Friday, April 3, 2020

පල්ලි එන්න එපා. ගෙදර ඉදගෙන ස්කයිප් මගින් පව්සමා කරගනිමු.


පල්ලි එන්න එපා. ගෙදර ඉදගෙන
ස්කයිප් මගින් පව්සමා කරගනිමු
රුසියානු ඕතෝඩොක්ස් පල්ලිය
සිය බැතිමතුන්ට දන්වයි.

රුසියාවේ කොවිඩ් - 19  ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවෙන්නට පටන් අරගෙන. වාර්තා වන අන්දමට නව ආසාදිතයින්768 එකක් වීම නිසා, මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3858 ක් වී තිබේ. වැඩිම   ප්‍රමාණය වාර්තා වී ඇත්තේ මොස්කව් නුවරින්ය. නව ආසාදිතයින් ගෙන් වැඩි දෙනෙකු අවුරුදු 45 ට අඩු අය වීම විශේෂයක් ලෙස සැලකේ.

මෙම පසුබිම තුල එරට පනවා ඇති නීති රිති වලට ගරු කරමින් පල්ලි වලට එක්නොවන ලෙසට එරට ප්‍රධාන දේවස්ථානය වන ඕතෝඩොක්ස් පල්ලිය බැතිමතුන්ට දන්වා තිබේ.

පව්සමා කිරිම සදහා නව තාක්ෂනය යොදා ගන්නා ලෙසට ද ඉල්ලා තිබේ.  


No comments:

Post a Comment