සපත්තු නැති නිසා ඉස්කොළේ ගියේ නැති නිසා ද? පොලීසිය ‘ඉගෙනගන්න’ මහ උ`ථගෙදර යැව්වෙ?

ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 
18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මගින් නිති විරෝධිව අත්ඩංගුවට ගෙන වධදි, බොරු චොදනා දමා රිමාන්ඞ් භාරයට පත්කිරිම පිළිබඳව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට හා දැන ගැනීම සඳහා පොලිස් කොමිසමට යවන ලද පැමිණිල්ල පහත දක්වමු.  
‘‘  වසන්ත ---- අවු: 17යි, රැුකියාවක් නොමැත. පානදුර. 2017.06.21 දිනදීය.

මා, 2016 ඉගෙනුම ලබමින් සිටියදී, අග හිඟ කම් නිසා පාසල් යෑමට නොහැකි විය. කුඩා කල සිට ජීවත් වූයේ මව සමගය.

2017 මාර්තු 22 වන දින, උදේ 10.00 ට විතර, මා ගෙදර නිදාගෙන සිටියදී, සිවිල් ඇඳුමින් තිදෙනෙක් පැමිණ, මගේ නම ඇහුව්වා. මම ”වසන්ත ” යයි කිව්වා. එවිට ගෙදරට කියන නම ඇහුව්වා. මම ”පමී” යයි කිව්වා. එවිට ඔවුන් තුන්දෙනාම පොල්ලකින් හා අතින් පයින් මට ගැහුව්වා. ඊට පසුව මාංචු දැම්මා. ඇදගෙන ඇවිත් ත‍්‍රීවිල් එකට දාගෙන, පානදුර දකුණ පොලසියට ගෙන ආවා. එ් ත‍්‍රීවිල් එක පොලිසියේ එකක්.

මාව ගෙනල්ලා උඩ තට්ටුවට ගෙනිච්චා. උඩ තට්ටුවේ මාංචු ගලවා, අත් කරකවා, පිටුපස්සට තබා මාංචු දමා පොල්ලකින් පහර දුන්නා. පහර දුන්නේ අතට. ගැහුව්වේ කුඩු දීපන් කියමින්. එසේ පහර දුන්නේ රණවීර හා අනෙක් දෙදෙනාගෙන් එක් අයකු විසින්. මාව පැය දෙකක් විතර තියාගෙන හිටියා. ඊට පස්සේ පහලට ගෙනවිත් කූඩුවට දැම්මා.

පසුවදා (23 දා* - පානදුර රෝහලට ගෙන ගියා. මාව රෝහලට ගෙනගියේ මට පහර දුන්න, රණවීර කියන නිලධාරියා හා පහර දුන්න අනෙක් නිලධාරියා. පහර දුන් අයව දැක්කොත් අදුරන්න පු`ඵවන්. 

රෝහලේ - අධිකරණ වෛද්‍ය නිලධාරී ලඟට ගෙන ගියා. කාමරයට මාව ඇතු`ඵ කරනකොට, ගැහුව්වයි කියලා තිබුනොත්, උඹට වෙඩි තියනවා කියා, පිස්තෝලය පෙන්වූවා. මම බයට පහර දුන් බව කිව්වේ නැහැ. ෙදාස්තර මහත්තයා ඇහුව්වා ගැහුව්වාද කියා. මම නැහැ කිව්වා. ඊට පස්සේ මාව පානදුර උසාවියට ගෙන ආවා.

උසාවියේදී, මා වෙුවෙන් නීතිඥ මහතා පෙනී සිටියා. පොලිසිය මට පහර දුන්න බව කියා සිටියා. 
මා රෝහල්ගත කරන ලෙසට බන්ධනාගාරයට නියම කලා. මට විරුද්ධව, හෙරොයින් මිලිග‍්‍රෑම් 800ක් ලඟ තබා ගත්තා කියා බොරු නඩුවක් දාලා තිබුනා. මාව බන්ධනාගාරගත කලා. බන්ධනාගාරයෙන් මාව, නාගොඩ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා. එහිදී මට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. 

2017 ජූනි 05 දක්වා, මට රක්ෂිත බන්ධණාගාරයේ සිටින්නට සිදු වුනා. 

රස පරක්ෂක වාර්තාවේ මට පොලිසිය විසින් දමා තිබූ හෙරොයින් තිබුනේ සු`ඵ ප‍්‍රමාණයක්. එ් නිසා මට ඇප ලබා දීමට පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය පියවර ගත්තා. නාගොඩ මහා රෝහලේ වෛද්‍ය වාර්තාවද අධිකරණයට ලැබී තිබුනා. එහි මට පහරදීම තහවුරු කර තිබුනා. 

මාව මුදාහැරියේ රු: 5000/= මුදල් ඇප හා ශරීර ඇප දෙකක් මත. මීලඟ නඩු දිනය - 2017.11.28

මෙම බොරු චෝදනාව නිසා, මට මාස 2 2/1 ක කාලයක් රක්ෂිත බන්ධණාගාරගතව සිටින්නට සිදු විය.

මා ඉල්ලා සිටින්නේ,
1. බොරු නඩු දමා , මා රිමාන්ඞ් බාරයට පත්කල, පානදුර දකුණ පොලිසියේ ¥ෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති, උ.පො.ප.රණවීර ඇතු`ඵ මාව අත්අඩංගුවට ගෙන වධ දුන් අනෙක් නිලධාරීන් දෙදෙනාට ද එරෙහිව, මූලික අයිතීන් උලංලඝණය කිරීම හා අපරාධ කිරීම සම්බන්ධයෙන්, නීතිමය පියවර ගන්නා ලෙසට ද,

2. එමෙන්ම, මට විරුද්ධව පවරා තිබෙන ව්‍යාජ නඩුව ඉල්ලා අස්කරවන ලෙසට, පානදුර දකුණ පොලිසියට නියෝග කරන ලෙසටය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කර සිටිමි.

මෙයට,
 වසන්ත 

   පිටපත:    ජා.පොලිස් කොමිෂන් සභාව.          දැ. ගැ. පි.  







Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment