Showing posts with label Panadura Police. Show all posts
Showing posts with label Panadura Police. Show all posts

Sunday, April 16, 2023

 

දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය 
පොලිස්කාරයින් වන අපට වලංගු නෑ! දැන ගනින්.

ප්‍රියා,  24 හැවරිදි තරුණයෙක්. රැකියාව:- ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම.

පරණ අවුරුද්ද දවසේ (අප්‍රියෙල් 13) පස්වරු 4:30 ට පමණ පානදුර පුද්ගලික බස් නැවතුම් පොලේ, කඩවත බස් නවත්වන ස්ථානයේ වාඩි වී සිටියා. පානදුර දකුණ පොලිසියේ අංක 41134 හා අංක 15270 දරන මේ නිලධාරීන් දෙදෙනා, අවට සිටි අයට පහර දෙමින් පන්නා දමන අයුරු ඔහු දුටුවා. අඩි හතරක් පමණ දිග පොල්ලක් අත තිබුණ, 15270 දරන නිලධාරියා ඔහු අසලට පැමිණ ''උඹ මෙතන මොනවද කරන්නේ කියා" ඇසුවිට,  තමා  අලුත්වැඩියා කරන ලද ජංගම දුරකතනයක් හිමිකරුට බාරදීම සඳහා සිටින බව කියා ත්බේ.  

එවිට,  15270 දරන නිලධාරියා, ඔහුගේ සාක්කුවට අත දාන්න හැදුවිට, ''අත දාන්න එපා මම පෙන්නන්නම්" කියා තිබේ. උරනවු  15270 නිලධාරියා,  ''උඹේ අම්මට හු....වා" ''කැ....යා" ආදී කුණුහරප කියමින් අත තිබූ දිග පොල්ලෙන් කකුල් වලට සහ  අතට පහර දි එලවා තිබේ. නමුත් ඔහු  දැඩි වේදනාවෙන්, අලුත්වැඩියා කරන ලද ජංගම දුරකථනයේ හිමිකරු පැමිණෙන තෙක් එහිම රැිසිට, ඔහු පැමිණි පසු එය බාර දී, පහරකෑමට ලක්වූ තවත් අයෙක් සහා ඔහුගේ මිත්‍රයෙක් ද සමග සිද්ධිය ගැන පැමිණිලි කරන්න, පානදුර දකුණ පොලිසිය ට පැමිණ තිබේ. පැමිණිලි බාර ගන්නා නිලධාරියාට,  15 270 දරණ නිලධාරීයාට, තමාට කුණුහරප කියමින් පහර දුන් බවත්, එ පිළිබඳ පැමිණිල්ලක් දැමීමට අවශ්‍ය බවත් කියා තිබේ. එවිට එම නිලධාරීයා 15 270 දරන නිලධාරියාට දුරකථනයෙන් කථා කර ගෙන්වා ගෙන තිබේ. මෙම 15 270 දරන නිලධාරියා පැමිණි විගසම  තුන්දෙනාගේම අතේ තිබූ දුරකථන උදුරාගෙන, පොලීසියේ උඩ තට්ටුවට රැගෙන ගොස් තිබේ. එහි දි මෙම නිලධාරියා ප්‍රියාගේ  බෙල්ලෙන් අල්ලා ගෙන, ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාන්නට සුදානම් වි තිබේ. 15 270 දරණ නිලධාරීයා අත තිබු තමාගේ දුරකථනය ලබාගෙන විඩියෝ කරන්න පටන් ගත්ත විට, තිදෙනාව යළිත් බිම් මහලට ගෙනවිත් මුදාහරින ලදි. විඩියෝවේ සියල්ලම සටහන් ව තිබේ.

https://www.facebook.com/skeyity.loco/videos/795797055465974

ඉල්ලා සිටින්නේ ප්‍රසිද්ධ ස්ථානයක් කුණුහරප කියමින් පහරදීම සහා ඒ ගැන පැමිණිලි කරන්නට පොලීසියට ගිය විට එහි දිද මෙම 15270 දරණ නිලධාරියා තම බෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කිරිම බොරු පැමිණිලි දැමීමට උත්සහා දැරිම ගැන නීතිමය පියවර ගන්නා ලෙසට සහා මතු ආරක්ෂාව සලසන ලෙසටය.

 

 

 


Tuesday, March 27, 2012

පැමිණිල්ල මෙහෙය වීම නීතිපතිට ඉඩ දෙන්න බෑ



පානදුර පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිටි හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශාන්ත මහතාට පහර දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති අංක 92368 දරන නඩුව මෙහෙය වීමට  -  නීතිපති වරයාට පැවරීමට, හැමිල්ටන් ග්‍රෙගරි කුරේ වෙනුවෙන් පෙනී සිටින, නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ නීතිඥ සුමුදු වික‍්‍රමආරච්චි ගත් උත්සාහය අද ව්‍යර්ථ  විය. 

හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, සිය නිල කාමරයේදී නිශාන්ත මහතාට පහර දීම -  නිල කාර්යයක් හා සම්බන්ධ බව පෙන්වමින්, ‘‘එ් ’’ වාර්තාවකින් ගොනු වූ මෙම නඩුව මෙහෙය වීම නීතිපති වරයාට පැවරීමට උත්සසාහ දැරීය. 

එ් අනුව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ දිලීප පීරිස් ඉදිරිපත් විය. 

මෙම නීතිපති මැදිහත්වීමට නිශාන්ත මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ජානක මහතා විරෝධය පළ කළේය. දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් පසුව, එ් පිළිබ`දව තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම 27 වන දින සිදු විය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත -  දේශණ සැලකිල්ලට ගනිමින්, සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පානදුර මහේස්ත‍්‍රාත්තුමා, මෙම නඩුවට මැදිහත් වීමට නීතිපතිට ඉඩදිය නොහැකි බව තීන්දු කළේය.

සහකාර පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. එහෙත් සිය`ඵ ආයතන නීති රීති පිටු පාමින් ඔහු එම තනතුරේ ර`දවා තබාගෙන සිටී. ඔහු එම නඩුවට එ්මටද, යෑමටද, භාවිතා කරන්නේ නිල රථයයි.

නඩුවේ විභාගයට -  පෙනී සිට, තම නිර්දෝෂීභාවය පෙන්නුම් කර, නිෙදාස් කොට නිදහස් වීම පසෙක තබා තර්ජනයෙන්, බලපෑම් වලින් හා සදාචාර විරෝධී උපාය මාර්ග වලින්, නිදහස් වීම ‘බලය’ ඇති අයගේ උත්සාහයයි.

මෙවන් පසුබිමක් තුළ,

මෙවන් පුද්ගලයින් දේශපේ‍්‍රමීන් ලෙසට හ`දුන්වමින්, බෝධි පූජා සෙත් ශාන්ති පවත්වන මේ දේශයේ, යුක්තිය සොයා නිසි මගට යොමුවන්නන්, දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීම පුදුමයට හේතුවක් නොවේ.