Thursday, May 19, 2011

හදිසි නීතිය ඉවත් කරන්න ඉන්දියාව ඉල්ලයි.


හදිසි නීති රෙගුලාසි ඉතා ඉක්මනින් ඉවත් කරගන්නා ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ 2011 මැයි 15-17 ඉන්දීය සංචාරයක යෙදුන - විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා, ඉන්දීය විදේශ කටයුත්‍ර අමාත්‍ය එස්.එම්.ක්‍රිෂ්නා මහතා හමුවූ අවස්ථාවේදීය.

දෙපාර්ශවය අතර ඇතිවූ සාකච්ජාව අවසානයේ නිකුත් කරන ලද ඒකා බද්ධ නිවේදනයේ හදිසි නීතිය ඉවත්කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට ඉන්දීය ඉල්ලීමට අමතරව, මානව හිමිකම් කඩ කිරිම් පිළිබද එල්ල වී ඇති චෝදනා පිළිබදව පරික්ෂණ පවත්වන ලෙසටද ඉල්ලා තිබේ.

උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේ මානුෂීය ප්‍රශ්න කෙරෙහි ශ්‍රී ලංකාණ්ඩුවේ අවධානය කැදවා ඇති ඉන්දීය රජය - නැවත පදිංචි කිරීම සහ අවංක සංහිඳියාවක් සහතික කරන ලෙසටද ඉල්ලා ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පුලුල් කිරීමේ සහ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයට ඉන්දියාව පත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බවද විදේශ ඇමති ජී.එල්.පීරිස් මහතා අවධාරණය කර ඇත.

ඉංග්‍රීසි බසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහළ පළකර ඇත.

No comments:

Post a Comment