Thursday, March 26, 2020

මිරුසුවිල් සමූහ ඝාතනය යට වරදකරු වූ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව හිමිවිය.


මිරුසුවිල් සමූහ ඝාතනය යට වරදකරු වූ මාණ්ඩලික සැරයන්
සුනිල් රත්නායකට ජනපති සමාව හිමිවිය.

අද, 26 දින, උදේ  මරණ දණ්ඩනය නියමව සිටි මාණ්ඩලික සැරයන්සු නිල් රත්නායක, ජනාධිපති සමාව හිමව වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.
2000 දෙසැම්බර් 19 දින මිරුසුවිල් ප‍්‍රදේශය මුදා ගෙන සිටී යුද හමුදා සාමාජිකයින් භටයින් පිරිසක් විසින් ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුලූ සාමාන්‍ය වැසියන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා මරා දැමීම මාණ්ඩලික සැරයන් රත්නායකට එල්ලව තිබූ ප‍්‍රධාන චෝදනාව විය.
මෙම හෙළිදරව් වූයේ අත්අඩංගුවට ගෙන තිබූ අයගෙන් එක් අයෙකු මිදි පලාවිත් තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු හමුදා භට පිරිසක් පොලිසිය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් පස් දෙනෙකුට එරෙහිව මහාධිකරණය මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 19 ක් මුල්කරගෙන නඩු පැවරීය. මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහා අධිකරණය ඉදිරියේ විශේෂ නඩුවක් ලෙස විභාග විය. 
නඩු විභාගය අවසානයේදී මෙම පස්දෙනාගෙන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කර, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ට මරණ දණ්ඩනය නියම කළේ, ඔහුට විරුද්ධව නීතිපති ඉදිරිපත් කර තිබූ  චෝදනා 19න් 07ක්  ඔප්පු වී ඇති බවට නිගමනය කරමි.
තීන්දුවට එරෙහිව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය 2019 මැයි 21 ඉවතලූයේ 2015 ජුනි 25 ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබාදී තිබුණු මරණ දඬුවම ස්ථිර කරමින්ය. 
එම තීන්දුවෙන් පසුව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නිදහස ලබා දෙන ලෙස ඉල්ලා රණවිරු සංවිධාන උද්ඝෝෂණ ආරම්භ කරන ලද අතර, මෙම අපරාධ සම්බන්ධයෙන් හා නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ක‍්‍රියාකළ දේශීය මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සිය සතුට පළ කළේ හමුදා විසින් ‘‘යුද අපරාධ සිදු කරන ලද බවට’’ ඔව් නගන චෝදනා සාධාරණය වී ඇති බව පෙන්වා දෙමින්ය.
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග‍්‍රහණයට ප‍්‍රමුඛ ස්ථානය ගත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහා සංවිධාන වල එක් ප‍්‍රධාන ඉල්ලීමක් ව තිබුණේ ‘‘යුද අපරාධ චෝදනා’’ සම්බන්ධයෙන් සිරගතව සිටින හමුදා සාමාජිකයන් ඉඩ නිදහස ලබා දෙන ලෙසට ය.
මෙම නිදහස් කිරීම යුද අපරාධ සම්බන්ධයෙන් චොදනා එල්ල කරන ජාත්‍යන්තර මෙන්ම දේශිය රාජ්‍ය නොවන සංවිධාන හා බෙදුම්වාදි දේශපාලන පක්ෂ නැවත වරක් ත‍්‍රිවිධ හමුදා විරෝධී ප‍්‍රචාරයන් හා බලපෑම් වල යෙදිම ආරම්භ කරනු ඇත. 

No comments:

Post a Comment