Friday, April 3, 2020

Covid 19, හැදුනු නාවිකයන් ගැන කතා කරපු “තියඩෝර් රූස්වෙල්ට් යුද්ධ නෞකාවේ කපිතාන් සේවයෙන් නෙරපයි.




Covid 19, හැදුනු නාවිකයන් ගැන කතා කරපු තියඩෝර් රූස්වෙල්ට් යුද්ධ නෞකාවේ කපිතාන් සේවයෙන් නෙරපයි.

ඇමෙරිකානු හත්වෙනි බලකායට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ප්‍රහාරක ගුවන් යානා සහිත "තියඩෝර් රූස්වෙල්ට්"
රක ගුවන් යානා නෞකාවේ සිටින හාරදහසක් පමණ වන නාවිකයන් අතුරින් දහසකට ආසන්න සංඛ්‍යාවකට Covid 19 වෛරයට ගොදුරුව ඇති බවට, ලොවට හෙළිවීම නිසා එම නෞකාවේ කපිතාන් වරයාව සේවයෙන් නෙරපා හැර තිබේ.  
මෙම නෞකාව ප්‍රහාරක ගුවන් යානා සහා හෙලිකොප්ටර් 90කින්  සමන්විත වන අතර, නවීනතම යුද අවි වලින් සන්නද්ධ කර ඇත. දකුණු චීන මුහුද බලා ගමන් කරමින් සිටි මෙම නෞකාවේ නාවිකයන්ට Covid 19 වැළඳීම නිසා කලබලයට පත්වු  කපිතාන්වරයා ඒ පිළිබඳ ව තම ඉහළ නිලධාරීන්ට කරන ලද දැනුම් දීම මාධ්‍යයට හෙළිවීම ගැන ඇමෙරිකානු බලධාරීන් කනස්සල්ලට පත්ව සිටී. දැනට මෙම නෞකාව ඇමරිකාවේ ගුවාන් දුපතට යවා තිබේ. ගුවාන් දුපත 2වන ලෝක යුද්ධ සමයේ ඇමෙරිකාව අත් පත් කරගත් එකකි. එම දූපතේ පිහිටි හෝටල්වල නාවික භටයින් නතර කිරීමට පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment