Saturday, March 28, 2020

“පළමුව පරීක්ෂණ කට්ටලය - දෙවනුව දරුවා” බිහිකළා. 19 පැය තුන හතරක් ඇතුළත හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටලය නිපදවයි


Covid 19 පැය තුන හතරක් ඇතුළත හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටලයක් ඉන්දියාව නිපදවයි.
 “පළමුව පරීක්ෂණ කට්ටලය - දෙවනුව දරුවා බිහිකළ බව මෙම කට්ටලය නිපදවීමේ පර්යේෂණ කණ්ඩායමට  නායකත්වය දුන් වෛද්‍ය විශේෂඥ බොෂලේ (Ms Minal Dakhave Bhosale) ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ පූනේ නුවර Mylab Discovery නම් සමාගම විසින් මෙම Covid 19 හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටලය නිපදවා තිබේ. 
මෙම පරික්ෂණ කට්ටල 150 ඉන්දියාවේ පුනේ, මුම්බායි, බැන්ගලු, දිල්ලිය ඇතුළු නගර කීපයකට බෙදා හැර ඇති අතර ඉදිරියේදී මෙම කට්ටල ලක්ෂයක් නිපද වීමේ ඉලක්කය ඇතිව වැඩ කරගෙන යයි. මෙම කට්ටලය මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබෙන අය පරීක්ෂණයට ලක්කර ඔවුන් Covid 19 රෝග ලක්ෂණ තිබේ දැයි නිර්ණය කළ හැකි බව ප්‍රකාශවේ.


Thursday, March 26, 2020

මිරුසුවිල් සමූහ ඝාතනය යට වරදකරු වූ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව හිමිවිය.


මිරුසුවිල් සමූහ ඝාතනය යට වරදකරු වූ මාණ්ඩලික සැරයන්
සුනිල් රත්නායකට ජනපති සමාව හිමිවිය.

අද, 26 දින, උදේ  මරණ දණ්ඩනය නියමව සිටි මාණ්ඩලික සැරයන්සු නිල් රත්නායක, ජනාධිපති සමාව හිමව වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.
2000 දෙසැම්බර් 19 දින මිරුසුවිල් ප‍්‍රදේශය මුදා ගෙන සිටී යුද හමුදා සාමාජිකයින් භටයින් පිරිසක් විසින් ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුලූ සාමාන්‍ය වැසියන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා මරා දැමීම මාණ්ඩලික සැරයන් රත්නායකට එල්ලව තිබූ ප‍්‍රධාන චෝදනාව විය.
මෙම හෙළිදරව් වූයේ අත්අඩංගුවට ගෙන තිබූ අයගෙන් එක් අයෙකු මිදි පලාවිත් තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු හමුදා භට පිරිසක් පොලිසිය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් පස් දෙනෙකුට එරෙහිව මහාධිකරණය මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 19 ක් මුල්කරගෙන නඩු පැවරීය. මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහා අධිකරණය ඉදිරියේ විශේෂ නඩුවක් ලෙස විභාග විය. 
නඩු විභාගය අවසානයේදී මෙම පස්දෙනාගෙන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කර, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ට මරණ දණ්ඩනය නියම කළේ, ඔහුට විරුද්ධව නීතිපති ඉදිරිපත් කර තිබූ  චෝදනා 19න් 07ක්  ඔප්පු වී ඇති බවට නිගමනය කරමි.
තීන්දුවට එරෙහිව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය 2019 මැයි 21 ඉවතලූයේ 2015 ජුනි 25 ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබාදී තිබුණු මරණ දඬුවම ස්ථිර කරමින්ය. 
එම තීන්දුවෙන් පසුව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නිදහස ලබා දෙන ලෙස ඉල්ලා රණවිරු සංවිධාන උද්ඝෝෂණ ආරම්භ කරන ලද අතර, මෙම අපරාධ සම්බන්ධයෙන් හා නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ක‍්‍රියාකළ දේශීය මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සිය සතුට පළ කළේ හමුදා විසින් ‘‘යුද අපරාධ සිදු කරන ලද බවට’’ ඔව් නගන චෝදනා සාධාරණය වී ඇති බව පෙන්වා දෙමින්ය.
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග‍්‍රහණයට ප‍්‍රමුඛ ස්ථානය ගත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ සහා සංවිධාන වල එක් ප‍්‍රධාන ඉල්ලීමක් ව තිබුණේ ‘‘යුද අපරාධ චෝදනා’’ සම්බන්ධයෙන් සිරගතව සිටින හමුදා සාමාජිකයන් ඉඩ නිදහස ලබා දෙන ලෙසට ය.
මෙම නිදහස් කිරීම යුද අපරාධ සම්බන්ධයෙන් චොදනා එල්ල කරන ජාත්‍යන්තර මෙන්ම දේශිය රාජ්‍ය නොවන සංවිධාන හා බෙදුම්වාදි දේශපාලන පක්ෂ නැවත වරක් ත‍්‍රිවිධ හමුදා විරෝධී ප‍්‍රචාරයන් හා බලපෑම් වල යෙදිම ආරම්භ කරනු ඇත. 

Tuesday, March 24, 2020

බන්ධනාගාර රැඳවියන් නිදහස් කර හැරීමට වහාම පිවර ගත යුතුයි


රටපුරා හදිසි තත්වයක්. ත්‍රිවිධ හමුදාව කැඳවයි.


මහජන ආරක්ෂක  ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම මස 22 දින සිට බලපාන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, ත්‍රිවිධ හමුදාව සේවයට කැඳවා ඇත.
මාසයක් ගතවන තෙක්, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව හමුදා අතට පත් කර තිබේ. 

Sunday, March 22, 2020

ඉතාලියේ Covid 19 මර්දනයට කියුබාව හා රුසියාව එක්වෙයි .





ඉතාලියේ පුරා පැතිරෙන Covid 19 වෛරසය පාලනය කිරීම සඳහා රුසියාව සහ කියුබාව එක්ව සිටී.

කියුබාව විශේෂඥ වෛද්‍යය වරුන් හා හෙදියන් පනස් තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට ඉතාලිය වෙත යවා තිබේ.
රුසියාව,  ඉතාලියට ජංගම විෂබීජනාශක වාහන හා හමුදා විශේෂඥ  වෛද්‍යය කණ්ඩායම්  යැවීමට පියවර ගෙන තිබේ.  රුසියානු ජනාධිපති පූටීන් ප්‍රකාශ කර ඇත්තේ හමුදා ගුවන් යානා මගින් වහාම එරටට ජංගම විෂබීජ නාශක වාහන, විශේෂඥ හමුදා වෛද්‍යවරු හා උපකරණ බ්‍රිගේඩ් අටක්  හමුදා ගුවන් යානා මගින් එරටට ඉතාලියට යවනු ඇති බවයි.

ඉතාලියේ දිනකට මියයන පුද්ගලයින් ආදාහනය කිරීම සඳහා එරට ආදාහනාගාර වල ඉඩකඩ නොමැතිව සිරුරු රෝහල් හා ආදාහනාගාර භූමිවල ගොඩගසා තියෙන අයුරු සහා හමුදා ට්‍රක් මගින් සිරුරු ගෙන යන අයුරු දැක්වෙන දර්ශණ පළ වෙන්නට පටන් ගෙන තිබේ.

ඉතාලියේ දිනකට මරණ සංඛ්‍යාව අටසීයක් පමණ බව වාර්තා වන අතර  එරට පුරා හදිසි නීතිය ප්‍රකාශ පත්කර  අත්‍යාවශ්‍යයම නිෂ්පාදන කර්මාන්ත ශාලාව හැර අන් සියල්ලම වසා දැමීමට පියවර ගෙන ඇත.



Friday, March 20, 2020

2020 මාර්තු 20 - අලුයම 5.30ට නිර්භයා ඝාතකයින් සිව්දෙනා එකට අවසන් ගමන් යයි.




2020 මාර්තු 20 - අලුයම 5.30ට නිර්භයා ඝාතකයින් සිව්දෙනා එකට අවසන් ගමන් යයි. 

එකවර සිව්දෙනකු තිහාර් බන්ධනාගාරය තුල එකට එල්ලා මරා දැමු පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම සිව් දෙනා අවසාන මොහොත දක්වා මරණයෙන් ගැලවීමට අධිකරණය සහය පැතීය. අවසාන ධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වුණේ අද අලුයමය. එහි තින්දුව, එනම් අභියාචනය ඉවත දැමු, බව මොවුන් සිව්දෙනාට බන්ධනාගාරය විසින් දැනුම්දී ඇත්තේ අලුයම  අළුයම 3.30 ට.

වසර 07කට පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දෙන ලද මෙම මරණ දඩුවම  තිහාර් බන්ධනාගාරය ක්‍රියාත්මක කරන ලද්දේ 1956 අනතුරුවය.

 මෙම තීන්දුව පිළිබඳ නිර්භයාගේ පවුලේ සාමාජිකයින්ගේ සතුට ‍ප්‍රකාශයට පත්කර ඇති අතර දිල්ලි පොලීසියට ඔවුන්ගේ ප්‍රණාමය ද පුද කර තිබේ.

ඉන්දීය කාන්තා සංවිධාන නිදා දූෂණය හා මරා දැමීම පිළිබඳව අඛණ්ඩව උද්ඝෝෂණය කළහ   තීන්දුව ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග දිග්ගැස්සවීමට ඉඩ නොතැබිය යුතු බවය.

මෙම සිව් දෙනා ඊයේ රාත්‍රියේ කිසිදු ආහාරයක් ගෙන නැති අතර අවසාන ප්‍රකාශයක් කිරිමට නැති බවද කියා තිබේ. ඔවුන් ගෙන් ති දෙනෙක් සිරගෙදර සිටින කාලය කරන ලද වැඩ සඳහා උපයාගත් මුදල් සහ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සියල්ල ඥාතීන්ට භාර දීමට බන්ධනාගාරය පියවර ගන්නා බව සඳහන් වේ.

 5.30 ට එල්ලා දැමීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු බන්ධනාගාර නීති රීතිවලට අනුව විනාඩි 30ක කාලයක් එල්ලාන තබා ඉන්පසු වෛද්‍ය නියමයෙන් බිමට ගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඔවුන්ගේ ආගමික ඇදහිලි වලට අනුකූලව අවසන් කටයුතු සිදු කෙරෙන බව බන්ධනාගාරය කියා තිබේ.

කාල සටහන
 December 16, 2012 - A 23-year-old physiotherapy student was brutally raped on a moving bus in Munirka in New Delhi. She and her male companion were tortured - a metal pipe was pushed into her abdomen, and a large section of her intestine was pulled out. She was thrown on the roadside and left for dead. Five men and a juvenile were arrested for the crime
December 29, 2012 - The victim dies in a hospital in Singapore after battling serious internal injuries
Protests erupt across India, calling out government indifference, gaps in law-enforcement and rising sexual crimes against women.
January 17, 2013 - A fast-track court begins proceedings against the five men and one juvenile in the case.
March 11, 2013 - Ram Singh, one of the main accused in the case and the driver of the bus, is found hanging in his prison cell.
April 2, 2013 - A tough new anti-rape law is passed, making stalking a crime and introducing the death sentence for convicted rapists.        
September 2013 - The fast-track court sentences all four adult men to death in the case. The juvenile accused is remanded to a three-year term in a detention centre and is released in 2015, after serving his term.
May 5, 2017 - Supreme Court upholds the death penalty of the four remaining convicts. The men file review petitions challenging the order.
January 17, 2020 -  President Ram Nath Kovind rejects their pleas for mercy.
March 20, 2020 - The four men are hanged at dawn in New Delhi's Tihar prison.










Corona වෛරසය ්‍යාප්තිය trump සුදු අක් කරගනී

 ෛරසය ලෝක ව්‍යාප්ත වන අතර එයට සමගාමීව පහත යන බොරතෙල් මිල ස්ථාවර කිරීමට ඇමරිකාව තිස්සේ සූදානම් නැති බවයි මේ අවස්ථාවේ හැකි පමණ මිලයට ගෙන තම ගබඩා පුරවා ගන්නා ලෙසටත් ජනාධිපති නියම කර ඇත
 මෙම තෙල් මිල පහත වැටීම සෞදි අරාබියේ ආර්ථිකයට බලපා ඇතත් එයට වඩා බලපෑමක් රුසියානු ආර්ථිකයට ඇතිව ඇති බව වසන ට්‍රම් මේ අවස්ථාවේ රුසියාව ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් බිඳ දැමීමට මෙම තෙල් මිල පහළ යාම උපයෝගි කරගත යුතු බවද කියා තිබේ

 නමුත් කියන්නේ තෙල් මිල පාලන බලපෑම දරා ගැනීමට ඔවුන්ට ශක්තිය තිබෙන බවයි 

 ඒ අතර ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළ යුතු බවට සම්මුතිවාදී ජනාධිපති අපේක්ෂකයා ්‍රසිද්ධියේම ඇමරිකානු රජයෙන් ඉල්ලා තිබේ

 ලෝක බලවතුන් අතර තරඟය කොරෝනා වෛරසය ්‍යාප්තිය හමුවේ කිසිසේත් අඩු වී ඇත  අඩු කර නොමැත  ඉන්දියාව හා රුසියාව ාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉරානය හරහා මාර්ගයක් ඉදිකරන අතර ඉදිකිරීමට උද්ගතව ඇති අතර ඇමරිකානු සම්බාධක මන් කිසිසේත් ගණන් නොගන්නා බවට ප්‍රකාශ කර තිබේ මෙම නව මාර්ග නිසා ඉන්දියාව හා රුසියාව අතර වෙළඳ ගනුදෙනු ඉතා සාර්ථකව ඉහල යනු ඇත


Covid 19 වෛරසය Trump සුදුවක් කරගනී.





 වෛරසය ලෝක ව්‍යාප්ත වන අතර එයට සමගාමීව පහත යන බොර
තෙල් මිල ස්ථාවර කිරීමට ඇමරිකාව කිසිසේත් සූදානම් නැති බවත්,
මේ අවස්ථාවේ හැකි පමණ බොර තෙල්මි ලයට ගෙන තම ගබඩා
ඉතිරි යන තරමටම පුරවා ගන්නා ලෙසටත් ජනාධිපති ට්‍රම්ප් නියම කර
ඇත.


මෙම තෙල් මිල පහත වැටීම මේ වනවිට සෞදි අරාබියේ ආර්ථිකයට
බලපා ඇතත් එයට වඩා ලොකු බලපෑමක් රුසියානු ආර්ථිකයට ඇතිව
ඇති බව පවසන ට්‍රම්ප් මේ අවස්ථාවේ රුසියාව ආර්ථික වශයෙන් හා
සමාජීය වශයෙන් බිඳ දැමීමට මෙම තෙල් මිල පහළ යාම උපයෝගි
කරගත යුතු බවද කියා තිබේ.


රුසියාව කියන්නේ තෙල් මිල පාලන බලපෑම දරා ගැනීමට ඔවුන්ට
ශක්තිය තිබෙන බවයි. 


ඒ අතර ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළ යුතු බවට
ප්‍රතිවාදි ජනාධිපති අපේක්ෂකයා ඇමරිකානු රජයෙන් හා ට්‍රම්ප් ගෙන්
ඉල්ලා තිබේ.


ලෝක බලවතුන් අතර තරඟය කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ
කිසිසේත් අඩු වී නැත. ප්‍රධාන (MSM) මාධ්‍යය යොදාගෙන එකිනෙකාට චොදනා කරමින් ව්‍යාජ පුවත් මාවා පෑම සිදුකරමින් සිටි.

අඩු කර නොමැත ඉන්දියාව හා රුසියාව භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉරානය හරහා මාර්ගයක් ඉදිකරන අතර ඉදිකිරීමට උද්ගතව ඇති අතර ඇමරිකානු සම්බාධක තමන් කිසිසේත් ගණන් නොගන්නා බවට ප්‍රකාශ කර තිබේ මෙම නව මාර්ග නිසා ඉන්දියාව හා රුසියාව අතර වෙළඳ ගනුදෙනු ඉතා සාර්ථකව ඉහල යනු ඇත

ඉන්දියාව පුරා "ජනතා ඇදිරි නීතිය"පනවයි. ඉන්දීය විපක්ෂයේ පූර්ණ සහාය.


ඉන්දියාව පුරා "ජනතා ඇදිරි නීතිය"පනවයි. ඉන්දීය විපක්ෂයේ පූර්ණ සහාය.

19 දා  අගමැති මෝඩි ජාතිය අමතමින් කියා සිටියේ 20දා සිට රට පුරා "ජනතා ඇඳිරිනීතිය" පනවන බවයි. මෙයින් අදහස් කරන්නේ ජනතාව විසින්ම "ස්වයංව "ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බවය. එනම් කිසිවකු ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ තම නිවෙස් වලින් පිටතට එනු නොලැබුණු අතර,  බවට ජනතාව සහතික වන බවයි. මෙම ක්‍රියාවට ඉන්දීය විපක්ෂය පූර්ණ සහාය පළ කර ඇත.

මෙම ක්‍රියාව සිදු කරන්නේ අවම වශයෙන් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයින් දහ දෙනෙකුට දුරකථනයෙන් අමතා මෙම "ජනතා ඇඳිරිනීතිය" ක්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන දැනුම් දීම් මගින්ය.


Thursday, March 19, 2020

නිර්භයාව දූෂණය කර මරා දැමූ සිව්දෙනා එල්ලා මරා දැමීම හෙට මාර්තු 20 දින සිදු කිරීමට පොරකය සුදානම්.


නිර්භයාව දූෂණය කර මරා දැමූ සිව්දෙනා එල්ලා මරා දැමීම හෙට මාර්තු 20  දින සිදු කිරීමට පොරකය සුදානම් කර තිබේ. එහෙත් ක්‍රියාත්මක් කිරිම සම්බන්ධයෙන් තවමත් පවතිනේනේ අවනිශ්චිත තත්වයකි.
මෙම සිව්දෙනා වෙනුවෙන් නැවත අධිකරණයට කරුණු දැක්වීමට ඔවුන්ගේ නිතිඥයින් ගෙන තිබෙන පියවර නිසාය.


2012 දී, නිවස බලා යමින් සිටියදී, ශිෂ්‍යාවක් වූ නිර්භයා ව දූෂණය කර මරා දැමීමට අදාළ නඩු
තීන්දුව ප‍්‍රකාශයට පත් වූයේ 2013 වසරේදීය.


වසර අටක් පුරා එම තීන්දුව ක‍්‍රියාවට නැංවීමට ප‍්‍රමාද වූයේ චූදිතයින් විසින් ඉදිරිපත් කරන ලද
අභියාචනාවන් නිසාය.


සියලුම නෛතික ක්‍රක්‍රියාමාර්ග අවසානයෙදී මොවුන් සිව් දෙනාම එල්ලා මැරීම ඉන්දියා
අධිකරණ විසින් ස්ථිර කරනු ලැබීය.

ඒ අනුව විසි වෙනි දින උදේ ඉන්දීය වේලාවෙන් උදේ 5.30 ට මෙම සිව් දෙනාව තිහාර බන්ධනා

ගාරයේ දී එක වර එල්ලා මරා දැමිමට නියමිතය.


 එම කාර්යය කිරීමට නියමිත අළුගෝසුවා ලෙසට හඳුන්වන පවාන් නැමැත්තා විසින් එල්ලා
මැරීම සිදු කිරිම සම්බන්ධ පුර්තව සුදානම් සියල්නල සිදුකර තිබේ. එක් සිරකරුවා ගේ බරට සමාන
‘ඩමි‘ යොදගෙන අත්හදා බැලිම් කර තිබේ.





Wednesday, March 11, 2020

බෝධ් පූජාවේ ආශ්චර්යයෙන් ‘‘ෂෙඞ්’’ මාෆියාව හෙළි වෙයි. දවස් 07 ක් අතුරුදන් වූ අයෙකුගේ කථාව.



රුවන්වැලි සෑය ඉදිරිපිට වැඳගෙන ඉල්ලූවා, ළමයි දෙන්නා, බිරිඳ ළඟට යන්න සලස්වන්න කියලා.

එහේම ඉන්න කොට, අසල්වැසියෙක් ළඟට ඇවිත් ”උඹ මෙතන මොකද කරන්නේ, ගෙදර මිනිස්සු උඹව හැම තැනම හොයනවා” කිව්වා. එ් මනුස්සයා, මාව ළඟට අරන්, කොහේවත් යන්න නොදී, ගෙදරට ටෙලිෆෝන් කරලා, අම්මවයි, නෝනවයි ගෙන්නගෙන මාව බාර දුන්නා’’.

අනුෂ්ක 33 හැවිරිදි දෙදරු පියෙක්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, රක්ෂාවට ගිය අයෙක්.

අම්මා සමූපකාරයේ වැඩ කරපු හින්දා, අනුෂ්කව සමූපකාරේ ‘ෂෙඞ්’ එකේ රක්ෂාවට දාගන්න පු`ඵවන් වුනා.

එදා ඉඳලා 2020.02.15 දින දක්වාම කළේ ‘‘ෂෙඞ්’’ රක්ෂාව. පොම්පකරු.

2020.02.15 දින උදේ, රත්මලානේ ‘‘ෂෙඞ්’’ එකට ගියා. ‘‘ෂෙඞ්’’ එකේ පැය 24 ක් එක දිගට වැඩ කරනවා. එදා ඔහු ගෙදරට කිව්වේ ? ඩියුටියත් කරලා තමයි ගෙදර එන්නේ කියලා.

පහුවදා, 2020.02.16 උදේ ඔහු ගෙදර ආවේ නෑ. ‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු ඇවිත් අනුෂ්ක ඇහැව්වා. ගෙදර ආවේ නෑ කිව්වම, රුපියල් එක් ලක්ෂ විසි පන්දාහකුත් අරන් පැනලා ගිහිල්ලා තියෙනවා, සල්ලි හොයා ගන්න  ඕනි කියලා තියෙනවා.

අනුෂ්කගෙ අම්මා එ් මහත්වරුන්ට කියලා තියෙනවා, සල්ලි හොයා ගන්න ඉස්සෙල්ලා අනුෂ්කට   මොකද වුනේ කියලා හොයන්න කියලා.

අනුෂ්කව හොයන්න ගෙදර අය පටන් ගත්තා. ‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු අනුෂ්ක, රුපියල් එක් ලක්ෂ විසි පන්දාහක් අරගෙන අතුරුදන් වෙලා කියලා ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් දැම්මා.

එ් පැමිණිල්ලට ක‍්‍රියාත්මක වූ ගල්කිස්සේ පොලීසිය, අනුෂ්ක වෙනුවට, අනුෂ්කගේ අම්මාව පොලීසියට ගෙන්වාගෙන පැය 04 කට වැඩි කාලයක් ප‍්‍රාණ ඇප කාරියෙක් ලෙස රඳවාගෙන හිටියා.

ඔහුගේ අතුරුදන් වීම ගැන පැමිණිලි බාර ගන්න පොලීසිය සූදානම් වුනේ නෑ. එ් නිසා දවස් 04 කට පස්සේ, අනුෂ්කගේ බිරිඳ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට සැමියාගේ අතුරුදහන් වීම ගැන ලිඛිතව පැමිණිලි කරනවා.

‘‘ෂෙඞ්’’ එකේ මහත්වරු අනුෂ්කගේ, මවට, බිරිඳට වරින් වර පැමිණ තර්ජනය කරන්න පටන් ගත්තා. පොලීසියද තර්ජනය කරන්න පටන් ගත්තා.

අම්මවයි, බිරිඳවයි, දරුවන් දෙන්නාවයි රකින්නෙ අනුෂ්ක. ඉන්නේ කුලී ගෙයක.

අම්මා, බෙල්ලන්විල ගියා. බිරිඳ ගමේ පන්සලටයි, හත් බෝධියටයි ගියා. සාත්තරයක් ඇහැව්වා. කේන්දරය බැලෙව්වා. බෝධි පූජා තිබ්බා. සෙත් කවි කිව්වා.

සාත්තරෙන් කිව්වේ, ඔලූව හැරුනු අතේ ගිහිල්ලා, ජීවිතේට අනතුරක් නෑ කියලා. කේන්දරේට අනුව, දරුණු අපල කාලයක් ලබලා තියෙනවා කිව්වා.

අනුෂ්කගේ පියා, උප පොලිස් සේවයේ කොස්තාපල් වරයෙක්. අනතුරකට භාජනය වී සැහැල්ලූ සේවයේ යොදවලා තිබුණු කෙනෙක්. ඔහු ස්නායු රෝගයකින් පෙලූනු අයෙක්. රාජකාරියට නොයෑම නිසා, සේවය අහිමි කර ගත් අයෙක්. අම්මා සමූපකාරයේ වෙළඳ සේවිකාවක් විදියට සේවයට බැඳිලා දරුවන් තුන් දෙනා හදා ගත්තා. එ් අතර ඇයට කළමනාකාර පදවියට උසස් වීමක් ලැබුනා. ඇගේ අපල කාලය පටන් ගත්තා, ‘‘ස්ටොක්’’ ගැනීමේදී, භාණ්ඩ හා මුදල් අඩු වී එයට ඇය වරදකරු වී, රැුකියාව අහිමිව ගියා.

අනුෂ්ක ‘‘ෂෙඞ්’’ රක්ෂාවෙන් ගෙදර නඩත්තු කළා. අක්කලා දෙන්නා දීග ගියා. අනුෂ්ක විවාහ වුනා.

අනුෂ්කගේ මව උත්සාහ ගත්තා, සැමියා ගේ විශ‍්‍රාම වැටුප ලබා ගන්න. එහිදී හෙළි වුනා සැමියාගේ රෝගී තත්ත්වය මත, විවාහයක් කර නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබූ බව.

වසරක පමණ සිට අනුෂ්කට දැඩි හිසේ රුදාවක් හට ගන්න පටන් ගත්තා. අමතක වීම් හා නොරිස්සුම් බව පෙන්නුම් කළා. මව, තේරුම් ගත්තා, පියාට තිබූ රෝග ලක්ෂණ පුතාට ද, ඇවිල්ලා කියලා. ප‍්‍රතිකාර ගන්න උනන්දු වුනේ නෑ. බිරිඳගෙන් ද එ් බව වසන් කළා.

මේ අතර තමයි, 2020.02.01 දින රත්මලාන ‘‘ෂෙඞ්’’ එකේ රාත‍්‍රී වැඩ මුරයේදී ගැට`ඵවක් ඇති වුනේ. මේ සියල්ල ඔහුට දරා ගන්න බැරි වුනා. ගෙදර යන්නේ නැතිව, ඔලූව හැරුනු අතේ යන්න පටන් ගත්තා.

දළදා මාළිගයට ගියා. ආයෙත් ක`ඵතර ගියා. එතැනින් අනුරාධපුරයට ගියා. අනුරාධපුරයේ දවස් 05 ක් හිටියා. දවස් 05 ක් ගත කරපු ආකාරය සිහිනයක්.

උදේට ශ‍්‍රී මහා බෝධිය අභියස ඉඹුල් කිරිබත් දන්සැලෙන් බඩ පුරවා ගන්නවා. රුවන්වැලි සෑය දවල්ට දන්සැලට යනවා. ?ට විශ‍්‍රාම ශාලාවට ගිහිල්ලා නිදා ගන්නවා, රුපියල් 100/- ක් දීලා.
අතේ සල්ලි ඉවර වුනා. එදා නැති බැරි කම කියලා වන්දනාවේ ආපු අයට අත පෑවා. දවසේ අන්තිමට රුපියල් අටසිය ගාණක් එකතු වෙලා තිබුනා.

2020.02.22 දින, රුවන්වැලි සෑය ඉස්සරහා වැඳගෙන, දරුවන් බිරිඳ මතක් කරමින් ලබාදෙන ලෙසට කන්නලව් කරමින් හිටියා.

එදා විශේෂ දවසක්. ගලබොඩ ඥණිස්සර හිමියන්ගේ පිංකමක්. සෙනග ගොඩක් ඇවිල්ලා හිටියා. සිවුරු දන් දීමේ මහා පිංකම.

එසේ වැඳගෙන ඉන්න කොට, ළඟට ආපු කෙනෙක් ”උඹ මෙතන මොනවාද කරන්නේ, අම්මා, ගෑනි, දරුවෝ උඹව හොයනවා” කිව්වා. ඔහු අසල්වැසියෙක්. පිංකමට එකතු වෙන්න ආපු කෙනෙක්. 

එම අසල්වැසියා, අනුෂ්කගේ මවට, හා බිරිඳට දැනුම් දී, අනුරාධපුරයට ගෙන්වා බාර දෙන ලදි.

ගෙදර එක්කගෙන ආ, අනුෂ්කව, නීතිඥයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට බාර දීමට, මව හා බිරිඳ, පියවර ගත්තේය.

2020.03.25 දින, අධිකරණය, පොලීසියේ ඉල්ලීම මත, අනුෂ්කව රිමාන්ඞ් බන්ධනාගාරයට යවන ලද්දේ ”විමර්ශන ඉවර නෑ” යන පොලීසියේ සම්ප‍්‍රදායික බොරුවටය.

දින 07 ක් මැගසින් බන්ධනාගාරයේ සිටි අනුෂ්කට 2020.03.04 දින ඇප ලබා ගැනීමට හැකි විය.

වයස අවු: 18 සිට, අවු: 33 වන තෙක්, අවු: 15 ක් පුරා ”ෂෙඞ්” වල පොම්පකරුවෙකු ලෙසට මනා පළපුරුද්දක් තිබෙන ”අනුෂ්ක” නැවත ”ෂෙඞ්” රස්සාවට යන්නේ නෑ යන නිගමනයට එළඹ ඇත. ඔහුගේ රෝගයට ප‍්‍රතිකාර ගත යුතු බවද කියා සිටී.

”ෂෙඞ්” මේ රටේ ක‍්‍රියාත්මක තවත් මාෆියාවක්. දේශපාලකයෝ බාර් ගන්න දඟලනවා වගේම       ”ෂෙඞ්” දාගන්නෙත් එ් නිසා.

”බාර්” තියෙන මංත‍්‍රීලා ගැන ප‍්‍රශ්න කරන ”සුදනෝ” ”පූජකයෝ” හා සිවිල් සංවිධාන ‘‘ෂෙඞ්’’ හිමි මංත‍්‍රීලා ගැන අහන්නේ නැත්තේ ඇයි.

”ෂෙඞ්” මාෆියාව ”බාර්” මාෆියාවට වඩා දරුණුය. ඉන්ධන සොරකම කරන්නේ ”මහත්වරුය” එ් ඉලක්කම් වලින්, සටහන් වලින්ය. අත යට ගණුදෙනුව ලක්ෂ ගණන් වලිනි. මෙම ක්ෂේත‍්‍රයේ        ”මිනින්දෝරුවරු” හා ”කළාප මැනේජර්ලා” ප‍්‍රධාන භූමිකාව කරන අතර, පැත්තක සිට පොලීසියේ ලොක්කෝ මඩිය තර කර ගනිති. ෂෙඞ් හිමියන් ඉන්ධන වලින් කරන සොරකම එසේ නැතිනම් මගඩිය අසීමිතය. මේ ”ෂෙඞ්” මගඩියේ අගරජවරු මැනේජර්ලාය. ඔවුන් මැරයින්ය. සමූපකාර ෂෙඞ් හැමදාම පාඩුය හේතුව සොයන්නේ නැත.

අපක්ෂපාත, ස්වාධීන ජනමාධ්‍ය්‍ය, නිතර ෙදාඩවන දේශපාලකයෝ - ලෝක වෙළදපොල ගැන කථා කළත්, අවම වශයෙන් සහනාධාරයට ලබාදෙන භූමිතෙල් යොදාගෙන ධාවනය කරන පුද්ගලික බස් ගැන වචනයක් ෙදාඩන්න සූදානම් නැත.

”ෂෙඞ්” මාෆියාව ”බාර්” මාෆියාවට වඩා භායානකය.

අනුෂ්ක, බිරිඳ, දරුවන් හා මව, අද දවස ගෙවන්නේ කූල් ෙදාඩම් විකුණාය.








Saturday, March 7, 2020

කොරෝනා වෛරසයෙන් බේරෙන්න, අතට අත දෙන්න එපා, ආයුබෝවන් කියන්න.



බටහිරින් ආපු අතට අත දීම හා කම්මුල් හප්පා ගැනීම කොරෝනා වෛරසය පැතිරවීමේ ක‍්‍රමයක්. ta නිසා අතට අත දීමේ පුරුද්ද ඉවතලා, ආයුබෝවන් කියා පිළිගැනිමටත්, වෙන්විමටත් ක්‍රියා කරමු.  අපගේ සංස්කෘතියට පුරුදු වෙමු.

මේ පිළිබඳව රූපවාහිනියේ වෛද්‍යවරිය ලබාදුන්න උපදේසවලට අවධානය යොමු කරන්න.

Link:- https://www.youtube.com/watch?v=XcpstHs1tUc

මෙ අතර ඉන්දීය අගමැති ද ”නමස්තේ” ආචාරය ලොව පුරා ප‍්‍රචලිත කිරීමට පියවර ගන්න යයි ඉල්ලා ඇත.


Friday, March 6, 2020

බොරු නඩු දමා මනුෂ්‍යයින් පීඩාවට පත්කරන පොලිස් මාෆියාව සමග බැඳුනු යුක්ති ක‍්‍රියාදාමය.




අභියෝග කිරීමට සමාජ ආර්ථික හැකියාවක් නැති ගැහැනුන්ට, පිරිමින්ට බොරු නඩු දමා, උසාවිය යොදාගෙන පීඩාවට පත් කිරීම පොලිස් වධ හිංසාවේ අයතනගත අංගයකි. සුද්දෝ මේ රටට පොලීසිය හඳුන්වා දුන්න දිනයේ සිටම ක‍්‍රියාත්මක වන්නකි.

ශ‍්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ සමස්ථ පද්ධතියම දුෂිත බවට තර්කයක් නොමැත. එයට අනුබද්ධ සියලූ ආයතන එකිනෙකා මත රැකෙති. පොලීසිය ගැන කථා කරනු ලැබුවත්, අනෙක් නිල හා නිල නොවන යුක්ති ක‍්‍රියාදාමයට අයත් ආයතන ගැන කථා කරන්නට සූදානමක් හෝ නැත.

මේ තවත් උදාහරණයකි. මෙහි වින්දිතයා සිංහලයෙකි. ඔහුට අනුව බෞද්ධයෙකි. කලවානේ පදිංචි 57 හැවිරිදි සුනිල් ත‍්‍රී රෝ්ද රථ රියදුරෙකි. සිව්දරු පියෙක්. 

2020.02.11  දින ඔහුට චිට් එකක් ලැබින. එහි කියවුනේ පොලීසියට එන ලෙසටය. කාරණය සෙයා බැලීය. ඒ පොලීසියට ගෙන්වා, කසිප්පු බෝතල් දෙකක් එක්ක නඩුවක් දැමීමට අවශ්‍යව ඇති බව දැන ගැනීමට ලැබින.

ඔහු පොලීසියට ගියේ ඒ පිළිබ`දව ලිඛිතව අදාල බලධාරින් දැනුවත් කරය. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත.  ඒ අතර, තමාට විරුද්ධව නඩුවක් පවරා ඇති බවද, උසාවියෙන් අත්අඩංගුවට ගැනිමේ නියෝගයක් ලබාගෙන ඇති බවද ඔහුට දැනුම් දෙන ලදි. ඒ අනුව ඔහු, සිතාසි නැතත්, උසාවියට ගොස් ඉදිරිපත් විය.

නීති විරෝධී මත්පැන් බෝතලයක් ළඟ තබාගත් බවට චෝදනා නගා නඩුවක් ගොනු කර තිබින. සුනිල් චෝදනාව ප‍්‍රතික්ෂේප කරනු ලැබූ නිසා, අධිකරණය, ඔහුව රුපියල් පන්දහසක මුදල් ඇපයක් මත මුදා හරිනු ලැබීය. මේ නඩුව වසර තුනක් හතරක් ඇදෙනු ඇත.

බොරු නඩුව නිසා කාබාසිනියා වන මහජන මුදල් ප‍්‍රමාණය කොතෙක්ද? මොහුට පුද්ගලිකව වැය කරන්නට වන කාලය හා මුදල කොපමණද? මොහු එම කාලය තුළ කොතරම් විඳවනවාද? මනින්නට පු`ඵවන්ද?

සුනිල්, ආරම්භයේ සිටම, නිතියානුතුලව, කලවාන පොලිසියේ මෙම දුෂිත හා නීති විරෝධි ක‍්‍රියාව ගැන ලිඛිතව, පොලිස්පති හා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරනු ලැබුවා.

පොලිස්පතිට කරන ලද පැමිණිල්ලට - පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුව කැ`දවා ප‍්‍රකාශයක් ගන්නා ලද නමුත්, පහළ නිලධාරින්ගෙන් යැපෙන උසස් පොලිස් නිලධාරින් නිති විරෝධි ක‍්‍රියා වල නිරත වන යටත් නිලධාරින්ගේ දුෂිත ක‍්‍රියාවන් නවත්වනනේ නැත.

කලවාන සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 19730 යටතේ සුනිල්ට එරෙහිව පවර තිබෙන නඩු වාර්තාව ට අවධානය යොමු කරමු.

මෙම වාර්තාව මගින් කලවාන පොලිසියේ ස්ථානාධිපති ගරු අධිකරණයට කියා සිටින්නේ කුමක් ද? මහේස්ත‍්‍රාත් වරයා නගා ඇති චොදනාව ?

සුනිල් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා ගරු අධිකරණයේ දි කුමක්ද? පවසා ඇත්තේ?

අවධානය යොමු කරන්න.

මෙය රටේ සැම දිනකම සැම පොලිසියකම සැම උසාවියකම සිදුවන්නකි. මේ ගැන කථා කිරිම හා ස`දහන් කිරිම අනවශ්‍යය. සමාජ විද්‍යාඥයින්ට අනුව ඔවුන්ට කථා කරන්න දත්ත නැත. දත්ත සොයන්න අවශ්‍යතාවයක් ද නැත. 

සුනිල් තමාගේ ප‍්‍රශ්ණය නීතිපතිට ලියන්නට පසුබට වුයේ නැත. එමගින් පොලිසිය, තම සුඛව්‍යහරණයට ජනතාව පොළන අතර, යුක්තිය නාමයෙන් සිටින නිල හා නිල නොවන පිරිසක් ද නඩත්තු කරනු ලබන ආකාරය පැහැදිලි වේ.






බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමෙන්, මරණ දඬුවම නියම වූ සිරකරුවෙකුට බරපතල තුවාල.


1993 වසරේදී, බිරිඳ ඝාතනය කිරීමේ වරදට, වරදකරුව, මරණීය දණ්ඩනය  නියම වූ සිරකරුවෙකුට, 2020.03.04 වන දින බන්ධනාගාර නිලධාරීන් පහර දීමෙන් බරපතල තුවාල ලබා, බන්ධනාගාර රෝහලට දමා තිබේ.

වාර්තා වන අන්දමට, මෙම සිරකරුවා, කාමර පාටි නායකයෙකි. ඔහු බාර කාමරයේ රැඳවියන් පිරිසක් අතර, ජංගම දුරකථනයකට අදාළව හටගත් ආරවුලක් පාලනය කිරීමට නොහැකි වීම, මෙම පහර දීමට හේතුව බව කියයි.

මෙම සිරකරුවා, දරු දෙදෙනෙකු ගේ පියෙක් වන අතර, හිටපු හමුදා සෙබලෙකි. ඔහුගේ වත්මන් බිරිඳ තම සැමියා සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කර ඇත.

බන්ධනාගාරය තුළ මත් කුඩු, දුම්කොල හා ජංගම දුරකථන භාවිතය හා එයට අදාළ මාෆියාව හා ජාවාරම් අවම කිරීමටවත්, බන්ධනාගාර නිලධාරීන් අසමත්ව සිටී. ඒ ඔවුන් ද මෙම මාෆියාවේ පාර්ශව කරුවන් නිසාය.

Tuesday, March 3, 2020

වසර 55 කට පෙර ඇමෙරිකාව හොට බිම ඇනගත් ”ඔපරේෂන් රෝලින් තන්ඩර්”

1965 මාර්තු 02 වෙනිදා, ඇමෙරිකානු කුප‍්‍රකට හත්වන නාවික බල ඇනිය උතුරු වියට්නාමයේ අස්සක් මුල්ලක් නෑර බෝම්බ හෙළීමට පටන් ගත්තේය.

1968 ඔක්තෝබර් 31 දක්වා වසර තුනක් පුරා දින පතාම ඇමෙරිකාව විසින් උතුරු වියට්නාමයට හෙලන ලද බෝම්බ වල ප‍්‍රමාණය ටොන් මිලියනකට අධිකය. දිනකට සාමාන්‍යයෙන් ටොන් 800 පමණ හෙලූ අතර, එල්ල කරන ලද ප‍්‍රහාර ප‍්‍රමාණය 304,000 කි.

”ඔපරේෂන් රෝලින් තන්ඩර්” යන නාමයෙන්, වියට්නාම් යුද්ධයේදී උතුරු වියට්නාමයට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සැලසූම් කරන ලද්දේ ”සති අටක්” කාල පරිච්ෙඡ්දයටය. නමුත් මාස 44 ක් දක්වාම පවත්වාගෙන ගියේය.

මෙහි අරමුණ වූයේ උතුරු වියට්නාමය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමය. එහි ජනයාට උතුරු වියට්නාම් පාලනය එපා කරවීමය. නමුත් අදිටන්ව, සැලසූම්සහගතව ප‍්‍රහාරවලට මුහුණ දීමට උතුරු වියට්නාමයට හැකිවිය.

උතුරු වියට්නාමය දියත් කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් බිම හෙලූ ඇමෙරිකානු ගුවන් යානා ගණන 938 කි. මරා දැමූ, අතුරුදහන් වූ හා අත්අඩංගුවට පත්වූ ඇමෙරිකානු භටයින් ගේ සංඛ්‍යාව 1084 කි.

ආරම්භයේදී උතුරු වියට්නාමය අසරණ විය. නමුත් ඉතා කෙටි කාලයකින් මු`ඵ උතුරු වියට්නාමයේ බිම් අඟලක් නෑර ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගත්තේය.

සෝවියට් මිග් 21 හා මිග් 17 සහා මිසයිල උපයෝගී කරගෙන, ප‍්‍රතිප‍්‍රහාර ඇරඹීමට ගතවූයේ කෙටි කාලයකි. ඇමෙරිකාව යොදාගත් ප‍්‍රබලතම ගුවන් ප‍්‍රහාරක යානා වූ ඊ - 52, ත්‍ - 105ල ත්‍ – 4 යානා 240 ක් උතුරු වියට්නාම් ප‍්‍රහාරක යානාවලින් බිම දැමීමේදී ඔවුන්ට අහිමිවූයේ මිග් යානා 85 ක් පමණි. මහා පරිමාණ ගුවන් සටන් 268 ක් වාර්තා වී තිබින.

1975 දී, ඇමෙරිකාව දකුණු වියට්නාමයෙන් සිය හමුදා රැුගෙන පලා යන ලද අතර උතුරු - දකුණු වියට්නාමය එක්සත් විය. එ්කීය රාජ්‍යයක් බවට පත්විය.

අද, වියට්නාමය සෞභාග්‍යමත් රටක් වශයෙන් ඉදිරියට ඇවිත් තිබේ.

වියට්නාම් යුද්ධය සමයේ ප‍්‍රගතිශීලි ලෝක ප‍්‍රජාව ඔවුන් සමග අත්වැල් බැඳ ගත්තේය. අප රටේ ප‍්‍රගතිශීලි ජනයා ඇමෙරිකානු අධිරාජ්‍ය වාදයට එරෙහිව, පෙළපාලි ගියේය. රැුස්වීම් ප‍්‍රදර්ශන පවත්වනු ලැබීය. ඇමෙර්කාව සිදුකරන යුද්ධ අපරාධයන් පිළිබඳව ජනතාව දැනුවත් කළේය.

ඇමෙරිකාව, උතුරු වියට්නාමයට බෝම්බ දමන අතර, ඔවුන්ගේ පාලනයේ පැවති දකුණු වියට්නාමයේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරනු ලැබීය. උග‍්‍ර මර්දනයක් පවත්වාගෙන ගියේ දකුණු වියට්නාමයේ රූකඩ හමුදා පලකයින් මගින්ය.

බෝම්බ දැමීමෙන් පමණක් නොනැවතුන ඇමෙරිකාව, සාමාන්‍ය ජනතාව ට එරෙහි  ‘‘නාපාම්’’ බෝම්බ උපයෝගී කර ගත්තේය. වගා විනාශ කිරීමට ”එ්ජන්ට් ඔරේන්ජ්” නමින් ප‍්‍රකට රසායනික අවි, යොදා ගත්තේය. හෙලිකොප්ටර් උපයෝගී කරගෙන වියට්නාම් වනාන්තරවලට හා ගොවි බිම්වලට ඉසීමෙන් වනාන්තර මෙන්ම ගොවි බිම්ද, විනාශ කර දැමීමට පියවර ගත්තේය.

”ඔපරේෂන් රෝලින් තන්ඩර්” මෙමෙයුම් කාල පරිචේඡුය තුල මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 182, 000 කි. මු`ථ වනාන්තර වලින් 18‍්‍ර ක් විනාශ විය.  

ඇමෙරිකන් යුධ බලයට වඩා අති බහුතරයක් බෞද්ධයින් වන වියට්නාම් ජාතිකයින් චිත්ත ධෛර්යට හා වියට්නාම් කොමියුනිෂ්ට් නායකයින්ගේ නායකත්වය හමුවේ ඇමෙරිකාව පරාජය පිළිගෙන පලා යෑමට පියවර ගත්තේය.

රසායනික අවි ප‍්‍රහාර හේතුවෙන් වියට්නාම් වරුන් මෙන්ම ඇමෙරිකානු යුද්ධ සෙබලූන් දහස් ගණනක් පිළිකා ඇතු`ථ වවිධ රෝග වලට භාජනය විය. ඇමෙරිකානු සෙබලූන්ට වන්දි ගෙවන ලද නමුත් මේ දක්වා වියට්නාමයේ සිදුකල විනාශයට වන්දි ගෙවා නැත.
     
1995 නොවැම්බර් 01 ඇමෙරිකාව ආර්ම්භ කළ වියට්නාම් යුද්ධය කෙළවරවුයේ 1975 නොවැම්බර් 30ය. මේ දිනයේ උතුරු වියට්නාම් හා වියට්කොං හමුදාව ඇමෙරිකානු පාලනයේ පැවැති දකුණු වියට්නාමයේ අගනුවර සයිගොන් (අද හෝචි මිං නගරය* අත්පත් කර ගනිමින් යුද්ධය නිම කළේය.

උතුරු හා දකුණු වියට්නාමයේ පමණක් නෙව ලා ඕසය හා කාම්බෝජය ආශ‍්‍රිතව සිදු කරන ලද ඇමෙරිකානු මෙහෙයුම් වලදි, ඇමෙරිකානු ගුවන් හමුදාවට අහිමිවු ගුවන් යානා ගණන 2251 බවටත්, නාවික හමුදාවට අහිමිවු හෙලිකොප්ටර් 5000 ඉක්මවු බවටත්  වාර්තා වි තිබින. 




Monday, March 2, 2020

විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය තිත්ත කුණුහරුප කියමින් අතින් පයින් පහර දී පාසලෙන් පන්නා දැමූ 14 හැවිරිදි දැරියකගේ කථාව


වීඩියෝව නැරබීමට link මත clik කරන්න -  https://youtu.be/xyA0tKQ8vpc

දැනට මාසයක් ඉකුත්වී ඇත. දැරියව පාසලට වද්දා ගන්නේ නෑ. වෙනත් විදුහලකට බාර ගන්නෙත් නෑ.
පොලීසිය හා අධ්‍යාපන නිලධාරීන් අපරාධය කළ දූෂිත විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය රකින්න ක‍්‍රියා කරන්නේ රටේ පවතින සියලූ නීති රීති චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින්ය.

පානදුර, නල්ලූරුව, සිරිසීවලී කණිෂ්ඨ විද්‍යාලයට එන්නේ නල්ලූරුව, පිංවත්ත, දිබ්බැද්ද යන ප‍්‍රදේශවල නැති බැරි, නගරයේ ප‍්‍රකට පාසල්වලට ඇතුත් වන්නට තරම් සමාජ ආර්ථික පසුබිමක් නොමැති දෙමාපියන්ගේ දරුවන් 500 ක් පමණ මේ විද්‍යාලයේ ඉගෙනුම ලබන ගැහැණු පිරිමි ළමුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලන්නටත් නොහැකි වී ඇති අතර තණකොල කැපීමට පවා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන, විද්‍යාලයට සිසුන්ගෙන් ලැබුනු මල් පෝච්චි පවා විදුහල්පතිනියගේ ගෙදරට ගෙන යන බවට, සිල් ගන්න ආවේ නැති ළමයින්ට රු: 500/- හා රු: 1000/- බැගින් දඩ ගැසිම කරන, බිත්තිවල තීන්ත ගෑමට රු: 400/- බැගින් එකතු කරන, සිංහල හා දෙමළ බස ඉගැන්වීමට පවා ගුරුවරු නොමැති බවට වන චෝදනා රැුසක් එල්ල වී ඇතත් අයුතු සම්බන්ධතා මත නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත වීමට ගුරුවරුන් පිරිසකට ඉඩ ලැබී ඇත.
මේ අතර, තම වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ගුරුභවතුන් කීප දෙනෙකු ගන්නා උත්සාහය නිසා යම් තරමකට පාසල් අධ්‍යාපන තත්ත්වය රැුකී පවතින බවද දෙමාපියන් ප‍්‍රකාශ කරති.

2020 ජනවාරි මස 17 දින, මෙම දැරියට වධ හිංසා පමුණුවා, පාසල් ජීවිතය විනාශ කර දැමීමට ගත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇත.

2020 ජනවාරි මස 17 දරුණු ලෙස වධ හිංසාවට පාත‍්‍ර වූ දැරියව අඩුම වශයෙන් රෝහල්ගත කිරීමට දෙමාපියන් පියවර ගෙන නැත්තේ සිද්ධිය අදාළව විදුහල්පතිනිය ගේ අවධානය පළමුව යොමු කළ යුතු බවට වන මිත්‍යා විශ්වාසය මත.

එම මුග්ධ මතය මත, 2020 ජනවාරි 20 සිද්ධිය ගැන විදුහල්පතිනියගේ අණින් පාසලට ගිය දෙමාපියන්ට සිදුවූයේද පොලීසියේ ළගින්නට ය.

මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත කරන ලද මවගේ පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

2020.02.25 වන දින දීය. අවු: 14 යි. ඇය පළමු වසරේ සිටම ඉගෙනුම ලබන්නේපානදුර, නල්ලූරුව සිරිසීවලී කණිෂ්ඨ විද්‍යාලයේ ය. ඇය ඉගෙනුම ලබන්නේ 10 වසරේය.
2020.01.17 වන දින, ඇය සුපුරුදු පරිදි පාසලට ගියා. එය සිකුරාදා දිනයකි.මෙදින, පාසල ඇරී ගෙදර පැමිණි ඇය ප‍්‍රකාශ කළා, තමාට, විදුහල්පතිනිය ශ්‍යාමලී, උපවිදුහල්පතිනිය සමන්මලී පහුර දුන්න බව.
ඇගේ කම්මුල්වල, කකුල්වල, අතේ පහරවල් තිබුනා. නමුත් ගුරුවරු පහර දුන්න නිසා,පොලීසියට ගියේ නැහැ. රෝහල්ගත වුනේ නෑ.
තවද, ඇය කිව්වා අස්වීමේ සහතිකය ගන්න, දෙමාපියන්ට පාසලට එන්න කිව්ව බව.
මමත්, සැමියාත් සඳුදා, උදේ 8.00 ට පමණ පාසලට ගියා. විදුහල්පතිනිය එ වෙලාවේහිටියේ පාසලේ ගේට්ටුව ළඟ. ඇය අපට කථා කර, කාර්යාලයට යන ලෙසට දැනුම්දුන්නා. අපි දෙන්නා කාර්යාලයට ගියා.

අපව, පැය 1/2 කට වැඩි කාලයක් කාර්යාලය ඉදිරිපිට හිටගෙන ඉන්න සැලැස්සුවා.විදුහල්පතිනී ශ්‍යාමලී, විදුහල්පති මේසයට වාඩි වී, උදේ ආහාරය ගත්තා. තවත්ගුරුවරු කීප දෙනෙක් එතන වටවී හිටියා.

පැය 1/2 ක් බලන් ඉඳලා බැරිම තැන, සැමියා ඇය ළගට ගොස්, ”මැඩම් මම පැයක්ඉල්ලගෙන ආවේ, වැඩට යන්න තියෙනවා කිව්වා.” එවිට ඇය බෙහෙත් බොන්න තියෙනවාකිව්වා.

ඉන්පසු එතන හිටිය ගුරුවරු සමග කථා බහ කළා. දියණියගේ පංති බාර ගුරුමහත්මියව ගෙන්නුවා.

ඉන්පසු තවත් ගුරුවරු කීප දෙනෙකුව එතැනට ගෙන්නුවා.
නැවත සැමියා, විදුහල්පතිනිය ළඟට ගොස් තමාට රැකියාවට යෑමට තියෙන බව ප‍්‍රකාශකළා.

විනාඩි 5 ක් ඉන්න කියා, ඉන්පසු ඇය අපිට කථා කළා.

විදුහල්පතිනී ශ්‍යාමලී, අපට ප‍්‍රකාශ කළා, දියණියව පරිවාස දාන බවත්, ඇය පංති බාරගුරුවරියගේ ජංගම දුරකථනය සොරකම් කරලා තියෙන බවත්.

 තවද, ඇය ප‍්‍රකාශ කළා, දියණිය ජංගම දුරකථනය සොරකම් කරනවා දැකපු සිසුන්දෙදෙනෙක් සිටින බව හා දුව වැසිකිලියේ ඉඳගෙන කා සමග හෝ කථා කරනවා ඇසුනුගුරුවරියක් සිටන බව.

මෙම ප‍්‍රකාශ ඇය කරන අතර, මමත් සැමියාත් දියණිය අපට කරන ප‍්‍රකාශය අනුවකරුණු කියා සිටියා. එනම්,

01) පාසල ඇරෙන්න ආසන්නව, වැසිකිලියට ගිය බවත්, ඇය යන විට වැසිකිලිය අසල      සිටි, 11 වසරේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් ඇට, වැසිකිලියට නොයන ලෙස කිව්ව බවත්, එය ප‍්‍රතික්ෂේප කර, ඇය වැසිකිලියට ගිය බවත් කියා සිටියා.

02) වැසිකිලියේ කවුලූව උඩ, ජංගම දුරකථනය තිබෙනවා දුටු දයණිය, එය රැුගෙන උප  විදුහල්පතිනියට බාර දීමට යන විට, උප විදුහල්පතිනිය සමන්මලී සමග තමාට තමාට  වැසිකිලියට යන්න එපා කිවූ ශිෂ්‍යාවන් දෙදෙනා සිටි බවත් කියා සිටියා.

03) දියණිය, උප විදුහල්පතිනිය සමන්මලී ළඟට ගිය විටම, ඇයට එම ගුරුවරිය  අමානුෂික ලෙස පහර දුන් බව කියා සිටියා.
අප දියණිය කිවූ කථාව කියන අතර, එයට බාධා කරමින්, තර්ජනය කරමින්, විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය හැසිරෙන්නට පටන් ගත්තා.
අපද, දියණියට වූ අසාධාරණය දිගින් දිගින්ටම කියා සිටියා. එ් අතර එතැනට කෑගහගෙන පැමිණි සම්පත් නැමති ගුරුවරයා, සැමියාටත්, මටත් පහර දුන්නා. එම පහරවල් දුවටත් වැදුනා.
අප, බේරී. පානදුර දකුණ පොලීසියට ආවා. මා, පොලීසියට ප‍්‍රකාශය ලබාදෙන විට, අපරාධ අංශයේ රෝහන නැමැති නිලධාරියා පැමිණ, පැමිණිල්ල ලියා ගැනීම නවත්වා, මා අත්අඩංගුවට ගත්තා.

ඔහු මා ලවා ම, සැමියාව ගෙන්වා, ඔහුව ද අත්අඩංගුවට ගත්තා.

අප අත්අඩංගුවේ ඉන්න විට, විදුහල්පතිනිය ශ්‍යාමලී, උප විදුහල්පතිනිය සමන්මලී, ශිෂ්‍යාවන් දෙන්නෙක් හා ගුරුවරු කීප දෙනෙක් පැමිණියා. එක් අයෙක් දියණියගේ පංති බාර ගුරුවරියයි.

පොලීසිය ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගත්තා. ඉන්පසුව ගුරුවරයෙක් හා සිසුන් දෙදෙනෙක් රෝහල්ගත කළා.

අප දෙන්නාගේ ප‍්‍රකාශය ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කළා. අප රඳවා තබා ගත්තා.

පසුදින උදේ අපගේ ප‍්‍රකාශ ගත්තා. අප සියලූ දේ කියා සිටියා. අපගේ අත්සන් ගත්තා. නමුත් කියවා තේරුම් කර දුන්නේ නෑ.

2020.02.21 දහවල් අප දෙන්නාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී අපට ඇප ලබා ගැනීමට හැකි වුනා. මීළඟ නඩු දිනය : 2020.03.04, නඩු අංකය : 71221 වේ.

2020.02.21 දින, දියණියට අමාරු නිසා රෝහල්ගත කළා. එ් වන විටත් දුවගේ ශරීරයේ පහර දීම නිසා වූ තැලීම් තුවාල තිබුණා. ඇය කම්පනයට ලක්වෙලා තිබුනා.

ඇය රෝහල් පොලීසියට ප‍්‍රකාශයක් දී තිබුන අතර, අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කර තිබුනා.

මෙම පසුබිම යටතේ,

(1) මාගේ දියණියට ඉගෙන ගැනීම ස`දහා විදුහලට යෑමට නොහැකි තත්ත්වයක් උදාකර ඇත.

(අ) 2020.02.17 වන දින දියණියට අමානුෂික ලෙස පහර දීම, ඇයට විදුහල්පතිනිය  ශ්‍යාමලී හා උප විදුහල්පතිනිය සමන්මලී කුණුහරුප කියමින් බැන තර්ජනය කිරීම,  නින්දා අපහාස කිරීම, ඇය ගුරුවරියකගේ ජංගම දුරකථනයක් සොරකම් කළ බවට චෝදනා කිරීම, පාසලෙන් අස්කරන බවට හා පරිවාසයට බාරදෙන බවට තර්ජනය  කිරීම මගින් සිදුකරන ලද අපරාධය පිළිබඳව මේ දක්වාම පානදුර දකුණ පොලීසිය
 කිසිදු ආකාරයේ නීතිමය පියවරක් ගෙන නොමැත.

(ආ) මාගේ දියණියට, මේ දක්වාම අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාවක් ලබාදී නැත.  සීවලී කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ශ්‍යාමලී අවට පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට, මාගේ දියණිය, බාර නොගන්නා ලෙසට දැනුම් දී ඇත.

     මා ඉල්ලා සිටින්නේ,

(1) නොපමාව, මාගේ දියණියගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ස`දහා ඇයට නිවස  ආසන්න පාසලක් ලබාදෙන ලෙසටත්,

(2) මාගේ දියණිය, 2020.02.17 වන දින, දැඞ් ලෙස වධ හිංසාවට, අපයෝජනයට ලක් කරන ලද විදුහල්පතිනිය ශ්‍යාමලී හා උප විදුහල්පතිනිය සමන්මලීට එරෙහිව නීතිමය  පියවර ගන්නා ලෙසටය.

මෙයට,
මව

...................................................................................................................................................................

පාසල්වල ළමුන් අපයෝජනය කිරීම ඉතා සුලබය. සිද්ධින් වාර්තා වෙන්නේ නැත. සියලූම වගකිව යුත්තන් නිහඬය. එයට හේතු ගනණාවකි. 

ප‍්‍රධානම හේතුව:-

බණ අසන, බණ කියන, සියලූ දෙවිවරුන්ගේ පිහිට පතන බහුතරයක් දෙමාපියන් තම දරුවාට විපතක් වනතුරු අනෙක් දරුවන්ට හෙණ ගැහුවත් කමක් නෑ යන මතයේ සිට කි‍්‍රයා කිරීම හා පාසල්වල ළමා අපයෝජන ගැන කථා කිරිම පසෙත තබා ජාත්‍යන්තරය පිනවන මාතෘකා ගැන කථා කිරීම සිවිල් සමාජ ක‍්‍රියා කාරින්ගේ බඩගෝස්තරයට හොඳ නිසාය. 

රටක නීතිය කඩා වැටීම ගැන කථා නොකර ගොඩනැගිය හැකි සදාචාරයක් නැත.