Wednesday, December 14, 2011

ගඩාෆි ගැන දුක් වන්නෝ !




ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.

අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා උපරිම බලපෑම් වත්මන් ලිබියානු පාලකයින්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කලය යුතුය. එම කාර්යයෙන් බැහැරව, ගඩාෆි ගැන කඳුළු සලන්නේ ඇයි.

ඔහු බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය.  බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?

මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.

සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.

ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.

අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය. මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය. මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත. “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.

රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.
සමාජවාදි හා අධිරාජ්යම විරෝධී සටන්පාඨ වලින් අන්ධව, ජනතාව මර්දනයට ඉඩ හැරිමවෙචනයෙන් හෝ දායක වී‍මෙන් ඇතිවිය යුතුය.
අපේ රටම උදාහරණයට ගන්න.

හිල්ටන් හෝටලයේ කෝකියටත් පොලිසියෙන් බඩපුරා ගුටි.



සෙනත් දර්ශන හිල්ටන් හෝටලයේ කෝකියෙක්. සෙනත් බදුල්ලේ සිට කොළඹට එන්න ආව. නමුත් සෙනත් ට නොසිතු ලෙස බදුල්ලේ බස් නෑවතුම් පොලේ පොලිස් මුරපොලෙන් හොඳට සෑලකුවා. මේ එම කතාව....
..............



Monday, December 12, 2011

මානව හිමිකම් කොමිෂම කාසදහාද?





ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සේවය කරන්නේ කාටද යන්න ඉතා පැහැදිලි උදාහරණ සහිතව ඉදිරිපත් කිරීමක් මගින්,එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් දිනය සමරනු ලැබීය. 

2011.12.09 වන දින, කොළඹ 07, ජතික පුස්ථකාල හා ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මෙම සමරු වැඩසටහනේදී මානව හිමිකම් කොමිෂමේ කාර්යභාරයන් ඇසුරෙන් සකස් කළ වාර්ථාවක් සහ ජනතාවට අරගල කිරීම සඳහාවූ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. 

සමරු වැඩසටහන ආරම්භ කරන ලද්දේ ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා සමග, නීතිය හා සාමය සහ නීතිය මත පාලනය පිළිබ`ද සම්මුඛ සාකච්ඡාවක් ඉදිරිපත් කිරීමෙන්ය.
ඉන් අනතුරුව ග්‍රේ හෝගන් කොලොම්බියා සරසවියේ කරන ලද  දේශනයේ පරිවර්ථනය එළි දැක්වීම සහ එ පිළිබ`ද සංසන්දනාත්මක හැදින්වීමක්ද කරනු ලැබීය. 

වින්දිතයින්, ක්‍රියාකාරීන් හා මානව හිමිකම් සංවිධාන ගණනාවක නියෝජිතයින් හා මාධ්‍යවේදීන් එකසිය විසිපස් දෙනකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේදී -  සහභාගීවූවන් ගණනාවක් තම අදහස් ඉදිරිපත් කරනු ලැබීය.


පිංතූර සදහා සිතුවම් හල වෙත යන්න.   
ජනසංසදය

Tuesday, December 6, 2011

A video in Sinhala that explains the difference between law and order, and the rule of law




(Hong Kong, December 1, 2011) Janasansadaya, a well-known human rights organization in Sri Lanka has produced a short interview with Basil Fernando of the Asian Human Rights Commission. In the interview, the difference between what is now popularly called "law and order" and the concept of the rule of law is explained. In Sri Lanka, governments have used the words "law and order" to mean whatever action the government deems fit in order to maintain what it calls 'order'. For example, extrajudicially killing suspected criminals is considered good practice in order to maintain order; suppression of the expression of public opinion is also considered good practice in order to prevent challenges to the government in the name of order.

The government's idea of law and order is the prevention of challenges to the government and the most important requirement for law and order is to prevent all opposition to its plans.

Opposition to the government is considered as disorder. Thus, the idea of law and order is to maintain total control by the government with or without law.

On the other hand, the rule of law means the following, as summed up by the eminent British jurist Tom Bingham:

"The core of the existing principle is, I suggest, that all persons and authorities within the state, whether public or private, should be bound by and entitled to the benefit of laws publicly made, taking effect (generally) in the future and publicly administered in the courts." (Tom Bingham, Rule of Law. Penguin Books 2011, page 8).

These concepts are discussed in this video. http://www.youtube.com/watch?v=Je3embauxtU


Saturday, December 3, 2011

අරුම පුදුම සිතාසියක්





ඉහත දැක්වෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ත්‍රාත්වරයා විසින් නිකුත් කොට, බද්දේගම පොලිසිය, 2011.11.29 දින, තරංගා මහත්මියට ගෙනවිත් බාර දුන්න සිතාසියයි.

තරංගා මහත්මියටද, සරණි කාරියවසම් හා ඇගේ සැමියාට, පෝද්දල පොලිසියේ උප පොලිස් පරීක්ෂක සමරජීව ඇතුලු පිරිසක් පහර දෙන ලද්දේ 2011.02.28 දිනය.

එම පහරදීම අදාලව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. ඒ යුක්තිය ඉටුකර ගන්නටය. මේ අතර පෝද්දල පොලිසියට, තරංගාට හා සරණිට විරුද්ධව, රාජකාරියට බාධා කිරීම හා කලහා කිරීම යන චෝදනා යටතේ පළමුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේද, පසුව එම නඩුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේද පවරන ලදි.

මේ අතර, පොලිසියෙන් තරංගාට හා සරණිට පවරන ලද නඩුව ඉල්ලා අස්කරගන්නා බවට ප්‍රකාශ කරන පෝද්දල පොලිසිය, තරංගා හා සරණිට එයට හිලව් කිරීමක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශ ඉල්ලා සිටී.

සරණි, රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිසියෙන් ලබාගෙන, නඩුව ඉල්ලා අස්කරගන්නට කැමැත්ත ලබාදී ඇතැයි වාර්තාවේ.

නමුත් තරංගා එයට දැඩිව විරෝධය පලකර ඇත.මේ තත්වය තුල, තමන්ට විරුද්ධව පෝද්දල පොලිසිය පවරා ඇති නඩුවට පසුදින පෙනී සිටින ලෙසට පොලිස් නිලධාරියෙක් සිවිල්පිට පැමිණ තරංගාට දැනුම් දුන්නේය. ඒ 2011.11.27 දින රාත්‍රී 7.30 ට පමණ.

නඩුව පැවැත්වෙන දිනය 2012.01.30 බව එම නිලධාරියාට තරංගා දැනුම් දුන්නේය.
2011.11.29 දින උදේ 9.30 ට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, 2012.12.05 දින එම නඩුවට උසාවියට පැමිණෙන ලෙසට දක්වන ලද - සිතාසියක් බාරදී යන ලද්දේ තරංගාට නොසෑහෙන ලෙසට බැන වදිමින්ය.

නඩුව මීළග දිනය 2012.01.30 යි. එසේ තිබියදී 2012.12.05 දින නඩුව පැවැත්වෙන බවට සිතාසියක් නිකුත් කර ඇත්තේ තමන් අමාරුවේ දැමීමට බව පවසන තරංගා, ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කරන ලෙසට 

බද්දේගම රෙජිස්ත්‍රාත්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

එහි පිටපත්, වගකිවයුත්තන්ට යැවීමටද තරංගා පියවර ගත්තේය.

ලිපිය කියවන්න.


..............




Saturday, November 26, 2011

ශ්‍රී ලංකාවේ නොවේ.


ප්‍රජාතන්ත්‍රීය ආයතනයන් -  අධිකරණය පිළිබ`දව අවධියෙන් සිටිය යුතුයි. -  ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ -  නීතිඥවරයෙක් -  
ප්‍රකාශය පහත දැක්වේ. 



Thursday, November 24, 2011

නීති විරෝධීව හා හිතුවක්කාර ක්‍රියා කළ ඇල්පිටිය ප්රායෙද්ශීය සභාවේ සභාපතිට හා සංවර්ධන සහයකට රු60,000 ක් - ගෙවන්න වෙයි.



ප්‍රාෙද්ශීය සභා ලේකම්වරිය ලෙසට පත්වූ තැනැත්තියට වැඩ බාර නොදුන් -  ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපති රංජිත් ජයසිංහ සහ එම සභාවේ සංවර්ධන සහයක නිලන්ත ජයක=e පන්ඩිත යන දෙදෙනා, නීති විරෝධී සහ හිත=වක්කාර ලෙසට ක්‍රියාකර ඇති බව තීරණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්මා =මාරි මහත්මියට ලේකම් ධූරයේ වැඩ බාර දෙන ලෙසටත්, ඔවුන් විසින් රeපියල් හැටදහසක් වන්දි හා නඩු ගාස්ත= වශයෙන් ඇයට ගෙවිය යුත= බවත් නියම කළේය.

2008.10.22 දින, තෙල්මා =මාරි මහත්මිය විසින්, ප්‍රාදේශීය සභා ලේකම් දූරයට පත්වීම ලැබූ තමන්ට,සභාපති රංජිත් ජයසිංහ හා ලේකම් ධූරයේ වැඩ බැලූ, සංවර්ධන සහයක නිලන්ත ජයක=e පන්ඩිත වැඩ බාරදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.




නඩු වාර්ථාව බැලීමට හෝ බාගත කර ගැනීමට පහත සබැඳිය මත ක්ලික් කරන්න

http://goo.gl/gc8C9







Wednesday, November 23, 2011

“ජෙට්ලයිනර් ” නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


ජෙට්ලයිනර් නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


පොලිස් නිලධාරීන්, පොලිස් නිලධාරීන්ට පහරදීම් වාර්තාවන්නේ අඩුවෙන්. ඒ තම තමන්ගේ එවුන් අතර හබ - මානව හිමිකම් වලින් විසදාගන්නට තරම් ධෛර්යයක් නැති නිසා වන්නට පුලුවන.

ඒ නිසාම මෙම සිදුවීම වැදගත් තැනක් ගන්නවාය. පොලිස් කොස්තාපල් විජේසිංහ රාජපක්ෂ - ජනාධිපති ආරක්ෂකයෙකි. කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තය.
2011. 11. 05 දින බිරිද හා බිරිදගේ ඥාතීන් සමග කොළඹ වරායට ගියේ ජෙට්ලයිනර් නැව නරඹන්නටය.

එහෙත් වුනේ - පිටකොටුව පොලිසියේ මහත්වරුන්ගෙන් ගුටි කන්නටය.
රජපක්ෂ රාලහාමි, පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිට තමා ජනාධිපති ආරක්ෂක අංශයේ යයි පැවසූවිට - මමත් රජපක්ෂගේ මිනිහෙක් අඩෝ, මට උඹ කවුරුවුනත් කමක් නැහැ යයි පවසා ඇත.

පොලිස්කාරයින්ගේ ක්‍රියාවන් විවේචනය කිරීම - පොලිස් දෙපාර්තමේන්තුවට කරන විවේචන ලෙසට,- කරට ගන්නට සූදානම් පොලිසියේ ඉහළ නිලධාරීන්ට කිවයුත්තක් ඇත.
මේ සිද්ධියෙන් පොලිසිය සමානාත්මතාවය රකින බව නම් පෙනෙන්නට තිබෙන බවය.
කියවන්න - රාජපක්ෂ රාලහාමිගේ දිව්රැම් ප්‍රකාශය.


ලිපිය මත ක්ලික් කර විශාල කර බලන්න





ශ්‍රී ලංකාවේ නොවේ


මරණ දඬුවම නියම වූවන්ගේ අභියාචනාවන් මෙතෙක් සලකා බැලූවේ -  ඉන්දීය ජනාධිපතිය. එ සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා ගැන අවධානය යොමු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනා පිළිබ`ද තීන්දු ගන්නාවූ පිළිවෙල පිළිබ`ද පූර්ණ විස්තරයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට -  රජයට නියම කළේය.


සාකච්ඡාව


Monday, November 21, 2011

පොලීසිය පිරිහුනේ 1977 න් පස්සේලූ.



හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ මෙරිල් ගුණරත්න මෙම ප්‍රකාශය කර ඇත්තේ  -  පසුගිය මහවැලි කේනද්‍රයේ පැවති රැස්වීමකදීය.

ඔහු විසින් රචිත zz cops on crosstireZZ    නැමති පොත එලිදැක්වීම මෙහි සිදුවිය. සාකච්ඡාව පහත දැක්වේ.

Monday, November 14, 2011

2018 දී ගෝල්ඩ් කොස්ට් යමු.


2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට ට ලබා ගැනීමට නොහැකිවූ ආණ්ඩුව - සැලසුම් වෙනස් නොකරන බව ප්‍රකාශ කරයි.

රුපියල් මිලියන දෙසීයයකට ආසන්න මුදලක් ජන්ද සටනට යෙදවූ ආණ්ඩු නියෝජිතයින් හැත්තෑහයකු ගෙන් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ බහුතරය දිනා ගැනීමට - කැරේබියානු දූපත් කරා ගිය ශ්‍රී ලාංකික දූත පිරිස දෙසියයකට වැඩිය.

ශ්‍රී ලංකාව ජයගන්නා බව - මෙරට වැසියන් අතර ප්‍රචාරය රජය ගෙන ගියද, බුකී කරුවන් ප්‍රථිඵලය දැනගෙන සිටි බව නොරහසකි. ඔවුන් ගෝල් කෙන්ට් 1.5ක් ලංන්සවක් තිබූ අතර, හම්බන්තොට 2.5ක් ලන්සුවක් වෙන්කලේ ඒ නිසාය.

හම්බන්තොට - පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලබා ගැනීම සදහා ජනතා උන්නනදුවක් නොතිබූ බව පෙන්වා දෙන විචාරකයින්, ක්‍රීඩා උළෙලේ සියලු පහසුකම් 2016 වන විට සම්පූර්ණ කන බව රාජපක්ෂ ආණ්ඩුව දුන් පොරොන්දුව - බහුතරයක් සම්මේලන නියෝජිතයින් විශ්වාස කර නැති බව, අවම වශයෙන් තරගයක්වත් දීමට බැරිවීමෙන් තහවුරු විය.

2010 දිල්ලි පොදු රාජ්‍ය මණ්ඩල තරගයේ අත්දැකීම් 2018 දී හම්බන්තොටදී විදීමට - නියෝජිතයින් අකමැත්ත පල කර තිබින.

ශ්‍රී ලංකාවේ පොරොන්දු ගැන ලොවම දන්නා බව- පරාජයෙන් පෙන්නුම් කල තවත් සත්‍යයකි.   
ජාතියක් වශයෙන් මෙවන් අවස්තාවක් රටට අහිමිවීම සොම්නසට හේතුවක් නොවේ. එහෙත් පසුගිය අත්දැකීම් අනුව මෙවන් අතිවිශාල මුදල් ස්ථාවරයක් වියදම් කිරීමෙන් - අල්ප දෙනෙකුගේ බලාපොරොත්තුව සංසිදවා බලා පසුතැවීමට සිදුනොවීමද සොම්නසට හේතුවකි. ජාතියේ වාසානාවකි.

තවද,  ක්‍රීඩකයෝ හා පරිවාර ජනයා හම්බන්තොටට වඩා ගෝල්ඩ් කොස්ට් තේරීමට කැමති වනවා නිසැකය.

Wednesday, November 9, 2011

නෝනාව බේරාගන්න - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ෆයිල් උස්සලා





රන්මුතුගල සහතික පාසලේ සියලුම පොත්පත්, පාසල් පතිනියගේ සැමියා උස්සලා.ඔහු මධ්‍යම රජය යටතේ පාලනය වන පරිවාස හා ළමා ආරක්ෂකදෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකි.

පසුගිය මස 26(2011.10.26)රන්මුතුගල රජයේ සහතික පාසලේ ගැහැණු ළමුන්   කෘෘරත්වයට පත්කිරීම අදාලව, පාසල්පතිනිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්බාරයට පත්කරනු ලැබීය.

අද දින (2011.11.09) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධීකරණයේ මෙම නඩුව කැදවූ අවස්තාවේ, පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට, සහතික පාසලේ පොත් පත්,ලේඛන නැති බව ප්‍රකාශ කල ළමා අධීකාරිය, එම පොත් පත් ලේඛණ, පසල් පතිනියගේ සැමියා විසින් රැගෙන ගොස් ඇති බව අධිකරණයට වාර්තා කළේය.

රජයේ මෙන්ම, පුද්ගලික ළමා රැදවුම් නිවාස වල සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට රජය අපොහොසත්වීම නිසා මෙම අවාසනාවන්ත තත්වය උද්ගතවී ඇති බව ප්‍රකාශ කල යුතුය.

විශේෂයෙන් රජයේ මෙම ආයතනවලට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම හා නිසි ලෙස පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම හා සුපරික්ෂාව බිදවැටීම මෙයට හේතුව බව කිවයුතුය.


නීතිය පිළිබදව ලංකාවේ ඇතිවී ඇති මහා පරිමාණ වෙනස


         
 පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනී සේවයේ පවත්වන ලද ප්‍රචාරක සාක්ච්ජාවකදී ආරක්ෂක ලේඛම් ගෝටාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිතුමා හැර වෙන කිසිවෙකු නැති බවය. ඔහු අධීක්ෂණය කිරීමට ලංකාවේ පාර්ලිමේන්තුවට හෝ ලංකාවේ අධිකරණයට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය යාන්තමකටවත් ඔහුට මතුවුනේ නැත. ඇත්ත වශයෙන්ම එවැනි අධීක්ෂණ බලයක් ක්‍රියාත්මක නොවන තත්වයට රටේ දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති බව ඔහු ඉතා හොදින් වටහා ගෙන ඇති බව පෙනේ. 1978 ව්‍යවස්ථාවෙන් පසු ඇතිවුණු මහා පරිවර්ථනය මේ මගින් ඇගවේ. නීතියට ඉහළින් පිහිටා සිටින ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙකු රජයේ ක්‍රියාකලාපයන් අධීක්ෂණය කිරීමේ සැබෑ බලයකින් තොරවීම ලංකාවේ නීතිය මුහුණ දෙන ප්‍රබලම ගැටඵව බවට පත්වී ඇත.

මෙසේ ලංකාව තුල 1978 ව්‍යවස්ථාවෙන් පසු වසර 33ක් පුරා ඇතිවූ පරිවර්ථනය වටහා ගැනීම සදහා නීතිය මත පාලනය හා නීතිය හා පිළිවෙල හෝ නීතිය හෝ නීතිය හා සාමය යන සංකල්පයන්ගේ ඇති එකිනෙකට හාත්පසින් වෙනස් අදහස් වෙන්කර හදුනාගත යුතුවේ. ලංකාවේ දැන් සදහන් වෙන්නේ නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන මිස නීතිය මත පාලනය යන නෛතික මූලධර්ම නොවේ.

නීතිය හා පිළිවෙල (Law and Order)

නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන වලින් කියවෙන්නේ කිසියම් හෝ ආණ්ඩුවකට කැමති පරිදි ඇතිකරණු ලබන පිළිවෙලකි. එම පිළිවෙල මොනයම්ම හෝ නීතිමය දර්ශනවාදයකට සම්බන්ධවී නැත. ආණ්ඩුව කැමති පිළිවෙලක් අනුගමනය කරමින් තමුන් කැමති දේ කරයි. උදාහරනයක් වශයෙන් යම් පැල්පත්වාසීන් ඔවුන් පාරම්පරිකව පදිංචිවී ඇති ස්ථානයෙන් එළියට දැමීම ආණ්ඩුවේ අභිමතාර්ථය නම් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකින් තොරව ඔවුන් සිටි තැන් වලින් එළියට ඇද දමයි. අපරාධකාරයන් මර්ධනය කිරීම සදහා ප්‍රසිද්ධ අපරාධකාරයන් මරා දැමිය යුතු යැයි ආණ්ඩුවේ මතයක් ඇතිවුවහොත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන මරා දමනු ලබයි. මිනීමරු චෝදනාවක් ඇත්තෙකු නීතියේ රැහැනින් බේරා තැබීමට ආණ්ඩුවකට අවශ්‍යනම් ඔහුට විරුද්ධව අපරාධ නීතිකෘත්‍යයක් ගෙන ඒම වළක්වනු ලබයි. දේශපාලන විරුද්ධකාරයන්ගේ දේපල අත්පත් කරගැනීම මගින් විරුද්ධ පක්ෂයේ බලය මැඩලිය යුතුයැයි ආණ්ඩුව සිතනවානම් ඔවුන්ගේ දේපල රජය සතු කරගැනීම මගින් රජයේ උවමනාව ඉටුකරගනී. අපරාධ චෝදනා ලැබ සිටින්නෙකු නිදහස් කල යුතුයැයි ආණ්ඩුවට සිතේ නම් නීතිපතිවරයා මගින් ඔහු නිදහස් කරණු ලබයි. දේශපාලන විරුද්ධවාදියෙකු නිදහසේ සිටීම දේශපාලන තර්ජණයක් යැයි සිතන්නේනම් ඔහු බොරු නඩුවක පටලවා ඇප අහිමි කොට හිරදඩුවමකට යටත් කරයි. දේශපාලන විරුද්ධවාදියෙකු එම විරුද්ධවාදීකම් අuතක කොට රජය සමග එක්වී කටයුතු කිරීමට කටයුතු කරයි නම් ඔහුට විරුද්ධව පවතින නීතිමය ක්‍රියාමාර්ගයන් අත්හිටුවනු ලබයි. මැතිවරණ පැවැත්වීමේදී ස්වාධීන් මැතිවරණ කොමසාරිස්වරයෙකු සිටීම තමන්ට අවාසිදායක වන්නේනම් එසේ ස්වාධීන කොමසාරිස්වරයෙකු නැති තත්වයක මැතිවරණ පවත්වයි. මේ ආකාරයට නීතිය සහ පිළිවෙල හෝ නීතිය සාමය යන අදහස යටතේ කර ඇති හා කළ හැකි ක්‍රියාවන් දීර්ඝ වශයෙන් ලැයිස්තු කල හැකිය. නීතිය හා පිළිවෙල හෝ නීතිය  හා සාමය යන වචන වලින් කියවෙන්නේ ආණ්ඩුවක් තමන්ට කැමති ආකාරයේ පිළිවෙක් සාදා ගැනීම යන්නය. මෙසේ සාදා ගන්නා පිළිවෙල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලධර්මවලට හා නීතිය මත පාලනයේ මූලධර්ම වලට අනුකූල විය යුතු නොවේ. පවතින ආණ්ඩුවක් ඔවුන් කැමති පිළිවෙල රට මත පටවනු ලබයි.

නීතිය මත පාලනය (Rule of Law)

නීතිය මත පාලනය යනු දේශපාලන සංකල්පයකි. එම සංකල්පය තුළින් රටක් තුළ පැවතිය යුතු නීතියත් නීතිය අධිකරණමය ක්‍රියාදාමයන් තුළින් ක්‍රියාත්මක වීමත් සනිටුහන් කරයි. නීතිය මත පාලනය පිළිබදව zටොම් බින්හම්Z නැමැති බ්‍රිතාන්‍යයේ හිටපු නීතිය පිළිබද ස්වාමිවරයා විසින් කර ඇති පහත සදහන් කෙටි විස්තරය මෙසේය.

zz පවතින මූලධර්මයන්ගේ හරය මෙසේ යැයි මම යෝජනා කරමි. යම් රාජ්‍යයක් තුළ සිටින සියඵම පුද්ගලයන් හා රජයේ හා පුද්ගලික අංශයේද  බලධාරීන් ප්‍රසිද්ධියේම නිර්මාණය කරන ලද නීතිවලින් බැදෙන අතර ඒවායින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට අයිතිවාසිකම් කියන අතර එම ඵල ප්‍රයෝජන සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ අනාගතයේදී. එම නීති ප්‍රසිද්ධියේ අධිරකරණ මගින් ක්‍රියාත්මක කල යුතුවේ.ZZ

නීතිය මත පාලනය පිළිගන්නා දේශපාලන ක්‍රමයක් තුළ නීතියේ ආධිපත්‍යයට මුල්තැන ලැබෙන අතර නීතියට ඉහළින් කිසිවෙකුට පිහිටා සිටීමට බැරිය. නීතිය ඉදිරියේ සියඵම රටවැසියන් සමාන අයිතිවාසිකම් වලට හිමිකම් කියති. මෙම අයිතිවාසිකම් පිළිබද ගැටඵ ස්වාභාවයෙන්ම ඇතිවන හෙයින් ඒවා නිරාකරණය කිරීම පැවරෙන්නේ ප්‍රසිද්ධියේ කටයුතු කරන අධිකරණ ක්‍රියාවලියකට පමණය.

නීතිය මත පාලනය තුළ ඇතිවන පිළිවෙල එක් එක් රජයක හිතුමතය අනුව හැඩගැස්සිය හැකි එකක් නොවේ. රජයේ සියඵ නිලධාරීන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කල යුත්තේ නීතිය තුළ පනවා ඇති බලයන් හා සීමාවන් ඔස්සේය. ඒ සීමාවන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව අවසාන තීරණය ඇත්තේ අධිකරණ ක්‍රියාදාමයකටය.

එහෙත් නීතිය හා පිළිවෙල යන සංකල්පය යටතේ ආණ්ඩුවකට කිසියම්ම හෝ නීති මූලධාර්මකයකට යටත් විය යුතු නැත. නීති මූලධර්මයත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට බාධකයක් නම් නීතිය හා පිළිවෙල යන අදහස යටතේ කටයුතු කරන ආණ්ඩුව තමන්ට බාධකයක් වන නීති මූලධර්ම ඉවත්කර දමනු ලබයි. තමන් කිරීමට යෝජනා කරන වැඩකටයුතු අධිකරණයකට යොමු කිරීම මාර්ගයෙන් තමන්ට බාධකයක් වේයැයි සිතන ආණ්ඩුව එම කටයුතු කෙරෙහි අධිකරණයට ඇති බලය ඉවත්කොට තමන් කැමති දෙයක් කරගනී. අධිකරණයකට කල හැක්කේ ආණ්ඩුවක් ඔවුන්ට කිරීමට ඉඩ හැර ඇති දේ පමණය.
නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යනුවෙන් හැදින්වෙන හිතුවක්කාර පිළිවෙත තුළ අධිකරණයට පමණක් නොව පාර්ලිමේන්තුවටද හිමිවන්නේ නොවැදගත් ස්ථානයකි. නීතිය මත පාලනය පවතින දේශපාලන වාතාවරණයට නීති සම්පාදනය පිළිබදව පිලිගත් සම්ප්‍රදායන් ඇත. නීතියක් සෑදීම ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවිය යුතු බව හා එම සහභාගීත්වය නාමිකව නොව සැබවින්ම පැවතිය යුතු බව නීතිය මත පාලනයේ අඩිතාලමක් වේ. නීති සම්පාදනය රටක ජනතාවකගේ ක්‍රියාවලියක් මිස ආණ්ඩුවක හිතුවක්කාර ක්‍රියාමාර්ගයක් නොවේ. විවිධාකාර කූට උපක්‍රම මගින් ආණ්ඩුවක් තමන්ට කැමති ක්‍රියාමාර්ගයක් නීතියක් සේ සම්මත කර ගනී නම් එය නීතිය මත පාලනය යන අදහස යටතේ නීතියක් නොවේ. 1978 ව්‍යවස්ථාව තුළින් ඉක්මන් පනත් ගෙනඒමට හා සම්මත කර ගැනීමට සකස් කරගෙන ඇති ක්‍රියාපිළිවෙල නීතිය මත පාලනයට මුඵමනින්ම පටහැනිය. එය ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද අයිතිවාසිකම් අහිමි කිරීමක් වේ.

මේ අනුව බලන කල දැන් තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙක් නැතැයි ආරක්ෂක ලේඛම්වරයා කියන ප්‍රකාශය සත්‍යයකි. දැන් රටේ ඇත්තේ නීති හා පිළිවෙල යන හිතුවක්කාර ක්‍රියාදාමය මිස නීතිය මත පාලනය නොවේ. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ අධීක්ෂණ බලය කප්පාදු වී හමාරය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු.

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)


ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....


දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන් අසරන තත්වයට පත් වෙනවා. අප කියන්න යන කතාවද එවැනිම  දෙයක්. මේ පිරිමි ළමයා අපයෝජනයට ලක්වුනේ ගමේ තරුණයෙක්ගෙන් හා පනස් පස් හැවිරිදි ගමේ වැඩිහිටියෙකුගෙන්. සවන් දෙන්න මේ කතාවට... යමක් ගන්න සිතට... 



...

Saturday, October 29, 2011

ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි



බී.බී.සී සංදේශය විසින් පටිගත කල ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි.


  BBC Sandeshaya AHRC and Sri Lanka Police. by janasansadaya

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා





14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

Friday, October 28, 2011

කතෝලික සභාව අතුරුදහන් කරවීමට සැරසෙන අතුරුදහන් වූවන්ගේ ස්මාරකය





1988, 89, 90 අත=reදම් කරවීම් මතකයෙන් ඈත් නොකිරීමට ගන්නා ලද උත්සාහයකි රද්දොලුව ‘’අත=eදන්වූවන්ගේ ස්මාරකය”

වාර්ෂිකව අත=eදන්කරවූවන්ගේ මාපිය දරeවන් මෙතනට එක් වූයේය.ඒ සාමූහිකව බලයෙන් වෙන් කළ පුතා,දුව,සැමියා,බිරි`, ඥාතියා සිහිකිරීමටය.තම විශ්වාසය අනුව පිං පැමිණ වීමටය.

මෙම ස්මාරකය ජනතාවට ලොවට දෙන පනිවිඩය එතරම් සරල වූවක් නොවේ.එය ඉතා ගැඹqre.මෙම ස්මාරකය - අත=eදහන් කරවීමේ රාජ්‍ය හා ආණ්ඩුවේ ප%;sපත්තිය අමතක කරන්නට ඉඩ නොදෙන්නෙකි.;=eදන් කරවීමේ සංස්කෘතිය, තිරිසන් සංස්කෘතිය පවත්වාගෙන යෑමට අභියෝගයකි.

මෙම ස්මාරකය ඉදි කිරීමට සියලු ආගම් එක්විය.දේශපාලන පක්ෂ විවිධ සංවිධාන එක්විය.

එදා කතෝලික සභාව දේවස්ථානයට අයත් ඉඩම ඒ සදහා වෙන් කර දුනි.
ආගමික සමගිය වේදිකාවට සීමා වූවක් නොවීය යුතය යන පනිවිඩය දීමට පුරෝගාමී විය.

දැන් කාලය එළඹී ඇත. අත=eදන් කරවීම් අමතක කරන්න - ඒ සදහා අත=eදන් කරවූවන්ගේ ස්මාරකය ඉවත්විය යුත=.

මේ වන විට අත=eදන්වූවන්ගේ ස්මාරක +මියට අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත්ව සිටින කතෝලික සභාව ස්මාරකය පොළවට සමතලා කර දැමීමට අදිටන් කර ගෙන ඇත.

අනෙක=ත් ආගමික සංවිධාන එක්ව කතෝලික සභාව,රාජ්‍යයේ පංග=කාරයෙකි. ආණ්ඩුවේ  ආශිර්වාදය නොමැතිව එයට පැවතිය නොහැක.

මානව හිමිකම් කතා කරන කතෝලික පූජක වරeනි, ඔබේ හෘද සාක්ෂිය උරගා බලන්නට මෙය කදිම අවස්ථාවකි.අත=eදන් කරවීම, දසපනතේ හය වැන්නට පටහැනි නොවන්නේද?
නිහඩතාවය බිද දමන්න.