Sunday, February 17, 2013

ශ්‍රී ලංකා පොලිසිය ගෘහස්ථ ප්‍රචන්ඩත්ව නීතිය ඔලුවෙන් සිටුවයි.


තමාට හා හත්මසක් වන දරුවාට පහරදී මහ මග දමා ගිය සැමියාට එරෙහිව පැමිණිල්ලක් කල බිරිදට හා ඇගේ පියාට එරෙහිව ගෘහස්ථ හිංසා පනත යටතේ නඩුවක් පවරමින්,  ජනාධිපති රාජපක්ෂගේ පාලනය යටතේ පවතින ශ්‍රී ලංකා පොලිසියේ,  ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ‍   ළමා හා කාන්තා අංශය, - තවත් ආශ්චර්යමත් ඉදිරි පියවරක් තබනු ලැබීය.
බොරැ නඩු දැමීම, වධදීම ආයතනගත කරගෙන සිටින පොලිසිය, දැන් ගැහැණුන්නට වධ දෙන පිරිමින්ව රැකීමට උසාවිය උපයෝගී කරගැනීමට පිවිස තිබේ.21 හැවිරිදි එක් දරු මවක් වන උදේණි විවාහ වී සතියක් යන්තම් ගෙවුනා පමණි. දෑවැද්ද ඉල්ලමින් සැමියා ඇයට වධ දෙන්නට විය.
ඇඹිලිපිටිය පොලිසියේ හා එහි නිලධාරීන්ගේ නිවෙස් පිළිසකර කර සියලු තීන්ත ආලේප කිරීම් සිදුකර දෙන කෝනත්‍රාත්කරුවකු වන නිශාන්ත කුමාර , පොලිසියේ ප්‍රකට සුරතලුන්ගේ එක් කෙනෙකි.
කොතරම් වධ දුන්නත්, ඇය නිශාන්ත කුමාරට එරෙහිව පැමිණිලි කිරීමට පොලිසියට ගියේ නැත. ඒ නිශාන්ත කුමාර හා පොලිසිය අතර පවත්වාගෙන යන සහ සම්බන්ධය දන්නා නිසාය.
පස්මස් වියැති ගැබිනියක්ව සිටින විට සිදුකල පහරදීමෙන් ඇයට රෝහල් ගතවීමට සිදුවිය. එම පැමිණිල්ල පොලිසිය යට ගැසුවේය. ඒ මිනිහා එක්ක පලයන් කියමින් බැන තර්ජණය කිරීමෙන්ය.
අට මස් ගැබිණියක්ව සිටින විට ඇයට පහරදුන්නේ සිහිසන් නැතිවෙන තුරුය. ඇය රෝහල් ගත විය. රෝහල් පොලිසිය ඇගේ ප්‍රකාශ ලියා ගත්තේය. වෛද්‍යවරු ඇගෙන් ප්‍රකාශ ලියා ගත්තේය. එසේ තිබියදී රෝහලට පැමිණි ඇඹිලිපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා පොලිසි සැරයන් 3329 සීතා රංජනී ජයසිංහ, ඇයට අවශ්‍ය ආකාරයට ප්‍රකාශයක් ලියා උදේනිගෙන් අත්සන් ගෙන ගියේය. ඒ සිද්ධිය ද පොලිසිය යට ගැසුවේය.
2013 ඔක්තොම්බර් 21 දින මහා පාරේ සිය ගණනක් ඉදිරිපිට පහරදී දරුවා උරහිසින් අල්ලා ඇය ළගට දමා - මේකත් අරගෙන පලයන් කියා ඇයව පලවා හැරියේය.
උදේනි එවර පොලිසියට ගියේය. ඇයට වූයේ පොලිසියෙන් බැණුම් අසන්නටය. ඇය සමග පොලිසියට ගිය මවට හා සුඵ පියාට බැන තර්ජණය කිරීම් වලට ගොදුරු වන්නට සිදුවිය.
පැමිණිල්ල එදින ළමා හා කාන්තා අංශයට බාර කෙරින. එහිදීද ඇයට සිදුවූයේ අපහාස විදින්නටය. ඇණුම් බැණුම් වලට ලක්වන්නටය.
පැමිණිල්ල ගැන සාකච්ජා කිරීමට - 2012 .11.30 පොලිසියට එන ලෙසට පණිවුඩයක් ලමා හා කාන්තා කාර්යංශයේ කාන්තා පොලිස් සැරයන් සීතා රංජනී ජයසිංහ 3329 ගෙන් ලිඛිත පණිවුඩයක් ලැබිණ.
ඒ අනුව ඇය පොලිසියට ගියාය.  එදිනද ඇයට පොලිස් කාන්තාවන්ගේ බැණුම් වලට නින්දා අපහස වලට ගොදුරු වන්නට සිදුවිය. මේ මිනිහා එක්ක පලයන් කියමින් ඔවුන් ඇයට තර්ජණය කළේය. එවිට නිශාන්ත කුමාර - කා.පො.සැ.3329 සීතා රංජනී ජයසිංහ ගේ පිටට තට්ටුකොට මේ ගෑනි අයෙත් අවොත් වසදීලා මරනවා යැයි ප්‍රකාශ කළේය. ඒ කිසිවක් පොලිස් කාන්තාවට වගක් වූයේ නැත.
එයින් අනතුරු - දහවල් 11.00ට පමණ ඔවුන් සියලු දෙනාව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගියේය. මහේස්ත්‍රාත් අධිකරණයේදී නම් කථා කල විට - අධිකරණය උදේනිට හා ඇගේ සුඵ පියාට විත්ති කූඩුවට නගින ලෙසට නියම කළේය.
එවිටය ඔවුන්ට වැටහුනේ පැමිණිලිකරුවන් විත්තිකරුවන් වී සිටින බව. ගෘහස්ථ හිංසා පනත යටතේ නඩුව පවරා තිබින. නඩුව මෙහෙයවූයේ කා.පො.සැ.සීතා රංජනී ජයසිංහය. මහේස්ත්‍රාත්වරයා උදේනිට හා ඇගේ පියාට ඇප නියම කළේය.
ඇය සියලු විස්තර අන්තර්ගත ලිඛිත පැමිණිල්ලක් නීතිපති, පොලිස්පති  හා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව නීතිය ඔලුවෙන් සිටුවා ඇති මේ නඩුව ඉල්ලා අස්කර ගනීයයි ඇය අපේක්ෂා කරයි.
මේ බුදුන්ගේ දේශයේ, ආසියාවේ ආශ්චර්යමත් රටේ  වැඩ මෙහෙමයි කියා ඔවුන්ට දැන් තේරුම් ගොස් ඇත. රාජපක්ෂ ආණ්ඩුව අධිකරණය හා පොලිසිය, යුක්තිය ඉටුකරන්නට නොව - තම ගැත්තන්ව රකින්නට යොදවා ක්‍රියා කරන බව පැහැදිලිව ඇත.
එසේම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ද බොර දියේ - බඩගෝස්තරය වඩා ගැනීමේ කාර්යයේ නියැලී සිටින බවද තේරැම් ගෙන තිබේ. තමන්ට වරදින තෙක් මොවුන් සිතා සිටියේ දෙවියන් බුදුන් ඔවුන් සමග බවයි. කළ යුත්තේ කුමක්ද? උභතෝකෝටික ප්‍රශ්නයට ඔවුන් මුහණදි තිබේ.


No comments:

Post a Comment