Showing posts with label HumanRights. Show all posts
Showing posts with label HumanRights. Show all posts

Sunday, October 1, 2023

වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.

වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණය 2014 සැප්තැමබර් 10 වන දින සිට එම පස් දෙනාව සහකාර ආරක්ෂක තනතුරට උසස්කර විශ්රාිම ගිය දිනය දක්වා සියලුම හිඟ වැටුප ගෙවන ලෙසට නියෝග කළේය. එවකට අවුරුදු 53-56 අතර වු මෙම පස්දෙනා, නියමිත පටිපාටිය උල්ලංඝණය කරමින් හිමි උසස්විම නොදිම මගින් අධිකාරියේ සභාපති ඇතුලු අධ්යරක්ෂ මණ්ලය,තම මුලික අයිතිවාසිකම් කඩකර ඇති බව කියා සිටින ලදි. 2015 දි ඉදිරිපත් කරන ලැබු මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම 2021'11'24 විභාගයට ගැනින. එහි තීන්දුව ප්ර කාශයට පත්කරනු ලැබුවේ 2023'09'17 දින දීය. ගතවු කාලය වසර 08කි. වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.

Tuesday, September 19, 2023

නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.

49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති චාමර නලිධාරියා, තමා ගැන විපරම් කර, නිවැසියන්ට, නින්දා අපහාස කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රිකාශ කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රාකාශ කර සිටී. ඒ අතර, පොලීසිය හා සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්, පොලීසිය කරන්නට යන දේ නතර කර දෙන්නට, කප්පමක් අවශ්යමය බව කියයා ඇත. තමාට, නිල දැණුම් දීමක් කරන්නේ නම් ඕනෑම විටක පොලීසියට පැමිණීමට සූදානම් බව, අලි, චාමර නිලධාරියාට දැන්වූ විට, පොලීසියට නොපැමිණෙන ලෙස දන්වා ඇත. එමෙන්ම ඔහුව, පොලීසියට අවශ්යටය තැනදී, අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ. වැලිපැන්න පොලිස් බල ප්රතදේශය තුළ, නීති විරෝධී වල්ලපට්ටා ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරම මෙන්ම, හොර හරක් ජාවාරම සංවිධානාත්මකව සිදුවන බවත්, එයට පොලීසිය අනුග්රතහය දක්වන බවත්, ප්ර දේශ වාසීන් අතර පවතින මතය ගැනද අලි, සිහිපත් කර තිබේ.

Friday, August 25, 2023

Brutal assault against 27 year old heart patient.

Sumedha is a 27 year old youth from Panadura. As an infant, both his parents had abandoned him. He was growing under the care of his grandmother and uncle. He had a hole in the heart since birth and he was living with the support of pacing machine. At the age of 13 the pacing machine was removed and he underwent a heart surgery. Now he works as a machine operator. On 21st August 2023 he was assaulted by two police personal attached to Alubomulla police searching for ganja. Their fist blows directed against his chest and stomach. Sumeda told them that he underwent a heart surgery. Then the policemen stopped assaulting and went away. He was hospitalized because of chest pain. Panadura hospital police post recorded a statement from him. The judicial medical officer examined him. Both the occasions Sumeda said that he was assaulted by the police. Up to now, there is no investigation against the two perpetrated police personals called SI Chandana and Maduranga. Sumeda Lakmal has made written complaints to the relevant authorities.

Friday, July 21, 2023

පළමු වසරට නොගත් දැරිය 2 වසරට ගනු. උසාවිය විශාඛාවට කියයි.

2022 වසරේ පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා ලිතුලි දැරියගේ මව ඉදිරිපත් කරන ලද අයදුම්පත, සම්මුඛ පරීක්ෂණයට පවා නොකැඳවා ඉවත දැමීමට කොළඹ විශාඛාවේ විදුහල්පතිනිය ක්රිමයා කර තිබින. මෙම තීරණය මගින් තමාගේ හා දියණියගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට ප්රවකාශ කරන ලෙසටත්, දැරිය එම විදුහට ඇතු`ඵ කර ගන්නා ලෙසට නියෝග කරන ලෙසට ඉල්ලා දැරියගේ මව, තරංගනී ඉලේපෙරුම මහත්මිය ශ්රේ`ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිය. 2023.07.19 දින ශ්රේ`ෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්රිකාශයට පත් කරමින් නොපමාව, එම දැරියට 2 වන වසරට ඇතුළත් කරන ලෙසට විශාඛා විදුහල්පතිනියට නියම කරනු ලැබීය. මෙම දැරියගේ මව, බෞද්ධ වූ අතර පියා හින්දු භක්තිකයෙකු විය. අයදුම් පත්රශයේ ඒබ ව ප්රාකාශ කර තිබින. දැරිය, විශාඛාවට ඇතුළත් කරන ලෙසට ඉල්ලා තිබුනේ, ආගමික පදනම මත නොව, පදිංචිය, පාසලට ආසන්නතාවය මතය.

Saturday, July 15, 2023

අයි.ජි.පි ළඟ වැඩ කරන පො. සැ. ව අල්ලන් නිවසට රෑ පොලීසියෙන් පන්නපු ඕ.අයි.සි ට විරුද්ධව පියවර ගන්න --

 

පොලිස්පති 02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම් - මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ 04. ලේකම්            - ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බිරිඳ කරන ලද ලිඛිතපැමිණිල්ල:-

 

බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා ගේ නීති විරෝධි හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට කරනු ලබන් ඉල්ලීම.

ප්‍රනාන්දු, අවු:-41යි, ජා.හැ.ප.අංකය:- ග විවාහක, දරුවන් 03යි.  ලිපිනය:- දු.ක.අංකය:-

2023 ජුලි 08 දින දීය.

------- පො.සැ. ----- , -------- පොලිස් මුලස්ථානය, කොළඹ. මා ගේ සැමියා වේ.

 

01. 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග  නිවසේ තනිව සිටින විට, වසා තිබුන ගෙට්ටුවෙන් පැන්න පොලීසියෙන් 4කු, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුවි, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්වි සොදිසිකර, සැමියා කොහේද යයි ප්‍රශ්ණ කරක ලදි.

02. මාගේ සැමියාට, 2023 ජුලි 04 නාදුනන පුද්ගලයෙකුගේ පහරදීමකට ලක්ව, නාගොඩ මහා රොහලේ ප්‍රතිකාර ගෙන අද(2023 ජුලි 07) ප.ව. 2.00ට පමණ ටිකට් කැපු පසුව ගෙදර ඇවිත්, ප.ව. 3.00ට පමණ පොලිස් මුලස්ථානයේ රාජකාරියට වාර්ථා කිරිමට ගිය බවද, තම සැමියා කොළඹ, පොලිස් මුලස්ථානයේ,  ------- සේවය කරන බවද ඔවුන්ට කියා සිටියා.

03. ඉන්පසු එක් නිලධාරියෙක් මට තුණ්ඩු කැල්ලක් දුන්නා. එහි 2023 ජුලි 08 උදේ 10.00ට බේරුවල පොලිස් ස්ථානයට පැමිණෙන් යනු වෙන් ලියා තිබුනා. අත්සන් කර තිබුනේ ඡී 58861-ප්‍රියදර්ශණ නම් නිලධාරියා වේ. ඒ අවස්ථාවේ සැමියා මිනිසෙකුට ගහලා තියෙනවා, ආවේ අත්අඩංගුවට ගන්න යයිද ඔහු කියා සිටියා

04. බේරුවල පොලිසියේ ස්ථානාධිපති, මේ ආකාරයට පොලීස් නිලධාරින් 04කු, නීති විරෝධිව, නිවසට එවා, ------මා ගේ සැමියා, කොළඹ, පොලිස් මුලස්ථානය, ---------, බව දැන දැනම, අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය නොමග යවා රක්ෂිත බන්ධනාගාර කිරිම අරමුණ වු බව ප්‍රකාශ කර සිටිමි.

05. 2023 ජුලි මස 04 වන දින උදේ 06ට පමණ බේරුවල පොලිස් ස්ථානාය ආසන්නයේ, කෙළඹ දෙසට ධාවනය වන බස් නැවතුම් පොළ අවහිර වන අන්දමට, නීති විරෝධිව, ත්‍රිරෝද රථයක් නැවැතා තැබිම මගින්, විශේෂයෙන්, පාසැල් දරුවන්ට  බාධා සිදුවන බව, එහි රියදුරුට පෙන්වා දි, රථය ඉදිරයට ගෙන යන ලෙසට සැමිය දැනුම් දි තිබෙ.

06. එම සිදුවිම මත ඇතිවු දෙබස“, දෙදෙනා අතර ගැටුමක් දක්වා වර්ධනය වි තිබේ. රාජකාරියට යන අවස්ථාවේ පහර කෑමට ලක්වු සැමියා වහාම පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුව පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට යවනු ලැබ තිබේ.

                දිනය:- 2023.07.04. වේලාව:- පැය. 06 05. පැමිණිලි අංකය:- -------

07. සැමියා සමග ආරාවුල ඇති කරගත් තැනැත්තා ද පසුව, එනම් පැය. 06 20 ට පොලිසියට ගොස් පැමිණිල්ලක් කර, පොලිස් ටිකට් එක රැගෙන බේරුවල දිසා රොහලට ඇතුලත්ව තිබේ. ඔහුවද පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහා රොහලට යවනු ලැබ තිබේ.

08. සැමියාව 2023.07.07 වන දින නාගොඩ මහා රොහලින් පිටකරන ලැබු අතර, අනෙතක් පුද්ගලයාව 2023.07.08 වන දින පිටකරනු ලැබු බවද දැන ගන්නට තිබේ.

ඉල්ලා සිටින්නේ,

බේරුවල පොලිසියේ ස්ථානාධිපති, ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්,

             නීති වරෝධිව හා විනය විරෝධිව, 2023 ජුලි 07 දින රාත්‍රි 8.00ට පමණ මා, මාගේ අවු.17, 14 හා 07 වයසැති දියණියන් තුන් දෙනා සමග තනිව සිටින විට පොලීසියෙන් 4කු, වසා තිබුන ගෙට්ටුවෙන් පන්නවා, අඩක් නිමකර තිබු නිවසට බලයෙන් ඇතුලුකර, ඇහිල්ලක් බැලිල්ලක් හෝ හඳුන්වා දීමක් නැතිව, කාමරවලට ඇතුල්කර සොදිසිකර වීම,

             බේරුවල පොලිසියේ ස්ථානාධිපති වරයා, නිකුත් කර තිබෙන උපදෙස් වලට පටහැනිව, “තුණඩු කැල්ලක්මගින් සැමියාව පොලිසියට කැඳවීම,

             නිසි විමර්ශණ්‍යක් සිදුනොකට, ද්වේෂ සහගතව පළිගැනිමේ චේතනාවෙන්, ගරු අධිකරණය නොමග යවා නිර්දෝශි පුද්ගලයෙකුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට සැලසුම් කරිම,

සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය,

         ------- ප්‍රනාන්දු


Thursday, December 23, 2021

තරුණ රණවිරු වැන්දඹුවට කුණුහරුප කියන ග‍්‍රාමසේවකයාට, ප‍්‍රා/ලේකම්වරියගේ රැුකවරණය.

 


ක`ඵතර දිස්ත‍්‍රික්කයේ මාදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවිරු ගම්මානයේ පදිංචි ඇයගේ සැමියා මිය යන්නේ, අවසාන සටනේදී, ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් ය. ඒ මුලතිව්, පුදුමාතලන් හි මානුෂීය මෙහෙයුමට සහභාගී වී සිටය දී, 2009 මැයි 18 වන දිනය.

35 හැවිරිදි මවක් වූ, ඇයට රජයෙන් ලබාදෙන ලද ඉඩමේ, නිවසක් තනාගෙන, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය රැක බලාගෙන ජීවත් වෙයි.

රණවිරු වැන්දඹුවන්ට බලපෑම් කළ හැකි  සිවිල් ක්ෂේත‍්‍ර රජයේ නිලධාරියා ග‍්‍රාම සේවකය.

රණවිරු වැන්දඹුවන්ට හිමි විශ‍්‍රාම වැටුප ඇතු`ඵව විශේෂිත වරප‍්‍රසාද ලබා ගැනීම් වලට අදාළව ඉල්ලූම්පත් වලට, ග‍්‍රාමසේවකගේ අත්සන අත්‍යාවශ්‍ය වේ. එම නිසා විටින් විට, ග‍්‍රාමසේවක හමුවන්නට රණවිරු වැන්දඹුවන්ට සිදුවේ.

මෙම අවස්ථාවෙන් ලිංගික අල්ලස් ලබාගන්නට සැදී පැහැදී සිටින දුෂිත ග‍්‍රාමසේවකයින් නොසිටිනවා නොවේ.

මෙම රණවිරු ගම්මානය අයත් වසමේ ග‍්‍රාමසේවක ද එවැන්නෙක් බව, ඇය ප‍්‍රකාශ කරයි. අපේක්ෂාවන් අහිමි වී සිටින ඔහු, සියලුම කොන්දේසි සපුරා තිබියදීත්, පදිංචි සහතිකය ලබා නොදී, ඇයට බලපෑම් කරයි.

ඔහු හා ඔහුගේ උපදෙස් අනුව, ප‍්‍රාදේශීය ලෙක්ම්වරිය ප‍්‍රකාශ කරන්නේ, මෙම රණවිරු වැන්දඹුව රැටවත් ගෙදර නැති බව පවසමින්ය.

පදිංචිය ස`දහා අත්‍යාවශ්‍යය සිය`ඵ කොන්දේසි සපුරා තිබියදීත්, රැට ගෙදර ඉන්න බවට ග‍්‍රාම සේවකට සහතික විය යුතු බව නොවේද, මේ වහෙන් ඔරෝ බසින්  කියන්නේ. 

මැය මේ පිළිබඳව, ලිඛිතව බලධාරීන්ට, දැනුම් දී ඇත.

එ, ඉදිරි පියවර ගැනීමට පෙරය.


Thursday, December 16, 2021

පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ.

 


දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.

පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.

පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් පටන් විහාරස්ථානයේ අ`ඵත්වැඩියාවන්ට ද හවුල් විය.

දෙම්බර් 05 දා, එම පිරිවෙනේ, ඉංග‍්‍රීසි උගන්වන හා නායක හාමුදුරුවන්ගේ රියදුරු, තමන්ට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලට, නායක හිමි නමගේ ප‍්‍රතිචාරය ගැන කළකිරුණු මෙම 15 හැවිරිදි සාමනේර හිමි, පොලීසියට පැමිණියේ යුක්තිය ඉටු කර ගන්නටය.

පැමිණිල්ල බාර ගත්ත ද, යුක්තිය ඉටු කිරීමට පොලීසිය, සූදානම් නැති බව පෙනී යෑම නිසා ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

එම නිසා එවුන්ට ලිඛිත පැමිණිල්ලක් දැමීමට සිදුවිය.


එයින් පසුව, පොලීසිය, දෙපාර්ශවය සමථ කරවීමට පියවර ගෙන ඇත. සාමනේර හිමියන්ට වෙනත් විහාරස්ථානයක් ලබාදීමට දෙමාපියන්ට හැකි විය. මෙය ළමා අපයෝජනයක් නොවන්නේ ද?



Sunday, December 12, 2021

පාදඩ අඥ පනත - 1841- අහෝසි කරන ලෙසට රජයෙන් ඉල්ල සිටිමු.

 


සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි!

 සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය  ලබාදී රිමාන්ඩ් කරවයි!

 තිස් හැවිරිදි අවිවාහිකයෙක්. කුලී වැඩ කර ජීවත් වන මොහුගේ විනෝදාංශය පරෙවියන් ඇති කිරීමයි.

 මොහු පසුගිය දා පින්වත පොලිසියට යන්නෙ තමාට විරුද්ධව පරවියන් මිලට ගැනීමට  පැමිණි බාල වයස්කාර පිරිමි ළමයකු ඔහුට විරුද්ධව පොලිසියට ගොස් ඇති බව දැනගන්නට ලැබීමෙන් පසුවය

 තම මව සමඟ පොලීසියට යන විට දුටුවේ අදාල පිරිමි ළමයා සිය පියා හා ආච්චි සමග පින්වත පොලිසියට පැමිණ සිටින බවයි

  මොවුන් අසල්වැසියන් නිසා මව,  ආච්චිගෙන් කාරණය විමසීමට  උත්සාහ ගැනීමත් සමග ඉදිරියට පැමිණි කුමාර නමැති පොලිස් කොස්තාපල්වරයා මොහුව පොලිසිය තුළට ඇද අතින් පයින් හා පොලු වලින් පහරදීමට පටන් ගන්නා ලදී

 තම පුතාට පහර නොදෙන ලෙස ඉල්ලමින් මාව කෑගසන විට මවට ද පහර දී තල්ලු කර දැමීම නිසා ඇය සිහි නැතිව වැටිණ.

 සීහි නැතිව ගොස් සිටී මව රෝහල්ගත කරන අවස්ථාවේදී ඇයට සිහ පැමිණ ඇත. ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය රෝහලින් පිටව සොයා බැලීමේදී පසුදිනම පුතාව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යවා ඇති බව දැනගන්න ලැබිණ.

 බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඇය පුතාව බැලීමට ගියද ඒ සඳහා අවස්ථාව නොලැබූ අතර ඔහුගේ අවශ්‍යතා සඳහා රුපියල් දෙදහක මුදලක් නිරෝධායන මධ්‍යස්ථානයේ ආපනශාලාවට බැඳීමට පියවර ගෙන තිබිණි.

  අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ බීමත්ව පැමිණි පොලිස් නිලධාරින් පුතාට අමානුෂික ලෙස පහරදී කොච්චි මිරිස් ඉස්ම යොදමින් වධහිංසා පමුනුවා ඇති බව දැනගන්නට ලැබී තිබේ.

 මෙම අමානුෂික වධ හිංසාව පිළිබඳව නිසි පරික්ෂණ පවත්වන ලෙසට ඇය ලිඛිතව පොලිස්පතිගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

 මොවුන් ගේ ආර්ථික පසුබිම යටතේ මෙම කරුණු විධිමත් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට හා අදාල නීතිමය සහන ලබා ගැනීමට, විශේෂයෙන් ඇප ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග වලට පිවිසීමට හැකියාවක් නැති බව ප්‍රරකාශ කරයි.

 ලංකාවේ පොලිසිය බ්‍රිතාන්‍යයන් පිහිට වූ දා සිට සමාන්‍ය ජනයා මර්ධනය සිදුකරන අතර ඒ සඳහා ආවරණයට යොදා ගන්නේ අධිකරණයයි.

 

 

 

 

Saturday, December 11, 2021

කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට, ගංජා නඩුවක් දායි, අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි.

  කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට,
 ගංජා නඩුවක් දායි,
අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි.

සුද්දෝ මේ රටේ පොලීසිය බිහි කළේ, නීතිය සාමය රකින්න නෙවෙයි. සාමාන්‍යය ජනයා තලා පෙලා පාලනය කිරීමට ය.

නිදහස ලැබුනායින් පස්සෙත්, බලයට ආපු හා බලයට එන්න දඟලන සියල්ලෝම කළේ මේ පොලීසිය රකින එක.

පොලීසිය, කියන්නේ, යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රනයේ එක් පුරුකක්. පොලීසිය ¥ෂිත නම්, අනිත් එ්වාද දුෂිත විය යුතුය. නමුත් එ ගැන ‌දොඩවන්නට සූදානම් නැත.

රටට වැඩදායී පවුලක්. පියාගේ වෘත්තිය, කොස් කඩාගෙන ඇවිත්, කපා විකිණිම. මව, කම්හලක වැඩ. සහෝදරයින්, සපත්තු නිශ්පාදනයේ නියැලෙති.

20 හැවිරිදි, පවුලේ බාලයා, සපත්තු නිපදවීමේ යෙදී සිටී. ඔහු එ් පිළිබඳ නිපුනත්වයකින් හෙබි අයෙක්. දිනකට, සිය ශ‍්‍රමය වැය කර, රු: 3,000/- ක් උපයයි. 

මෙම තරුණයාට, පානදුර උතුර පොලීසිය, සිදුකර ඇති, අපරාධය පහත දක්වමු.


01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව                                

02. පොලිස්පති                  

03. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

 පගාව නොදුන්න නිසා, බොරු නඩුවක් දමා, 
ජීවිතයම කාලකණ්නි කිරීමට උත්සාහ දැරීම.

 චතුරංග, අවු: 20 යි, ජා.හැ.අ. 2001------, අවිවාහක, රැකියාව: සපත්තු නිශ්පාදනය, ලිපිනය : 19/25, නුගේ මාවත, පරත්ත, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 075 3558777

2021.12.09 වන දින දීය.

2021 දෙසැම්බර් 04 වන දින, රාත‍්‍රී 10.00 ට පමණ, මා, අසල්වැසි මිතුරන් දෙදෙනෙකු සමග, අප නිවස ඉදිරිපිට, නිවසේ මගුල් ගෙදර, සාදයේ සින්දු අසමින් සිටියා. අප සිටියේ පාර අයිනේ.

එසේ ඉන්න විට, රාත‍්‍රී 10.10 ට පමණ, පානදුර උතුර පොලීසියේ, නිලධාරීන් දෙදෙනෙක්, ත‍්‍රීවිල් එකකින් ඇවිත්, අප අසල නැවැත්වූවා.

එහි සිටි සැරයන් 32119, අපගෙන් ඇහැව්වා, නුඹලා මෙතන මොකද කරන්නේ කියා.

අප ප‍්‍රකාශ කළා, ඉස්සරහ ගෙදර පාටියේ සින්දු අහනවා කියා.

එවිට ඔහු, අප තිදෙනාගේ සාක්කු පරීක්ෂා කළා. මගේ සාක්කුවට යන්තම් අත දමා, ”මේ තියෙන්නේ, යකෝ ගංජා” කියා, ඔහු අත තිබූ, කොළ කෑල්ලක් දිග හැර පෙන්නුවා.

එ සමගම වාගේ, අම්මා හා තාත්තා පැමිණියා. අම්මා, එම නිලධාරීන්ට කිව්වා, මම බුලත් විටක් හෝ සිගරැට් එකක් වත් බොන්නේ නැති අයෙක් කියා. එවිට, මෙම සැරයන් 32119, මගේ අම්මාව තල්ලූ කරලා, මේ තියෙන්නේ කියා, ඇයට ද කොළ කෑල්ල පෙන්නුවා. 

පොලිස් නිලධාරීන් දෙන්නම හිටියේ හොඳටම බීලා. 

මගේ තාත්තා, මා ගැන කියනකොට, සැරයන් 32119, තාත්තාගෙන් ඇහැව්වා, බේරලා දෙන්න බොට මොනවද කරන්න පු`ඵවන් කියා. තාත්තා කිව්වා, මගේ පුතා වැරැද්දක් කරලා නෑනේ කියා. 

ඊට පස්සේ, මාව ත‍්‍රීවිල් එකක නග්ගාගෙන, පානදුර උතුර පොලීසියට ගෙන ආවා. එහිදී මාව කූඩුවට දැම්මා. මා, කූඩුවේ ඉන්නකොට, නිලධාරියෙක් ඇවිත් මට උපදෙස් දුන්නා, උසාවියට දැම්මට පස්සෙ, වැරැුද්ද පිළිගන්නවා කියලා, රු: 5,000/- ක දඩය ගෙවලා නිදහස් වෙන්න කියා.

මා, මාගේ නිර්දෝෂීභාවය කී විට, පොලීසිය සමග ගැටුම් ඇති කරගන්න එපා කියා, මාව, බිය වද්දන්න උත්සාහ කළා.

උදේ 9.00 ට පමණ, ස්ථානාධිපති පැමිණියා. මගේ අම්මා හා තාත්තා ද පැමිණ සිටියා.

මාව, ස්ථානාධිපතා ළඟට ගෙන ගියා. ස්ථානාධිපති, අපට, උස් හඬින් ෙදාස් පැවරුවා. ඔහු කිව්වා, මාව අත්අඩංගුවට ගැනීම, සැරයන් 32119, ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන තියෙනවා කියා.

තවද, මා, විදෙස් රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටින බව කී විට, ”උඹ පොලිස් සහතිකය ගන්න එන්න  ඕනි, මා ළඟටනේ, එතකොට උඹට යන්න දෙන්නම්” කියා තර්ජනය කළා. 

මාව, කූඩුවට දැම්මට පස්සෙ, කීප දෙනෙක්ම, මාගේ ායාරූප ගත්තා. කූඩුවේ ඉන්නවා වීඩියෝ කළා.

සවස 2.30 ට පමණ, පානදුර, මහානාම විදුහල ඉදිරිපිට, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ගෙන ගියා. මා වෙනුවෙන්, නීතිඥ මහතෙකු ඉදිරිපත් වුනා. මාව, රුපියල් ලක්ෂ දෙකක, ශරීර ඇප මත මුදාහැරියා. 

එහිදී, මා, නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ බව, නීතිඥවරයා, මහේස්ත‍්‍රාත්වරයාට කියා සිටියා.

ඉදිරි නඩු දිනය : 2021 දෙසැම්බර් 08 දින බව ප‍්‍රකාශ කළා.

2021 දෙසැම්බර් 08 දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ (02) මීළඟ නඩු දිනය, 2022 ජූලි 06 බව ප‍්‍රකාශ කළා.

2021 දෙසැම්බර් 05, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී, නීතිඥ ගාස්තු වශයෙන් රු: 5,000/- ක් ගෙවනු ලැබීය.

2021 දෙසැම්බර් 08 පානදුර මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් වීම සඳහා නීතිඥ මහතාට රු: 3,000/- ක් ගෙවනු ලැබුවා.

     x 2021 දෙසැම්බර් 04 රාත‍්‍රියේ, ඉහත සඳහන් කළ පරිදි, මා හා මිතුරන් දෙදෙනා ඉදිරිපිට මගුල් ගෙදර, සංගීත පාටිය අසාගෙන ඉන්න විට, අප දුටුවා, පොලිස් ත‍්‍රීවිලය එනවා. අප ළඟ ගංජා හෝ වෙනත් නීති විරෝධී දෙයක් තිබුනා නම්, එ්වා විසි කිරීමට හෝ එතැනින් ඉවත් වීමට හෝ අපට  ඕනෑ තරම් කාලය තිබුන බව, 

   x මාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට ගෙන යන අතර, අසල නිවසක් ළඟ නැවැත්වූවා. එතැනට, ෂෙහාන්, ඔහුගේ බිරිඳ නිරෝධා ඇතු`ඵ කීප දෙනෙක් ආවා. එම දෙන්නා, පොලිස් නිලධාරීන් ඇසුරු කරන අය. ඔවුන් දෙන්නා, මාව පෙන්නා කිව්වා, මූ, කුඩු විතරයි ගහන්නේ නැත්තේ, අනෙක් එ්වා ඔක්කොම කරනවා කියා. ඔහු මත්ද්‍රව්‍යය භාවිතා කරන කෙනෙක්. 

මෙයින් පැහැදිලි වුනා, මා සමග පුද්ගලිකව අමානාප බව. මෙම ෂෙහාන් හා නිරෝධා ගේ අවශ්‍යතාවයට මා අත්අඩංගුවට ලත් බව.

 මා ප‍්‍රකාශ කරන්නේ,

පෙර සඳහන් කළ පරිදි, අවම වශයෙන් බුලත් විටක්වත් නොකන, සපත්තු සෑදීමෙන්, දිනකට, අවම වශයෙන් රු: 3,000/- ක් පමණ, උපයන මා,

කම්කරු රැකියාවක් සඳහා විදෙස්ගත වීමට සැලසුම් කරගෙන සිටින මා,

මේ ආකාරයට, පොලීසිය යොදවා, ගරු අධිකරණය පාවිච්ච් කර, මාගේ මු`ඵ ජීවිතයම අඳුරු කිරීමට පියවර ගත්තේ,

   x මේ වන විට, මත්ද්‍රව්‍යය, නීති විරෝධී මත්පැන් උවදුර පාලනයට ගෙන ඇති පියවර නිසා, එම ව්‍යාපාර වලින් අනියම් ලෙසට අසීමිතව ලාභ ප‍්‍රයෝජන ලබන පිරිස්වල අවශ්‍යතාවය මත බව,

    x මෙම ගොතන ලද නඩුවට, නිවැරදකරු කීම මේ වන විට, බරපතල වරදක් වී ඇත. පොලීසිය, නිරන්තරයෙන් මා පිළිබඳව සෙවීමටත්, තර්ජනය කිරීමට ද පටන් ගෙන ඇත.

   x මා, මෙම නඩුවට නිවැරදිකරු බව කීම නිසා, ඊළඟ නඩු දිනය 2022.07.06 බවද, එය අනිවාර්්‍යයෙන්, පොලීසිය අදාළ පාර්ශවයන් විසින් තවත් මාස 07 කට කල් යවා ඇත.

    x මා අසා ඇති පරිදි, මෙම නඩුව විභාග කර අවසන් කිරීමට, වසර ගණනක් යනු ඇත.

   x එ්වන විට, මාගේ තරුණ ජීවිතය අවසන් වී ඇති බව,

එම නිසා මා ඉල්ලා සිටින්නේ, 

අධිකරණයෙන් විසඳා ගන්නට ඉඩ නොතබා, අපක්ෂපාතී විමර්ශනයක් මගින් මාගේ නිර්දෝශී භාවය ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙසටය.

මෙයට

 දිල්ශාන් 









Friday, December 3, 2021

දැරියක් දුෂණය කළ අදාම්බාවට 20 වසරක සිර ද`ඩුවම, ලක්ෂ 5 ක වන්දිය , 20 දහසේ දඩය ස්ථිරයි.

 

පසුගිය දා, විභාගයට ගන්නා ලද, සමන්තුරේ පදිංචි කරුවකු වූ ඞී.ආදම්බාවා නබීර් ගේ අභියාචනය නිෂ්ප‍්‍රභා කළ අභියාචනාධිකරණය, 2010 වසරේදී කල්මුණේ මහාධිකරණය ලබා දුන්, තීන්දුව ස්ථිර කරනු ලැබීය.

අවු: 16 ට අඩු, පාතිමා නම් වූ දැරියක් දුෂණය කිරීම, ඞී. ආදම්බාවා නබීර් ට එල්ලවූ චෝදනාව විය.

මොහු සමන්තුරේ, නැගෙනහිර කලරිචාල් හී පදිංචි කරුවෙකි.

මොහු, කල්මුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව ආරම්භ වීමෙන් පසුව, අධිකරණය මග හරින ලද පුද්ගලයෙකි. 

මෙම දුෂණ චෝදනාව, කල්මුණේ මහාධිකරණයේ විභාග කරන ලද්දේ, චූදිතයාවූ , මෙම ඞී ආදම්බාවා නබීර් නොමැතිවය. 

නඩු විභාගය අවසානයේ, ඉදිරිපත් වූ සාක්ෂිය අනුව, බී. අදාම්බාවා නබීර් ට, වසර 20 බරපතල වැඩ ඇතිව, සිර ද`ඩුවමක්, රු: ලක්ෂ පහක වන්දියක් හා රුපියල් විසිදහසක දඩයක් නියම කරනු ලැබීය. ඒ 2011 පෙබරවාරි 19 දිනයි.

මෙම තීන්දුව, ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව, එකී තීන්දුවට එරෙහිව, අභියාචනයක්, අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම අභියාචනය, 2021 ඔක්තොම්බර් 12 විභාගයට ගනු ලැබූ අතර, මහාධිකරණ තීන්දුව ස්ථිර කරමින්, අභියාචනය ඉවත දැමිම ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ 2021 දෙසැම්බර් 25 දිනය. 


Wednesday, December 1, 2021

මහාධිකරණය දුන්න දිවි ඇතිතෙක් සිර දඬුවම අහෝසියි.



 මීට වසර 08 කට පෙර, එනම්, 2013.12.21 දින, මනෝජ් උදය කුමාර, හෙරොයින් ග‍්‍රෑම් 10.32 ක් ළඟ තබා ගැනීම හා ප‍්‍රවාහනය කිරීම යන චෝදනා 02 ට, වරදකරු කරමින්, කොළඹ මහාධිකරණය, මනෝජ් උදය කුමාරට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවන ලදි. 

මෙම තීන්දුව, අභියාචනාධිකරණය ඉදිරියේ, අභියෝගයට ලක් කිරීමට ඔහු පියවර ගනු ලැබීය. 

2021.12.30 වන දින, එම අභියාචනය පිළිගත් අභියාචනාධිකරණය, මහාධිකරණය ලබාදුන්න තීන්දුව ඉවත දමා, ඔහුව නිෙදාස් කොට නිදහස් කරන ලදි.

මනෝජ් උදය කුමාරව, අත්අඩංගුවට ගනු ලැබුවේ, ලැබුන ඔත්තුවක් මත, පැපිලියාන,  කීල්ස් සුපිරි වෙළඳසැල අසල බව, වීශේෂ කාර්ය බලකාය කියා සිටින ලදි. 

පැපිලියාන කීල්ස් සුපිරි වෙළඳසැල අසලදී, අත්අඩංගුවට ගත් බවට වන, විශේෂ කාර්ය බලකායේ සඳහන සැක සහිත බවයි, අභියාචනාධිකරණයේ පිළිගැනිම.


Sunday, November 28, 2021

රුපියල් 112,500/- ක සොරකම, යට ගහන්න, මාස 08 ක් රිමාන්ඞ් එකේ තිබ්බා,

 


ඇප ගන්න වුනේ මහාධිකරණයෙන්. හැම ඉදිරිදම, අත්සන් කරන්න පොලීසියට යනවා.

ඇය, 63 න් හැවිරිදි, තිදරු මවක්. සැමියා අංශභාග රෝගියෙකි. පුතා කුඩු බොන හා ජාවාරම් කරන්නෙකි.

බෑනා කෙනෙක් රට ඉඳලා, එවන සල්ලි වලින්, හා පොලියට දීමෙන් ජීවිකාව කරන බව කියයි.

ඇය, 2021.03.03 දින, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ලට මේ දක්වාම පිළිතුරු ලැබ නැත.

මෑතක දී, ඇයට, සම්පූර්ණ නඩු වාර්තාව අධිකරණයෙන් ලබා ගැනීමට හැකි විය. එය පදනම් කරගෙන, ඇය, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01

අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කරවීම.

රෝහිණී, වයස 63 යි, ජා.හැ.අ. 1957-, විවාහක, දරුවන් 03 යි, ලිපිනය: --- පානදුර.

2021.11.26 වන දින දීය.

මෙම කාරණය අදාළව මා විසින්, 2021.03.03 වන දාතමින් කරන ලද ලිඛිත පැමිණිල්ල අදාළව, වැඩිදුර කරුණු, පහත දක්වා සිටිමි. (එම පැමිණිල්ලේ පිටපත අමුණා ඇත*

02. මා එකී, පැමිණිල්ලෙන් සංක්ෂිප්තව, කියා සිටියේ, 2020.04.28 වන දාතමින් පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට, අනුයුක්තව රාජකාරි කරන උ.පො.ප. --- ඇතු`ඵ නිලධාරීන් පිරිසක් විසින්, මා අත්අඩංගුවට ගෙන, මා, මහජන බැංකුවට තැම්පත් කිරීමට ගෙන ආ, රු: 130,000/- ක මුදල ලබාගෙන, එයින් රු: 67,500/- ක් පමණක් සමග මා සතුව හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් තිබූ බවට බොරු චෝදනා නගා, ගරු අධිකරණය මගින් මාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම පිළිබඳවය.

03. නඩු අංකය : ----/2020 වේ.

04. හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාව නිසා, එදා පැවති නීතිය අනුව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට මා හට ඇප ලබාදීමට නොහැකි බව ප‍්‍රකාශ විය.

05. මට ඇප ලබාගැනීමට හැකි වූයේ, පානදුර, බස්නාහිර පළාත්බද මහාධිකරණයෙන් ය. ඇප මත මුදා හැරීමට නියෝග කරන ලද දිනය 2020.12.08 දිනය.

රුපියල් 5,000/- ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක්, සෑම සතියකම ඉරු දින, පානදුර දකුණ පොලීසියේ අත්සන් කිරීම යන ඇප කොන්දේසි වලට මා යටත් කර තිබින.

06. පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද බව කියන හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් කර, රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියෝග ලබාගෙන තිබුනේ 2020.08.14 දිනය.

07. රස පරීක්ෂක විසින්, සන්තකය් තිබූ බවට, පොලීසිය කියන ලද මිලි ග‍්‍රෑම් 2300 පැකට්ටුව, රස පරීක්ෂක විසින් කිරා බැලීමේදී, එහි බර මිලි ග‍්‍රෑම් 2275 කි.

තිබූ හෙරොයින් වල බර ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 49 කි.

එම වාර්තාව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට එවා තිබූ දිනය, 2021.01.11 ය.

මෙම කරුණු සාරාංශ ගත කළ විට, 

(1) අත්අඩංගුවට ගත් දිනය : 2020.04.28

(2) අත්අඩංගුවට ගත් ස්ථානය : පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට වුවද, ගරු අධිකරණයට වාර්තා කර තිබුනේ මාව, නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, එපමණක් නොව දුවන විට බවත් ය.

(3) පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට දී, අත්අඩංගුවට ගන්නා විට, මා සතුව රු: 130,000/- කට වැඩි මුදලක් විය.

නමුත් පොලීසිය, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, රු: 67,500/- ක මුදලක් පමණි.

(4) මා සන්තකයේ තිබූ බවට, පොලීසිය සඳහන් කරන ලද හෙරොයින් ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 2300 කි.

(5) නමුත් රස පරීක්ෂකට යවා ඇත්තේ මි.ග‍්‍රෑ. 2750 කි.

එහි ඇත්ත වශයෙන්ම තිබී ඇත්තේ, හෙරොයින් මි.ග‍්‍රෑ. 49 කි.

(6) එපමණක් නොව, පොලීසිය, සිය වාර්තාවෙන්, ගරු අධිකරණයට ප‍්‍රකාශ කරන්නේ, මහසේනගේ රෝෂාන් ප‍්‍රනාන්දු නැමති සැකකරුවා ගරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මේ සිය`ඵම කරුණුවලින් මනාව ඔප්පු වන්නේ, මා නීත්‍යානුකූලව ලබා ගන්නා ලද, රු: 130,000/- ක මුදලක් පානදුර කොමර්ෂල් බැකුවට තැම්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී,අත්අඩංගුවට ගෙන, එම මුදලෙන්, රු: 112,500/- ක්, වංචා කර, එම වංචාව වසා ගැනීමට සහ ආණ්ඩුව, ජනතාව රැුවටීම සඳහා ගරු අධිකරණය උපයෝගී කරගත් බව ය.

මේ නිසා මට, 2020.04.29 දින සිට, 2020.12.28 දින දක්වා, මාස 08 ක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය.

මා, අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ,

(1) මාව, අත්අඩංගුවට ගත් ස්ථානය, නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහාත්,

(2) මා හට, චෝදනා කරන, හෙරොයින් සන්තකයේ තිබූ බවට, සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති, බැංකු පොත්, ජංගම දුරකථන, සිම්පත් ආදිය නොපමාව, විධිමත් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙසටත් ය.

මෙයට,

-- රෝහිණී ---- 


Friday, November 26, 2021

ගාමන්ට් එකේ දී, සම බිම ගොඩනගා ගත්තු මුතු හා සමන් - මේවන විට, විරසක වෙලාය.

 

 



සමන් විවාහකයෙකි. මෙම සම්බන්ධය බිරිඳ, පොලීසියට ගොස් කරන ලද පැමිණිල්ලකට, සම ලිංගික යුවල පොලීසියට ගෙන්වා. අවවාද අනුශාසනා කර තිබෙන බවද කියැවේ. මේ වන විට, සමන් විදෙස්ගතව සිටී.

එ වුනත්, මුතු සමග රාත‍්‍රිය පුරාම බැන අඬ ගසා ගන්නවා යැයි මුතූගේ අම්මා කියයි.

පසුගිය දා, `ඵතර යුනිට්එකෙන් ඇවිත්, මුතුව රැගෙන ගියේ, ප‍්‍රකාශයක් ගැනීමට තියෙනවා කියා.

නමුත් කළේ, හෙරොයින් ග‍්‍රෑම් 12 කට වැඩි ප‍්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවට, වන බීවාර්තාවක් සමග, උසාවියට ඉදරිපත් කිරීමය.

ඇප ගත හැක්කේ මහාධිකරණයෙන් ය. එසේ නොමැති නම රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුවය.

පවතින ක‍්‍රමය තුළ, හය මසකටවත්, මුතූට, රක්ෂිත බන්ධනාගාරය තුළ, සිටීමට සිදුවනු ඇත.

මුතූගේ මව, සිද්ධිය අදාළව. බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ල පහත දක්වන්නේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳ අදහසක් ඇති කරන්නටය.

01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව   02. පොලිස්පති ,  පොලිස් මූලස්ථානය   03. නීතිපති,   නීතිපති දෙපාර්තමේන්තුව 04. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය 05. ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව

නිර්දෝශි පුද්ගලයෙකු ට එරෙහිව අධිකරණය උපයෝගි කරගෙන, පොලීසිය සිදු කරන අපරාධයක්.

කාලි (මව) , අවු: 59 යි, ජා.හැ.අ. 1962---, විවාහක, දරුවන් 02 යි, වතු කම්කරු, --වත්ත, තෙබුවන, ලිපිනය: නො: -----------, කටුකුරුන්ද, `ඵතර, දු.අ. 075 -----.

2021.11.23 වන දින දීය.

මුතු ----අවු: 26 යි, අවිවාහක, කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා රැකියාව නැවතී ඇත. මාගේ පුතා වේ.

2. 2021 නොවැම්බර් 17 වන දින, පෙරවරු 9.00 ට පමණ, `ඵතර පොලිස් විශේෂ එකකයේ, චම්මික ලෙසට හඳුන්වන නිලධාරියා, තවත් දෙදෙනෙක් පැමිණියා.

ඔවුන්, නිවසේ සිටි පුතාව, අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්නා විට, චම්මික නිලධාරියා කියා සිටියා, මීට වසර කිහිපයකට පෙර, දැනට විදෙස්ගතව සිටින, සමන්- යන අය සමග ඇති කරගත්, ආරවුල ගැන ප‍්‍රකාශයක් ගන්න කියා. මට ද, පොලීසියට එන්න කිව්වා.

මම, ඇඳගන්නා විටම, ඔවුන් පුතාව රැගෙන ගියා. මා, ඔවුන් පොලීසියට එන්න කියපු නිසා, `ඵතර දකුණ පොලීසියට ගියා. එහිදී දැනගත්තා, ගෙනිහින් තියෙන්නේ, `ඵතර, නාගොඩ, පොලිස් අධිකාරි කාර්යාල පරිශ‍්‍රයේ පිටි ‘‘යුනිට්’’ එකට බව. මා ‘‘යුනිට්’’ එකට ගියා.

3. ‘‘යුනිට්’’ එකේ කාමරයක, අත් පිටුපසට කොට, මාංචු දමා, පුතාව බිම දමා තිබුණා. දුරකථන තොරතුරු අරගෙන සවස 4.00 ට එවන බව, එහි සිටි නිලධාරී මහතෙක් කිව්වා.

එ අනුව, මම, ප.ව. 3.00  වන විට, යුනිට් එකට ගියා.

4. එසේ යන විටත්, පුතාව, `ඵතර දකුණ පොලීසියට ගෙනගොස් තිබුනා. මා, `ඵතර දකුණ පොලීසියට ගිය විට දුටුවා, පුතා කූඩුවට දමා තිබෙනවා. පුතා මට කූඩුවේ සිට කිව්වා, මෙයා, (චාමික නිලධාරියා පෙන්නා) මට ‘‘කුඩු’’ දාන්න හදනවා කියා. එවන විටත් මෙම නිලධාරියා, පුතාට විරුද්ධව අමූලික බොරු, ‘‘කුඩු’’ නඩුවක් ලියා ඇති බව දැන ගත්තා.

5. එදින පුතාව, කූඩුවේ තියාගෙන සිට, 2021.11.18 (පෝය දින) වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සිරි පෙරේරා මයා ළඟට ගෙන ගොස්, රිමාන්ඞ් බාරයට පත් කළා. ක`ඵතර බන්ධනාගාරය පුතාව නිරෝධායනයට කියලා, බූස්සට යැව්වා.

5. 2021 නොවැම්බර් 18 දින මම, නීතිඥවරයෙක් ඉදිරිපත් කළා. රු: 7,500/- ක් ලබා දුන්නා. 2021 නොවැම්බර් 19 දින, මෝෂමක් ඉදිරිපත් කර, ඇප අරන් දෙන්නම් කියා, නීතිඥ මහත්මිය, මගෙන් රු: 3,000/- ක් ලබා ගත්තා. එයින් ඵලක් වුනේ නෑ.

6. පුතාව බලන්න, 2021 නොවැම්බර් 20 වන දින, බූස්ස බන්ධනාගාරයට ගියා. පුතාව පෙන්නුවේ නෑ. බන්ධනාගාරයේ, කැන්ටිමට, රු: 2,000/- ක් බඳින්න කිව්වා. පුතාට අවශ්‍ය දේ ගැනීමට.

7. අදටත් පුතා ඉන්නේ, බූස්ස බන්ධනාගාරයේ.

මීළඟ නඩු දිනය : 2021 දෙසැම්බර් 03.ඉහත නීතිඥවරුන් දෙදෙනාම කියා සිටියා, ඇප ගන්න බෑ, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් තිබූ බවට, ලියලා තියෙනවා කියා.

8. මාගේ පුතාව, `ඵතර විශේෂ දුෂණ මර්දන එකකය/යුනිට් එකෙන් අත්අඩංගුවට ගෙන, ඇප ලබාගැනීමට බැරිවන පරිදි, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් ළඟ තබා ගත් බවට බොරු චෝදනාවක් නගන ලද්දේ, ‘‘යුනිට්’’ එකේ, චම්මික ප‍්‍රමුඛ නිලධාරීන් විසින් විදෙස්ගතව සිටින සමන් නැමති අයගෙන් අල්ලස් ලබාගෙන හෝ නෑබඩ සිටින ඔහුගේ බිරිඳ සමග අයුතු සම්බන්ධයක් නිසා හෝ ඇමති වරයෙකුගේ සමීපතමයෙකු වන, උපාලි නැමැත්තාගේ බලපෑම් මත බවයි.

9. මෙම සංවිධානාත්මක අපරාධය, එනම්, (මොනම ආකාරයක නීති විරෝධී ක‍්‍රියාවක නොයෙදෙන, මත්පැන්, මත්ද්‍රව්‍යය, දුම් පානය නොකරන, මාගේ පුතාව, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් ළඟ තබාගත් බවට චෝදනා) කිරීමට පොලීසිය යොදා ගැනීමට පසුබිම සංක්ෂිප්තව සටහන් කරමි.

                (1) මාගේ පුතා, මීට වසර 5 කට පෙර, හොරණ, හයිඩ‍්‍රාමනී ඇඟ`ඵම් කර්මාන්ත ශාලාවේ වැඩ කරන  ලදි.

                (2) මෙම කාලයේදී, මාගේ පුතා, නෑබඩ පදිංචිකරුවෙකු වන සමන් සමග, සම ලිංගික සම්බන්ධයක් ඇති කරගෙන තිබින.

                (3) සමන්තගේ බිරිඳ විසින් මේ කාරණය අදාළව, එම කාලයේ පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මේ පිළිබඳව සිය`ඵ විස්තර, ‘‘යුනිට්’’ එකේ - මහතා සහා මාගේ  පුතාව අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා ඇති චම්මික යන නිලධාරියා දන්නා බව කියා සිටිමි.

                (4 )  සමන්ත, විදෙස්ගතව සිටියද, නිරන්තරයෙන් පුතාට දුරකථන ඇමතුම් ලබාදෙමින් කථා කරයි. බැන ගන්නා අවස්ථා ද තිබේ.

                (5) මේ අතර, සමන්ත යන අයගේ මිතුරෙක් වූ, `ඵතර, හීනටියන්ගල, 8 මාවතේඅජිත් යන අයද මාගේ පුතා සමග ආරවුල් ඇති කර ගනී.

                (6) අජිත් නම් මොහුගේ දුරකථන පරීක්ෂා කළහොත්, තොරතුරු ලබා ගැනීමට පු`ඵවන. 

10. පොලීසිය, ගරු අධිකරණය පාවිච්චි කර සිදුකරන ලද මෙම, අරාධය වළක්වාලීමට පවතින නීතිමය තත්ත්වය තුළ කළ යුත්තේ,

           x මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර, ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටීමය.

           x මෙම ක‍්‍රියාවලියට, මාස 06 ක් වත් ගතවන බවද, එ් සඳහා නීතිඥ ගාස්තු වශයෙන්, අපට දැරිය

              දැරිය නොහැකි මුදලක් වැය කිරිම සිදුවන බව ද, ඔබ සිය`ඵ දෙනා දන්නා කරුණකි.

මෙයට ලබාගත හැකි එකම සහනය වන්නේ,

පොලීසිය, මාගේ පුතා ළඟ තිබූ බව කියන, හෙරොයින් ග‍්‍රෑම් 12 පිළිබඳව රස පරීක්ෂක වාර්තාව ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමය.

         x  මේ දක්වාම, මාගේ පුතා ළඟ තිබූ බව කියන, හෙරොයින් ග‍්‍රෑම් 12, ගරු අධිකරණයට ඉදිරිපත් කර  නැත.  ගරු අධිකරණය, එම හෙරොයින්, ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ද නැත.

මෑතකදී, ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම් ගෙන, පොලීසිය කරන වංචාව දැන දැන, රිමාන්ඞ් බාරයට පත් කිරීම සඳහා වූ නීතිය එනම්, ග‍්‍රෑම් 10 ක් දක්වා විටින් විට වැඩි කිරිමට පියවර ගන්නා ලදි. දැන් පොලීසිය කරන්නේ, ළඟ තබාගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය, ග‍්‍රෑම් 10 ට වඩා වැඩි බව ගරු අධිකරණයට කියා සිටීමය.

මෙය, එයට හොඳම නිදසුනයි.

මෙමගින්, පොලීසිය අල්ලසට හා පුද්ගලයින් සමග ඇති අයුතු සම්බන්ධතා මත, දුප්පතුන්ට කරන අපරාධය ගැන ද අවධානය යොමු කර සිටිමි.

තවදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ, නිර්දෝශී පුද්ගලයෙකු රිමාන්ඞ් බාරයේ සිටීමට ඉඩ දීම අපරාධයක් බවත්, මාගේ පුතාව නිදහස් කර දෙන ලෙසටත් ය.

මෙයට,

මුත්තුගේ මව