Monday, March 21, 2011

පන්සල්, පල්ලි, කෝවිල් සහ ළමා අපචාර



"ආගම මගේ ස්වාමියාගේ කෘරත්වයට අනුමැතිය දුන් බව මා විසින් ඉහතින් සදහන් කරන ලදී. මෙය ඔප්පු කිරීමට බොහෝ කරුණු කාරණා වූ අතර පහත සදහන් වන්නේ එක් නිදසුනක් පමණි. ඔහු අබාදිත තරුණ කාන්තාවක් එල්ලා හරක් හමින් සැදු කසයකින් නිරුවත් උරහිස් වලින් උණු ලේ දහරා ගලන තුරු තැලුවේය. ඔහු විසින් සිය තිරිසන් ක්‍රියාව හුවා දක්විමෙහිලා බයිබලයේ පහත පාටයද ගෙන හැර දැක්විය. එනම් යමෙක් සුවාමියාගේ කැමැත්ත දන්නාමුත් එයට පටහැනිව කටයුතු කරයිද හෙතෙම බොහෝ කස පහර වලට ලක්විය යුතුය." (උපුටා ගැනීම ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - වහල්බාවය)

ආගමික ස්ථාන වල ළමා අපචාර ගැන අසන්නට ලැබුනේ අද ඊයේ නොවේ. නමුත් ඒ ගැන දැඩිව කතා කරන්නට, අපරාදකරුවන්ට දැඩි දඩුවම් දීම සහ අපචාරයට ලක්වූ දරුවන් පුනුරුත්ථාපනයට යොමු කිරීම ගැන සමාජයේ ප්‍රබල ජන මතයක් ගොඩනැගුනේ මෑතකදීය. මෙම ළමා අපචාර වලට පන්සලද පල්ලියද යන්න වෙනසක් නැත.

මාද්‍ය වාර්තා කල අලුත්ම අපචාර සිද්දිය වුයේ අපරෙක්කේ පුන්නාන්ද හිමි විසින් සිදු කලයි කියන සමනේරවරු අපචාරයට ලක් කිරීමය. මෙම හිමිනම ජාතික හෙළ උරුමය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ සමනේරවරු ගණන 05 කි.

අපි නැවතත් ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය වෙත යොමු වෙමු. "මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි. එනම් දකුණේ ආගම යොදා ගත්තේ අපරාද වසන් කිරීමට, ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදු හුණු අලේප කිරීමට බවයි. ආගම වහල් ස්වාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය. "

ලංකාවේ පොලිසි සහ පාසැල තුල සිදුවන බොහොමයක් වදහිංසා පැමිණ වීම් වලදී ඒවා සමත කිරීමට පෙරමුණ ගන්නේ ආගමික නායකයින්ය. තවද ඇතැම් අවස්ථා වල පිරිවෙන් වල වදහිංසා පමුණුවනු ලබන්නේ ස්වාමින් වහන්සේලාය.

මෙම ළමා අපචාර පුජනිය ස්ථාන වලින් මුලිනුපුටා දැමීමට නම් කල යුත්තේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි. තවද අපරාද සිදුකරන ආගමික නායකයින් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙහා සමාන්තරව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මේ සමාජ වියසනය තවදුරටත් ළමා පරපුර විනාශ කරනු ඇත.



හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment