Thursday, May 12, 2011

EXCLUSIVE : නිරොෂන් ප්‍රේමරත්න හිටියේ තිතට මත්වෙලා..


අයි.ටී.එන්.පුවත් ප්‍රකාශක නිරෝෂන් ප්‍රේමරත්නට, පානදුර පොලීසියේදී එල්ලවූ පහරදීම පිළිබදව - මේවන විට පානදුර මහේස්ත්‍රාත් අධිකරණ විභාගය පැවැත්වේ.
                               
පහරදුන්  බවට සැකකරන පොලීසියේ නිලධාරීන් දෙන්නා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

අද (12දා) හදුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබින.

පොලිස් සටහන් මෙසේ කියයි.

සිද්ධිය අදාල, පොලිස් සටහන් වලට අනුව - 2011.05.07 දින රාත්‍රී 10.00 පමණ, ගාලු පාරේ, තල්පිටිය පාලම පහුකර මාර්ග නීති උල්ලංඝණය කල රථයකට නවත්වන ලෙසට සඥා කර ඇත.

එසේ කර ඇත්තේ පානදුර පොලීසියේ රථවාහන අංශයේ පො.කො.සොයිසා හා පො.කො. ගයාන්ය.

රථය අණ පිළිපැද්දේ නැත. පසුපස පැන්නූ පොලිස් නිලධාරීන්ට, පානදුර ඔරලෝසු කණුව අසලදී රථය නවත්වා ගන්නට හැකිවිය.

රථය පැදවූ මහත්තයා හිටියේ හොදටම බීලා. තවත් මහත්තයෙක් හා නෝනා කෙනෙක් රථයේ හිටියා.

ඒ නිසා පො.කො.සොයිසා ට මෝටර් රථය පොලීසියට ගෙන එන්නට සිදුවිය.
පොලීසියට ගෙන ආ රථයෙන් බැස්ස නිරෝෂන් ප්‍රේමරත්න පොලිසියතුලට ඒම ප්‍රතික්ෂේප කර කණුවක් බදාගෙන ඇත.
දෙන්නෙක් නිරෝෂන්ව පොලීසියට ගෙන ආ පසුව - ඔහු පො.කො.සොයිසාගේ කණට ගසා ඇත.

එතැනට පැමිණි රථවාහන කොට්ඨාශය බාර ස්ථානාධීපති පො.ප.ජයසිංහ ඔහුව පානදුර රෝහලට නියමකර , අධිකරණ වෛද්‍යෙ පෝරමයක් නිකුත් කර තිබේ.

ඒ අවස්තාවේ එතැනට පැමිණි රථවාහන අංශය බාර පො.ප.සරච්චන්ද්‍ර - නිරෝෂන්ට අතට අත දී - 119 රථයේ නංවාගෙන පළමුව පානදුර රෝහලටත්, දෙවනුව කලබෝවිල රෝහලටත් ගෙන ගොස් ඇත.

නිරෝෂන් ප්‍රේමරත්නගෙන් කණේ පහර කෑ - පො.කො.සොයිසා ද පානදුර රෝහලට ඇතුලත්ව තිබේ. මේ වන විට - රථවාහන කොට්ඨාශ බාර පො.ප.ජයසිංහ හා රථවාහන අංශය බාර පො.ප.සරච්චන්ද්‍රව - පොලිස් ක්ෂේත්‍ර බලකායට මාරු කර ඇත.

මෙම සිද්ධියෙන් පැන නගින්නාවූ ප්‍රශ්ණ රැසක් ඇත.

එනම් වෙන්නේ මොකද ?, වෙලා තියෙන්නේ මොකක්ද ? යන්නත් දැනගැනීමට තිබෙන අයිතියට ඉඩදෙන්න උපරිම උත්සහා ගනිමු.

රැදී සිටින්න අප සමග.

No comments:

Post a Comment