Thursday, March 31, 2016

බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට වධ දුන්න පොලිස්කාරයාට එරෙහිව දොලොස් වසරකට පසුව නඩු.


නීතිපති උපදෙස් මත, පොලිස් විශේෂ විමර්ශණ එ්කකය විසින්, පොලිස් සැරයන් 1999 දඹගල්ලේ සිරිකුමාර ට එරෙහිව - බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2016.03.29 වන දින, අංක 89002 යටතේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුව පවරන ලද්දේ 2004 වසරේදී අම්බලන්ගොඩ ආඳාෙදාල පදිංචි පහලොස් හැවිරිදි ලක්මාල් හා දහතුන් හැවිරිදි ප‍්‍රදීප් යන ළමුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වධ දී, ඔවුන්ගේ දෙමාපියන් ගෙන් රු: 3000/= ක කප්පම් මුදලක් ලබා ගැනීම යන චෝදනා මූලික කරගෙනය.

2004 වූ මෙම සිදුවීම අදාලව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශණයක් කරනු ලදුව, එහි නිර්දේශ 2009 වසරේදී නිකුත් කරනු ලැබීය. එ් දීර්ඝ අරගලයකින් පසුවය. එම නිර්දේශයට අනුව, එවක අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකට, 
රු: 2500/= ක්ද, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හා පො.සැ.1999 ට රු: 5000/= බැගින්ද, වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය. නමුත් එම නිර්දේශය මෙම තිදෙනා ක‍්‍රියාත්මක කළේ නැත.

මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාව, පොලිසිය පහර දීමෙන් අනතුරුව, බලපිටිය මූලික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින තුනක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදෙන ලදි.නමුත්, එම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී - මෙම ළමුන් දෙදෙනාට තුවාල කිසිවක් නොමැති බවට සටහන් කර අධිකරණ වෛද්‍ය පෝරමය නිකුත් කිරීමට පියවර ගන්නා ලදි. 

මෙම කාරණය සැලකිල්ලට ගත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම ළමුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කොට, දෙවන වෛද්‍ය වාර්තා ලබාගැනීමට පියවර ගනු ලැබීය.

ජාතික පොලිස් කොමිෂම හා ළමා ආරක්ෂක අධිකාරිය, මෙම ළමුන් දෙදෙනාව වධහිංසාවට පත් කිරීම හා අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කරන ලෙසට, ලිඛිතව පොලිසියට දැනුම්දීම් කිරීම් පමණක් සිදුකරනු ලැබීය. එදත් අදත් මෙම ආයතන දෙකේ ක‍්‍රියා පිළිවෙත්හි වෙනසක් නැත.

මේ අතර, පොලිසිය අදාල නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. නමුත් එම විනය පරික්ෂණවල ප‍්‍රථිඵලය - මෙම වින්දිතයින් දෙදෙනාට මේ දක්වාම දැනුම් දී නොමැත.

මෙම පසුබිම් යටතේ, 2016.03.24 දින, ලක්මාල් ගේ හා ප‍්‍රදීප්ගේ නිවසට පැමිණි පොලිස් විශේෂ විමර්ශණ එ්කකයේ ජයන්ත නැමැති නිලධාරියා හා පො.සැ.1999 සිරිකුමාර, 2016.03.29 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ පෙනී සිටින ලෙසට වාචිකව දැනුම් දෙන ලදි. 

වාචික උපදෙස් මත අධිකරණයේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව ලක්මාල් හා ප‍්‍රදීප් ඔවුන්ට දැනුම් දෙන ලදි. 

එ් අවස්ථාවේ රු: 5000/= ක් අරගෙන සමාදාන වන ලෙස පො.සැ.1999 සිරිකුමාර ඔවුන් දෙපලට යෝජනා කළේය. තවද, මේ වන විට අපරාධ අංශයේ ස්ථානාධිපති මියගොස් ඇති බවත්, තමන් පහර දුන්නේ අරක්කු බෝතලයට යටවී බවත්, පවසමින්, රු: 5000/= ක් අරගෙන සමාදාන වීමට කැමැත්ත ප‍්‍රකාශ කරන ලෙසට ආයාචනා කර තිබේ. තවද කළ පවට තමන්ට දැනටමත් ප`ඩිසංදි ඇති බවද කියා තිබේ.

එ් අවස්ථාවේ ලක්මාල් තමන්ට හා පහර දුන් ආකාරය සහ එයින් අනතුරුව, ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සමග එක්ව තමන්ට හා පවුල් වලට තර්ජණය කිරීම, පොලිස් ජීප් එකෙන් බලපිටිය උසාවියේ වැඩ කරන කාල්ටන් නැමැති නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් දිවුරුම් ප‍්‍රකාශ වලට අත්සන් කර ගැනීම් ආදි, පොලිස් බලය උපායා්ගි කරගෙන සිදුකළ නොපමත්කම් සිහිපත් කර තිබේ.

ලිඛිත දැනුම් දිමක් නැතිව 2016.03.29 දින අධීකරණයේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, 2016.03.27 දින, පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩයක් මගින්, මොවුන්ට 2016.03.29 බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කරනු ලැබීය.

පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩය අයුතු බලපෑම් කිරිමට යොදා ගත් එකක් බව පැහැදිලි වු වද, එම දැනුම් දීමට අනුව, 2016.03.29 දින බලපිටිය මහේසත‍්‍රාත් අධිකරණයටලක්මා,ප‍්‍රදීප් හා මව්වරුන් ගොස් ඉදිරිපත් වුයේ, තම ස්ථාවරය අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කිරිමටය.

අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් පැමිණි ජයන්ත නැමැති නිලධාරියා හා නීතිඥවරුන් කිහිප දෙනෙකු, මුදල් අරගෙන සමාදාන වීමට කැමැත්ත පල කරන ලෙසට , ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් ඉල්ලා සිටියේය.

නඩුව කතාකල අවස්ථාවේ, පො.සැ.1999 සිරිකුමාර වෙනුවෙන්, නීතිඥවරු 10කු පමණ නැගිට ඉදිරිපත් වන ලදි. එම නිතිඥයින් , සමාදාන වීමේ යෝජනාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එ් පිලිබඳව අධිකරණය ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් විමසූ අවස්ථාවේ සමාදාන වීමකට තමන් එකඟ නැති බව, නිතිඥ සහයකින් තොරව, තනිව ම ඉදිරිපත්ව අධිකරණයට කියා සිටින ලදි.

පො.සැ.1999 සිරිකුමාරට ඇප නියම කල අධිකරණය, නඩුව සැප්තැම්බර් 28 දිනට කල් තබනු ලැබීය. පො.සැ.1999 සිරිකුමාර අධිකරණ කටයුතු වල නිරතවන බව ට වාර්තාවේ. 

2004 සිට 2016 දක්වා යුක්තිය උදෙසා බලාපොරොත්තු තබාගෙන සිටි, ලක්මාල් හා ප‍්‍රදීප්  දෛනිකව මුහුදු යන ධීවරයින්ය. මේ වන විට ලක්මාල් එක්දරු පියෙකි. ප‍්‍රදීප් දෙදරු පියෙකි. 

මේ නඩුව මොන අන්දමට නිමවේද යන්න පිළිබඳ අනාවැකි කියන්නට බැරිය. නමුත් අවම වශයෙන් තවත් වසර 12 ක් වත් මෙහි නිමාව දකින්නට ලක්මාල් හා ප‍්‍රදීප් සූදානම් විය යුතුය.

කුමන තත්වයක් යටතේ වුවද, කුමන තරාතිරමේ නීච නිවට ‘‘උගත්’ වෘත්තිකයින් සිටියද, එ් සියල්ල පරාජයට පත් කිරීමට, ආත්ම ගරුත්වය තිබෙන නිර්ධනයින්ට අවකාශයක්  තිබෙන බවට ඔප්පු වු තවත් අවස්ථාවකි මෙය. 

එමෙන්ම, නීතිය කඩා වැටුනු රටක, ‘‘අයිතිවාසිකම්’’ බඩගෝස්තරය කරගත් උගතුන්, වෘතිකයින් පිලිබඳව හෙළිකරන තවත් එක් උදාහරණයක් පමණි මේ.

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ආරම්භවු මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය, එනම් ලක්මාල් හා ප‍්‍රදිප්ට ආරක්ෂා සැලසීම බලධරයින් ගේ වගකීම වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් මානව හමිකම් කොමිසම ට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

Monday, March 28, 2016

කලුතර යුනිට් එකේදි පුතාට වධ දුන්නා.මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නාම උසාවියට ඉදිරිපත් කලා

.
Sryani mother of Ramesh

 " මංකොල්ලයකට සැකපිට වැලිපැන්න පොලිසියට බාරදුන්න තම පුතා රමේෂ් ව, කලුඵතර පොලිස් අධීකාරී කාර්යාලයේ තියෙන යුනිට්” එකට බාරදී, ඔහුට අමානුෂික ලෙසට පහර දෙන්නට වුනා. බෝම්බ දමා උසාවි දාන බවට තර්ජණය කරන්නට වුනා. ඒ 25 දා.

මම මානව හිමකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකය 0112 689064 ට කතා කරලා දැනුම් දුන්නා. එයින් පසුසේ රැම ආයෙත් වැලිපැන්න පොලිසියට බාර දෙන්න "යුනිට්” එක කටයුතු කලා. 

මෙසේ  කියන්නේ පානදුර පිංවත්තේ ශ‍්‍රියානි මහත්මියයි. ඇය තිදරු මවක්.

තම පුතා රමේෂ් ව පසු දින, වැලිපැන්න පොලීසිය 26 රැ 8.00 ට පමණ, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර, රැුඳවුම් නියෝගයක් ලබාගෙන කලුඵතර දකුණ පොලිසියට බාර දුන්නා. 

අප විසින් පුතා වෙනුවෙන් කතා කරන්න නීතිඥ මහත්මයෙක් ඉදිරිපත් කලා. එ් මහතා පසුව අපට දැනුම් දුන්නා, පුතාට ක`ඵතර විශේෂ යුනිට් එකේදී පහර දුන්න බව ප‍්‍රකාශ කල බවත්, ගරු මහේස්ත‍්‍රාත්තුමිය, පුතාව ප‍්‍රථිකාර සඳහා නාගොඩ මහා රෝහලට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කල බවත්.

මේ දක්වාම -28, පුතාව රෝහලට ප‍්‍රථිකාර සදඟා ඉදිරිපත් කර නැත. පුතා ප‍්‍රකාශ කරන්නේ, තවමත් අමාරු බව, තවමත් තුවාල තිබෙන බවයි. පුතා ප‍්‍රකාශ කරනවා, බෝම්බ දාලා නඩුදාන බවට තර්ජණය කරන බව.”

එම පසුබිම තුල ඇය ඉල්ලා සිටින්නේ, කල්ගත වන්නට පෙර, පුතාව රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසට සහ බොරු චෝදනා දමා නඩු පැවරීම් වලක්වාලන ලෙසටය.

කුඩුවලට ඇබ්බැහි වී සිටින පුතාව සුද්ද කරන්න තමා කිසි විටක ඉදිරිපත් නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන මව, වධ දීම හා බොරු නඩු දැමීම නොඉවසන බව ප‍්‍රකාශ කරයි.

මේ වන විට පුතා කුඩු වෙනුවට මග්ගොන පිහිටි ෆාමසියකින් ගන්නා පෙති වගයකට පුරුදු වී සිටින බව ඇය වැඩි දුරටත් කියා සිටී.

තම පුතා, සොරකම්, මංකොල්ලකෑම් වලට මේ වන විට පෙළඹී ඇත්තේ මෙම මත්පෙති භාවිතය නිසා බව ඇය කියා සිටී. ඇයට අවශ්‍ය තම පුතා මෙම මත් උවදුරින් බේරා ගැනීමටය.

ඇය සිද්ධිය අදාලව හා වත්මන් තතත්වය මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට හා පොලිස්පතිට ලිඛීතව පැමිණිලි කර තිබේ. 

Wednesday, March 23, 2016

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

පියා හා මව

පොලිසිස්  නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ. 

‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු.....   ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා. 

අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. 

සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. 

පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා. 

අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.

මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා. 

සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.

පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා. 

අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා. 

21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.

22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.

ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. 

දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ  ළමා නිවාසයේ.’ 

ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –

තම  පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,
ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.

පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ.