Wednesday, March 11, 2020

බෝධ් පූජාවේ ආශ්චර්යයෙන් ‘‘ෂෙඞ්’’ මාෆියාව හෙළි වෙයි. දවස් 07 ක් අතුරුදන් වූ අයෙකුගේ කථාව.



රුවන්වැලි සෑය ඉදිරිපිට වැඳගෙන ඉල්ලූවා, ළමයි දෙන්නා, බිරිඳ ළඟට යන්න සලස්වන්න කියලා.

එහේම ඉන්න කොට, අසල්වැසියෙක් ළඟට ඇවිත් ”උඹ මෙතන මොකද කරන්නේ, ගෙදර මිනිස්සු උඹව හැම තැනම හොයනවා” කිව්වා. එ් මනුස්සයා, මාව ළඟට අරන්, කොහේවත් යන්න නොදී, ගෙදරට ටෙලිෆෝන් කරලා, අම්මවයි, නෝනවයි ගෙන්නගෙන මාව බාර දුන්නා’’.

අනුෂ්ක 33 හැවිරිදි දෙදරු පියෙක්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, රක්ෂාවට ගිය අයෙක්.

අම්මා සමූපකාරයේ වැඩ කරපු හින්දා, අනුෂ්කව සමූපකාරේ ‘ෂෙඞ්’ එකේ රක්ෂාවට දාගන්න පු`ඵවන් වුනා.

එදා ඉඳලා 2020.02.15 දින දක්වාම කළේ ‘‘ෂෙඞ්’’ රක්ෂාව. පොම්පකරු.

2020.02.15 දින උදේ, රත්මලානේ ‘‘ෂෙඞ්’’ එකට ගියා. ‘‘ෂෙඞ්’’ එකේ පැය 24 ක් එක දිගට වැඩ කරනවා. එදා ඔහු ගෙදරට කිව්වේ ? ඩියුටියත් කරලා තමයි ගෙදර එන්නේ කියලා.

පහුවදා, 2020.02.16 උදේ ඔහු ගෙදර ආවේ නෑ. ‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු ඇවිත් අනුෂ්ක ඇහැව්වා. ගෙදර ආවේ නෑ කිව්වම, රුපියල් එක් ලක්ෂ විසි පන්දාහකුත් අරන් පැනලා ගිහිල්ලා තියෙනවා, සල්ලි හොයා ගන්න  ඕනි කියලා තියෙනවා.

අනුෂ්කගෙ අම්මා එ් මහත්වරුන්ට කියලා තියෙනවා, සල්ලි හොයා ගන්න ඉස්සෙල්ලා අනුෂ්කට   මොකද වුනේ කියලා හොයන්න කියලා.

අනුෂ්කව හොයන්න ගෙදර අය පටන් ගත්තා. ‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු අනුෂ්ක, රුපියල් එක් ලක්ෂ විසි පන්දාහක් අරගෙන අතුරුදන් වෙලා කියලා ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් දැම්මා.

එ් පැමිණිල්ලට ක‍්‍රියාත්මක වූ ගල්කිස්සේ පොලීසිය, අනුෂ්ක වෙනුවට, අනුෂ්කගේ අම්මාව පොලීසියට ගෙන්වාගෙන පැය 04 කට වැඩි කාලයක් ප‍්‍රාණ ඇප කාරියෙක් ලෙස රඳවාගෙන හිටියා.

ඔහුගේ අතුරුදන් වීම ගැන පැමිණිලි බාර ගන්න පොලීසිය සූදානම් වුනේ නෑ. එ් නිසා දවස් 04 කට පස්සේ, අනුෂ්කගේ බිරිඳ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට සැමියාගේ අතුරුදහන් වීම ගැන ලිඛිතව පැමිණිලි කරනවා.

‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු අනුෂ්කගේ, මවට, බිරිඳට වරින් වර පැමිණ තර්ජනය කරන්න පටන් ගත්තා. පොලීසියද තර්ජනය කරන්න පටන් ගත්තා.

අම්මවයි, බිරිඳවයි, දරුවන් දෙන්නාවයි රකින්නෙ අනුෂ්ක. ඉන්නේ කුලී ගෙයක.

අම්මා, බෙල්ලන්විල ගියා. බිරිඳ ගමේ පන්සලටයි, හත් බෝධියටයි ගියා. සාත්තරයක් ඇහැව්වා. කේන්දරය බැලෙව්වා. බෝධි පූජා තිබ්බා. සෙත් කවි කිව්වා.

සාත්තරෙන් කිව්වේ, ඔලූව හැරුනු අතේ ගිහිල්ලා, ජීවිතේට අනතුරක් නෑ කියලා. කේන්දරේට අනුව, දරුණු අපල කාලයක් ලබලා තියෙනවා කිව්වා.

අනුෂ්කගේ පියා, උප පොලිස් සේවයේ කොස්තාපල් වරයෙක්. අනතුරකට භාජනය වී සැහැල්ලූ සේවයේ යොදවලා තිබුණු කෙනෙක්. ඔහු ස්නායු රෝගයකින් පෙලූනු අයෙක්. රාජකාරියට නොයෑම නිසා, සේවය අහිමි කර ගත් අයෙක්. අම්මා සමූපකාරයේ වෙළඳ සේවිකාවක් විදියට සේවයට බැඳිලා දරුවන් තුන් දෙනා හදා ගත්තා. එ් අතර ඇයට කළමනාකාර පදවියට උසස් වීමක් ලැබුනා. ඇගේ අපල කාලය පටන් ගත්තා, ‘‘ස්ටොක්’’ ගැනීමේදී, භාණ්ඩ හා මුදල් අඩු වී එයට ඇය වරදකරු වී, රැුකියාව අහිමිව ගියා.

අනුෂ්ක ‘‘ෂෙඞ්’’ රක්ෂාවෙන් ගෙදර නඩත්තු කළා. අක්කලා දෙන්නා දීග ගියා. අනුෂ්ක විවාහ වුනා.

අනුෂ්කගේ මව උත්සාහ ගත්තා, සැමියා ගේ විශ‍්‍රාම වැටුප ලබා ගන්න. එහිදී හෙළි වුනා සැමියාගේ රෝගී තත්ත්වය මත, විවාහයක් කර නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබූ බව.

වසරක පමණ සිට අනුෂ්කට දැඩි හිසේ රුදාවක් හට ගන්න පටන් ගත්තා. අමතක වීම් හා නොරිස්සුම් බව පෙන්නුම් කළා. මව, තේරුම් ගත්තා, පියාට තිබූ රෝග ලක්ෂණ පුතාට ද, ඇවිල්ලා කියලා. ප‍්‍රතිකාර ගන්න උනන්දු වුනේ නෑ. බිරිඳගෙන් ද එ් බව වසන් කළා.

මේ අතර තමයි, 2020.02.01 දින රත්මලාන ‘‘ෂෙඞ්’’ එකේ රාත‍්‍රී වැඩ මුරයේදී ගැට`ඵවක් ඇති වුනේ. මේ සියල්ල ඔහුට දරා ගන්න බැරි වුනා. ගෙදර යන්නේ නැතිව, ඔලූව හැරුනු අතේ යන්න පටන් ගත්තා.

දළදා මාළිගයට ගියා. ආයෙත් ක`ඵතර ගියා. එතැනින් අනුරාධපුරයට ගියා. අනුරාධපුරයේ දවස් 05 ක් හිටියා. දවස් 05 ක් ගත කරපු ආකාරය සිහිනයක්.

උදේට ශ‍්‍රී මහා බෝධිය අභියස ඉඹුල් කිරිබත් දන්සැලෙන් බඩ පුරවා ගන්නවා. රුවන්වැලි සෑය දවල්ට දන්සැලට යනවා. ?ට විශ‍්‍රාම ශාලාවට ගිහිල්ලා නිදා ගන්නවා, රුපියල් 100/- ක් දීලා.
අතේ සල්ලි ඉවර වුනා. එදා නැති බැරි කම කියලා වන්දනාවේ ආපු අයට අත පෑවා. දවසේ අන්තිමට රුපියල් අටසිය ගාණක් එකතු වෙලා තිබුනා.

2020.02.22 දින, රුවන්වැලි සෑය ඉස්සරහා වැඳගෙන, දරුවන් බිරිඳ මතක් කරමින් ලබාදෙන ලෙසට කන්නලව් කරමින් හිටියා.

එදා විශේෂ දවසක්. ගලබොඩ ඥණිස්සර හිමියන්ගේ පිංකමක්. සෙනග ගොඩක් ඇවිල්ලා හිටියා. සිවුරු දන් දීමේ මහා පිංකම.

එසේ වැඳගෙන ඉන්න කොට, ළඟට ආපු කෙනෙක් ”උඹ මෙතන මොනවාද කරන්නේ, අම්මා, ගෑනි, දරුවෝ උඹව හොයනවා” කිව්වා. ඔහු අසල්වැසියෙක්. පිංකමට එකතු වෙන්න ආපු කෙනෙක්. 

එම අසල්වැසියා, අනුෂ්කගේ මවට, හා බිරිඳට දැනුම් දී, අනුරාධපුරයට ගෙන්වා බාර දෙන ලදි.

ගෙදර එක්කගෙන ආ, අනුෂ්කව, නීතිඥයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට බාර දීමට, මව හා බිරිඳ, පියවර ගත්තේය.

2020.03.25 දින, අධිකරණය, පොලීසියේ ඉල්ලීම මත, අනුෂ්කව රිමාන්ඞ් බන්ධනාගාරයට යවන ලද්දේ ”විමර්ශන ඉවර නෑ” යන පොලීසියේ සම්ප‍්‍රදායික බොරුවටය.

දින 07 ක් මැගසින් බන්ධනාගාරයේ සිටි අනුෂ්කට 2020.03.04 දින ඇප ලබා ගැනීමට හැකි විය.

වයස අවු: 18 සිට, අවු: 33 වන තෙක්, අවු: 15 ක් පුරා ”ෂෙඞ්” වල පොම්පකරුවෙකු ලෙසට මනා පළපුරුද්දක් තිබෙන ”අනුෂ්ක” නැවත ”ෂෙඞ්” රස්සාවට යන්නේ නෑ යන නිගමනයට එළඹ ඇත. ඔහුගේ රෝගයට ප‍්‍රතිකාර ගත යුතු බවද කියා සිටී.

”ෂෙඞ්” මේ රටේ ක‍්‍රියාත්මක තවත් මාෆියාවක්. දේශපාලකයෝ බාර් ගන්න දඟලනවා වගේම       ”ෂෙඞ්” දාගන්නෙත් එ් නිසා.

”බාර්” තියෙන මංත‍්‍රීලා ගැන ප‍්‍රශ්න කරන ”සුදනෝ” ”පූජකයෝ” හා සිවිල් සංවිධාන ‘‘ෂෙඞ්’’ හිමි මංත‍්‍රීලා ගැන අහන්නේ නැත්තේ ඇයි.

”ෂෙඞ්” මාෆියාව ”බාර්” මාෆියාවට වඩා දරුණුය. ඉන්ධන සොරකම කරන්නේ ”මහත්වරුය” එ් ඉලක්කම් වලින්, සටහන් වලින්ය. අත යට ගණුදෙනුව ලක්ෂ ගණන් වලිනි. මෙම ක්ෂේත‍්‍රයේ        ”මිනින්දෝරුවරු” හා ”කළාප මැනේජර්ලා” ප‍්‍රධාන භූමිකාව කරන අතර, පැත්තක සිට පොලීසියේ ලොක්කෝ මඩිය තර කර ගනිති. ෂෙඞ් හිමියන් ඉන්ධන වලින් කරන සොරකම එසේ නැතිනම් මගඩිය අසීමිතය. මේ ”ෂෙඞ්” මගඩියේ අගරජවරු මැනේජර්ලාය. ඔවුන් මැරයින්ය. සමූපකාර ෂෙඞ් හැමදාම පාඩුය හේතුව සොයන්නේ නැත.

අපක්ෂපාත, ස්වාධීන ජනමාධ්‍ය්‍ය, නිතර ෙදාඩවන දේශපාලකයෝ - ලෝක වෙළදපොල ගැන කථා කළත්, අවම වශයෙන් සහනාධාරයට ලබාදෙන භූමිතෙල් යොදාගෙන ධාවනය කරන පුද්ගලික බස් ගැන වචනයක් ෙදාඩන්න සූදානම් නැත.

”ෂෙඞ්” මාෆියාව ”බාර්” මාෆියාවට වඩා භායානකය.

අනුෂ්ක, බිරිඳ, දරුවන් හා මව, අද දවස ගෙවන්නේ කූල් ෙදාඩම් විකුණාය.








No comments:

Post a Comment