Showing posts with label fe. Show all posts
Showing posts with label fe. Show all posts

Friday, July 1, 2016

වැල්ලේ ගෑණු පට්ට වේසියොලූ ! පැමිණිලි කරන්න කොමිෂමට එන්නලූ !!

(චීවරධාරියකු සනසන්න ආබාධිත ගැහැණියකට වධ දෙයි යන පෙර වාර්තාව හා සම්බන්ධයි.)

දුප්පතුන්ට යුක්තිය සුදුසු දෙයක් හෝ අවශ්‍ය දෙයක් නොවේ. එ් බව සනාථ කරන්නේ පොලීසිය අධිකරණය පමණක් නොවේ. මානව හිමිකම් කොමිෂන් සභාව ද එ් තත්ත්වයෙන් මිදි නැත.

ප‍්‍රියංකා 36 හැවිරිදි තිදරු මවකි. ඇය දුප්පත් ය. ජීවත්වන්නේ වෙරළබඩය. එ් නිසාම ඇය පට්ට වේසියකි, පොලීසියට අනුව. ඇයව පොලීසියට ගෙන්වා, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධ දීමට එකම හේතුව චීවරධාරියකුගේ පැමිණිල්ලකි. ඇයට පොලීසිය කියා ඇත්තේ චීවරධාරියාගෙන් සොරාගත් රු. ලක්ෂ 11න් රු.3000/ක් ඇයට සොරා ලබාදි ඇති බවයි.

මැය පොලිස්පති, ජාතික පොලිස් කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාව ඇමතූ ලිපි පහත දක්වමු.

01. පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාව, ඇමතූ ලිපිය. .

භික්ෂුවකගේ අවශ්‍යතාවයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධ දීම හා මුදල් කඩා ගැනීමට දරන උත්සාහය.

2016.07.01 දිනදීය.

2016.06.20 වන දින, පස්වරු 2.00 ට වාද්දුව පොලිසිය තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මාව සොයා තිබුනා. 

මා, එ් වෙලාවේ සිටියේ පානදුර මූලික රෝහලේ මාගේ නෑනා ලඟ.

මට වාද්දුව පොලිසියට එන්න කියා තුණ්ඩුවක් දීලා තිබුනා.

එ් අනුව මා, උදේ 10.00 ට වාද්දුව පොලිසියට ගියා. මා සමග මාගේ මව හා නෑනා ශාන්ති ද ගියා. වාද්දුව පොලිසියේදී මාව ක්‍ෂ සුනෙත් බාරගත්තා. ඔහුගේ ජංගම දුරකථණ අංකය 0718212776 වේ.

මා නිවසට ඔවුන් පැමිණියේ සිවිල් පිට. ඔවුන් පොලිසියේ සිටියේද සිවිල් පිට.

ක්‍ෂ සුනෙත් කියන නිලධාරියා මාව පොලිසිය පිටුපස්සේ කාමරයකට ගෙන ගියා. එහි සිටි හය හත්දෙනාම සිටියේ සිවිල් පිට. සියලූම දෙනා පිරිමි. මම යනකොට අනිල් කියන, පානදුර නගර සභාවේ වැඩ කරන අය සිටියා. ඔහුට මාංචු දමා තිබුනා. අනිල් යන අයගේ ගෙදරින් ගෙනත් තිබූ රත්තරං බඩු, රයිස් කුකර් එක, ගෑස් ලිප, ඇතුලූ කුස්සියේ බඩු තිබුනා. පැයකින් විතර අනිල් කියන අයගේ බිරිඳ ද ආවා. මට එහි සිටි අය කුණුහරපයෙන් බනිමින් අපහාස කලා. මට උපතින්ම කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මම කතා කරන විදිහට එ් අයද කතා කරමින් මාව දැඩි පීඩාවට පත් කලා. 

මට වැසිකිලියට යන්න දුන්නේ නැහැ.වතුර ඉල්ලූවාම දුන්නේ නැහැ. කෑම දුන්නේ නැහැ. හැම විටම මට කතා කළේ පට්ට වේසි කියලා. 

මගෙන් ලක්ෂ 11ක් ඉල්ලූවා. ඊට පස්සේ මගෙන් රු: 3000/= ක් ඉල්ලූවා. එ් ගලවැටි මෝදර ශී‍්‍ර සද්ධාරාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමැති භික්ෂුවට අයත් මුදල් බව ඔවුන් කියා සිටියා.
මේ අතර, මාගේ මව මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට ෆැක්ස් මගින් දැනුම් දීලා තිබුනා. එවිට වේලාව ප:ව:2.40 පමණ ඇති.

සවස 1.30 ට පමණ මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පානදුර පොලිසියේ හවස 4.30 වනතුරු තියාගෙන හිටියා. ඊට පස්සේ, වාද්දුව පොලිසියේ මාව ගෙනාපු නිලධාරීන්, ත‍්‍රී රෝද රථයෙන්, ගලවැටිමෝදර පන්සලට ලඟට ගෙනගොස් බැස්සුවා. මාව බස්සවා යන අවස්ථාවේ 
රු: 3000/= ගෙනත් දුන්නේ නැතිනම් උසාවි දානවා කියා තර්ජණය කලා. මට හිංසා කල සියලූම නිලධාරීන්ව මට හඳුනා ගන්න පු`ඵවන්.

මා ඉල්ලා සිටින්නේ,
චීවරධාරියෙකුගේ අවශ්‍යතාවයට, මාගෙන් රු: 3000/=ක් ලබා ගැනීම සඳහා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධහිංසාවට පත්කල - වාද්දුව පොලිසියේ ක්‍ෂ සුනෙත් ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය.

ඉහත සියුලූ කරුණු සත්‍ය හා නිවරැදි බව ප‍්‍රකාශ කරමි.

02. මානව හිමිකම් කොමිෂන් සභාව, ඇමතූ ලිපිය.

ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, සභාපතිනිය, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර, කොළඹ 08.

භික්ෂුවකගේ අවශ්‍යතාවයට මාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, 
වධ දීම හා මුදල් කඩා ගැනීමට දරන උත්සාහය.

2016.07.01 දිනදීය.

2016.06.20 වන දින, පස්වරු 2.00 ට වාද්දුව පොලිසියේ තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මාව සොයා තිබුනා. 

මා එ් වෙලාවේ සිටියේ පානදුර මූලික රෝහලේ මාගේ නෑනා ලඟ.

මට වාද්දුව පොලිසියට එන්න කියා තුණ්ඩුවක් දීලා තිබුනා.

එ් අනුව මා, උදේ 10.00 ට වාද්දුව පොලිසියට ගියා. මා සමග මාගේ මව හා නෑනා ශාන්ති ද ගියා. වාද්දුව පොලිසියේදී මාව ක්‍ෂ සුනෙත් බාරගත්තා. ඔහුගේ ජංගම දුරකථණ අංකය 0718212776 වේ.

මා නිවසට ඔවුන් පැමිණියේ සිවිල් පිට. ඔවුන් පොලිසියේ සිටියේද සිවිල් පිට.

ක්‍ෂ සුනෙත් කියන නිලධාරියා මාව පොලිසිය පිටුපස්සේ කාමරයකට ගෙන ගියා. එහි සිටි හය හත්දෙනාම සිටියේ සිවිල් පිට. සියලූම දෙනා පිරිමි. මම යනකොට අනිල් කියන, පානදුර නගර සභාවේ වැඩ කරන අය සිටියා. ඔහුට මාංචු දමා තිබුනා. අනිල් යන අයගේ ගෙදරින් ගෙනත් තිබූ රත්තරං බඩු, රයිස් කුකර් එක, ගෑස් ලිප, ඇතුලූ කුස්සියේ බඩු තිබුනා. පැයකින් විතර අනිල් කියන අයගේ බිරිඳ ද ආවා. මට එහි සිටි අය කුණුහරපයෙන් බනිමින් අපහාස කලා. මට උපතින්ම කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මම කතා කරන විදිහට එ් අයද කතා කරමින් මාව දැඩි පීඩාවට පත් කලා. 

මට වැසිකිලියට යන්න දුන්නේ නැහැ.වතුර ඉල්ලූවාම දුන්නේ නැහැ. කෑම දුන්නේ නැහැ. හැම විටම මට කතා කළේ පට්ට වේසි කියලා. 

මගෙන් ලක්ෂ 11ක් ඉල්ලූවා. ඊට පස්සේ මගෙන් රු: 3000/= ක් ඉල්ලූවා. එ් ගලවැටි මෝදර ශී සද්ධාරාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමැති භික්ෂුවට අයත් මුදල් බව ඔවුන් කියා සිටියා.

මේ අතර, මාගේ මව ඔබ කොමිෂමට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට ෆැක්ස් මගින් දැනුම් දීලා තිබුනා. එවිට වේලාව ප:ව:2.40 පමණ ඇති.
එයින් පැයකට පමණ පසුව, එනම් ඔබ කොමිෂන් සභාවේ 0112689064 අංකයට, 072 5716210 අංකයෙන්, ප:ව: 3.56 ට කතා කලා. එවිට උත්තර දුන්න මහත්මයා කිව්වේ , පැමිණිලි කරන්න මෙහාට එන්න  ඕනා, එක එක තැන්වලට ගිහින් වැඩක් නැහැ කියා. එසේ කියා දුරකතනය විසංධි කලා. 

සවස 1.30 ට පමණ මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පානදුර දකුණ පොලිසියේ හවස 4.30 වනතුරු තියාගෙන හිටියා. ඊට පස්සේ, වාද්දුව පොලිසියේ මාව ගෙනාපු නිලධාරීන්, ත‍්‍රී රෝද රථයෙන් මාව, ගලවැටිමෝදර පන්සල ලඟට ගෙනගොස් බැස්සුවා. මාව බස්සවා යන අවස්ථාවේ රු: 3000/= ගෙනත් දුන්නේ නැතිනම් උසාවි දානවා කියා තර්ජණය කලා. මට හිංසා කල සියලූම නිලධාරීන්ව මට හඳුනා ගන්න පු`ඵවන්.

මා ඉල්ලා සිටින්නේ,
01. චීවරධාරියෙකුගේ අවශ්‍යතාවයට, මාගෙන් රු: 3000/=ක් ලබා ගැනීම සඳහා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධහිංසාවට පත්කල - වාද්දුව පොලිසියේ ක්‍ෂ සුනෙත් ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට , හා

02. මෙම දිනයේ, ඔබ කොමිෂමේ 0112689064 අංකය බාරව සිටි නිලධාරියා කවරෙක්ද යන්න ප‍්‍රකාශ කරන ලෙසට හා ඔහුට විරුද්ධව විනය පිවර ගන්නා ලෙසටය.

ඉහත සියුලූ කරුණු සත්‍ය හා නිවරැදි බව ප‍්‍රකාශ කරමි.







Monday, August 10, 2015

පොලිස් නිලධාරියෙකුට රු: ලක්ෂ 8 අරන් දීමට බැරිවු තැන වධදී බොරු නඩු දමයි.

මෙම අපරාධයට ගොදරුවුයේ වස්කඩුව ප‍්‍රදේශයේ රොහාන් සිල්වා, වෙස්ටන් සිල්වා හා හර්ෂන සිල්වා යන තිදෙනාය. ඔවුන් ප‍්‍රකාශ කරන පරිදි ජුලි මස 07 දින ක`ථතර පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ එකකයේ වධදීමට පාත‍්‍රකර තිබේ.

ඔවුන් ව මෙම විශේෂ එකකයේ නිලධාරින් බුදිය ගන්න කාමරයක, තබාගෙන වධදීම සිදුකර තිබේ. රාත‍්‍රියේ එම කාමරයේ තට්ටු ඇඳන් දෙකේ සිටි නිලධාරින්, මත්පැන් පානය කරමින්, ටිවී එකේ ටෙලිනාට්‍යයේ දැන්වීම් යන වේලාවට මාංචු දමා බිම දිගා කර සිටි ඔවුන්ට පොලූවලින්  පහර දුන්න බව කියා සිටි. 

තමාගේ අත් පිටුපසට කොට මාංචු දමා, ඉන්පසු කකුල් වලට මාංචු දමා, බිම මුන්න් අතට දිගා කොට, එක් අයෙක් එක් කකුලක් පිට උඩට තියා, අත් උඩට ඇදගෙන සිටින විට,තවත් එක්කෙනෙක් කකුල් දෙක පාගාගෙන හිටිය අතර, දන්නෙක් දෙපැත්තෙන් වේවැල් පොලූ දෙකකින් පිට, තට්ටම්වලට ගැහුව බව රොහාන් සිල්වා ප‍්‍රකාශ කරයි.

හර්ෂණ සිලිවා කියා සිටින්නේ තමාව නිරුවත් කොට පහර දෙමින් කොචිචි ඉස්ම, ඇස්වලට හා පුරුෂ ලිංගයට දැමු බවයි. 

වෙස්ටන් සිල්වා, රෝහන සිල්වාගේ පියාට පහර දි ඇත්තේ අඩ නිරුවත් කරය. 

මොවුන් මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිලි වලින් සියල්ල පැහැදිලි වේ.


රොහන් සිලිවාගේ පැමිණිල්ල


නිති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසා කොට
රක්ෂිත බන්ධනාගරගත කොට බොරු නඩු දැමීම.

වෙඩික්කාර අනුෂ් රොහාන් සිල්වා, අවු: 33 යි, ජා.හැ.අ. 822360008 ඪල විවාහක, 
රැුකියාව: රියදුරු, ලිපිනය: 305, මහා වස්කඩුව, වස්කඩුව.

2015.08.07 වන දින දීය. 

2015.07.07 වන දින ප.ව. 3.00 පමණ, නිවසේ සිටින විට සිවිල් පිට හතර දෙනෙකු පැමිණ, පොලීසියෙන් කියා මාව ත‍්‍රී රෝද රථයකින් ක`ඵතර දකුණ පොලීසියට ගෙන ගියා.

මාව පොලීසිය තුළට ගෙන ගොස් එහි සිටි අයකුට පෙන්නුවා. එ් මහතා මාව ගෙනියන්න කිව්වා. 

ඊට පසුව, මාව ගෙන ගියේ ක`ඵතර, කටුකුරුන්ද පොලිස් අධිකාරී කාර්යාලයේ ”ඹබසඑ” කියන එකට. එහිදී මට අත් පිටුපසට කොට මාංචු දැම්මා. 

මාව අත්අඩංගුවට ගෙන ගියේ මෙම ඹබසඑ එකේ පේ‍්‍රමලාල්, වීරසේන, විතාන හා සමීර යන නිලධාරින්.

පේ‍්‍රමලාල් යන අය මට කිව්වා, අන්න යා`ඵවෙක් ඉන්නවා බලපන් කියා. මාව සමීර කියන අය එහි කාමරයකට ගෙන ගියා.

එම කාමරයේ තට්ටු දෙකේ ඇඳක් තිබුණා. එහි අනෙක් පැත්තේ බිත්තියේ සවිකර තිබූ යකඩ බාර් එකට තියා, හර්ෂනට මාංචු දමා තිබුණා.

ඔහුව පෙන්නා වෙනත් කාමාරයකට ගෙන ගොස්් මගේ කකුල් දෙකට මාංචු දමා මුනින් අතට බිම නිදි කෙරෙව්වා. එක් අයෙක් එක් කකුලක් පිට උඩට තියා අත් උඩට ඇදගෙන හිටියා. තවත් එක්කෙනෙක් කකුල් දෙක පාගාගෙන හිටියා. දෙන්නෙක් දෙපැත්තෙන් වේවැල් පොලූ දෙකකින් පිට, තට්ටම්වලට ගැහුවා. විනාඩි 15 ක් විතර පහර දුන්නා.

පැයකට පස්සේ, විතාන යන අය පැමිණ කකුලේ ඇස්වට වලට, දණහිස්වලට පහර දුන්නා.

රාත‍්‍රී 7.30 ට පමණ, හර්ෂන හිටපු කාමරයට නැවත ගෙන ගිහින්,  එහි තිබු ඇඳේ ඇන්දකට තියා එක් අතක මාංචු ගලවා, එයාට දැම්මා.

රාත‍්‍රියේ දෙන්නෙක්, ඇඳන් දෙකේ නිදාගෙන, එහි තිබූ ඔඪ එකේ, ටෙලි නාට්‍යය බලමින් මටත්, හර්ෂනටත් පොලූවලින් ඔලූවට පහර දුන්නා.

ඔවුන් වරින් වර, එළියට ගොස් මත්පැන් පානය කළා. විටින් විට මගේ හිසකෙස්වලින් ඇද කොණ්ඩය කැඩුවා. කාමරයට එන හැම අයෙක්ම පයින් ගහලා තමයි ගියේ. 

දෙවෙනි දවසේ උදේ මාව ජීප් එකෙන් අම්බලන්ගොඩ, තෙල්වත්තේ මගේ නංගිලාගේ ගෙදර ගෙන ගියා. එහිදී මස්සිනාට එන්න කියා පණිවුඩයක් තිබ්බා.

එදින සවස 4.00 ට විතර, පේ‍්‍රමලාල් යන අය පැමිණ, මාව වෙනත් තැනකට ගෙන ගියා. එහි පුටු මේස තිබුණා. එහි කීප දෙනෙක් හිටියා. පොලිස් කාන්තාවන් කිහිප දෙනෙක් හිටියා. 

එතැන තාත්තා (වෙස්ටන්* හිටියා. ඔහු හිටියේ යට කලිසම පිටින්.

පේ‍්‍රමලාල් මාව පුටුවක වාඩි කරවා තාත්තව පෙන්නා ”උඹ වැරැුද්ද පිළිගනින් නැතිනම් තාත්තා මරණවා” කිව්වා.

මම කිව්වා, ”මම කිසිම වරදක් කරලා නෑ” කියා. ඔවුන් මට කිවවා 2015.02.28 වන දින, සම්පත් කියන පොලිස් නිලධාරියාට පහර දුන්නා කියා පිළිගන්න කියා. එ් අවස්ථාවේ පේ‍්‍රමලාල් තාත්තාගේ පපුවට මිට මොලවා ඇනගෙන ඇනගෙන ගියා. 

එහි සිටි නලධාරියෙක්, මගේ කොණ්ඩෙන් අල්ලා ඉස්සුවා. තවත් අයෙක් මට හතර පස්වතාවක් පයින් ගැසුවා. එවා මගේ පපුවට වැදුනා. එක් පාරක් මගේ උගරට වැදුනා. උගුරෙන් ලේ ආවා. 

එයින් පසුව නැවත මාව කාමරයකට ගෙන ගොස් පෙර පරිදිම මාංචු දමා තිබ්බා. 

රාත‍්‍රියේ පේ‍්‍රමලාල් යන ය මාව එළියට අරන් කිව්වා, සම්පත් කියන නිලධාරියාට සල්ලි නැහැ, ඔහුට ශෛල්‍යකර්මයකට රු: ලක්ෂ 8 ක් යනවා, එ්ක පොලීසියෙන් දේනනේ නෑ, සාධාරණ ගාණක් ගෙවපන් කියා. නැතිනම් අවුරුදු 3 කින් මැරෙන්න ගහනවා. පවුලම විනාශ කරනවා කිව්වා.

එසේ පවසා නැවත, කාමරයට ගෙන ගොස් පෙර සේම තිබ්බා.

මාව කාමරයට ගෙන ගොස් පැයකට පමණ පසුව තාත්තාව ද ගෙනවිත් බිම තබා බිත්තියේ යකඩ බාර් එකට තබා මාංචු දැම්මා.

පසුදින උදේ 10.30 ට පමණ, මාව, තාත්තාව හා හර්ෂනව ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් නිමල් කරුණාතිලක ඉදිරියට ගෙන ගියා.

එහි යනවිට මාගේ බිරිඳ, මව හා හර්ෂනගේ පියා වන ලක්ෂ්මන් එහි සිටියා. සම්පත් කියන නිලධාරියා ද එහි සිටියා. 

සම්පත්ව පෙන්නා, නිමල් කරුණාතිලක ඔහුට සාධාරණයක් කරන්න කියා අපට කිව්වා. ඔහු අදහස් කළේ සල්ලි දෙන්න කියා. ඔහුත් කිව්වා ශෛල්‍යකර්මයට ලක්ෂ 8 ක් යනවා කියා. 

ඉන්පසු ඔහු කිව්වා මම නිමල් කරුණාතිලක, මම තමයි සන්බබා මැරුවේ. අපි කියන විදියට වැඩ කළොත් කව්රුත් ඉඳියි. නැති නම් කාණුවක ඉඳියි කියලා. බෝම්බ හරි කුඩු හරි දාලා කාලෙකට එන්න බැරි වෙන්න යවන වා කියලා.

එයින් පසුව ප.ව. 2.00 ට පමණ අප තුන්දෙනාව නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂා කළා. මාගේ ශරීරයේ තිබුණ පහර දීපු තැන් පෙන්වා මොකද වුණේ කියා ඇහුවා.

අපි තුන්දෙනාව රෝහලට ගෙන ගිය පේ‍්‍රමලාල් ඇතුලූ පිරිස අපට තර්ජනය කර කිව්වා ගහපු බව කිව්වොත් මරණ බව, බෝම්බ දාන බව.

එ් නිසා ෙදාස්තර මහතා අහපු ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නෑ.

එතනින් නැවත ක`ඵතර ඹබසඑ එකට ගෙන ආවා. එහිදී මගේ ඇඟිලි සලකුණු ගත්තා. පිංතූර ගත්තා.

ඉන්පසුව මාව හා අනෙක් දෙන්නාව ජීප් එකෙන් ක`ඵතර දකුණ පොලීසියට ගෙන ආවා. එතැනින් ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

අප ඉන්නකොට ඹබසඑ එකේ තියාගෙන තිබුණ මාගේ ත‍්‍රී රෝද රථය ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා. එහි අංකය න්‍ූ 5181 වේ.

ඉන්පසු ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

2015.07.21 දින සිට 2015.08.04 දින දක්වා රිමාන්ඞ් කළා. 2015.08.04 වන දින ඇප ලබා දුන්නා. මිළඟ නඩු දිනය 2015.09.22 වේ.

නමුත් ඹබසඑ එකේ දී මාගෙන් ලබාගත් හැඳුනම්පත- (822360008 ඪ*ල ආදායම් බලපත‍්‍රය, රක්ෂණ සහතිකය, පේ‍්‍රමලාල් නිලධාරියා ලබාගත්තා. එ්වා මට ආපසු බාර දුන්නේ නෑ. 

මා ඉල්ලා සිටින්නේ,

(1* අප විසින් නොකළ වරදකට අත්අඩංගුවට ගෙන වධ දී, මාගෙන් සම්පත් කියන නිලධාරියාට රු: ලක්ෂ 8 ක් අරන් දීමට දරන නීති විරෝධී උත්සාහය වලක්වන ලෙසට,

(2* මට විරුද්ධව ඉදිරියේදී බොරු නඩු දමා, පීඩා කරන බවට කරන ලද තර්ජන පිළිබඳව අවධානය යොමු කොට එ්වා වල්කවා ආරක්ෂාව සලසන ලෙසට,

(3* මාගෙන් ලබාගත්, ඉහත සඳහන් කළ,
1. හැඳුනම්පත, (822360008 ඪ* 
2ග රියදුරු බලපත‍්‍රය (් 811221*
           2. ආදායම් බලපත‍්‍රය
3. රක්ෂණ සහතිකය 

(4* මා අත් අඩංගුවට ගැනීමත් සමග අත්අඩංගුවට ගත් මාගේ ත‍්‍රිරෝදරථය (න්‍ූ5181 * 2015.07.10 වන දින ක`ථතර පොලීසියට ගෙන විත් බාර දෙන ලදි.  

යන අත්‍යාවශ්‍ය ලේඛණ සහ ත‍්‍රිරෝද රථය ආපසු ලබාදෙන ලෙසටය.

එමෙන්ම මාව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගත් ක`ඵතර පොලිස් අධිකාරී කාරියාලයෙි, ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් කරුණාරතන, පේ‍්‍රමලාල්, විතාන, වීරසේන, සමීර ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

වෙඩික්කාර අනුෂ් රොහාන් සිල්වා

හර්ෂණ සිල්වාගේ පැමිණිල්ල

නිති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසා කොට
රක්ෂිත බන්ධනාගරගත කොට බොරු නඩු දැමීම.

මුණසිංහ හර්ෂන සිල්වා, අවු: 25 යි, ජා.හැ.අ. 900754400 ඪල අවිවාහක, රැුකියාව: කම්කරු, ලිපිනය: වැල්ලබඩ පාර, මහ වස්කඩුව, වස්කඩුව.

2015.08.07 වන දින දීය.

2015.07.07 වන දින, මා රැුකියාව කර ගෙදර එමින් සිටියදී, ප.ව. 3.30 ට පමණ, රෝයල් ෆාම් හෝටලය ඉදිරිපිට (ක`ඵතර හෝටල් පාරේ* දී, සිවිල් පිට සිටිය තුන් දෙනෙක් මා ගිය පාපැදිය නවත්වා අපි ඹබසඑ එකෙන් කියා, අත්අඩංගුවට ගෙන මාංචු දමා ත‍්‍රී රෝද රථයකින් ක`ඵතර, කටුකුරුන්ද පොලිස් අධිකාරී කාර්යලයේ ඹබසඑ එකට ගෙන ගියා.

ඹබසඑ එකට ගෙන ගියාට පස්සේ, ප්‍රෙමලාල් නැමති අය, ආයුධයකින් මාගේ කණට ගැසුවා. මගේ කණෙන් ලේ පැන්නා. ඊට පසුව ෂර්ට් එක ගලවා අත පිටුපසට කොට මාංචු දමා බිම දිගා කොට එක් අයෙක් අත් දෙක උඩට ඇද අල්ලාගෙන සිටින විට, තවත් අයෙක් කකුල් පාගා බිමට තෙරපූවා. ඊට පසු වීරසිංහ යන නිලධාරියා වේවැල් පොල්ලකින් තට්ටම්වලට පහර දුන්නා. ඉට පස්සෙ බිත්තියේ සවි කර තිබූ යකඩ පොල්ලකට තියා මාංචු දැම්මා. 

සවස 6.00 ට විතර අනුෂ රෝහනව ද ගෙනවිත් දැම්මා. විටින් විට අනුෂ් රොහාන්ව කාමරයෙන් එළියට ගෙන ගියා. ඔහුට පහර දී ගෙනැත් දැම්මා.

දෙවන දිනයේ (2015.07.08* දින ප.ව. 2.00 ට විතර, අනුෂ් රොහාන්ව වෙනත් තැනකට ගෙනිහින් මාව තනියෙන් තියා සම්පත් යන නිලධාරියාට ගැසූ බව පිළිගන්න කියා, පේ‍්‍රමලාල්, වීරසිංහ, විතාන, සමීර යන නිලධාරීන් තර්ජනය කළා. ඉන්පසුව මාව නිරුවත් කළා.

ඊට පස්සේ අත් පිටුපසට කොට මාංචු දමා, උඩුපිලි අතට බිම දිගා කොට, කොටන ලද කොච්චි පොට්ටනියකින් ඇස්වලට, පුරුෂ ලිංගයට වක් කරමින් තැවරුවා. ඉන්පසු නාවා නැවත කාමරයට දමා පෙර පරිදිම තිබ්බා.

පසුදින උදේ 10.30 ට පමණ, මාව, අනුෂ් රොහාන්ව, ඔහුගේ තාත්තාව ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් නිමල් කරුණාතිලක ඉදිරියට ගෙන ගියා.

එහි යනවිට අනුෂ් ගේ බිරිඳ, මව හා මාගේ පියා වන ලක්ෂ්මන් එහි සිටියා. සම්පත් කියන නිලධාරියා ද එහි සිටියා. 

සම්පත්ව පෙන්නා, නිමල් කරුණාතිලක ඔහුට සාධාරණයක් කරන්න කියා අපට කිව්වා. ඔහු අදහස් කළේ සල්ලි දෙන්න කියා. ඔහුත් කිව්වා ශෛල්‍යකර්මයට ලක්ෂ 8 ක් යනවා කියා. 

ඉන්පසු ඔහු කිව්වා මම නිමල් කරුණාතිලක, මම තමයි සන්බබා මැරුවේ. අපි කියන විදියට වැඩ කළොත් කව්රුත් ඉඳියි. නැති නම් කාණුවක ඉඳියි කියලා. බෝම්බ හරි කුඩු හරි දාලා කාලෙකට එන්න බැරි වෙන්න යවන වා කියලා.

එයින් පසුව ප.ව. 2.00 ට පමණ අප තුන්දෙනාව නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂා කළා. මාගේ ශරීරයේ තිබුණ පහර දීපු තැන් පෙන්වා මොකද වුණේ කියා ඇහුවා.

අපි තුන්දෙනාව රෝහලට ගෙන ගිය පේ‍්‍රමලාල් ඇතුලූ පිරිස අපට තර්ජනය කර කිව්වා ගහපු බව කිව්වොත් මරණ බව, බෝම්බ දාන බව.

එ් නිසා ෙදාස්තර මහතා අහපු ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නෑ.

එතනින් නැවත ක`ඵතර ඹබසඑ එකට ගෙන ආවා. එහිදී මගේ ඇඟිලි සලකුණු ගත්තා. පිංතූර ගත්තා.

ඉන්පසුව මාව හා අනෙක් දෙන්නාව ජීප් එකෙන් ක`ඵතර දකුණ පොලීසියට ගෙන ආවා. එතැනින් ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

අප ඉන්නකොට ඹබසඑ එකේ තියාගෙන තිබුණ අනුෂ් රොහාන් ගේ ත‍්‍රී රෝද රථය ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා. එහි අංකය න්‍ූ 5181 වේ.

ඉන්පසු ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

 මා ඉල්ලා සිටින්නේ,

(1* අප විසින් නොකළ වරදකට අත්අඩංගුවට ගෙන වධ දී, මාගෙන් සම්පත් කියන නිලධාරියාට රු: ලක්ෂ 8 ක් අරන් දීමට දරන නීති විරෝධී උත්සාහය වලක්වන ලෙසට,

(2* මට විරුද්ධව ඉදිරියේදී බොරු නඩු දමා, පීඩා කරන බවට කරන ලද තර්ජන පිළිබඳව අවධානය යොමු කොට එ්වා වල්කවා ආරක්ෂාව සලසන ලෙසට,

එමෙන්ම මාව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගත් ක`ඵතර පොලිස් අධිකාරී කාරියාලයේ, ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් කරුණාරතන, පේ‍්‍රමලාල්, විතාන, වීරසේන, සමීර ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මුණසිංහ හර්සන සිල්වා

වෙස්ටන් සිල්වාගේ පැමිණිල්ල


නිති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසා කොට
රක්ෂිත බන්ධනාගරගත කොට බොරු නඩු දැමීම.

වෙඩිකාර වෙස්ටන් සිල්වා, අවු: 65 යි, ජා.හැ.අ. 511581257 ඪල විවාහක, දරුවන් 03 යි, විශ‍්‍රාමික, ලිපිනය: 305, මහා වස්කඩුව, වස්කඩුව.

2015.08.07 වන දින දීය.

2015.07.08 වන දින, ක`ඵතර, කටුකුරුන්ද පොලිස් අධිකාරී කාර්යාලයේ ”ඹබසඑ” එකෙන් පුතාව හා හර්ෂනව රැුගෙන ගිය බවත්, ඉක්මණින් ඹබසඑ එකට යන ලෙස මට ගෙදරින් දැණුම් දුන්නා. 

එ් අනුව මම, එදින සවස 4.30 ට විතර ඹබසඑ එකට ගියා. එහි යන විට එළියේදීම මාව අත්අඩංගුවට ගෙන, ඇතුළට ගෙන ගියා. මට එහි සිටි පේ‍්‍රමලාල් කියන නිලධාරියා කිව්වා, සම්පත් කියන නිලධාරියාට පහර දුන්න බව පිළිගන්න කියා. මම කිව්වා නොකළ දෙයක් පිළිගන්න බෑ කියා. පේ‍්‍රමලාල් මට කිව්වා මගේ ඇඳුම් ගලවන්න කියා. එතන පොලිස් කාන්තාවන් පස් හය දෙනෙක් හිටියා. මම ඇඳුම් ගැලෙව්වා. යට කලිසම පිටින් මාව පුටුවක වාඩි කෙරෙව්වා. 

ටික වේලාවකින් එතැනට පුතාව (අනුෂ්ව* ගෙන ආවා. ඔහුට හොඳටම ගහලා තිබුණා.

පුතාව පුටුවක වාඩි කරවා මාව පෙන්නා ”උඹ වැරැුද්ද පිළිගනින් නැතිනම් තාත්තා මරණවා” කිව්වා.

ඔහු කිව්වා, ”මම කිසිම වරදක් කරලා නෑ” කියා. ඔවුන් මට කිවා 2015.02.28 වන දින, සම්පත් කියන පොලිස් නිලධාරියාට පහර දුන්නා කියා පිළිගන්න කියා. එ් අවස්ථාවේ පේ‍්‍රමලාල්  මගේ පපුවට මිට මොලවා ඇනගෙන ඇනගෙන ගියා. 

පසුව මට ඇඳුම් ඇඳ ගන්න කිව්වා. ඉන්පසු කීප දෙනෙක් වට කරගෙන ගැහැව්වා. ඊට පස්සෙ මාවත්, පුතාවත් හර්ෂන හිටිය කාමරයට ගෙන ගොස් බිම දිගා කර මාංචු දැම්මා.

පසුදින උදේ 10.30 ට පමණ, මාව, පුතාව හා හර්ෂනව ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් නිමල් කරුණාතිලක ඉදිරියට ගෙන ගියා.

එහි යනවිට පුතාගේ හා මාගේ බිරිඳ හා හර්ෂනගේ පියා වන ලක්ෂ්මන් එහි සිටියා. සම්පත් කියන නිලධාරියා ද එහි සිටියා. 

සම්පත්ව පෙන්නා, නිමල් කරුණාතිලක ඔහුට සාධාරණයක් කරන්න කියා අපට කිව්වා. ඔහු අදහස් කළේ සල්ලි දෙන්න කියා. ඔහුත් කිව්වා ශෛල්‍යකර්මයට ලක්ෂ 8 ක් යනවා කියා. 

ඉන්පසු ඔහු කිව්වා මම නිමල් කරුණාතිලක, මම තමයි සන්බබා මැරුවේ. අපි කියන විදියට වැඩ කළොත් කව්රුත් ඉඳියි. බෝම්බ හරි කුඩු හරි දාලා කාලෙකට එන්න බැරි වෙන්න යන්න වෙයි කිව්වා.

එයින් පසුව ප.ව. 2.00 ට පමණ අප තුන්දෙනාව නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂා කළා. මාගේ ශරීරයේ තිබුණ පහර දීපු තැන් පෙන්වා මොකද වුණේ කියා ඇහුවා.

අපි තුන්දෙනාව රෝහලට ගෙන ගිය පේ‍්‍රමලාල් ඇතුලූ පිරිස අපට තර්ජනය කර කිව්වා ගහපු බව කිව්වොත් මරණ බව, බෝම්බ දාන බව.

එ් නිසා ෙදාස්තර මහතා අහපු ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නෑ.

එතනින් නැවත ක`ඵතර ඹබසඑ එකට ගෙන ආවා. එහිදී මගේ ඇඟිලි සලකුණු ගත්තා. පිංතූර ගත්තා.

ඉන්පසුව මාව හා අනෙක් දෙන්නාව ජීප් එකෙන් ක`ඵතර දකුණ පොලීසියට ගෙන ආවා. එතැනින් ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

අප ඉන්නකොට ඹබසඑ එකේ තියාගෙන තිබුණ පුතාගේ ත‍්‍රී රෝද රථය ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා. එහි අංකය න්‍ූ 5181 වේ.

ඉන්පසු ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

2015.07.21 දින සිට 2015.08.04 දින දක්වා රිමාන්ඞ් කළා. 2015.08.04 වන දින ඇප ලබා දුන්නා. මිළඟ නඩු දිනය 2015.09.22 වේ.

මා ඉල්ලා සිටින්නේ,

(1* අප විසින් නොකළ වරදකට අත්අඩංගුවට ගෙන වධ දී, මාගෙන් සම්පත් කියන නිලධාරියාට රු: ලක්ෂ 8 ක් අරන් දීමට දරන නීති විරෝධී උත්සාහය වලක්වන ලෙසට,

(2* මට විරුද්ධව ඉදිරියේදී බොරු නඩු දමා, පීඩා කරන බවට කරන ලද තර්ජන පිළිබඳව අවධානය යොමු කොට එ්වා වල්කවා ආරක්ෂාව සලසන ලෙසට,

එමෙන්ම මාව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගත් ක`ඵතර පොලිස් අධිකාරීවරයා, ඹබසඑ එකේ ප‍්‍රධානියා වූ නිමල් නිමල් කරුණාතිලක, පේ‍්‍රමලාල්, විතාන, වීරසිංහ, සමීර ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

වෙඩිකාර වෙස්ටන් සිල්වා

Monday, March 23, 2015

මාව ‘‘මුස්ලිම්’’ ලෙසට අමතන්න එපා.


නීතිය සමානාත්මතාවය පදනම් විය යුතුයි. ආගම අනුව නීතිය හැදෙන්න බෑ. මම දෙවියන් විශ්වාස කරන්නේ නෑ. 
තලිස්මා නස්රීන් මෙම ප‍්‍රකාශය කළේ ඉන්දීය මාධ්‍යවේදී සුවෝජිට් බග්චි සමග කළ සාකච්ඡුාවේදීය. වෘතියෙන් වෛද්‍යවරියක්වු ඈ ලොව ප‍්‍රකට වුයේ ‘‘ලැජ්ජා’’ නව කථාවෙනි. එම නවකාථාවෙන් පසුව ඈ මරා දැමීමට ඉස්ලාම් අන්තවාදීන් තීරණය කළේය. ඇය බංගලදේශයෙන් පලා ඇවිත් ඉන්දියාවේ රැකවරනය යටතේ සිටිති. ඉන්දියවේ මුස්ලිම් පැවිද්දන්ද ඇය මරා දැමිමට තීරණය කර තිබේ. 
ඉස්ලාම් සහිරා නීතියට දැඩිව විරුද්ධ වන ඇය, කොරානය සංස්කරණය කළයුතු බව කියා සිටි. අනෙකුත් ආගම් මෙන්ම ඉස්ලාම් ආගම දැඩි පරික්ෂාවට හා විවේචනයට ලක් කළ යුතු බව ප‍්‍රකාශ කරන්නේ එයට මුස්ලිම් වරු ඉදිරිපත් විය යුතු බවද පවසයි.
බංගලදේශය මුස්ලිම් අන්තවාදය හිස එසෙව්වේ බහුජාතික බහු ආගමික රටක තත්වයෙන්, මුස්ලිම් රටක් බවට පත්කිරිමට 1980  වසරේ  ජෙනරාල් එර්ෂාඞ් ගත් පියවර, එනම් ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම කිරිමට ගත් පියවර නිසා බව, ඇය පෙන්වා දෙයි.
බංගලදේශයේ කාන්තාවන් බහුතරය හිජාබය හෝ බර්කාවේ ඇන්දේ නෑ. නමුත් අද තත්වය වෙනස් වේගෙන යනවා. නිදහස් මතධාරින්ව ඝාතනය කරනවා. එරට බෞද්ධ, ක‍්‍රිස්තියානි හා හින්දු ජාතිකයින්ව මර්ධනය කරනවා. ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන්ව ශක්තිමත් කරන බවද වැඩිදුරටත් ඈ පෙන්වා දෙයි.