Showing posts with label justice (පොලිස් වදහිංසා  media freedom Sri Lanka police torture  janasansaday  janasansadaya media  Sri Lanka torture  Humana Rights. Show all posts
Showing posts with label justice (පොලිස් වදහිංසා  media freedom Sri Lanka police torture  janasansaday  janasansadaya media  Sri Lanka torture  Humana Rights. Show all posts

Saturday, July 15, 2023

අයි.ජි.පි ළඟ වැඩ කරන පො. සැ. ව අල්ලන් නිවසට රෑ පොලීසියෙන් පන්නපු ඕ.අයි.සි ට විරුද්ධව පියවර ගන්න --

 

පොලිස්පති 02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම් - මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ 04. ලේකම්            - ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බිරිඳ කරන ලද ලිඛිතපැමිණිල්ල:-

 

බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා ගේ නීති විරෝධි හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට කරනු ලබන් ඉල්ලීම.

ප්‍රනාන්දු, අවු:-41යි, ජා.හැ.ප.අංකය:- ග විවාහක, දරුවන් 03යි.  ලිපිනය:- දු.ක.අංකය:-

2023 ජුලි 08 දින දීය.

------- පො.සැ. ----- , -------- පොලිස් මුලස්ථානය, කොළඹ. මා ගේ සැමියා වේ.

 

01. 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග  නිවසේ තනිව සිටින විට, වසා තිබුන ගෙට්ටුවෙන් පැන්න පොලීසියෙන් 4කු, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුවි, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්වි සොදිසිකර, සැමියා කොහේද යයි ප්‍රශ්ණ කරක ලදි.

02. මාගේ සැමියාට, 2023 ජුලි 04 නාදුනන පුද්ගලයෙකුගේ පහරදීමකට ලක්ව, නාගොඩ මහා රොහලේ ප්‍රතිකාර ගෙන අද(2023 ජුලි 07) ප.ව. 2.00ට පමණ ටිකට් කැපු පසුව ගෙදර ඇවිත්, ප.ව. 3.00ට පමණ පොලිස් මුලස්ථානයේ රාජකාරියට වාර්ථා කිරිමට ගිය බවද, තම සැමියා කොළඹ, පොලිස් මුලස්ථානයේ,  ------- සේවය කරන බවද ඔවුන්ට කියා සිටියා.

03. ඉන්පසු එක් නිලධාරියෙක් මට තුණ්ඩු කැල්ලක් දුන්නා. එහි 2023 ජුලි 08 උදේ 10.00ට බේරුවල පොලිස් ස්ථානයට පැමිණෙන් යනු වෙන් ලියා තිබුනා. අත්සන් කර තිබුනේ ඡී 58861-ප්‍රියදර්ශණ නම් නිලධාරියා වේ. ඒ අවස්ථාවේ සැමියා මිනිසෙකුට ගහලා තියෙනවා, ආවේ අත්අඩංගුවට ගන්න යයිද ඔහු කියා සිටියා

04. බේරුවල පොලිසියේ ස්ථානාධිපති, මේ ආකාරයට පොලීස් නිලධාරින් 04කු, නීති විරෝධිව, නිවසට එවා, ------මා ගේ සැමියා, කොළඹ, පොලිස් මුලස්ථානය, ---------, බව දැන දැනම, අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය නොමග යවා රක්ෂිත බන්ධනාගාර කිරිම අරමුණ වු බව ප්‍රකාශ කර සිටිමි.

05. 2023 ජුලි මස 04 වන දින උදේ 06ට පමණ බේරුවල පොලිස් ස්ථානාය ආසන්නයේ, කෙළඹ දෙසට ධාවනය වන බස් නැවතුම් පොළ අවහිර වන අන්දමට, නීති විරෝධිව, ත්‍රිරෝද රථයක් නැවැතා තැබිම මගින්, විශේෂයෙන්, පාසැල් දරුවන්ට  බාධා සිදුවන බව, එහි රියදුරුට පෙන්වා දි, රථය ඉදිරයට ගෙන යන ලෙසට සැමිය දැනුම් දි තිබෙ.

06. එම සිදුවිම මත ඇතිවු දෙබස“, දෙදෙනා අතර ගැටුමක් දක්වා වර්ධනය වි තිබේ. රාජකාරියට යන අවස්ථාවේ පහර කෑමට ලක්වු සැමියා වහාම පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුව පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට යවනු ලැබ තිබේ.

                දිනය:- 2023.07.04. වේලාව:- පැය. 06 05. පැමිණිලි අංකය:- -------

07. සැමියා සමග ආරාවුල ඇති කරගත් තැනැත්තා ද පසුව, එනම් පැය. 06 20 ට පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුවද පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහා රොහලට යවනු ලැබ තිබේ.

08. සැමියාව 2023.07.07 වන දින නාගොඩ මහා රොහලින් පිටකරන ලැබු අතර, අනෙතක් පුද්ගලයාව 2023.07.08 වන දින පිටකරනු ලැබු බවද දැන ගන්නට තිබේ.

ඉල්ලා සිටින්නේ,

බේරුවල පොලිසියේ ස්ථානාධිපති, ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්,

             නීති වරෝධිව හා විනය විරෝධිව, 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග තනිව සිටින විට පොලීසියෙන් 4කු, වසා තිබුන ගෙට්ටුවෙන් පන්නවා, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුකර, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්කර සොදිසිකර වීම,

             බේරුවල පොලිසියේ ස්ථානාධිපති වරයා, නිකුත් කර තිබෙන උපදෙස් වලට පටහැනිව, “තුණඩු කැල්ලක්මගින් සැමියාව පොලිසියට කැඳවීම,

             නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්, ගරු අධිකරණය නොමග යවා නිර්දෝශි පුද්ගලයෙකුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට සැලසුම් කරිම,

සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය,

         ------- ප්‍රනාන්දු


Thursday, January 27, 2022

වාද්දුව පොලිසියෙන් පහරදී - බරපතල ලෙස රෝගීව රහසිගතව රෝහල් ගතකරයි. පෙන්වන්නේ නැ. පොලිස්පති නියමයන් විහිලුවට අරන්.

 


ඥතිවරයික් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර ත්බෙන පැමිණිල්ලට අනුව-

2022.01.26 දින, සවස 5.30 පමණ, ඇගේ ඥති පුතුන් දෙන්නාට සහ ඔවුන්ගේ මිත‍්‍රයෙකුු වාද්දුව පොලිසිය අමානුෂික ලෙස පහර දී, අත්අඩංගුවට ගෙන, `දවා ගෙන සිටින බව,

 සවස 6.30 පමණ, නිවසියන් වාද්දුව පොලිසියට ගොස්, විමසූ විට, කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැති බව ප‍්‍රකාශ කල බව, 

 නමුත් ඔවුන්ට  ඔවුන්ට පහර දී, එක් අයෙකුට සිහි නැතිවී, පානදුර මූලික රෝහලට ගෙනවිත් තිබෙන බව දැන ගන්නට ලැබුන බ,

 ඒ ආරංචියට, රෝහලට පැමිණි විට ඒක්ලි අයෙක් මුලික ප‍්‍රථිකාර ඒකකයේ ඇ`දක සිහි නැතිව සිිටිය බව, ඔහුට සේලයින් සවිකර තිබුන අතර  යන්ත‍්‍රයකටද සවිකර තිබුන බව. එතැන කොස්තාපල් වරයෙක් සිටිය බව. ඔහුට නින්ද ගිහිල්ලා කියලා ඒම පො.කො. කිව්ව බව,

අද, (2022.01.27,) උදේ 6.30 ට රෝහලට පැමිණී විට ඔහුව 8 වාට්ටුවට මාරු කර තිබුන බව හා . ඇ`දට තියා මාංචු දමා තිබුන  බව. පොලිසියෙන් හො`දටම ගැහුව්වා බව කිව්ව බව,

 තවම, අත්අඩංගුයට ගෙන, `දවාගෙන සිටීන තම අනෙක් ඥති පුත්‍රයාව  බලන්න දුන්නේ නැති බව,  

වහාම පියවර ගෙන, ඔහුව දරෝහල් ගත කරන ලෙසට හා නොපමාව අධිකරණයට ඉදිරරිත් කරන ලෙසට ඉල්ලා සිටින බව. 





Thursday, December 16, 2021

බොරු නඩු දාපු පොලිස් කාරායත් කුඩු ජාවාරමට හවුල්ලූ !!

 


අයියා මලෝ දෙන්නෙක් ව අත්අඩංගුවට ගෙන, කුඩු නඩු දමා, රිමාන්ඞ් කරවූ පොලිස් කාරයාද, කුඩු ජාවාරමට හවුල් බවත්, ඔහුට ඉහළ පොලිස්කාරයින්ගේ රැුකවරණය ඇති බවත්, තරුණයින්ගේ පියා ප‍්‍රකාශ කරයි.

2018 ජුනි 27 වන දින, කුරුණෑගල පොලීසියේ ¥ෂණ මර්දන එ්කකයේ, උ.පො.ප. සමරසිංහ ඇතු`ඵ නිලධාරීන් පිරිසක්, අවුරුදු 23 හා 25 වයස්වල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු තිබූ බවට චෝදනා කරමින්, අධිකරනය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

එසේ කරන ලද්දේ, දෙදෙනාට වෙන වෙනම නඩු පවරමින්ය. ඔවුන් දෙදෙනාව මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදුවිය.

චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් නඩු කිව්ව, ඔවුන් දෙන්නාව, අධිකරනය විසින් නිෙදාස් කොට නිදහස් කිරීමට පියවර ගත්තේය.

එක් නඩුවක, අධිකරණයට ඉදිරිපත් කරන ලද, කුඩු වලට වඩා වැඩි ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

අනෙක් නඩුවේ, අධිකරණයට ප‍්‍රකාශ කළ හෙරොයින් ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

එක් නඩුවක් 2020 මැයි මස අවසන් වූ අතර, අනෙක අවසන් වූයේ 2021 පෙබරවාරි මසය.

තරුණයින් දෙදෙනාගේ පියා, පොලීසිය සිදුකරන ලද, අපරාධය පිළිබඳව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට පැමිණිලි කරනු ලැබීය. 

පොලිස් කොමිෂමෙන් පිළිතුරු පවා එවා නැත.

මානව හිමිකම් කොමිෂමට මේ දක්වාම නිර්දේශයක් ලබාදීමට නොහැකිව තිබේ.

පොලීසිය කරන ලද නිරීක්ෂණ වලදී, උ.පො.ප. සමරසිංහ වරදක් කර ඇති බවට නිගමනය කර, ඔහුට අවවාද කරන ලද බව, කුරුණැගල පොලිස් අධිකාරි දැනුම් ද තිබේ.

පියා ප‍්‍රකාශ කරන පරිදි, මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගැනීමට හේතුව, එම නිලධාරීන්, කුඩු ජාවාරමට සම්බන්ධ නිසා බවත්, සමහරක් අද, ව්‍යාපාරිකයින් බවට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන්, ඉහළ පොලිස් නිලධාරීන් යැපෙන බවත්ය.

මෙම කරුණ, පියා විසින්, පොලිස්පතිට ලිඛිතව දැනුම් දී තිබෙන බවද ප‍්‍රකාශ කරමු.





Saturday, December 4, 2021

ඡන්ද පොළට පැන - හොර ඡුන්ද දැමූ හිටපු මහ ඇමති, මහින්ද අබේකෝන් ට දුන්න දඬුවම ”නාමික” කරයි. 20 අවුරුද්දක් ගතවීම හා වයසත් සලකා බලයි.

 

2001 මහ මැතිවරණයේදී, ගලහ වත්තේ, ඡන්ද පොළට 13 කු සමග පැනපු, එවක, මධ්‍යම පළාත් මහ ඇමති මහින්ද අබේකෝන්, ඡන්ද පත‍්‍රිකා පැහැරගෙන, ඡුන්ද පෙට්ටි පුරවන ලදි.

මෙම සිද්ධිය අදාළව ඔහුට විරුද්ධව පවරන ලද නඩුව 2015 දී, විභාගයට ගන්නා ලදි. එ අවුරුදු 14 කට පසුවය.

එ වන විට, චූදිතයින් දෙදෙනෙක් මිය ගොස්ය. ඉතිරි 11 දෙනාව, නිදොස් කොට නිදහස් කරන ලදි.

හිටපු මහ ඇමති මහින්ද අබේකෝන් ට, අවුරුදු 2 1/2 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරින.

එම තීන්දුවට එරෙහිව, මහින්ද අබේකෝන් හිටපු මහා ඇමතිවරයා, අභියාචනා අධිකරණය ඉදිරියට  යන ලදි.

එම අභියාචනයේ තීන්දුව 2021.12.02 දින, ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

මහාධිකරණය ලබාදුන්න තීන්දුව ස්ථිර කළ අභියාචනාධිකරණය, වසර 20 ක් ගතවීම හා මහින්ද අබේකෝන් ගේ වයස ගැන සලකා බරපතල වැඩ සහිත වසර 21/2, සිර දඬුවම වසර 2 දක්වා අඩුකර, වසර 5කට  අත්හිටවනු  ලැබීය.

මෙම සිදුවීම බොහෝ දෙනෙක් දන්නේ නැත. දන්නා අයට ද, අමතකය. මෙය තවත් නඩු තීන්දුවක් පමණි. 2001 ට පෙරත්, පසුවත්, මැතිවරණ නීති උල්ලංඝණය සිදුවේ.

එදා, ඡුන්ද පොළට පැන, ඡුන්ද පෙට්ටි ඉස්සීය. අද, මැතිවරණ නීති උල්ලංඝණය වෙනස් ය. ප‍්‍රචණ්ඩත්වය ඩිජිටල් වෙලාය.


CA/HCC/0177/2015

However, the incident in this case had happened twenty years ago. The appellant had to bear the torment of this case for the last twenty years. The appellant has no previous convictions and is in an advanced age. Taking these reasons into consideration, the sentence of two and a half years is reduced to two years and suspended for five years with effect from the date of this judgement, that is 02nd of December, 2021. 

  


Saturday, September 4, 2021

MASK නැතිව ගේ සෝදිසි කළේ, ගෙදර කොරොනා රෝගියෙක් සිටියදි. බස් මුදලාලිගේ පෙත්සමට?

 


කුමාර, සිද්ධිය පිළිබඳව, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත.                        

‘‘පෙත්සමක් පදනම් කරගෙන, අනවසරයෙන් නිවසට ඇතු`ඵ වී, සෝදිසි කිරීම, පොලීසියේදී,

නින්දා අපහාසවලට භාජනය කිරීම, ඡුායාරූප ගෙන භිය වැද්දීම.’’

කුමාර, වයස: අවු: 53 යි, ජා.හැ.අ. 070 724463 ඪල විවාහක, දරුවන් 03 යි, රියදුරු, ලිපිනය : 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 077 9276650

නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, අවු: 34 යි, ජා.හැ.අ. 875041622 ඪල විවාහක, දරුවන් 03 යි, 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 075 8756924 (දුව*

2021.09.01 වන දින දීය. මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

2021.08.30 වන දින, රාත‍්‍රී 9.25 ට පමණ, නිවසේ පිටුපසින් සිවිල් ඇඳුමින් සැරසුනු 06 දෙනෙකු නිවස තුළට කඩා වැදුනා. එක් අයෙක් ප‍්‍රකාශ කළා, තමා පානදුර උතුර පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බව.

ඔවුන් නිවස සෝදිසි කළා. එ් වෙලාවේ නිවසේ සිටියේ මාගේ දියණිය වන නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, ඇගේ දරුවන් තිදෙනා හා කොරෝනා වැළඳී සුවවී සිටින මාගේ බිරිඳ පමණි.

මෙම පොලිස් නිලධාරීන් නිසි ලෙස මුව ආවරණ පැළඳ සිටියේ නැත. මේ වන විට, පානදුර උතුර පොලීසියේ 12 දෙනෙකුට කොරෝනා වැළඳී තිබේ.

ඔවුන්, නිවස සෝදිසි කරන අතර, මා හා මාගේ දියණිය කුඩුමහා පරිමාණයෙන් කරන බවට පෙත්සමේ තිබෙන බව කියා සිටියා.

සෝදිසි කිරීමෙන් පසුව ඔවුන් යන්න ගියා.

පසුදින, (2021.09.31) ප.ව. 3.30 ට පමණ, මා හා දියණිය, පානදුර උතුර පොලීසියට ගොස්, මේ ආකාරයට නිවස සෝදිසි කළේ කුමන කරුණක් නිසාද යැයි විමසා සිටියා.

මට හෝ දියණියට, කිසිදු ආකාරයේ චෝදනාවක් නැත. අප කිසිදු ආකාරයේ නීති විරෝධී ක‍්‍රියා සිදු කරන්නේ ද නැත.

මේ බව අපි, ස්ථානාධිපතිවරයාට කියනවාත් සමගම, ඔහු මටත්, දියණියටත්, කුණුහරුප කියමින් බැන වැදුනා.

දියණිය, ඇගේ අධෝ මාර්ගයේ සඟවාගෙන, කුඩු විකුණන බවට, මහ පොළොව නුහුලන චෝදනා කළා.

ඔහු, එ් අසල සිටි නිලධාරියෙකු මගින් මාගේ දියණියගේ පිංතූර ගත්තා.

ලැබී තිබෙන පෙත්සම ලොකු තැන්වලට ද ගිහින් තිබෙන බව කිව්වා.

පොලීසිය, කියන පෙත්සම එවා ඇත්තේ, කව්රුන්ද යන්න සොයා බලන ලෙසට ඉල්ලා සිටිනවා.

අසල්වැසියෙකු වූ, තොම්සන් ප‍්‍රනාන්දු, මෙම පෙත්සම්කරු බව සැක කරමි.

මොහු, අසල නිවෙස් වලට විවිධ දේ විසි කරමින්, හිරිහැර කරන්නෙක්. මොහු දියණියට, අයුතු යෝජනාවක් කරද ඇත. එම වෛරය ද ඇත.

ඉදිරියේදී ද, මොහුගේ මෙහෙයවීමෙන් අපට, හිරිහැර කිරීමට ඉඩ තිබේ.

එම නිසා අප ඉල්ලා සිටින්නේ,

ව්‍යාජ චෝදනා නැගීම ගැන, විමර්ශන කරන ලෙසටත්,

මෙම වසංගත සමයේ, පෙත්සම් වලට පොලිස් නිලධාරීන්, නිවස පරීක්ෂා කිරීම නිසා, අප අනාරක්ෂිත තත්ත්වයට ඇද දමනු ලබයි. මේ පිළිබඳව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට,

නන්එදිරි දේවගේ චන්න පුෂ්ප කුමාර

 

 

 

 

Saturday, July 17, 2021

උසාවියට අපහාස කළ බන්දුමාලි ජයසිංහට, ලක්ෂ 03 ක දඩයක් හා අත්හිටවූ සිර දඬුවමක්.

 


ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ප‍්‍රකාශයක් කිරීමේ වරදට, වරදකරුවෙකු කරන ලද, බන්දුමාලි ජයසිංහ නැමැත්තියට, රුපියල් ලක්ෂ 03 ක දඩයක් හා වසර 05 ක් දක්වා වූ අත්හිට වූ සිර දඬුවමක් නියම කරනු ලැබීය.

නීතිඥවරියක් වූ, අමරතුංග ආරච්චිගේ නිදුක වාසනා පෙරේරා ට, එරෙහිව, කොළඹ 07, ලොන්ඩන් පෙදෙස, අංක : 40/19 පදිංචි, දෝන බන්දුමාලි ජයසිංහ, (වැලිකල* ට එරෙහිව, ශ්‍රේශ්ඨාධිකරණයට අපහාස් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්, ඉහත ස`දහන් දඬුවම නියම කරනු ලැබීය.

2021.07.15 මේ තීන්දව ලබාදුන්නේ, ජ.නි. බුවනෙක අලූවිහාරේ, ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු හා පී. පද්මන් සූරසේන යන විනිසුරුවන් විසින්ය.

විනිසුරු ජ.නි. බුවනෙක අලූවිහාරේ ලියන ලද තීන්දුව, විනිසුරු ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු ගේ එකඟත්වයෙන් තීන්දුව ලබාදෙන ලදි.

මෙම නඩුව අදාළව විනිසුරු ජ.නි. පද්මන් සූරසේනගේ තීන්දුව වී තිබුනේ, වසර 03 ක සිර දඬුවමක් හා රු: 300,000.00 ක දඩයක් නියම කළ යුතු බවයි.

 

 

Tuesday, October 6, 2020

බබ්රි මස්ජිඞ් බිමට සමතලා කිරීම 28 වසරකට පසුව BJP නායකයින් නිදහස් කරයි.


16 වන සියවසේ ඉදිකරන ලද අයෝධ්‍යාවේ බබරි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) හින්දු කැරලිකරුවන් විසින් බිමට සමතලා කරන ලද්දේ 1992 දෙසැම්බර් 06 දිනය.

හින්දුන් විසින්, රාමා උපන් ස්ථානය ලෙසට සැලකෙන මෙම, මුස්ලිම් දේවස්ථානය ඉදිකරන ලද භූමිය සදහා 16 වන සියවසේ සිට, දෙපාර්ශවය අතර ‘‘උරුමය’’ සඳහා පැවති අරගලය 1992 දෙසැම්බර් 06 වන දින, නිමාවට පත්වුනේ, බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) ලෙසට හැඳින්වූ දැවැන්ත ඉදිකිරීම හින්දු කැරළිකරුවන් විසින් බිමට සමතලා කර දැමිමෙන් ය. මෙම ගැටුමෙන් මියගිය ගණන 2000 කට වැඩි බව වාර්තා වින. 

මෙය, භාරතීය ජනතා පක්ෂයේ එවක නායකයින්ගේ උසි ගැන්වීම මත සිදුවූ බවට මුස්ලිම්වරුන් චෝදනා කලහ.

මෙම සිද්ධිය අදාළව දීර්ඝ විමර්ශන වලින් අනතුරුව, භාරතීය ජනතා පක්ෂයේ නායකයින් වූ අදිවානී, ජෝෂි හා උමා භාගිනි ඇතුලූ 50කට ට එරෙහිව චෝදනා එල්ල වින. ඒ හා අදාළ නඩු විභාගය පසුගියදා අවසන් වූයේ ජිවත්ව සිටි චූදිතයින් සියල්ල නිදහස් කිරීමෙන්ය.

මෙම නඩු විභාගය 28 වසරක් පුරා, පැවති අතර, අයෝධ්‍යා භූමියේ අයිතිය පිළිබඳව පැවති නීතිමය අරගලය ගිය වසරේ නිමාවිය. ඒ මෙම භූමියේ අයිතිය, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, හින්දුන් ට පවරනු ලැබීමෙන්ය.

එම භූමියේ හින්දු කෝවිලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. එයට මුල්ගල තැබුවේ අගමැති මෝදිය.

ඉන්දීය අධිකරණය  විසින් දෙන ලද මෙම තීන්දුව මුස්ලිම්වරුන්ගේ නොසතුටට මෙන්ම භියට ද හේතුවී ඇති බව  වාර්තා වේ.

ඉන්දීය නව පුරවැසි පනත මගින්, මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් රටක් නැති පුද්ගලයින් බවට පත්වනු ඇත.