Friday, July 1, 2016

වැල්ලේ ගෑණු පට්ට වේසියොලූ ! පැමිණිලි කරන්න කොමිෂමට එන්නලූ !!

(චීවරධාරියකු සනසන්න ආබාධිත ගැහැණියකට වධ දෙයි යන පෙර වාර්තාව හා සම්බන්ධයි.)

දුප්පතුන්ට යුක්තිය සුදුසු දෙයක් හෝ අවශ්‍ය දෙයක් නොවේ. එ් බව සනාථ කරන්නේ පොලීසිය අධිකරණය පමණක් නොවේ. මානව හිමිකම් කොමිෂන් සභාව ද එ් තත්ත්වයෙන් මිදි නැත.

ප‍්‍රියංකා 36 හැවිරිදි තිදරු මවකි. ඇය දුප්පත් ය. ජීවත්වන්නේ වෙරළබඩය. එ් නිසාම ඇය පට්ට වේසියකි, පොලීසියට අනුව. ඇයව පොලීසියට ගෙන්වා, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධ දීමට එකම හේතුව චීවරධාරියකුගේ පැමිණිල්ලකි. ඇයට පොලීසිය කියා ඇත්තේ චීවරධාරියාගෙන් සොරාගත් රු. ලක්ෂ 11න් රු.3000/ක් ඇයට සොරා ලබාදි ඇති බවයි.

මැය පොලිස්පති, ජාතික පොලිස් කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාව ඇමතූ ලිපි පහත දක්වමු.

01. පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාව, ඇමතූ ලිපිය. .

භික්ෂුවකගේ අවශ්‍යතාවයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධ දීම හා මුදල් කඩා ගැනීමට දරන උත්සාහය.

2016.07.01 දිනදීය.

2016.06.20 වන දින, පස්වරු 2.00 ට වාද්දුව පොලිසිය තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මාව සොයා තිබුනා. 

මා, එ් වෙලාවේ සිටියේ පානදුර මූලික රෝහලේ මාගේ නෑනා ලඟ.

මට වාද්දුව පොලිසියට එන්න කියා තුණ්ඩුවක් දීලා තිබුනා.

එ් අනුව මා, උදේ 10.00 ට වාද්දුව පොලිසියට ගියා. මා සමග මාගේ මව හා නෑනා ශාන්ති ද ගියා. වාද්දුව පොලිසියේදී මාව ක්‍ෂ සුනෙත් බාරගත්තා. ඔහුගේ ජංගම දුරකථණ අංකය 0718212776 වේ.

මා නිවසට ඔවුන් පැමිණියේ සිවිල් පිට. ඔවුන් පොලිසියේ සිටියේද සිවිල් පිට.

ක්‍ෂ සුනෙත් කියන නිලධාරියා මාව පොලිසිය පිටුපස්සේ කාමරයකට ගෙන ගියා. එහි සිටි හය හත්දෙනාම සිටියේ සිවිල් පිට. සියලූම දෙනා පිරිමි. මම යනකොට අනිල් කියන, පානදුර නගර සභාවේ වැඩ කරන අය සිටියා. ඔහුට මාංචු දමා තිබුනා. අනිල් යන අයගේ ගෙදරින් ගෙනත් තිබූ රත්තරං බඩු, රයිස් කුකර් එක, ගෑස් ලිප, ඇතුලූ කුස්සියේ බඩු තිබුනා. පැයකින් විතර අනිල් කියන අයගේ බිරිඳ ද ආවා. මට එහි සිටි අය කුණුහරපයෙන් බනිමින් අපහාස කලා. මට උපතින්ම කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මම කතා කරන විදිහට එ් අයද කතා කරමින් මාව දැඩි පීඩාවට පත් කලා. 

මට වැසිකිලියට යන්න දුන්නේ නැහැ.වතුර ඉල්ලූවාම දුන්නේ නැහැ. කෑම දුන්නේ නැහැ. හැම විටම මට කතා කළේ පට්ට වේසි කියලා. 

මගෙන් ලක්ෂ 11ක් ඉල්ලූවා. ඊට පස්සේ මගෙන් රු: 3000/= ක් ඉල්ලූවා. එ් ගලවැටි මෝදර ශී‍්‍ර සද්ධාරාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමැති භික්ෂුවට අයත් මුදල් බව ඔවුන් කියා සිටියා.
මේ අතර, මාගේ මව මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට ෆැක්ස් මගින් දැනුම් දීලා තිබුනා. එවිට වේලාව ප:ව:2.40 පමණ ඇති.

සවස 1.30 ට පමණ මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පානදුර පොලිසියේ හවස 4.30 වනතුරු තියාගෙන හිටියා. ඊට පස්සේ, වාද්දුව පොලිසියේ මාව ගෙනාපු නිලධාරීන්, ත‍්‍රී රෝද රථයෙන්, ගලවැටිමෝදර පන්සලට ලඟට ගෙනගොස් බැස්සුවා. මාව බස්සවා යන අවස්ථාවේ 
රු: 3000/= ගෙනත් දුන්නේ නැතිනම් උසාවි දානවා කියා තර්ජණය කලා. මට හිංසා කල සියලූම නිලධාරීන්ව මට හඳුනා ගන්න පු`ඵවන්.

මා ඉල්ලා සිටින්නේ,
චීවරධාරියෙකුගේ අවශ්‍යතාවයට, මාගෙන් රු: 3000/=ක් ලබා ගැනීම සඳහා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධහිංසාවට පත්කල - වාද්දුව පොලිසියේ ක්‍ෂ සුනෙත් ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය.

ඉහත සියුලූ කරුණු සත්‍ය හා නිවරැදි බව ප‍්‍රකාශ කරමි.

02. මානව හිමිකම් කොමිෂන් සභාව, ඇමතූ ලිපිය.

ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, සභාපතිනිය, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර, කොළඹ 08.

භික්ෂුවකගේ අවශ්‍යතාවයට මාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, 
වධ දීම හා මුදල් කඩා ගැනීමට දරන උත්සාහය.

2016.07.01 දිනදීය.

2016.06.20 වන දින, පස්වරු 2.00 ට වාද්දුව පොලිසියේ තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ, මාව සොයා තිබුනා. 

මා එ් වෙලාවේ සිටියේ පානදුර මූලික රෝහලේ මාගේ නෑනා ලඟ.

මට වාද්දුව පොලිසියට එන්න කියා තුණ්ඩුවක් දීලා තිබුනා.

එ් අනුව මා, උදේ 10.00 ට වාද්දුව පොලිසියට ගියා. මා සමග මාගේ මව හා නෑනා ශාන්ති ද ගියා. වාද්දුව පොලිසියේදී මාව ක්‍ෂ සුනෙත් බාරගත්තා. ඔහුගේ ජංගම දුරකථණ අංකය 0718212776 වේ.

මා නිවසට ඔවුන් පැමිණියේ සිවිල් පිට. ඔවුන් පොලිසියේ සිටියේද සිවිල් පිට.

ක්‍ෂ සුනෙත් කියන නිලධාරියා මාව පොලිසිය පිටුපස්සේ කාමරයකට ගෙන ගියා. එහි සිටි හය හත්දෙනාම සිටියේ සිවිල් පිට. සියලූම දෙනා පිරිමි. මම යනකොට අනිල් කියන, පානදුර නගර සභාවේ වැඩ කරන අය සිටියා. ඔහුට මාංචු දමා තිබුනා. අනිල් යන අයගේ ගෙදරින් ගෙනත් තිබූ රත්තරං බඩු, රයිස් කුකර් එක, ගෑස් ලිප, ඇතුලූ කුස්සියේ බඩු තිබුනා. පැයකින් විතර අනිල් කියන අයගේ බිරිඳ ද ආවා. මට එහි සිටි අය කුණුහරපයෙන් බනිමින් අපහාස කලා. මට උපතින්ම කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මම කතා කරන විදිහට එ් අයද කතා කරමින් මාව දැඩි පීඩාවට පත් කලා. 

මට වැසිකිලියට යන්න දුන්නේ නැහැ.වතුර ඉල්ලූවාම දුන්නේ නැහැ. කෑම දුන්නේ නැහැ. හැම විටම මට කතා කළේ පට්ට වේසි කියලා. 

මගෙන් ලක්ෂ 11ක් ඉල්ලූවා. ඊට පස්සේ මගෙන් රු: 3000/= ක් ඉල්ලූවා. එ් ගලවැටි මෝදර ශී සද්ධාරාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමැති භික්ෂුවට අයත් මුදල් බව ඔවුන් කියා සිටියා.

මේ අතර, මාගේ මව ඔබ කොමිෂමට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට ෆැක්ස් මගින් දැනුම් දීලා තිබුනා. එවිට වේලාව ප:ව:2.40 පමණ ඇති.
එයින් පැයකට පමණ පසුව, එනම් ඔබ කොමිෂන් සභාවේ 0112689064 අංකයට, 072 5716210 අංකයෙන්, ප:ව: 3.56 ට කතා කලා. එවිට උත්තර දුන්න මහත්මයා කිව්වේ , පැමිණිලි කරන්න මෙහාට එන්න  ඕනා, එක එක තැන්වලට ගිහින් වැඩක් නැහැ කියා. එසේ කියා දුරකතනය විසංධි කලා. 

සවස 1.30 ට පමණ මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පානදුර දකුණ පොලිසියේ හවස 4.30 වනතුරු තියාගෙන හිටියා. ඊට පස්සේ, වාද්දුව පොලිසියේ මාව ගෙනාපු නිලධාරීන්, ත‍්‍රී රෝද රථයෙන් මාව, ගලවැටිමෝදර පන්සල ලඟට ගෙනගොස් බැස්සුවා. මාව බස්සවා යන අවස්ථාවේ රු: 3000/= ගෙනත් දුන්නේ නැතිනම් උසාවි දානවා කියා තර්ජණය කලා. මට හිංසා කල සියලූම නිලධාරීන්ව මට හඳුනා ගන්න පු`ඵවන්.

මා ඉල්ලා සිටින්නේ,
01. චීවරධාරියෙකුගේ අවශ්‍යතාවයට, මාගෙන් රු: 3000/=ක් ලබා ගැනීම සඳහා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධහිංසාවට පත්කල - වාද්දුව පොලිසියේ ක්‍ෂ සුනෙත් ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට , හා

02. මෙම දිනයේ, ඔබ කොමිෂමේ 0112689064 අංකය බාරව සිටි නිලධාරියා කවරෙක්ද යන්න ප‍්‍රකාශ කරන ලෙසට හා ඔහුට විරුද්ධව විනය පිවර ගන්නා ලෙසටය.

ඉහත සියුලූ කරුණු සත්‍ය හා නිවරැදි බව ප‍්‍රකාශ කරමි.







No comments:

Post a Comment