Monday, June 1, 2020

පොලිස් ඝාතකයින්ට එරෙහිව ඇමෙරිකාව පුරා කැරළි ගැසීම්.




ඇමෙරිකානු සුදු ජාතික පොලිස් කාරයෙක් 46 හැවිරිදි කලූ ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් බෙල්ල කකුලෙන් හිරකර මරා දැම්මේ මාංචු දමාය. මරන්න එපා යයි ඉල්ලා වැඳ වැටෙද්දී මෙම ඝාතනය සිදුකර ඇත.

මැයි 25 වන දින, මින්පොලිස් හි පොලීසිය සිදුකළ මෙම ඝාතනයට එරෙහිව ප‍්‍රාන්ත වැසියන් වීදි බසින ලදි. විරෝධතා කරුවන් පොලිස් බාධක, ඇඳිරි නීතිය නොතකා පොලීසියට පහර දුන් අතර දේපළ හානි කිරීම්වල නියැලෙන ලද්දේ යුක්තිය ඉල්ලාය.

ඇමෙරිකානු පොලීසිවල කලූ ජාතිකයින්ට එරෙහිව දියත් කරන, මෘග ක‍්‍රියාවන්ට මේ වන විට, කැරලි ගැසීම් වොෂිංටන්, ටෙක්සාස්, චිකාගෝ, නිව්යෝර්ක් ඇතු`ඵ ප‍්‍රධාන නගරවලට ව්‍යාප්තව තිබේ.

ඇඳිරි නීතිය පනවා ඇති අතර, හමුදාව කැඳවා තිබේ. හමුදා පොලීසිය සීරුවෙන් තබන ලෙසට ට‍්‍රම්ප් උපදෙස් දී තිබේ.

ට‍්‍රම්ප් මෙම, විරෝධතා හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ විරෝධතාකරුවන් ජෝර්ජ් ෆොලොයිඞ් ගේ මරණය මුල් කර ගත්අය නොවන බවත්, ඔවුන්, එරට පැසිස්ට් විරෝධී රහසිගත සංවිධානයක් වන ්බසඑසත්‍්  සංවිධානය මගින් මෙහෙයවනු ලබන අය බවය. 

මෙම සංවිධානය ඇමෙරිකානු වර්ගවාදයට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් හි නියැලෙන බවත්, ට‍්‍රම්ප්ගේ පාලන සමයේද එය සක‍්‍රියව ඇති බවත් ප‍්‍රකාශ වේ.

 Death of  George floyd- youtube  

කැරළිකරුවන් විසින් ගිනිබත් කරන ලද ධවල මන්දිරය අසල දෙව්මැදුර හා පොලිසියට විරුද්ධව ක්‍රියා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පහත link වලින් නරබන්න.




 

No comments:

Post a Comment