Tuesday, May 10, 2011

දේශ සීමා රහිතව ආණ්ඩුවට සහය දක්වන නිරෝෂන් පොලිසියෙන් ගුටි කයි.


අයි.ටී.එන්. රූපවාහිනියේ නිවේදක නිරෝෂන් ප්‍රේමරත්නට පානදුර පොලිසිය බැට දී තිබේ.
තුවාල ලැබූ නිරෝෂන් ප්‍රේමරත්නව පළමුව පානදුර රෝහලටත්, එතැනින් කලුබෝවිල රෝහලටත‍් මාරුකර තිබේ.)

මෙම පහරදීම තරයේ හෙළා දකින අතර, පොලිසිය අනුගමනය කරන ත්‍රස්ත පිළිවෙතට මෙතෙක් ගොදුරුවූයේ අසරණ මිනිසුන් බවද පෙන්වා දෙමු.

එවන් අවස්තාවල පොලිස් අපරාධකරුවන් බේරාගැනීමට සියලු බලවේග එක්විය. මාධ්‍ය සිද්ධිය විකෘති කළේය.

අදටත් අසරණයින් පෙලූ පොලිස් කාරයින් පානදුර පොලිසියේ වැජඹෙති. නඩු තියෙන පොලිස් කාරයින්, පොලිස් ස්ථාන අරක්ගෙන සිටිති.

ආණ්ඩුවද දේශ සීමා ඉක්මවා ගොස් සහාය දක්වන නිරෝෂන් ප්‍රේමරත්න වැනි නිවේදකයින් පිළිබදව දක්වන උනන්දුව - අසරණයින් කෙරෙහි නොදක්වන්නේ ඔවුන් රට වැසියන් නොවන නිසාද ?

තමාට වධහිංසා පැමිණවූ පොලිස් කාරයින්ට එරෙහිව නිසි නීතිමය පියවර ගනු ඇතැයි - අපි නිරෝෂන් ප්‍රේමරත්නගෙන් බලාපොරොත්තු වෙමු.

පොලිසියෙන් ගුටිකන ලද මාධ්‍යකරුවන් , දේශපාලකයින්, නීතිඥයින් - ප්‍රචාරයෙන් තෘප්තිමත්ව , අපරාධකරුන්ට සමාව දෙනවා අපි දැක ඇත්තෙමු.මෙයද සමාදානයෙන් කෙළවර වනු ඇද්ද?
එසේ වන්නේ හොද හිත හෝ සමාව දීමේ දේව ගුණය නිසා නොව, ක්‍රමයේ පැවැත්මටය.

4 comments:

  1. ඔකට ගහලා මදි

    ReplyDelete
  2. මුං අනෙක් මාධ්‍යවේදීන්ට ගහද්දි පොලීසිය පැත්තට කඩේ යනව විතරක් නෙවෙයි ගුටිකාපු එවුන් හොරු, තක්කඩි ගාණට දාල මිනිස්සුන්ට පෙන්වන්නෙ. මුංට ගහල මදි මරන්න ඕනි කාලකණ්නි.

    ReplyDelete
  3. Hoda wade kalakaniyata,napunsakaya

    ReplyDelete
  4. OKATA THAWA DENNA THIBBE MASA 4,5 HOSPITAL INNA

    ReplyDelete