Monday, November 16, 2020

කොවිඞ් -- 19 ලෝකයේ තවමත් 01, ඇමෙරිකාව. ලංකාව 100

 

කොරෝනා වසංගතයේ ආසාදිත සංඛ්‍යාව, සෑම රටකම ඉහළ යමින් පවතී. 

ඇමෙරිකාව තවමත් පසුවන්නේ පළමු තැනය.  ආසාදිත සංඛ්‍යාව 11,367,214 කි. ඉන්දියාව, දෙවන තැන පසුවේ.

බ‍්‍රසීලය, ප‍්‍රංශය, රුසියාව තෙවන, සිව්වන හා පස් වන තැන ගනී.

බි‍්‍රතාන්‍යය පසුවන්නේ, 7 වන ස්ථානයේය. එහි ආසාදිත සංඛ්‍යාව  1,369,318 ක් වන අතර මරණ ගණන  51,934 කි.

51 වන ස්ථානයේ පසුවන ජපානයේ ආසාදියින් 116,677 ක් වන අතර මරණ  1,883 කි.

කොරෝනාවේ ආරම්භකයා වූ චීනය පසුවන්නේ 62 වන ස්ථානයේය. ආසාදිතයින් 86,346 ක් වන අතර මරණ 4,634 කි.

91 වන ස්ථානයේ පසුවන දකුණු කොරියාවේ ආසාදිතයන් ගේ ගණන 28,769 කි. මරණ 495 කි.

100 වන ස්ථානයට පත්ව ඇති ලංකාවේ ආසාදිතයින්  17,287ක් වන අතර මරණ 58 කි.

ආසාදිතයින් 5,459 ක් වාර්තා වන හොංකොං වල මරණ 108 කි. 137 වන ස්ථානයේ පසුවේ.

 ඕස්ටේ‍්‍රලියාවේ ආසාදිත සංඛ්‍යාව 27,745 ක් වන අතර මිය ගිය ගණන 908 කි. 93 වන ස්ථානයේ පසුවේ.

මෙම සංඛ්‍යා ලේඛණ සෑම මොහොතකදිම ඉහළ යනු ලබයි.

No comments:

Post a Comment