Saturday, July 17, 2021

උසාවියට අපහාස කළ බන්දුමාලි ජයසිංහට, ලක්ෂ 03 ක දඩයක් හා අත්හිටවූ සිර දඬුවමක්.

 


ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ප‍්‍රකාශයක් කිරීමේ වරදට, වරදකරුවෙකු කරන ලද, බන්දුමාලි ජයසිංහ නැමැත්තියට, රුපියල් ලක්ෂ 03 ක දඩයක් හා වසර 05 ක් දක්වා වූ අත්හිට වූ සිර දඬුවමක් නියම කරනු ලැබීය.

නීතිඥවරියක් වූ, අමරතුංග ආරච්චිගේ නිදුක වාසනා පෙරේරා ට, එරෙහිව, කොළඹ 07, ලොන්ඩන් පෙදෙස, අංක : 40/19 පදිංචි, දෝන බන්දුමාලි ජයසිංහ, (වැලිකල* ට එරෙහිව, ශ්‍රේශ්ඨාධිකරණයට අපහාස් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්, ඉහත ස`දහන් දඬුවම නියම කරනු ලැබීය.

2021.07.15 මේ තීන්දව ලබාදුන්නේ, ජ.නි. බුවනෙක අලූවිහාරේ, ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු හා පී. පද්මන් සූරසේන යන විනිසුරුවන් විසින්ය.

විනිසුරු ජ.නි. බුවනෙක අලූවිහාරේ ලියන ලද තීන්දුව, විනිසුරු ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු ගේ එකඟත්වයෙන් තීන්දුව ලබාදෙන ලදි.

මෙම නඩුව අදාළව විනිසුරු ජ.නි. පද්මන් සූරසේනගේ තීන්දුව වී තිබුනේ, වසර 03 ක සිර දඬුවමක් හා රු: 300,000.00 ක දඩයක් නියම කළ යුතු බවයි.

 

 

No comments:

Post a Comment