Friday, July 10, 2020

මිනිහාගේ වටිනාකම ලක්ෂ 05 යි. හප්පපු එකාට මුකුත් වෙන්නේ නෑ, මැරුන එකාගේ එවුන්ට හුලං




මේ ශ‍්‍රී ලංකාවේ පවතින රථවාහන නීතියයි.

මාර්ග නීති තියෙන්නේ පොඩි එවුන්ට, පගාව ගහන්නත දෙන්නත පහසුම මාර්ගයක් ලෙසට දඩ වැඩි කරන්නේ ආදායම් වැඩි කර ගන්න.පසුගියදා කුසල් මෙන්ඩිස් පාපැදි කරුවෙකු යට කරන ලදි.  ඔහු පරලොව සැපත් වූ අතර, කුසල් මෙන්ඩිස් ඇප ලබාගෙන ගෙදර යන ලදි. මේ, මිනිස් ජීවිත අහිමි කළ පළමු අනතුර ද අවසාන අනතුර ද නොවන අතර, අවසාන ප‍්‍රවෘතිය ද නොවන්නේය.

2015.08.16 වන දින, 65 හැවිරිදි මුනියන්ඩි මූර්තිව, හප්පා මරණීය තුවාල කළේ, බොරැුල්ල මංසන්ධියේ පදික මාරුවේදීය. මෙම අනතුර සිදුකරන ලද්දේ කැළණිය ප‍්‍රදේශයේ අමරසිංහ නැමැත්තෙකි. ඔහු පදවා ඇත්තේ WP CAB 4639 දරන ජීප් රථය යි.

මේ හා අදාල වන්දි නඩුවේ ගොනුවට අනුව රථයල AIA  ඉන්ෂුවරන්ස් ලංකා PLC හි රක්ෂණය කර තිබේ. (පසු ලිපිනය ලෙසට ජනශක්ති ජෙනරාල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් ඇතුළත් කර තිබින.)

දින 06 ක් රෝහල්ගතව සිටි මුනියන්ඩි අනතුරින් ලත් තුවාල මත මිය යන ලදි.මහේස්ත‍්‍රාත් උසාවියේ පැවති රථවාහන නඩුවේදී, මුනියන්ඩි ගේ බිරිඳ ලක්ෂ්මීට, රු: 50,000/- ක ගෙවීමක් කරනු ලැබීය.ඉන් අනතුරුව ලක්ෂ්මී, නීති ආධාර කොමිෂම මගින් වන්දි නඩුවක් දිසා අධිකරණයේ පවරනු ලැබීය. එම නඩුවෙන් ඇය ලක්ෂ 20ක් වන්දි වශයෙන් ඉල්ලා සිටින ලදි.

නඩුව ඉවර වෙන පාටක් නැත. සමථ වන ලෙසට අඛණ්ඩව බලපෑම් එල්ල වන්නට විය. ඇයට උන්හිටි තැන් නැති විය.වසර පහකට පසුව, රුපියල් ලක්ෂ පහකට සමථ වීමට ඇයට සිදුවිය.

හප්පපු එකාට අච්චුවක් නැත. රක්ෂකයින්ට ද පාඩු නැත.මේ එක් නඩුවක් පමණි. මෙවන් නඩු තව කොපමණ අපේ උසාවි වල තිබේද? ඇති හැකි එවුන්ට, ලොකු වන්දි. නැති බැරි එවුන්ට පොඩි වන්දි.

මේක තමයි අපේ රටේ යුක්තිය ඉටු වන ක‍්‍රමය. නමුත් අපට නිදහස ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇත. පොත්වල නීතිය ඇත. 

මේ ක‍්‍රමයේ වෙනසක් ඇතිකළ යුතුය. එක්වෙමු ! කථා කරමු !

No comments:

Post a Comment