Saturday, June 13, 2020

පානදුර මූලික රෝහලේ ලෙඞ්ඩුන්ගේ කෑම සොරකම් අදටත් පවතිනවා. හෙරියන් හා හොරු රකින්නේ ලොක්කෝ ....!





කාලයක් තිස්සේ, රෝගීන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා ආහාර පිසින රෝහල් කුස්සියට ලැබෙන අමු ආහාර ද්‍රව්‍යය එහි සේවකයින් සොරකම් කරනු ලබයි.

මෙම සොරකම් පිළිබඳව, බලයක් නැති කණිෂ්ඨ සේවකයින් පිරිසක් විසින් රෝහල් බලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2019 ජූලි මස 01 දින හෝ ඊට ආසන්න දිනයක, නියෝජ්‍ය වෛද්‍ය අධිකාරීගේ නියෝගයෙන් කුස්සිය හදිසි පරීක්ෂාවකට භාජනය කරනු ලැබීය.

රෝහල් කුස්සියේ නිරීක්ෂිකාවන් දෙදෙනාගේ ලැගුම් කාමරයේ සහ පොල් ගාන කාමරයේ සඟවා තිබූ හාල්, කඩල, පරිප්පු, මුං ඇට තිබී හසුවෙන ලදි.
මෙම අමු ආහාර ද්‍රව්‍යය වල වටිනාකම,  රුපියල් 17026.51 කි. 

මෙම අමු ආහාර ද්‍රව්‍යය දින 4 ක ඒවා බවද කියවේ.

පරීක්ෂණ වාර්තාවෙන් පසුව, රෝහල් කුස්සියේ කාර්ය මණ්ඩලයට අයත් නිරීක්ෂිකාවන් දෙදෙනාගෙන්, අරක්කැමියන් තිදෙනාගෙන් හා පිරිසිදු කිරීම් කරන කම්කරුවාගෙන් එම අමු ආහාර ද්‍රව්‍යයවල වටිනාකම හා එයට එකතු කළ 25% රජයේ භාරය සමග අයකර ගැනීමට තීරණය විය.

එ් අනුව, එක් අයෙකුගේ වැටුපෙන් රුපියල් 3547.18 ක් අය කර ගැනීමටද, එක් වැටුප් වර්ධකයක් විලම්බනය කිරීමටද, තරවටු කිරීමේ ලිපි පෞද්ගලික ලිපි ගොනු වලට ඇතුළත් කිරීමට හා ස්ථාන මාරු කිරීමට බස්නාහිර පළාතේ, ක`ඵතර ප‍්‍රාදේශීය සෞඛ්‍යය අධිකාරී තීරණය කරන ලදි.

මෙම තිරණය අනුව, ස්ථාන මාරු ක‍්‍රියාත්මක කර ඇත්තේ, රෝහල් කුස්සියේ පහළම සේවකයා වන පිරිසිදු කිරීම් කම්කරුවාව හා එක් අරක්කැමියෙකුට පමණි.

අරක්කැමියාට බාර දී ඇති ස්ථාන මාරු ලිපියෙන්, ඔහුගේ බාරයේ ඇති ලේඛණ, භාණ්ඩ, තවත් චූදිතයෙකු වූ අරක්කැමියෙකුට බාර දෙන ලෙසටද නියම කර ඇත. එ් අනුව ස්ථාන මාරු ක‍්‍රියාත්මක වීම සැමට ක‍්‍රියාත්මක නොවන බව පෙනෙන්නට තිබේ.

වාර්තාවන අන්දමට රෝගීන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා සපයන අමු ආහාර ද්‍රව්‍යය වලින් කොටසක් නිරීක්ෂිකාවන්, අරක්කැමියන් විසින් සොරා ගනු ලැබේ. 

එය ඉතා පහසුවෙන් කිරීමට හැකිව ඇත්තේ, ආහාර සැපයීම අදාළව පවතින රෙගුලාසි වලට අනුව රෝහල් බලධාරීන් ක‍්‍රියාත්මක නොකිරීම හා එම බලධාරීන් සමහරක්, කුස්සියේ කාර්ය මණ්ඩල සමග පවත්නාවූ අයුතු සම්බන්ධකම්ය.

එය ස්ථාන මාරු නියෝග මගින් පැහැදිළි වන බවද ප‍්‍රකාශ වේ.

මේ වන විට, ස්ථාන මාරු නියෝග ලැබූ කම්කරුවා හා අරක්කැමියා තමන්ට ලබාදී ඇති ස්ථාන මාරු අවලංගු කරන මෙන් සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

රජයේ දේපළ සොරකම් කිරීම යනු මහජන මුදල් සොරකම් කිරීමය.

රජයේ රෝහල්වල නේවාසික රෝගීන් අතුරින්, රෝහල් වලින් සපයන ආහාර වේල ලබාගන්නේ අග හිඟකම් වලින් පෙළෙන අන්ත අසරණයින් බව පෙන්වා දෙන, රෝහල් සේවකයින් එම රෝගීන්ගේ ආහාර වේල සොරකම කිරීමට තරම් පහත් තත්ත්වයට පත්ව ඇති ඊනියා නිලධාරීන් ආරක්ෂා වන්නේ ඉහළයින්ගේ ක‍්‍රියා කලාපය නිසා බව පෙන්වා දෙයි. 

සොරකම දූෂණය අවම කිරීමට, නීතිය මත පාලනය ස්ථාපිත වියි යුතුයි. එය ඉහළින්ම ආරම්භ විය යුතුයි. ජනමතයක් ගොඩ නැගිය යුතුය.  

No comments:

Post a Comment