Sunday, June 7, 2020

ජනතාවගේ තීන්දුව, දෙයියනවහන්සේ ගේ තීන්දුවලු!!!!!!.




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තීන්දුව, වැරදි බව නොකියා කියන කථා ......

2018 දී, ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පක්ෂ ගණනාවක් ගියේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ්ය  සහා රාජ්‍යය නොවන සංවිධාන එහි පෙරමුණේ සිටියේය.

මෙම නඩුවේ පැමිණිලිකාර පක්ෂයේ නියමුවා ලෙසට ක‍්‍රියා කළේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රී ජනාධිපති නීතිඥ සුවන්දිරම්ය.

අවසරය ලැබිමෙන්   අනතුරු ව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත් දෙනෙක් ඉදිරියේ විභාගයට ගන්නා ලදි.

එම හත් දෙනාගේ ඒකමතික තීරණය වූයේ ජනාධිපති සිරිසේන ගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අහෝසි විය.

එම තීන්දුව අප රටේ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු කරන ලද ඓතිහාසික එකක් ලෙසට හැඳින්වින.

2020 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. කිසිවෙකු එය වැරදි බවට ප‍්‍රකාශ කරන්නට යයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත.

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා කැදවා මැතිවරණ දිනය ලෙසට ජුනි 20 නියම විය.
ඒ අතර කොරෝනා වසංගතයට අප රට ඇතුලූව මුළු ලොවම ගොදුරු විය.

මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂම තීන්දු කළේය.

මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යෑම දඩ මීමා කරගත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ සජිත් පිළ, දෙමළ ජාතික සන්ධානය, NGO  හා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව කැඳවන්න යයි ඉල්ලා හඬා වැලපෙන්නට පටන් ගන්නා ලදි.

එය නොකෙරෙන බවට ඒත්තු යෑමත් සමග ඉහත කණ්ඩායම යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, මැතිවරණ පැවැත්තීවීම අහෝසි කරන ලෙසට, පරණ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට තීන්දු කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. එහි පෙරමුණ නියමුවා වූයේද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රී ජනාධිපති නීතිඥ සුවන්දිරම්ය.

පළමු පියවර වුයේ මෙම නඩුව විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමය. ඒ සදහා අගවිනිසුරුගේ මූලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස් දෙනෙකු ඉදිරියේ කරුණු සලකා බැලීමට තීරණය විය.

ජනාධිපති සිරිසේනගේ තීරණයට එරෙහි නඩු විභාගයට අවසර ලබාදී ඉන් අනතුරුව හත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පස් දෙනෙකු ඉදිරියේ සිදුවිය.

ජනාධිපති සිරිසේනට එරෙහි නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හත්දෙනා වුයේ,

1. එවක අග විනිසුරු                 -      එච්.එන්.ජේ. පෙරේරා
2. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - සිසිර ද ආබෲ
3. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - විජිත මලල්ගොඩ
4. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - බුවනෙක අලූවිහාරේ
5. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - ප‍්‍රියන්ත ජයවර්ධන
6. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - අසංක ගුණවර්ධන
7. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - මෘදු එන්.බී. ප‍්‍රනාන්දු,  යන මහත්ම මහත්මීන් ය. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කළේ 
        1. අගවිනිසුරු                            -      ජයන්ත ජයසූරිය 
2. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - සිසිර ද ආබෲ
3. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - විජිත මලල්ගොඩ
4. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - බුවනෙක අලූවිහාරේ
5. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - ප‍්‍රියන්ත ජයවර්ධන ,  යන මහත්මයන් ය.

මේ වන විට, අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විශ‍්‍රාම ගොස් සිටි අතර, පෙර නඩුවේ තීන්දුව දුන් හත් දෙනාගෙන් 4 ක්ම, මෙවර නඩුවේ 5 දෙනාට ඇතුළත් විය.

මෙම නඩුවේ දී පැමිණිලිකරුවන් සියලූ දෙනා නියෝජනය කරමින් අවසාන දේශනය පැවැත්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රී ජනාධිපති නීතිඥ සුවන්දිරම් - ජනතාවගේ තීන්දුව දෙයියනවහන්සේ ගේ තීන්දුව බවට ( vox populi, vox dei ) කියා සිටිමින් - 
එහෙත් ශ‍්‍රි ලාංකිකයින් බහුතරයේ තීරණය මෙම ලතින් කියමන අනුව දෙයියනවහන්සේ ගේ තීන්දුවද යන පැනය අසමින් තම කණ්ඩායම ඉදිරිපත් කර තිබෙන නඩුව විභාග කරන ලෙසට විනිසුරු මඩුල්ලෙන් ආයාචනා කළේය. 

විනිසුරු මඩුල්ල නඩුව විභාගයට ගැනිම ප‍්‍රතික්ෂේපප කරමින් තීන්දුව ප‍්‍රකාශයට පත්කළේය. 
මෙම තීරණය වැරදි බව සෘජුව ප‍්‍රකාශ නොකරන මෙම පරාජිත පාර්ශවයන් තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අරගලය ඉදිරියට ගෙනයන බව කියයි.

සමහරෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය = ඊලාම්, වන අතර තවත් සමහරෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය  =  ISIS වේ. 

No comments:

Post a Comment