Friday, April 3, 2020

බොර තෙල් මිල වැඩි කර දෙන්න යැයි ට්‍රම්ප් සෞදියෙන් හා රුසියාවෙන් ඉල්ලයි.


බොර තෙල් මිල වැඩි කර දෙන්න යැයි ට්‍රම්ප් සෞදියෙන් හා රුසියාවෙන් ඉල්ලයි.

කොරෝනා වසංගතයේ සමග සිඝ්‍රයෙන් පහත වැටෙන බොර තෙල් මිල ඉහළ දැමීමට පියවර ගන්න යයි, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සවුදියෙ ඔටුන්න හිමි කුමාරයා වන මොමඩ් බින් සලමන් (MBS) ගෙන් සහා රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා තිබේ.
බොර තෙල් මිල පහත වැටීම නිසා රුසියාව අර්බුදයකට යනු ඇතැයි පුරෝකතථනය කළ ජනාධිපති ට්‍රම්ප් ට සිදුව ඇත්තේ සෞදි බොර තෙල් මිල පහත වැටීම නිසා, තම රටේ ෂේල් තෙල් මිල, බරපතල ලෙස පහත වැටීම නිසා ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීමටය.

 මේවන විට සවුදි අරාබිය ප්‍රමුඛ opec රටවල් රුසියාව සමග තෙල් මිල පහත වැටීම වැලැක්වීමෙ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර තිබේ. නමුත් මේ දක්වා එයට රුසියාව ප්‍රතිචාර දක්වා නැත.
කෙසේ වෙතත් ඉදිරියේදී දෛනික බොරතෙල් නිෂ්පාදනය අඩුකොට, බොර තෙල් මිල ස්ථාවර තත්වයකට ගෙන ඒමට, බොර තෙල් නිශ්පාදන රටවල් එකඟ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේ වුවොත් යළිත් වරක් බොර තෙල් මිල ඉහළ යනු ඇත.

No comments:

Post a Comment