Wednesday, December 1, 2021

මහාධිකරණය දුන්න දිවි ඇතිතෙක් සිර දඬුවම අහෝසියි.



 මීට වසර 08 කට පෙර, එනම්, 2013.12.21 දින, මනෝජ් උදය කුමාර, හෙරොයින් ග‍්‍රෑම් 10.32 ක් ළඟ තබා ගැනීම හා ප‍්‍රවාහනය කිරීම යන චෝදනා 02 ට, වරදකරු කරමින්, කොළඹ මහාධිකරණය, මනෝජ් උදය කුමාරට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවන ලදි. 

මෙම තීන්දුව, අභියාචනාධිකරණය ඉදිරියේ, අභියෝගයට ලක් කිරීමට ඔහු පියවර ගනු ලැබීය. 

2021.12.30 වන දින, එම අභියාචනය පිළිගත් අභියාචනාධිකරණය, මහාධිකරණය ලබාදුන්න තීන්දුව ඉවත දමා, ඔහුව නිෙදාස් කොට නිදහස් කරන ලදි.

මනෝජ් උදය කුමාරව, අත්අඩංගුවට ගනු ලැබුවේ, ලැබුන ඔත්තුවක් මත, පැපිලියාන,  කීල්ස් සුපිරි වෙළඳසැල අසල බව, වීශේෂ කාර්ය බලකාය කියා සිටින ලදි. 

පැපිලියාන කීල්ස් සුපිරි වෙළඳසැල අසලදී, අත්අඩංගුවට ගත් බවට වන, විශේෂ කාර්ය බලකායේ සඳහන සැක සහිත බවයි, අභියාචනාධිකරණයේ පිළිගැනිම.


No comments:

Post a Comment