Showing posts with label sexual abuse. Show all posts
Showing posts with label sexual abuse. Show all posts

Thursday, December 23, 2021

තරුණ රණවිරු වැන්දඹුවට කුණුහරුප කියන ග‍්‍රාමසේවකයාට, ප‍්‍රා/ලේකම්වරියගේ රැුකවරණය.

 


ක`ඵතර දිස්ත‍්‍රික්කයේ මාදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවිරු ගම්මානයේ පදිංචි ඇයගේ සැමියා මිය යන්නේ, අවසාන සටනේදී, ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් ය. ඒ මුලතිව්, පුදුමාතලන් හි මානුෂීය මෙහෙයුමට සහභාගී වී සිටය දී, 2009 මැයි 18 වන දිනය.

35 හැවිරිදි මවක් වූ, ඇයට රජයෙන් ලබාදෙන ලද ඉඩමේ, නිවසක් තනාගෙන, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය රැක බලාගෙන ජීවත් වෙයි.

රණවිරු වැන්දඹුවන්ට බලපෑම් කළ හැකි  සිවිල් ක්ෂේත‍්‍ර රජයේ නිලධාරියා ග‍්‍රාම සේවකය.

රණවිරු වැන්දඹුවන්ට හිමි විශ‍්‍රාම වැටුප ඇතු`ඵව විශේෂිත වරප‍්‍රසාද ලබා ගැනීම් වලට අදාළව ඉල්ලූම්පත් වලට, ග‍්‍රාමසේවකගේ අත්සන අත්‍යාවශ්‍ය වේ. එම නිසා විටින් විට, ග‍්‍රාමසේවක හමුවන්නට රණවිරු වැන්දඹුවන්ට සිදුවේ.

මෙම අවස්ථාවෙන් ලිංගික අල්ලස් ලබාගන්නට සැදී පැහැදී සිටින දුෂිත ග‍්‍රාමසේවකයින් නොසිටිනවා නොවේ.

මෙම රණවිරු ගම්මානය අයත් වසමේ ග‍්‍රාමසේවක ද එවැන්නෙක් බව, ඇය ප‍්‍රකාශ කරයි. අපේක්ෂාවන් අහිමි වී සිටින ඔහු, සියලුම කොන්දේසි සපුරා තිබියදීත්, පදිංචි සහතිකය ලබා නොදී, ඇයට බලපෑම් කරයි.

ඔහු හා ඔහුගේ උපදෙස් අනුව, ප‍්‍රාදේශීය ලෙක්ම්වරිය ප‍්‍රකාශ කරන්නේ, මෙම රණවිරු වැන්දඹුව රැටවත් ගෙදර නැති බව පවසමින්ය.

පදිංචිය ස`දහා අත්‍යාවශ්‍යය සිය`ඵ කොන්දේසි සපුරා තිබියදීත්, රැට ගෙදර ඉන්න බවට ග‍්‍රාම සේවකට සහතික විය යුතු බව නොවේද, මේ වහෙන් ඔරෝ බසින්  කියන්නේ. 

මැය මේ පිළිබඳව, ලිඛිතව බලධාරීන්ට, දැනුම් දී ඇත.

එ, ඉදිරි පියවර ගැනීමට පෙරය.


Wednesday, January 11, 2012

දොඩන්ගොඩ පොලිසිය ගැබිණි කතකට පහර දෙයි.


නදීකා ලක්මාලි

නදීකා ලක්මාලි 26 හැවිරිදි සති හයක ගැබිණි කාන්තාවකි. දොඩන්ගොඩ පදිංචිකාරියක් වේ. සිද්දිය වන්නේ 2011.11.25 වැනිදාය. ඇය එදින පවුලේ උදවිය සමග අදිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයක් වන දොඩන්ගොඩ අදිවේගී මාර්ගය නැරබීමට ගොස් ඇත.


ඔවුන් සිය වහනය තුඩුගලට යන මාර්ගයේ නවත්වා විවිද කාර්යන්ට ගොස් තිබේ. ඇය වාහනය අසලට එන විට ඇගේ සුවමිපුරුසයාට පොලිස්කාරයින් දෙදෙනෙක් පහර දෙමින් සිට ඇත. ඔවුන් පහර දෙමින් කුනුහරුපයන් කියමින් බැනවැදී තිබේ. නදීකා පොලිස්කාරයින් ලගට ගොස් පහර නොදෙන ලෙස ඉල්ලා ඇත. එවිට පොලිස්කාරයින් උබ අයින් වෙයන් කියා ඇයට පහරදී ඇති අතර එම පහරවල් ඇගේ බඩටද වැදි ඇත.


ඇගේ බඩ කොරවී වේදනාව වැඩිවීම නිසා ඇය නාගොඩ රෝහලේ 10 වාට්ටුවේ 2011.11.20 දින රාත්‍රියේ සිට 2011.11.25 දක්වා ප්‍රතිකාර ලබා ගෙන ඇත.


ඇගේ සුවමිපුරුෂයට විරුද්දව පොලිසිය බොරු නඩු දමා බන්දනාගාර ගත කර ඇත. ඔහුගේ අංක Wඵ්484959 දරන ටිපර් රථයද තවම පොලිස් අත්අඩංගුවේ තබා ගෙන සිටින බව ඇය ප්‍රකාශ කරන්නීය.


වීඩියෝ පටය ලඟදීම...

Wednesday, November 9, 2011

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)


ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....


දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන් අසරන තත්වයට පත් වෙනවා. අප කියන්න යන කතාවද එවැනිම  දෙයක්. මේ පිරිමි ළමයා අපයෝජනයට ලක්වුනේ ගමේ තරුණයෙක්ගෙන් හා පනස් පස් හැවිරිදි ගමේ වැඩිහිටියෙකුගෙන්. සවන් දෙන්න මේ කතාවට... යමක් ගන්න සිතට... 



...

Wednesday, October 19, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක්




14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

පියා දරුවාව රෝහල්ගතකර, අදාල අයට පැමිණීලි කර තිබෙනවා.


විදුහල්පතිගේ අමානුෂික ප්‍රහාරයේ තුවාල කැළලි


මේ වන විට අපරාධකරුවාව බේරාගන්න බොහෝ දෙනා ඉදිරිපත් වී තිබේ. මේ අතර, ගුරුවරියන් හා අම්මලාත් ඉන්නවා.

Tuesday, June 28, 2011

දරුවන් තිදෙනෙක්ට අමානුෂිකව පහරදුන් පොලිස් මාමලාගේ වීඩියෝව



ටිකිරි බන්ඩාරගේ දරුවන් තිදෙනාට ඇල්ල පොලිස් මුරපොලේ පොලිස් මාමලා දෙන්නෙක් හොඳටම ගැහුවේ, සාත්තරයක අහලා. සාවදානව අහන්න මේ අපරාධය. සිතන්න රට වැටී ඇති ආගාධය ගැන. මෙය ඔබගේ දරුවාටද විය හැක.

අපගේ කලින් ලිපිය
http://peoplesforumsl.blogspot.com/2011/06/blog-post_25.html


Saturday, June 25, 2011

ටිකිරි බණ්ඩාර දරුවන්ගේ සුබ අනාගතය


මේ දරුවන් තිදෙනා  බෞද්ධ කුල දරුවන්ය. අවු: 13, අවු: 11 හා අවු: 10 වන මේ තිදෙනා එක බඩවැල කඩාගෙන ආ අයයි. බස්නාහිර පලාතේ නෙලුකැටිය ගමේ රටේ ආර්ථීකයට ලේ දහඩිය මුසු කරන අයයි.

අසල්වැසියෙකුjq නිශ්සංක හා රේණුගේ  නිව‍සේ නැතිවූ රන්මාලයක් සොයාගන්නට සාස්තර අසා දෙවි පිහිට ලබාගත් අයිතිකාරිය රේණු - ඥාති පොලිස් කාරයින්ට කිතුල් රා පොවා මාල සොරකමට මේ දරුවන් සැකකරන බව කියා සිටියේය.

බදුරලිය පොලිසියට අයත් ඇල්ල පොලිස් මුරපොළේ පොලිස්කාරයින්වන මහින්ද හා ලියනගේ එම ස්ථානයේදීම මේ දරුවන්ට මළපහ වන්නට පහරදී, රන් මාලය සොයාගන්නට බැරිව - පිරිමි දරුවන් දෙදෙනාව ඇල්ලේ පොලීසියට ගෙන ගොස් පැදුරු කඩමල්ලක හිදවා රෝස් පාන් ගෙඩියක් රෑටද, හාල්මැස්සෝ හොද්දක් සමග බත් ටිකක් උදයටද දුන්නේ වතුර පොදක් නොදීය. පසුදින බදුරලිය පොලිසියට ගෙනගොස් උසාවියට ඉදිරිපත් කළේ කාපු ජරාවට ළමුන්ව පරිවාසයට දාන බවට පාරම් බාමින්ය.

 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසී, මහත් උත්කර්ෂවත් ලෙසට පොසොන් පෝයද - සියලු වත් පිළිවෙත් අනුන්ගේ අනුග්‍රහයෙන් ඉෂ්ඨ සිද්ද කර, දින තුනක් ගතවු තැන -, මේ මස 18 වනදිනය.

සුදු රෙද්දෙන්, බෞද්ධ කොඩියෙන්, මල්වට්ටියෙන්, ලවුඩ්ස්පීකර් බණ පිරිත් වලින්- සියලු දුසිරිත් වසා ගන්නට, හැමදාම පුලුවන්වනු ඇතැයි සිතා සිටින පොලිසියේ මෙවන් පාහර අසික්කිත වැඩ වසා ගන්නට - සාරධර්ම බෝඩ් 

ගැසීමට සැරසෙන්නේ - තවදුරටත් රැවටෙන්න සූදානමින් සිටින දෙනා රවටන්නටය.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයන් අතුරින් පළමු තැන ගන්නට අසමත්ව ,  විසිනවවන තැනින් ඉදිරියට ගෙන එන්නට ශ්‍රී ලංකා පොලීසිය දරන මේ උත්සහායට අපි සුභ පතමු.

සුභ අනාගතයක්.......................

(සියලු තොරතරු ඉදිරියට)

Monday, March 21, 2011

පන්සල්, පල්ලි, කෝවිල් සහ ළමා අපචාර



"ආගම මගේ ස්වාමියාගේ කෘරත්වයට අනුමැතිය දුන් බව මා විසින් ඉහතින් සදහන් කරන ලදී. මෙය ඔප්පු කිරීමට බොහෝ කරුණු කාරණා වූ අතර පහත සදහන් වන්නේ එක් නිදසුනක් පමණි. ඔහු අබාදිත තරුණ කාන්තාවක් එල්ලා හරක් හමින් සැදු කසයකින් නිරුවත් උරහිස් වලින් උණු ලේ දහරා ගලන තුරු තැලුවේය. ඔහු විසින් සිය තිරිසන් ක්‍රියාව හුවා දක්විමෙහිලා බයිබලයේ පහත පාටයද ගෙන හැර දැක්විය. එනම් යමෙක් සුවාමියාගේ කැමැත්ත දන්නාමුත් එයට පටහැනිව කටයුතු කරයිද හෙතෙම බොහෝ කස පහර වලට ලක්විය යුතුය." (උපුටා ගැනීම ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - වහල්බාවය)

ආගමික ස්ථාන වල ළමා අපචාර ගැන අසන්නට ලැබුනේ අද ඊයේ නොවේ. නමුත් ඒ ගැන දැඩිව කතා කරන්නට, අපරාදකරුවන්ට දැඩි දඩුවම් දීම සහ අපචාරයට ලක්වූ දරුවන් පුනුරුත්ථාපනයට යොමු කිරීම ගැන සමාජයේ ප්‍රබල ජන මතයක් ගොඩනැගුනේ මෑතකදීය. මෙම ළමා අපචාර වලට පන්සලද පල්ලියද යන්න වෙනසක් නැත.

මාද්‍ය වාර්තා කල අලුත්ම අපචාර සිද්දිය වුයේ අපරෙක්කේ පුන්නාන්ද හිමි විසින් සිදු කලයි කියන සමනේරවරු අපචාරයට ලක් කිරීමය. මෙම හිමිනම ජාතික හෙළ උරුමය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ සමනේරවරු ගණන 05 කි.

අපි නැවතත් ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය වෙත යොමු වෙමු. "මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි. එනම් දකුණේ ආගම යොදා ගත්තේ අපරාද වසන් කිරීමට, ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදු හුණු අලේප කිරීමට බවයි. ආගම වහල් ස්වාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය. "

ලංකාවේ පොලිසි සහ පාසැල තුල සිදුවන බොහොමයක් වදහිංසා පැමිණ වීම් වලදී ඒවා සමත කිරීමට පෙරමුණ ගන්නේ ආගමික නායකයින්ය. තවද ඇතැම් අවස්ථා වල පිරිවෙන් වල වදහිංසා පමුණුවනු ලබන්නේ ස්වාමින් වහන්සේලාය.

මෙම ළමා අපචාර පුජනිය ස්ථාන වලින් මුලිනුපුටා දැමීමට නම් කල යුත්තේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි. තවද අපරාද සිදුකරන ආගමික නායකයින් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙහා සමාන්තරව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මේ සමාජ වියසනය තවදුරටත් ළමා පරපුර විනාශ කරනු ඇත.



හර්ෂි සි. පෙරේරා

Friday, February 18, 2011

තරුණියකගේ වටිනාකම 10,000 ද? (වීඩියෝ පටය නිකුත් උනා...)



උප්පත්තියෙන්ම ආබාධිත්ස් 23 හැවරිදි ආබාධිත තරුණියකගේ දුක්බර කතාවක් ඔබට කුමක්ද සිතෙන්නේ , තරුණියකගේ වටිනාකම 10,000 ද?. එය තක්සේරු කරන්නේ පොලීසියද? නරඹන්න, සිතන්න මේ අපේ රටද?

Thursday, January 27, 2011

දූෂණ මර්ධකයෝ -තරුණියකගේ ආත්ම ගෞරවය කෙලෙසයි

මනුෂ්‍ය ජීවතවලට වටිනාකමක් නැති රටක, මිනිසුන්ගේ ආත්ම ගෞරවය ගැන කුමන කථාද ?


ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දලම ගමේය. නමින්------ වූ ඇයට, හම්බන්තොට පොලිසිය පොලිස් පණීවුඩයක් ගෙන ආවේය. එම පණිවුඩයේ සඳහන් දේ - පණිවුඩය ගෙනා පොලිස්කාරයා මුළු ගමටම පෙන්වා ඇවිද තිබේ.


වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් පණීවුඩයට අනුව - කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා හි පවත්වාගෙන ගිය බවට ප්‍රකාශිත ,සුපිරි ගණිකා මඩමට, අදාල පරීක‍ෂණ සඳහා, ප්‍රකාශයක් ගැනීමට කරන ලද කැඳවීමකි. ඇය, ඇගේ දෙමාපියන් ඥාති හිතවතුන් කම්පාවට පත් විය. භියට පත්විය. ලැජ්ජාවට පත්විය. සියදිවි නසා ගැනීමට තරම් මානසික ආතතියට පත්විය. මුළු ගමටම,  පොලිස් කාරයින්ට, ඇය ගණීකාවක් විය. ගමේ හාමුදුරුවන්, දේශපාලකයින් ප්‍රසිද්ධියේ නොකිව්වත්, රහසින් දොඩන්නට ඇත. නියම කල දිනය හා වේලාව 2011 ජනවාරි 26 දින උදේ 9’00 විය.

ඇගේ මව සහ ඥාතීන් කිහිපදෙනෙක් ඊයේ එනම් 2011. 01. 25 දින වලාන දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපතිව මුණගැසී කැඳවීම ගැන විමසූවට, ඔහු කියා ඇත්තේ, තමුසෙලාත් එකක් කතාවක් නැහැ, හෙට ---- එක්කගෙන එනවා, එතකොට එයාගෙ වැඩ පෙන්වන්නම් කියාය.

2011. 01. 26 දින අලූයම පානදුරයට පැමිණි ----- ර්‍ණ ඇගේ මව, සොහොයුරන් හා ඥාතීන් - වලාන දූෂණ මර්ධන ඒකකයට යන්නට හෝ නීති උපදෙසක් ලබාගැනීම පානදුර උසාවිය අසලට ගියේය. නීතිවේධී ම.දෝ. විජයපාල එහිදී ඔවුන්ට මුණ ගැසින. කථාවට සවන් දුන් ඔහු ගාස්තු වශයෙන් රුපියල් විසිපන්දහසක් (25.000/=) ගත්තේය. ප්‍රශ්ණය එතරම්ම බරපතල නිසාය.

ඔහු එම පිරිස රැගෙන ආවේ ජනසංසදයට ය.

ඒ, වලාන දූෂණ මර්ධනයට යාමට පෙර - අදාල තැන්වලට පැමිණීලි සකස් කර ගැනීමටය. වලාන දූෂණ මර්ධනය - ලිබර්ටි ප්ලාසා හි සුපිරි ගණීකා නිවාසයෙන් සොයාගත් දුරකථන අංකවල හිමිකාරයින් පසුපස පැන්නීම ආරම්භ කර ඇති බව එහිදී හෙළිවිය.ඒ අනුව අධිකරණයට ලබාදී තිබුනේ ඇගේ දුරකථන අංකය වේ. නමුත් අවශ්‍ය දුරකථන අංකය වෙන එකකි. වලාන දූෂණ මර්ධන ඒකකය කියා සිටියේ යතුරු ලියනයේදී සිදුවූ වරදක් බවත්, කණගාටුව ප්‍රකාශ කරන බවත්ය.

ම.දෝ/ විජයපාල නීතිවේධියා - වලාන දූෂණය කල මහ පොලව නුහුලන අපරාධය වසන් කිරීමට - ප්‍රකාශය ලියවෙව්වේ - විමර්ශන වලදී ඇය නිර්දෝෂී බව හෙළිවූවායැයි කියාය. එපමණක් නොව, ජනසංසදයට රැගෙනවිත් පිලියෙල කල පැමිණීලි තැපැල් නොකරන ලෙසටද ඇයට උපදෙස් දුන්නේය. වලාන දූෂණය හා පොලිසිය - -----පමණක් නොව, දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආත්ම ගෞරවය වනසා දමා ඇත. ඇය ද දැන් බොහෝ කෙනෙකුට සුපිරි ගණීකාවය.

මේ ලේබලය ඇගේ මරණින් පසුවද පවතිනු ඇත.  රට පාලනය කරන එවුන්හට යුක්ති ධර්මය අවශ්‍ය නැත.
මේ සිද්ධිය මාගම්පුර වැසියන්ට සිතන්නට හිස් ගෙඩි ඇත්නම් ප්‍රමාණවත්ය.

JS

Wednesday, January 12, 2011

කිරිබත්ගොඩ පොලිසියෙන් තරුණයකුට ලිංගික අතවර



කිරිබත්ගොඩ පොලිසියේ අමානුෂික පහරදීමක් සහ තරුණයකුට ලිංගික අතවර කිරීම පිළිබඳව එම තරුණය කරන් ප්‍රකාශයකි පහ්ත දැක්වෙන්නේ...