Sunday, February 2, 2020

වරක් කුඞ්ඩෙක් ! හැමදාමත් කුඞ්ඩෙක් !! පොලිස් අපරාධවල ගොදුරක් !!!


"කුඩු ජාවාරමේ" ආසන්නතම අතකොඵව පොලීසියයි. ‘‘කුඩු” මර්ධනයට මුවා වී සිදුකරන අපරාධවල ගොදුරු වන්නේ කුඩු බොන කුඩු කාරයෝය.

මොරටුවේ, නිලන්ත, පොලිස් අපරාධවල ගොදුරක් බවට පත්ව උන් හිටි තැන් අහිමි කරගත් අයෙකි. ඔහු පොලිස්පති, මානව හිමිකම් කොමිෂම වෙත කරන ලද පැමිණිල්ලට අවධානය යොමු කරන්න.



අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීම 
වළක්වාලන ලෙස කරනු ලබන ඉල්ලීම.

 නිලන්ත, අවු: 37 යි, විවාහක, රැුකියාව: වෙළඳාම. මෝදර, මොරටුව. 

2020.01.31 වන දින දීය.

(1) මා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව සිටි අයෙක්මි.

(2) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට නඩු තුනක්, මා හට එගොඩ උයන පොලීසිය පවරනු ලැබූ අතර එ්වාට මා වරද පිළිගෙන දඩ ගෙවනු ලැබීය. එක් වරදකට මා ප‍්‍රජා විශෝධනය ලබාගන්නා ලදි.

(3) ඉන්පසු මා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකින. ඒ ප‍්‍රජා විශෝධනය ලබාගන්නා ලද නඩුවෙ නියමය අනුව 2019.04.25 මා දවල් 2.00 දක්වා ප‍්‍රජා විශෝධන නියමය අනුව වැඩ කර, ගෙදර පැමිණ බත් කමින් සිටියෙමි.

(4) එසේ බත් කමින් සිටියදී එගොඩ උයන පොලීසියෙන් පැමිණ, මා අත්අඩංගුවට ගෙන 2019.04.26 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

(5) මට නගා තිබූ බොරු චෝදනාව වූයේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 1100 ක් සන්තකයේ තබා ගැනීමය.

(6) මා එයට නිවැරදිකරු කිව්වා. රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

(7) මාස 06කට පසුව, 2019.10.23 දින අධිකරණයට ඉදිරිපත් කළ විට, පොලීසිය ඉදිරිපත් කළ හෙරොයින් ග‍්‍රෑම් 1100, හෙරොයින් නොතිබූ බවත්, ශේෂයක් දක්නට ලැබෙන බව ස`දහන් විය.

(8) ඒ අනුව මා ඇප මත මුදාහරිනු ලැබීය. මීළඟ නඩු දිනය : 2020.02.18 වේ.

මා ප‍්‍රකාශ කරන්නේ,

මා වරදකරු බවට පිළි නොගත් නිසා, එගොඩඋයන පොලීසිය මා සමග දැඩි වෛරයකින් පසුවේ.

එම කරුණු හා එගොඩඋයන පොලීසියේ අයකු සම්බන්ධයක් පවත්වන, මා කලක් ඇසුරු කළ මා පදිංච ප‍්‍රදේශයේ සුජීවා නැමැත්තිය ගේ අවශ්‍යතාවයටය.

නැවත මා හෝ මාගේ පවුලේ අයෙකු අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට පොලීසිය යන්ත දරන බව දැනගන්නට තිබේ.

එම නිසා මෙය මාගේ මතු ආරක්ෂාව සඳහා ඉදිරිපත් කරමි.

දැනට, මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, නඩුවේ අංකය : 888 වේ.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

නිලන්ත  

මේ ගැන කථා කරන්න.

මෙවැන්නන් කොපමණ ප‍්‍රමාණයක් රට පුරාම විසිරී සිටිනවාද? 

මොවුන් නිසා දුක් විඳින පවුල් ප‍්‍රමාණය කොපමණද? 

එ් වාගේම මෙවැන්නන් නිසා සුඛෝපභෝගී ජීවිත ගත කරන පවුල් ප‍්‍රමාණය කොපමණද?
එ් අතර, මහා හා කුඩා පරිමාණ ජාවාරම් කරුවන්ගෙන් යැපෙන නිතිඥයෝ, පොලීසියේ සහා දේශපාලඥයෝ මෙපමණක් කියා ගණන් බලා තියෙනවාද? එ් අතරම මෙම ජාවාරම නිසා වක‍්‍රව ජිවනොපාය කරගත් විවිධ තරාතිරම් වල අය කොපමණ ද ? තවත් අය සිටිති. 

කුඩු නවත්වන්න බැරි ඇයි? 

කථා කරමු .................. !!!

No comments:

Post a Comment