විසින්, මාගේ සැමියාව අත්අඩංගුවට ගෙන, යුනිට් එකට (SSP කාර්යාලයට) ගෙන ගොස්, අමානුෂික ලෙස පොලූවලින් පහර දී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුනිට් එක මගින් මාගේ අම්මාට දුරකථන ඇමතුමක් දී, සැමියාව අත්අඩංගුවට ගත් බව දනුම්දී තිබුනා. එ වන විට මා සිටියේ දරුවා ලැබී කලූතර නාගොඩ මහා රෝහලේ. දරුවා බිහිවූයේ 2020.02.01 දිනයි. 2020.02.02 දින සැමියාව අත්අඩංගුවට ගෙන තිබුනේද රෝහල මගින් නියම කරන ලද බෙහෙත් ගැනීමට සැමියා ඔසුසලට ගිය අවස්තාවේදීය. 

එදිනම (02 දින, සවස 5 ට පමණ, යුනිට් එක මගින්, රෝහලේ සිටි මාහට දුරකතන ඇමතුමක් දී, සැමියාව අත්අඩංගුවට ගත් බවත්, ඔහුව කලූතර දකුණ පොලිසියට ගෙන ගිය බවත් දන්වා සිටියා. මා රෝහලෙන් ටිකට් කපාගෙන, සවස 6 ට පමණ කලූතර දකුණ පොලිසියට ගියා. 

මා යන විට සැමියා සිටියේ කූඩුව තුලයි. ඔහුගේ හිසට පිස්තෝලයක් තබා, පයින් පහරක් ගසමින් ජීප් රථයට තල්ලූ කර දැමූ බවත්, ඔහුට අමානුෂික ලෙස පොලූවලින් පහර දුන් බවත්, පොලූ පහරවල් 6ක් පමණ කකුල් වලට වැදුනු බවත් සැමියා මා සමග පවසා සිටියා. ඔහු සිටියේ ඉතාමත් වේදනාවෙන්. 

පසු දින එනම් 2020.02.03 දින, උදේ 7 ට පමණ, මා හා ඥතීන් සැමියාව බැලීමට පොලිසියට ගියා. අප සවස 3 පමණ තෙක් පොලිසියේ රැුඳී සිටියා. පසුව සවස 3 ට පමණ, සැමියාව කලූතර අධිකරණයට ගෙන ගියා. ඔහුට එරෙහිව මත්කුඩු ග‍්‍රෑම 05 ක් ලඟ තිබී හමුවූ බවට ව්‍යාජ චෝදනාවක් නගා තිබුනා. ඔහුව 2020.02.10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මාගේ සැමියා මත්කුඩු භාවිතා කරන්නෙකි. නමුත් කිසිම දිනක ඔහු ජාවාරම් කර නොමැත. 

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ සැමියා අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පොලූවලින් පහරදීම,

2. ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනා නගා, බන්ධණාගාරගත කිරීම, 

සම්බන්ධයෙන්, කලූතර යුනිට් එකහී සමන්ත නැමැති නිලධාරියා ඇතුලූ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසටත්,

3. එම නිලධාරීන් විසින් පහර දීමෙන් ඉතාමත් වේදනාවෙන් පසුවූ මාගේ සැමියාව බන්ධණාගාර රෝහලට යොමුකර හෝ වෙනත් රෝහලකට යොමු කර, වෛද්‍ය ප‍්‍රථිකාර ලබා දෙන ලෙසටත්, ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදරිපත් කරවීමට කටයුතු කරනා ලෙසටත්ය.

මෙයට,
 හංසිකා 

ශ‍්‍රී ලංකාවේ පොලීසියේ ඉහළයින් දුෂිතයින්, වංචාකාරයින්, මිනීමරුවන මෙන්ම නිවටයින් බවට, දැනට විවිධ චොදනා යටතේ බන්ධනාගාර ගතව සිටින පොලිස්කාරයින්ගෙන් මොනවට පැහැදිළි වේ. 

කුඩු ගේන්නේ ව්‍යාපාරිකයින්ය, මහා එවුන්ය. එයට පොලීසිය හා දේශපාලකයින් සෘජුව හවුල්ය. ආගමික නායකයින්ගේ පූර්ණ ආශිර්වාදය ඔවුන්ට හිමිය.

අධිකරණය පිළිබඳව මේ රටේ ජනතාවට ඉතා හොඳ වැටහීමක් ඇත.

මේ ඉහළයින්ට සාමිණ්‍යය ජනයා ‘සර්’ කියා අමතන්නේ, ‘වඳින්නේ‘, ‘එකත්පස්ව‘ සිටින්නේ, ඔවුන්ට ඇති ගෞරවය නිසා නොව, මූනිච්ඡුාවටය.

එ් බව වැඳුම් ලබන්නා එකා මෙන්ම වඳිනා එකාත් හොඳාකාරව දනී.

මෙම ඊනියා ”ගෞරවය” පුපුරා යන දවසක් එනු ඇත. එයට රන්ජන්ගේ හඬ පට මුලපුරා තිබේ. එදිනට මේ ඉහළයින්ගේ මූණට කෙළ ගසන්නේ ”නීතිය” වල් වැදීම නිසා පීඩාවට පත් වූවන්ය.

එම තත්ත්වයට එ්මට පෙර යුක්තිය පසිඳලීමේ, සමස්ථ පද්ධතියම උඩුයටිකුරු කළ යුතුව තිබේ. කථා කරමු. එ් හඬ උන්ට ඇහෙනු ඇත.



No comments:

Post a Comment