Friday, March 6, 2020

බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමෙන්, මරණ දඬුවම නියම වූ සිරකරුවෙකුට බරපතල තුවාල.


1993 වසරේදී, බිරිඳ ඝාතනය කිරීමේ වරදට, වරදකරුව, මරණීය දණ්ඩනය  නියම වූ සිරකරුවෙකුට, 2020.03.04 වන දින බන්ධනාගාර නිලධාරීන් පහර දීමෙන් බරපතල තුවාල ලබා, බන්ධනාගාර රෝහලට දමා තිබේ.

වාර්තා වන අන්දමට, මෙම සිරකරුවා, කාමර පාටි නායකයෙකි. ඔහු බාර කාමරයේ රැඳවියන් පිරිසක් අතර, ජංගම දුරකථනයකට අදාළව හටගත් ආරවුලක් පාලනය කිරීමට නොහැකි වීම, මෙම පහර දීමට හේතුව බව කියයි.

මෙම සිරකරුවා, දරු දෙදෙනෙකු ගේ පියෙක් වන අතර, හිටපු හමුදා සෙබලෙකි. ඔහුගේ වත්මන් බිරිඳ තම සැමියා සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කර ඇත.

බන්ධනාගාරය තුළ මත් කුඩු, දුම්කොල හා ජංගම දුරකථන භාවිතය හා එයට අදාළ මාෆියාව හා ජාවාරම් අවම කිරීමටවත්, බන්ධනාගාර නිලධාරීන් අසමත්ව සිටී. ඒ ඔවුන් ද මෙම මාෆියාවේ පාර්ශව කරුවන් නිසාය.

No comments:

Post a Comment