Tuesday, May 24, 2011

වැලිකඩ අවුල ජිවිත හානියකින් තොරව අවසන් වේවා !

Photo by Thusitha Kumara
http://www.thesundayleader.lk
වැලිකඩ බන්දනාගාරයේ ඉදිරිපස බිත්තියේ සිරකරුවෝද මනුෂ්‍යයෝ යනුවෙන් සදහන් වේ. ඒ නිසාම මෙම මනුෂ්‍ය ප්‍රශ්නය මානුසිකව විසදන ලෙස බලදාරීන්ට ඉතා දැඩිව බල කරමු.

කොලබ වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවන් උපවාස කිරීම ආරම්බ කලේ මැයි 19 වැනිදාය. මෙම ආහාර වර්ජනය කිරීමේ උපවාසයට විශාල ගණනක් සිරකරුවන් සම්බන්ද වී සිටිති.

අලුත්ම තත්වය ඉන්දියානු සහ පකිස්තානු සිරකරුවන් විශාල ගණනක් මෙම උපවාසයට එකතු වීමය. ඉන්දියානු පිරිමි සිරකරුවන් 27 ක්ද කාන්තාවන් 04 ක්ද පකිස්තානු ජාතිකයින් 21 දෙනෙක්ද ආහාර ගැනීම වර්ජනය කර ඇති අතර දින කිහිපයක් තිස්සේ ඔවුන් නොනැසී ජීවත්වන්නේ ජලය පමණක් බීමෙනි.

මෙම සිරකරු ප්‍රශ්නයට වග කිවයුත්තේ බලයේ හිටපු සහ ඉන්නා පාලකයින්ය. සිරකරුවන්ගේ මෙම විරෝදතාව අවසානයේදී මර්දනයෙන් නිමා නොවිය යුතු බව මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්දනය වෙනුවෙන් කැපවූ සියලු දෙනාගේම ඉල්ලීමයි.



හර්ෂි සි. පෙරේරා 

No comments:

Post a Comment