Monday, June 29, 2015

පාදඩයින් සමග හෙ`ඵවෙන් සිටියා ඇති නේද?

නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සරත් ආබෲ තම සේවිකාවකට පහර දී තිබේ. 
මොහුගේ ආසන්නතම ක‍්‍රියාවන් දෙකකි. එකක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂකයාට පහර දීම. ඊට පසුව සේවිකාවකට පහර දීම. මේ අවස්ථා දෙකේදීම පොලීසිය මෙම විනිසුරුවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළේ නැත. අගවිනිසුරු ඇතුලූ අනෙකුත් විනිසුරුවන් ද ගො`ඵ බිහිරන් ලෙසට සිටියේය.
මීට පෙරද ඔහුගේ මෙවන් කි‍්‍රයාවන් පිළිබඳව පැමිණිලි විය. ක`ඵතර මහාධිකරණ විනිසුරු වශයෙන් සිටින විට, පොලිස් නිලධාරියකුට හා උසාවි සේවකයකුට පහර දීම මත, සේවක විරෝධතාවයක් පවත්වනු ලැබීය. මේ සිය`ඵම තත්ත්වයන් තුළ ඔහුට ලැබුණේ උසස්වීම්ය. අවසානයේ මහින්ද රාජපක්ෂ විසින් මොහුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියෙන් පුදනු ලැබුවේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, පාදඩයන්, කුඩු කාරයන්, එතනෝල් කාරයන්, ස්ත‍්‍රී ¥ෂකයන්, ළමා අපයෝජකයන් සහ හොරුන් නැතුවම බැරි ව සිටි අයෙකි. මහින්ද රාජපක්ෂ සිය පාදඩකම වසා ගත්තේ මල් වට්ටියෙන් හා සිල් රෙද්දෙනි.
පසුගිය ජනවාරි 08 වන දින, මධ්‍යස්ථ ජනයා මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂ, වර්ණ, ජාති, කුල, ආගම් භේදයකින් තොරව ඡුන්දය දුන්නේ, මහින්ද රාජපක්ෂගේ පාදඩ පාලනය අවසන් කිරීමටය. මන්ද මහින්ද රාජපක්ෂ පාදඩ රජෙකු වී, පවුල පාදඩ රජ පවුලක් වී, බමුණන්ද, ඇමතියන්ද, අන්තඃපුර ද, අන්තේවාසිකයන්ද පිරිවරාගෙන, සියලූ දරුවන්ට අයිතිවාසිකම් කියන්නට හැකි උප්පැන්න දෙන්න රටක් බිහි කරන්නට ගත් උත්සාහය පරාජය කරන්නටය. එ් රාජපක්ෂලාගේ පාලනය ඉදිරියටත් පැවතියේ නම් රටේ බිහි වෙමින් තිබූ පාදඩ පාලනය තුළ, ජීවත් වීමට සිදුවන්නේ වහලූන් ලෙසට බව වැටහීම මතය.
රාජපක්ෂ සිය පාදඩ පාලනය ස්ථාපිත කරන්නට අධිකරණ පද්ධතියම පාදඩ කළ යුතු බව ට තීරණය කළේය. එ් අනුව නොපැකිලිව අධිකරණය පාදඩකරණය කළේය. එහි අනිටු ප‍්‍රතිඵල මේ වන විට සාමාන්‍යය ජනයා භුක්ති විඳිමින් සිටී. සරත් ආබෲ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පාදඩකරණයේ සංකේතයයි.
හිටපු මංත‍්‍රී වාස් ගුණවර්ධන, බි‍්‍රතාණ්‍යය මහ කොමසාරිස් නෝනිස්ට පහර දීම, මහාධිකරණය ද, විද්වතුන් ද, විපක්ෂය ද, මාධ්‍යයද කථා කළේය. එහෙත් මේ විනුසුරුට විරුද්ධව මේ දක්වාම කෙළ පිඩක් හෙළන්නට ඊනියා නීතිඥ සමාගම්වලට බැරි විය. අධිකරණ අමාත්‍යාංශයට ද නොහැකි විය. ජාතික යැයි කියා ගන්නා මාධ්‍යයට බැරි විය. හැබැයි මේ සියලූම දෙනා කතා කරන්නේ සදාචාරය ගැනයිි.
කුඩු කාරයන්, එතනෝල් කාරයන්, මැරයන්, පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම වැළැක්වීමට පක්ෂවලට බලපෑම් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ වී ඇති මොහොතේ ¥ෂණවලින් තොර අධිකරණයක් ගොඩනැගීමට අවශ්‍ය කොන්දේසි එනම්, නීතය දන්නා, ගරුත්වයක් ඇති, විනිසුරුවරුන් පත් කරන ලෙසට හා නුසුදුසු අය ඉවත් කරන ලෙසට ඉල්ලා සිටින ජන මතයක් ගොඩනැගීමට පියවර ගතයුතු ව තිබේ. එසේ නැතිව ඊනියා උගතුන් හා ”අද සුදනන්” පාර්ලිමේන්තුවට යැවීමෙන් වැඩක් වන්නේ නැත.

Sunday, June 28, 2015


මුලික අයිතිවාසිකම් කඩ කිරිම් සම්බන්ධයේන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දු පණහක සිංහල අනුවාදය. නීතිය පිළිබඳව උනන්දුවක් දක්නවන අයට පමණක් නොව සෑම පුරවැසියකුටම ප‍්‍රයොජනවත් වනු නොඅණුමානය.

Thursday, June 25, 2015

පොලිස් මිනීමරුවන් 02 ට මරණ දඩුවම.


Jerad Mervin Perera
මිනී මැරුම සිදු කර වසර 10 කට පසුව පෝරකයට නියම වුණේ වත්තල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණසේනට හා එම පොලීසියේ කොස්තාපල් අජිත් නිශාන්ත යන දෙදෙනාටය.
2004 නොවැම්බර් මස 21 දින බසයක ගමන් කරමින් සිටි ජෙරාඩ් මර්වින් පෙරේරාව මොවුන් විසින් ඝාතනය කළේ එවක වත්තල පොලිස් ස්ථානාධිපති සේන සුරවීර, උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණරත්න ඇතුලු කිහිප දෙනෙකුට එරෙහිව නීතිපති විසින් මීගමුව මහාධිකරණයේ පවරා තිබූ නඩුවට සාක්ෂි දීම වැළැක්වීම සහාය.
2002 වසරේදී ජෙරාඩ් පෙර්රාව අත්අඩංගුවට ගෙන වධ දුන්නේය.
ජෙරාඩ් පෙරේරා තමාට වධ දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුවට අනුව එවකට වත්තල හිටපු ස්ථානාධිපති සේන සුරවීර ඇතුලු පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කළේය.
එම තීන්දුව ඉතිහාස ගත තීන්දුවක් විය. නඩු තීන්දුව සහා පිවිසෙන්න- http://www.janasansadaya.org/page.php?id=130&lang=en
එයින් අනතුරුව, නීතිපති විසින් පෙර සහන් කළ පරිදි වධ දීමට එරෙහිව වත්තල හිටපු පොලිස් ස්ථානාධිපති සේන සුරවීර, උප පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණරත්න ඇතුලු නිලධාරීන් පිරිසකට, අපරාධ නඩුවක් ගොනු කරන ලදි.
ඉතාම සැක කටයුතු ලෙස නීතිපති විසින්ම මේ නඩුවෙන් සේන සුරවීරව ඉවත් කරන ලදි.
එයින් පසුව, සුරේෂ් ගුණසේකර ඇතුලු පිරිස, ජෙරාඩ් පෙරේරාට සාක්ෂි දීමේන වලකින ලෙසට බලපෑම් කරණු ලබන බවට වාර්තා විය.
නඩුවට දින කිහිපයකට පෙර, 2004 නොවැම්බර් 21 බසයක ගමන් කරමින් සිටි ජෙරාඩ්ගේ හිසට වෙඩි තබා මරා දමන ලදි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම නඩුව පවරන ලදි. ඒ අතර වධ හිංසා පනත යටතේ නඩුවෙන් පොලිස් නිලධාරීන් නිදහස් කරන ලදි.
එම නඩු තීන්දුව අභියිචනාධිකරණය අභියෝගයට ලක් කිරීමේන පසුව එම නඩුව යළි විභාග කිරීමට නියම විය. එය දැනට මීගමුව මහාධිකරණයේ පවතී.
මෙවන් සිදුවීම් මෙරට සිදුවීම අරුමයක් නොවේ. මිනිස් ඝාතන සිදුකරන, වධ දෙන, බොරු නඩු දාන, සොරකම්, මංකොල්ල කන, පොලිස් නිලධාරීන් ඉහළ සිට පහළ දක්වාම නීතියට වසන් වී, දඩුවමින් මුක්තව සිටිති.
හිට කලාතුරකින් අපරාධවලට වරදකරුවන් වන පොලිස් නිලධාරීන් සිටී. ඒ අතරට මෙම තීන්දුවෙන් වරදකරුවන් වූ දෙදෙන එක්වෙති.
 එහෙත් මෙම තීන්දුව අවසානය නොවේ. මොවුන් දෙදෙනා මෙම තීන්දුව අභියාචනාධිකරණයේදී ද, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද අභියෝගයට ලක් කරණු ඇත. ඒවායේ තීන්දු ගැන අනාවැකි කීමට නොහැකිය.
එම අධිකරණවලදී වරදකරුවන් වුවද ජනාධිපතිවරයා ට ඔවුන්ට නිදහස ලබාදිය හැකිය.
අපරාධ කරුවන්ට සමාව දීම රාජපක්ෂ රෙජිමය තුළ සුලබ සිදුවීමක් විය.
ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
එමෙන්ම මෙම ඝාතනය, වධ දීම අදාලව වත්තල ස.පො. අධිකාරීවරයාගේ ක්‍රියා කලාපය, වධහිංසා නඩුවෙන් මොවුන් නිදහස් කරමින් තීන්දු දෙන ලද විනිසුරු තීරණය ගැන හා  නීතිපති විසින්ම මේ නඩුවෙන් සේන සුරවීරව ඉවත් කිරිම නොපැකිලිව සංවාද කළ යුතුය.


Thursday, June 11, 2015

ගුරුවරයා ගේ පහරින් මානසික හා ශාරීරික වධහිංසාවට ලක් වූ දරුවාට අධ්‍යාපන අමාංත්‍යංශයත් වධදෙයි.


මාස 06 ක් ගතවෙලාත් පාසලක් ලබා දිලා නෑ.
කෑ/වර/නාන්ගල්ල මුස්ලිම් ම. විද්‍යාලයේදී ඉගෙනුම ලබමින් සිටි 11 හැවරිදි අබ්දුල්ලා ට 2014.09.01 දින ගුරුවරයෙකු පහරදී ශාරිරික හා මානසික වධහිංසාවට පත්කරන ලදි. පහර දුන් ගුරුවරයාට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර නොගන්නා ලෙසට නගල්ල මුස්ලිම් පල්ලිය හා ප‍්‍රදේශයේ ඉස්ලාමි සංවිධාන කරන ලද බලපෑම් වලට පොලීසිය හා අධ්‍යාපන ලොක්කන් යටවිය. 
දරුවාව පරික්ෂා කල වෛද්‍යවරු දරුවාව නාන්ගල්ල මුස්ලිම් ම. විද්‍යාලයට නොයවන ලෙසට නිර්දේශ කළ අතර, ප‍්‍රදේශයේ උපදේශණ පහසුකම් ඇති කෑ/මාව/සහිරා ජාතික පාසලට දරුවා ඇතුළත් කරවන ලෙසට නිර්දේශ කළේය. එම විදුහලේ විදුහල්පති දරුවාව තම පාසලට ඇතුලත් කර ගත හැකි බවත්, එ් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශය ලබා දෙන ලෙසටත් ඉල්ලීය.
එ් අනුව, එම ඉල්ලීම අධ්‍යාපන අමාංත්‍යාංශයේ ජාතික පාසල් අංශය සබරගමුව අංක ෑෘරැු1රැු6රැු2015රැුීඨරැු46 යටතේ ලියාපදිංචිකර, එ් හා අදාල නිගමනය මැයි මස අවසන් වීමට පෙර ලිඛිතව දැණුම් දෙන බවට ප‍්‍රකාශ කළේ දෙමාපියන්ට අධ්‍යාපන අමාත්‍යංශයට නොපැමිණෙන ලෙසට නියම කරමින්ය.
නමුත් අද දක්වාම දරුවාට පාසලට ඇතුලත් කිරිමට අවශ්‍යය නිර්දේශය නිකුත් කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මුණසිංහ මග හරිමින් සිටි. එ් බලපෑම් නිසාද? නැති නම් හේතුව කවරේද?
රාජපක්ෂ රෙජිමය තුල පැල පදියම්වු දුෂිත පාලන ක‍්‍රමය එලෙසටම අධ්‍යාපන අමාත්‍යංශය තුල පවත්ගෙන යනු ලබබ බවට මෙම සිද්ධිය නිදසුනකි.  








 



Wednesday, June 10, 2015

වැලිපැන්‍න පාතාල‍යෝ රජ කරන්‍නේ ඕ.අයි.සී. එක්ක එකතු ‍වෙලා.

අනුන් ෙග් ඉඩම්වල ‍කොස් ගස් කපලා ඕ.අයි.සී. ට ‍දෙනවා. විකුණනවා. ඕ.අයි.සී අපරාධ වසන් කරනවා. පොලිස් ‍ලොක්කන්ට පැමිණිලි කළාට වැඩක් නෑ. ‍මේ බව ප්‍රකාශ කරන්‍නේ පීඩාවට පත් වූ අය පමණක් ‍නො‍වෙයි, දූෂණයට විරුද්ධ ‍පොලිස් නිලධාරීන්මයි.

දූෂණයට විරුද්ධ ‍පොලිස් නිලධාරීන්ව ඉහළ ‍පොලිස් නිලධාරීන් හා එකතු ‍වෙලා මාරු කරනවා.
මේ ඕ.අයි.සී. හා පාතාලය පිළිබව කරන ලද පැමිණිලි ‍දෙකක සඳහන් කරුණු වන්‍නේ රාජපක්ෂ හැර ගියාවුවද  රාජපක්ෂ ‍රෙජිමය තවමත් ක්‍රියාත්මක වන බව ‍පෙන්වීමටය.
වැලිපැන්න පොලිස් ස්ථානාධිපති විසින් සිදුකරන බරපතල අපරාධයක් යටපත් කර,
අපරාධකරුවන් සමග එක්ව දුෂණයේ නියැලීම. පිළිබඳ කුමාර රාජපක්ෂ මහතා පොලිස්පති හා මානව හිමිකම් කොමිෂන් සභාව ෙවත කරන ලද ලිඛිත පැමිණිල්ෙල් ෙමෙස් සඳහන්ෙව්.

''2014.01.22 දින, රාත‍්‍රී 7.30 ට පමණ, සුනිල් දයානන්ද හෙවත් පවුඩර් සුද්දා, රාජමුණි සංජීව, සනත්, චන්ද්‍රසිරි ප‍්‍රනාන්දු හා සරත් පණ්ඩිත රත්න හෙවත් සරා මල්ලී ඇතුලූ හත්දෙනෙකු, මාගේ සහ මාගේ මල්ලී වන වසන්ත කැලූම් රාජපක්ෂ ගේ නිවෙස් වලට පැන, නිවැසියන්ට පහරදී, නිවසින් පන්නා, නිවසේ බඩු මුට්ටු වලට අලාභ හානි කර, ජංගම දුරකතනය හා රුපියල් 60,000/= කට ආසන්න මුදලක් පැහැර ගෙන, ඉන් අනතුරුව, මාගේ නිවසට පැන නිවසට අලාභ හානි කොට, නිවසේ සිටි කාලිමුත්තු කාන්ති (අවු: 37*, විවාහක කාන්තාව නිරුවත් කොට, ලිංගික අතවර කර, ඇගේ ජංගම දුරකථනය හා රන් මාලය කඩාගනු ලැබීය.

මෙම පිරිස, වැලිපැන්න පොලිසියේ 119 අංකයේ නිලධාරීන් සිටියදී, නැවත පැමිණි අතර, එම නිලධාරීන් ඔවුන්ව තවදුරටත් අලාභ කිරීම නවත්වන ලදි.

ඉන් පසු, මාගේ සොහොයුරාගේ බිරිඳ වන ඉෂානි චම්පති විසින්, එ් පිළිබඳව, රාත‍්‍රී 10.30 ට පමණ වැලිපැන්න පොලිසියට ගොස් පැමිණිලි කරනු ලැබීය.

මෙම සිද්ධියෙන් දිනකට පසුව, සුනිල් දයානන්ද ගේ මව, පොලිසියේ උපදෙස් අනුව අපට විරුද්ධව බොරු පැමිණිල්ලක් ලියවාගෙන, අපට පොලිසියේ ස්ථානාධිපති කපිල අධිකාරී යොදවාගෙන, තර්ජණය කර බිය ගන්වන ලදි.

මේ අවස්ථාවේ අප පැය 08ක් පමණ පොලිසියේ තබාගෙන කුණුහරප කියමින්, අපව නින්දාවට පත් කරනු ලැබීය. මේ සියල්ල කළේ පො.ප. කපිල අධිකාරීය.

බරපතල අපරාධයක් පිලිබඳ පැමිණීල්ල ගැන කිසිදු පරික්ෂණයක්, නීතිමය පියවරක් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති කපිල අධිකාරී නොගත් නිසා, මා, 2014.02.21 දින, ඔබ සහන මැදිරියට පැමිණිලි කළෙමි. ඉන් පසු අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ලේඛන ගත කර නැත.

එයින්ද ඵලක් නොවීය. මේ දක්වා වැලිපැන්න පොලිසිය කර ඇත්තේමතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වාර්තාවක් ඉදිරිපත් කර සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම පමණි. කිසිම සාක්ෂියක් මෙතෙක් සටහන් කළේ නැත. මෙම හේතුවෙන් අපට අගතියක් සිදුව ඇත. නඩු අංකය 7504/14 වේ.

එ් අනුව, අපව ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවා, අපගේ ප‍්‍රකාශන සටහන් කර ගත්තද, කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැත.

1. මෙම අපරාධය, වැලිපැන්න ස්ථානාධිපතිවරයා වන කපිල අධිකාරී විසින්, පැය 24ක් තුල, පොලිස් මූලස්ථානයට, නියෝජ්‍ය පොලිස්පති - ක`ඵතර හා අධ්‍යක්ෂ අපරාධ වෙත දැනුම් දිය යුත- නමුත්, ඔහු එය දැනුම් දුන්නේ නැත.

2. සිද්ධියට අදාල එකම සාක්ෂියත්, ස්ථානාධිපති කපිල අධිකාරී විසින් සටහන් කිරීම වලක්වා ඇත.

3. අධිකරණයට වාර්තා කර ඇත්තේ, මසකට පසුවය. එ් ඔබ වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවය. එම නඩුව (වාර්තාව* පහත තොරතුරු අගතියට පත්වූවන්ට දැනුම් දී නැත.

නඩු අංකය, මීළඟ නඩු දිනය, ආදී කිසිවක් පැහැදිළි කිරීම ප‍්‍රතික්ෂේප කර සිටින ලදි.

4. මෙම තත්වයට හේතුව,

වැලිපැන්න පොලිස් ස්ථානයේ කපිල අධිකාරී ගේ -සොරකම්, වංචා හා ¥ෂණ නිසා බව වගකීමෙන් ප‍්‍රකාශ කරමු.

5. වැලිපැන්න පොලිසියේ ස්ථානානධිපති - පා.ප.කපිල අධිකාරී ඉහත නම් සඳහන් අපරාධ කරුවන් හා ඉතා කිට්ටු සමීප සම්බන්ධතාවයන් පවත්වාගෙන යයි.

මෙම අපරාධකරුවන්-
5.1 - ප‍්‍රදේශයේ මහා පරිමාණ, නීති විරෝධී මත්පැන් පෙරීම,
5.2 - සංවිධානාත්මක සොරකම්, පහරදීම්, භියගැන්වීම්, නිවෙස්වලින් පන්නා දැමීම,
5.3 - අවු: 16 ක තරුණියක් ¥ෂණය කිරීම,
5.4 - කොස්, මහෝගිනි, ගිනිකූරු, තේක්ක ගස් කපා විකිණීම,
5.5 - මෙම ගස් වලින් කොටසක් පො.ප.කපිල අධිකාරී ට ලබා දීම
සිදු කරයි.

මෙම අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කල විට, වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති කපිල අධිකාරී විසින් පීඩාවට පත්කරන්නේ පැමිණිලිකරුවන්ව බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි."

මෙම නීති විරෝධී ක‍්‍රියාවන් සිදු කිරීම පිළිබඳව ෙපාලිස්පති  නොපමාව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු අවධාරනය කරයි.



බව ‍බෝග විනාශ කරන වතු අධිකාරීවරයා නීතියට ඉහළින්


නමුණුකුල ප්ලාන්‍ටේෂන් වතු සමාගම විසින් පාලනය කරන මතුගම සිරිකුර වත්‍තේ අධිකාරීවරයා, එම වත්ෙත් පරම්පරා තුනකට අධික කාලයක් පදිංචිව සිටින වතු කම්කරුවන්‍ගේ  බව ‍භෝග විනාශ කරන්ෙන් නීතිය අතට අර‍ගෙනය.

එ‍මෙන්ම ‍මෙම වතුවල ජීවත්වන වතු කම්කරුවන් තවමත් ජීවත් වන්‍නේ වහලුන් ‍ලෙසටය. ‍මෙයට ‍හොම නිදසුන ර‍ටේ සෑම පුරවැසියකුටම හිමි තැපැල් ‍සේවය ද ‍මොවුන්ට ලබා දීමට පියවර ගෙන ‍නොමැති විමය. ඔවුන් ජීවත් වන්ෙන් සුද්දා හදා දුන් ලයිම් කාමර වලය. ඡායාරූප වලින් දැක්ෙවන්ෙන් සිරිකුර වත්ෙත් මාරිමුත්තු චමිලාෙග් බව ‍භෝග විනාශ කර දමා අැති අයුරුයි.








 






Tuesday, June 9, 2015

පොලිස් “‍මෙ‍සේජ්” එක “‍ජෝක්” එකක්ලු


පොලීසිය අපරාධ කිරීම, අල්ලස් ගැනීම, අපරාධ කරුවන් රැකීම, බොරු නඩු දැමීම, පුරවැසියන් අපහාසයට පත් කිරීමට අමතරව "විහිළු" කිරීමට ද පටන්‍ගෙන ති‍බේ.

එම විහිළු සඳහා ‍යොදා‍‍ගෙන ඇත්‍තේ ‍පොලිස් නිල පණිවුඩ ‍පෝරමයයි.

කුරුවිට ‍පොලීසිය විසින් කරන ලද ‍මේ “විහිළුව” ‍පොලිස් ‍‍ලොක්කන්ට සුළු ‍දෙයක් “‍ජෝක්” එකක් වුවත් ‍මේ ජනතාවට නම් “‍ජෝක්” එකක් ‍නොවන බව ‍පෙන්වා දිය යුතුයි.

කුරුවිට, පදිංචි සුගත් මහතා ‍මේ පිලිබඳ පොලිස්පති, එන්.කේ.ඉලංගකෝන් ෙවත කර ති‍බෙන පැමිණිල්‍ලේ ‍මෙ‍සේ සඳහන් ‍වේ.

'' මා විසින්, දැනට රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරන නන්පදිරි මහේෂ් චින්තක සේනානායක නැමැති නිලධාරියාගේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල අදාලව, 2015.05.14 හෝ ආසන්න දිනයක කුරුවිට පොලිසියට කැඳවා ප‍්‍රකාශයක් ගන්නා ලදි.

එයින් පසුව, 2015.05.31 දින මේ සමග අමුණා ඇති පොලිස් නිල පණිවුඩය, කුරුවිට පොලිසියේ කිත්සිරි නැමැති නිලධාරියා නිවසට පැමිණ බාර දෙන ලදි.

එම පණීවුඩයට අදාලව, මා 2015.06.01 දින, පැය 09.30 ටකුරුවිට පොලිසියට ගොස් පෙනී සිටින ලදි.

එම පණිවුඩය, පරීක්ෂා කල පොලිස් ස්ථානාධිපති ආර්.පී.සිරිවර්ධන මයා, මේක (පණිවුඩය/මෙසේජ් එක ) කාගේ හරි විහි`ඵවක් බව ප‍්‍රකාශ කලා.

තවද, ඔහු මේ ගැන සෙවීමට, මාව රත්නපුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කලා. මා එ් අවස්තාවේදීම, එම කාර්යාලයට ගිය විට, එහිදී ද ප‍්‍රකාශ කලේ එය විහි`ඵවක් බවයි.

මේ ආකාරයට කුරුවිට පොලිසිය පොලිස් නිල පණිවුඩවිහි`ඵ කිරීමට යොදා ගැනීම, මාගේ වැටහීමට අනුව - බරපතල විනය වරෝධී ක‍්‍රියාවකි.

තවද, මෙම පණිවුඩය ලැබුනු පසුව, 2015.06.06 දින සිට, දැනට ඇහැලියගොඩ පොලිසියේ රාජකාරි කරන පො.කො.42980 ඞී.ජී.නිශ්ශංක, මා යන එන තැන් දැනුම් දෙන ලෙසට, මා ඇසුරු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට දන්වා ඇත.

මෙයද, මා හිරිහැරයට, භියට පත් කිරීමට හෝ මාහට බොරු චෝදනාවක් එල්ල කිරීමට වියහැකි බව ප‍්‍රකාශ කරමි.'' යනුෙවන් සහන් පැමිණිල්ල අදාලව නොපමාව නිසි පියවර ගන්නා ලෙසට ද ඔහු ඉල්ලා තිෙබ්.