Showing posts with label Welikada. Show all posts
Showing posts with label Welikada. Show all posts

Wednesday, June 1, 2011

Mirihana Police -Torture Chamber Case Court grants leaveto proceed


Today,30.05.2011, Supreme Court granted leave to proceed with the fundamental rightspetition filled by Ranjith Sumanagala against Mirihana Police for illegal arrest,detention, torture and fabricating false charges.

Fromthe very day Ranjith Sumangala began to sought justice, the perpetrators triedtheir best to influence him to withdraw the petition. In this circumstances, heunder went tremendous difficulties including losing of his career.

Thefundamental rights petition ( SC/FR 207-2011) filled  by Ranjith Sumanagala against Mirihana Police came before the bench comprising of Justice ShiraniThilakawardena, Justice Mashroof and Justice Shuresh Chandra.

Apartfrom granting leave, the court also gave directions, as to arrest and detainthe respondents until the end of the case, if in future, the petitionercomplained of about any harassments, threats and undue influences by therespondents. The state counselor was requested also to take criminal actionsagainst them.

Police officer Bandara, IP BhathiyaJayasinghe, Officer-In-Charge Emergency Unit of Mirihana police, ChiefInspector, Egodahewa, Headquarters Inspector of Mirihana police, Superintendentof Police, Nugegoda Division, M. W. D. Tennakone, the Inspector General of Police,Dr. Mahinda Balasuriaya and Attorney General are the respondents in this case.

Supportingthe application, Counsel Viran Corea instructed by City Law Office, informedcourt that W. Ranjith Sumanagala of Kindelpitiya, Millewa was forced to falselyadmit to a series of robberies as he could not bear the inhuman torture subjectedon him. Counsel Viran Corea also informed court that in addition to cruel,inhuman and degrading treatment, the police unlawfully detained the victim and hadmisled the Magistrate by producing him four days after his original arrest.

t the time ofMedical Examination, more than fifteen physical injuries including damage tohis nervous system were identified by the JMO.

Tuesday, May 24, 2011

වැලිකඩ අවුල ජිවිත හානියකින් තොරව අවසන් වේවා !

Photo by Thusitha Kumara
http://www.thesundayleader.lk
වැලිකඩ බන්දනාගාරයේ ඉදිරිපස බිත්තියේ සිරකරුවෝද මනුෂ්‍යයෝ යනුවෙන් සදහන් වේ. ඒ නිසාම මෙම මනුෂ්‍ය ප්‍රශ්නය මානුසිකව විසදන ලෙස බලදාරීන්ට ඉතා දැඩිව බල කරමු.

කොලබ වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවන් උපවාස කිරීම ආරම්බ කලේ මැයි 19 වැනිදාය. මෙම ආහාර වර්ජනය කිරීමේ උපවාසයට විශාල ගණනක් සිරකරුවන් සම්බන්ද වී සිටිති.

අලුත්ම තත්වය ඉන්දියානු සහ පකිස්තානු සිරකරුවන් විශාල ගණනක් මෙම උපවාසයට එකතු වීමය. ඉන්දියානු පිරිමි සිරකරුවන් 27 ක්ද කාන්තාවන් 04 ක්ද පකිස්තානු ජාතිකයින් 21 දෙනෙක්ද ආහාර ගැනීම වර්ජනය කර ඇති අතර දින කිහිපයක් තිස්සේ ඔවුන් නොනැසී ජීවත්වන්නේ ජලය පමණක් බීමෙනි.

මෙම සිරකරු ප්‍රශ්නයට වග කිවයුත්තේ බලයේ හිටපු සහ ඉන්නා පාලකයින්ය. සිරකරුවන්ගේ මෙම විරෝදතාව අවසානයේදී මර්දනයෙන් නිමා නොවිය යුතු බව මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්දනය වෙනුවෙන් කැපවූ සියලු දෙනාගේම ඉල්ලීමයි.



හර්ෂි සි. පෙරේරා 

Saturday, March 5, 2011

වැලිකඩ හිරගෙදර කුස්සියට ටයිල් ඇල්ලුවොත් ඔක්කොම හරි


ඇමති කුස්සියට ටයිල් ඇල්ලිය යුතු බව කියයි. මෙය හොදයි. නමුත් මීට වඩා බරපතල ගැටළු එහි ඇත. ලැබෙන ආරංචි මාර්ග වලට අනුව කක්කුස්සි වලට ටයිල් අල්ලන්නේ නැත්තේ හිරිගෙදර වෙනත් ප්‍රදේශයකට ගෙන යන බැවිනි.

රැදවියන්ට ප්‍රමාණවත් ඇදුම් නැත. කන්නට ප්‍රමාණවත් කෑම නැත. වැසිකිලි නැත. තිබුනත් ඒවාට කිට්ටු කල නොහැක. ප්‍රදානම ප්‍රශ්නය ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. සැකකරුවන්, අපරාදකරුවන් සහ ළමයින්ව එකට තබා තිබේ.

බන්දනාගර තදබදය බරපතල ගැටළුවක් මෙන්ම ජනප්‍රිය මාතෘකාවකි. තදබදයට ප්‍රදාන හේතුව කිසිම සාදාරන හේතුවක් නැතුව රදවා තබා ගැනීමයි. රටේ සියලුම බන්දනාගාර වල සිටින රැදවියන්ගෙන් 50% කට වඩා සැකකරුවන්ය.

සෝමාවතී වසර නමයක් වැලිකඩ කාන්තා අංශයේ සිටියේ නීතිපතිගේ ඇදහිය නොහැකි පමාව නිසයි. අදටත් සැලකියයුතු සැකකාරියන් ගණනක් වසර දෙක තුන එහි සිටින්නේ එක්කෝ නීතිපති නැතිනම් රස පරීක්ෂකගේ පමාව නිසාය. මෙම ප්‍රමාදයට පිළියම් යොදන්නේ නම් තවදුරටත් බන්දනාගාර තදබදය ගැටළුවක් නොවුණු ඇත. ඇයි ඇමතිවරයා මේ ගැන නිහඩ?


හර්ෂි සි.පෙරේරා

Thursday, February 3, 2011

කඩුවෙල මල්ලිකා නිතිපතිට ලියයි..(තවත් අභියෝගාත්මක ලිපියක්)



කොළඹ දිස්ත‍්‍රික්කයේ - තලවතුගොඩ, මාදිවල, පාර, අංක 56 හි පදිංචි පදිංචිව සිටි, දැනට කොළඹ, වැලිකඩ බන්‍ධනාගාරයේ - කාන්තා වාට්ටුවේ රක්‍ෂිත බන්‍ධනාගාරගතව සිටින, සැක අංක 1110 - කාරියප්පෙරුම රාළලාගේ මල්ලිකා වන මා, බෞද්ධාගම්කාරියක වශයෙන් අවංක ලෙසද, සත්‍ය ලෙසද, ගරුගාම්භීරතාපූර්වකවද පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රතිඥාදී ප‍්‍රකාශ කර සිටිමි.

01. 1. ඉහත නම් සඳහන් දිවුරුම් ප‍්‍රකාශිකාව මම වෙමි.
11    . මාගේ වයස අවුරුදු 58යි, උපන් දිනය : 1953. 05.19. විවාහක, දරුවන් 02යි.
111  . මා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්මි.

02. මාගේ සැමියා මියගොස් ඇති බවත්, දරුවන් දෙදෙනකු සිටිනා බවත්, ලොකු පුතාට වයස අවුරුදු 38ක් වන බවත්, බාල පුතා අවුරුදු 32ක් වන බවත්, ඔහුද කොළඹ රිමාන්ඞ් බන්‍ධනාගාරයේ පසුවන බවත් ප‍්‍රකාශ කර සිටිමි.

03. කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියේ අංක බී 2303 දරන නඩුවේ .බී. වාර්තාවේ - 2008. 06. 05 වන දින,
තංගලම පොලිසියේ පො.සැ.26932 පාදුක්ක, පො.සැ.56739 උපුල්, කා.පො.කො.2719 චමිලා යන නිලධාරීන් විසින් මා අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කර සිටිමි,

04. පළමුව - පො. සැ.56739 උපුල් මාගෙන් හෙරොයින් පැකට් එකක් මිළදී ගත් බවද, කා.පො.කො. 2719 චමිලා මා පරීක්‍ෂාකර තනපොටේ තිබී හෙරොයින් පැකට් 02ක් සොයාගත් බවද සඳහන් කර තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.

05. තවද - එසේ අත්අඩංගුවට ගත් හෙරොයින් වල ප‍්‍රමාණය මිලිග‍්‍රෑම් 140ක් බවද සඳහන් කර ඇති බව ප‍්‍රකාශ කර සිටිමි.

06.මේ සියලූ කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බව ප‍්‍රකාශ කර සිටිමි.

07.2008.06.04 වන දින පස්වරු 5.30 ට පමණ, මාගේ නිවස ඉදිරිපිට හිතවත් අයකු සමග කතාකරමින් සිටියදී,අවරුදු 18 - 19 වයසේ තරුණයෙක් මාගෙන් හෙරොයින් ඉල්ලූ බවත්, මා මත්කුඩු විකුනන්නේ නැති බව ප‍්‍රකාශ කලද. ඔහු එතැනින් නොගිය බවත්, මා කතාකරමින් සිටි හිතවත් අයද ,කුඩු නැහැ කිව්වා නේද, දැන් යන්න, කියා පවසා සිටි බවද ප‍්‍රකාශ කර සිටිමි.

08. ඒ සමගම වාගේ, එතනට තලංගම පොලිසියේ සැරයන් උපුල් දුවගෙන ආ බවත්, ඔහු මාගේ නිවසේ සෑම.තැනම පරීක්‍ෂා කල බවත් ප‍්‍රකාශ කර සිටිමි.

09.ලිප ලඟට ගොස් ලිප ඇවිස්සූ බවත්, බඩු තියෙනවා කියා පවසා, ලැහැස්ති වෙයන් යන්න, යනුවෙන් පැවසූ බවත් ප‍්‍රකාශ කර සිටිමි.

10. මාව, මා කතාකරමින් සිටි අයගේ මෝටර් රථයේ දාගෙන තලංගම පොලිසියට ගෙන ගිය බව ප‍්‍රකාශ කර සිටිමි.

11. එහිදී - පාදුක්ක මහතා මට පැත්තකට කතාකර, රුපියල් ලක්‍ෂ තුනක මුදලක් ඉල්ලූ බව ප‍්‍රකාශ කර සිටිමි.

12. ඒ වඅස්තාවේ ,මම කොහෙන්ද රුපියල් ලක්‍ෂ තුනක් දෙන්නේ, පෙරේදා ඉස්පිරිතාලේ ඉඳලා ආවේ, යනුවෙන් මා පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

13. එවිට ඔහු උපුල් නැමැති සැරයන්වරයාට කතාකර, දාන්න තියෙන ඔක්කොම වගන්ති දාලා, තප්පවපන් ඔය ගෑනිව රිමාන්ඞ්, එකේ යනුවෙන් පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

14. උපුල් නැමැති සැරයන්වරයා මාගෙන් රුපියල් දෙසීයයක් (200/=) ඉල්ලූ බවත්, මා නැහැ කියා පැවසූ
පසු, උපුල් හා පාදුක්ක නැමැති නිලධාරීන් රුපියල් සියයක් (100/=) බැගින් පර්ස් එකෙන් අරගෙන දැමූ
බවත් ප‍්‍රකාශ කර සිටිමි.

15. හෝස් බටයක් ගෙන මට පහර දෙන්න සූදානම්ව අනතුරුව කුඩු පැකට් එකකට ලාකඩ තියා ඇගිලි සලකුණු තියවා ගත් බව ප‍්‍රකාශ කර සිටිමි.

16.පාදුක්ක නැමැති නිළධාරියා ,දාන්නේ කුඩු පැකට් 2යි, යනුවෙන් පවසා සිටි බව ප‍්‍රකාශ කර සිටිමි.

17. 2008.05. 06 දින අධිකරණය විසින් මාව 2008. 06. 10 දක්වා රිමාන්ඞ්බාරයට පත්කල බව ප‍්‍රකාශ කර සිටිමි.

18. 2008. 07. 03 දින පැකට් දෙකක් අධිකරණයට ඉදිරිපත් කරන ලද බව ප‍්‍රකාශ කර සිටිමි.

19. 2010. 11. 09 වන දින රස පරීක්‍ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බව ප‍්‍රකාශ කර සිටිමි.

20. රස පරීක්‍ෂක වාර්තාවට අනුව - පොලිසිය අධිකරණය මගින් රස පරීක්‍ෂකට ඉදිරිපත්කල පැකට්වල හෙරොයින් අඩංගු බවට සඳහනක් ඇති බවත්, නමුත් කොපමණ ප‍්‍රමාණයක්ද යන්න සඳහන් කර නොමැති බවත් ප‍්‍රකාශ කර සිටිමි.

21. 2010. 02. 07 වන දින, පොලිසය උධෘත ගොනුකර, නීතිපතිවරයාට යොමු කරන ලද බව ප‍්‍රකාශ කර සිටිමි.

22. මේ දක්වාම - එනම්, 2010’ 12’ 07 වන දින සිට මේ දක්වාම  නීතිපති සිය උපදෙස් එවා නොමැති බව ප‍්‍රකාශ කර සිටිමි.

23. මා බරපතල හෘදයාබාධයකින් පෙලෙන්නෙක් වන බවත්, හෘදය වස්තුවේ සිදුරක් ඇති බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරන බවත්, ඒ සඳහා කලයුතු ශෛල්‍යකර්මයට රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් ප‍්‍රකාශ කර සිටිමි.

24. දැනට මා රක්‍ෂිත බන්‍ධනාගාර ගතවී වසර 02 මාස 07කට ආසන්න වන බව ප‍්‍රකාශ කරසිටිමි.

25. නීතිපතිවරයා ගේ උපදෙස් නොලැබීම නිසා මාහට ඇප ලබාගැනීමට නොහැකිව තිබෙන බව ප‍්‍රකාශ කර සිටිමි.

26. ඇප ලබාගැනීම සඳහා ඉහළ අධිකරණයට යාමට මට වත්කමක් නොමැති බව ප‍්‍රකාශ කර සිටිමි.

27.මාගේ හෘදයාබාධයට අදාල ශෛල්‍යකර්මය කරගැනීමට නොහැකිව මා ඉතා කෙටි කලකින් මියයනු ඇති බව ප‍්‍රකාශ කර සිටිමි.

28. මාහට පෙර වැරදි ඇති බව පිළිගන්නා බවත්, නමුත් 2008. 06. 04 දින නිර්දේෂී මා අත්අඩංගුවට ගෙන,
රුපියල් ලක්‍ෂ තුනක් ලබාගැනීමට තලංගම පොලිසියේ පාදුක්ක නැමැති නිළධාරීවරයා ගන්නා ලද උත්සහාය
ව්‍යාර්තවීම නිසා මා රිමාන්ඞ් භාරයට පත්කරන ලද බවද ප‍්‍රකාශ කර සිටිමි.

මට කීමට ඇත්තේ එපමණයි.

ඉහත නම් සඳහන් දිවුරුම් ප‍්‍රකාශය ප‍්‍රතිඥාකාරිය
ප‍්‍රතිඥකාරියට කියවා තේරුම්කර
දීමෙන් පසුව ර්‍ණ තේරුම් ගෙන ර්‍ දිනදී” මා ඉදිරිපිටදී
හිදී මා ඉදිරිපිටදී ර්‍
අත්සන් තබන ලදි’ සමාදාන විනිශ්චයකාර



Wednesday, January 26, 2011

Welikada බන්ධනාගාරයේ කාන්තා වාටිටුව සැමට ආදර්ශයකි






අනූරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් සය දෙනෙකු මියගිය බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වෙි. මෙය ඉතාම ඛෙදනිය තත්වයකි. මිට බෝහෝ හේතු කාරණා බලපාන්නට ඇත. නමුත් ඒ අතරින් ප‍්‍රධාන තැනැක් ගන්නේ පරිපාලනයේ ඇති දුෂණ සහ අක‍්‍රමිකතාවන්ය.

මෙි ඛෙිදවාචකය මතකයට නගන්නේ මිට මාසයකට හෝ මාස දෙකකට පෙර මාධ්‍යය විසින් දිගින් දිගටම හෙළිදරවි කළ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ දුෂණ සහ අක‍්‍රමිකතාවන්ය. 

නමුත් දැන් එහි තත්වය කුමක්ද? එහි හිටපු දුෂිත සහ අකාර්යක්ෂම නිළධාරිින් මාරුකර නව නිළධාරින් බදවා ගෙන ඇත. සෑම දෙයක්ම ක‍්‍රමවත්ව සිදුවෙි. අලුත් පරිපාලනය ගැන පහළ නළධාරින් සතුටෙන් සිටින 
බවද අසන්නට ලැබෙි.

එහි දැන් එක එක්කෙනාට  ඔින ඔන විදියට රැුදවියන් හමුවිමට යානොහැක. මෙි තත්වය නීතිඥවරුන්ටද සමානව බලපායි. සෑම දෙයක්ම නීතියට අනුව සිදුවන බවක් එහි යන එන අයට දැකගත හැක. පිිරිස් කළමනාකරණයද සූභවාදි වෙනසකට ලක්ව ඇත.

හිත ඇත්නමි පත කුඩාදැයි ඇසිමට හුරුපුරුදු ශ‍්‍රී ලාංකිය සමාජයට ඔිනෑම දෙයක් වෙනස් කළහැක. මෙය අද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාටිටුව තුළ සෑබැවක් වි ඇත. මෙය සෙස්සන්ට ආදර්ශයකි.
 












හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි