Monday, June 22, 2020

”කුඩු තිලාන් ” ව එල්ලා මරණු - මහාධිකරණය




කුඩු ජාවාරම් කරුවෙකු බවට, ඔප්පු වූ ”කුඩු තිලාන්” ව එල්ලා මරා දමන ලෙසට මහාධිකරණය තීන්දු කර තිබේ. 

2020.06.18 දින එම තීන්දුව ලබාදන්, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා,  තීන්දුව ලබාදෙමින් කියා සිටියේ එකෙක් දෙන්නෙක් මරණ, ”මීනිමරුවෙකුට” වඩා කුඩු ජාවාරම භයානක බවයි. උන් සමාජක්ම මරා දමනු ලබන බවයි.

ජනාධිපති සිරිසේන ”කුඩු” කාරයින් මෙල්ල කරන බවට පුරසාරම් බෑවේය. ඔහු කළේ ”කුඩු” ජාවාරමට වරද කරුවන් වී හා ඒ වන ව්ට මරණ දඬුවම නියමව, සිරගෙදර සුර සැප විඳින, කිහිප දෙනෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙසට සිය අත්සන යෙදීමට ද ඔහු පියවර ගත්තේය.

වහාම ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින් හා දේශීය ඒජන්තවරුන් එම තීරණයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ගියහ. ශ්‍රෙෂ්ඨාධිකරණය, ජනාධිපති සිරිසේනගේ නියමය ක‍්‍රියාත්මක කිරීම, අත්හිටවන ලෙසට, බන්ධනාගාරයට නියෝග කළේය.

දැන් නඩුව පවතී. තීරණය කවදා එයිද? 

මේ අතර තමයි එනම් 2020.06.18 වන දින දේවගේ තුෂාර චාමර හෙවත් කුඩු තිලාන් ට විරුද්ධව නඩුව අහලා වරදකරු කර, ඔහුට මරණ දඬුවම නියම කරන්නට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා ක‍්‍රියා කළේ.

ඔහුට එල්ල වූ චෝදනාව වන්නේ හෙරොයින් ග‍්‍රෑම් 274.68 ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමය.

මොහුව අත්අඩංගුවට ගන්නේ, 2014.06.20 දින, බත්තරමුල්ලේදීය. අත්අඩංගුවේ සිටින අවස්ථාවේ, බන්ධනාගාරයෙන් පලා ගොස් විදෙස්ගත වීමට ද වරක් උත්සාර දැරුවේය.

උසාවිය මරණ දඬුවම නියම කළද, එය කි‍්‍රියාත්මක කිරිමට අවසාන තීරණය දෙන්නේ ජනාධිපතිය.

මේ පසුබිම තුළ, 1962 ආණ්ඩුකාර ධූරයට පත් විලියම් ගොපල්ලවගෙන් පසුව ජනාධිපති සිරිසේන බලයට පත්වන තෙක් සිටි, කිසිම ජනාධිපතිවරයෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සිය අත්සන තැබුවේ නැත.

මෙම පසුබිම යටතේ ජනාධිපති ජනාධිපති ගෝඨාභයද, අධිකරණය තීරණය කළ පමණට, මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නට සිය අත්සන යොදාවිද යයි කිව නොහැක. එය අනාගතයට බාර කරමු.

අප නගන ප‍්‍රශ්නය, කි‍්‍රයාත්මක නොකරන දඬුවම නීති පොතේ තියාගෙන ඉන්නේ ඇයිද යන්නයි. ක‍්‍රියාත්මක නොකරන බව දැන දැන විනිසුරුවන් එම තීන්දු දෙන්නේ ඇයිද යන්නයි.

නීතියට අනුව, යම් අවස්ථාවක මරණ දඬුවම නොදුන්න අවස්ථාවල දි නීතිපති පැනලා ගිහින් එය වෙනස් කරවා නැවත මරණ දඬුවම දිය යුතු බවට නඩු ගොනුවේ කොළයක ලියවා ගන්නේ ඇයි?

  • මේවා මාධ්‍යයට පොල් ගෙඩි අකුරෙන් පළ කරන්නට ප‍්‍රවෘත්තිය.
  • ”විද්වතුන්” කියා ගන්නා අත්ලොස්සකට ඊනියා ජාත්‍යන්තරයට ආවඩමින් කථා කර කර ඉන්න  මාතෘකාය.
  • දේශපාලන කුහකයින්ට රට විනාශවනවා දකින සතුට විඳගන්නට හේතුය.

තීරණය ............. !

No comments:

Post a Comment