Showing posts with label prison. Show all posts
Showing posts with label prison. Show all posts

Monday, February 3, 2014

“ ෂොපින් ” බෑග් එකක් ඔලුවට දාලා බෙල්ල හිරකරලා නාහින් කටින් සෙම බේරෙනකන් ගැහැව්වා.



පහර දුන්නේ පානදුර වෙරළේදී. ගහන කොට බලන්න ආව පිරිසව පන්න ගත්තා. කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ බවත්, මාස 11 ක් බන්ධනාගාරගතව සිටින්නට සිදු වූ බවත් දුමින්ද පීරිස් ප්‍රකාශ කර සිටී.

පළිගැනීමේ චේතනාවෙන් මෙසේ සිදුකරන ලද බව වැඩිදුරටත් ප්‍රකාශ කරන දුමින්ද පීරිස් 34 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරකු වන දෙදරු පියෙකි.

2011.12.14 දින තම සොහොයුරා සමග රෝගී පියා බැලීමට මහ ගෙදරට යමින් සිටිය දී පානදුර දකුණ පොලීසිය අසලදී, තමා පැදවූ ත්‍රී රෝද රථය නවතා තමාත් සොහොයුරාත් අත්අඩංගුවට ගෙන, පානදුර මූදු වෙරළට ගෙන ගොස් ඉහත සඳහන් පරිදි වධදුන්න බව ද ඔහු ප්‍රකාශ කරයි.

එසේ වධ දීමෙන් පසුව, කොළඹ මත් ද්‍රව්‍ය කාර්යාංශයට ගෙනගොස් තබාගෙන සිට, පසුදින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, හෙරොයින් ළඟ තබා ගැනීම යටතේ බොරු චෝදනා ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

තමාට පහරදීම, පිළිබඳව අධිකරණයට ප්‍රකාශ කිරීම නිසා, අධිකරණ නියෝග මත ඔහු බන්ධනාගාරය මගින් රෝහල් ගත කර තිබේ.

මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා ඔහුට මාස 11 ක් ගත විය. මේ පිළිබඳව ඔහු මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ඇත. නමුත් අද දක්වාම, පොලිස්පතිවරයා දුමින්ද පීරිස් ට වධදීම පිළිබඳව කිසිදු ආකාරයේ පරීක්ෂණයක් හෝ නීතිමය පියවරක් ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ නීතිය ආරක්ෂා කරන්නට සිටින පොලීසිය නීති විරෝධී ක්‍රියාවන් වසන් කිරීමට, පොලිස් අපරාධකරුවන්ව ආරක්ෂා කිරීමට පියවර ගන්නේ පොලිස්පතිවරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ය.

රාජපක්ෂ ආණ්ඩුවට, කත් අදින, නිරෝෂන් ප්‍රේමරත්න වැනි එවුන් බේරා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස්පතිවරයා එම සිද්ධියට අදාල එක් නිලධාරියෙකුව සේවයෙන් නෙරපා ඇත්තේ මූලික පරීක්ෂනයක් නොකරය.

එමෙන්ම ඔහු පානදුර පොලීසියේ නිලධාරීන්  දෙන්නාට විරුද්ධව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. නමුත් අදාල පොලිස් නිලධාරීන්ට පහර දීම, වෙරිමතින් රිය පැදවීම, චෝදනාවට ලක් වූ නිරෝෂන් ප්‍රේමරත්නට එරෙහිව, අධිකරණය නියම කළද, මේ දක්වාම නඩු පවරා නැත.

බොහෝ සංඝයා කරන්නාක් මෙන්ම පොලීසියට බුදුසරණයි කියන්නට, දුමින්ද පීරිස්ට ද  සිදුව තිබේ.

Saturday, February 1, 2014

තට්ටම් වලට ගැහුව්වේ ‘‘වල්ලපට්ටා” පොල්ලකින්.


ගහන්න ඉස්සෙල්ලා‍ ඇහුව්වේ - උඹ මේ ‘පොල්ලේ´ වටිනාකම කීයද දන්නවදැයි කියාය. ජයා රූපය ගන්නා ලද්දේ දින 08කට පසුවය.

රුවන් කුමාර පවසන අන්දමට - 2014.01.19 දින, බණ්ඩාරගම පොලිසිය, තම නිවසට පොලිස් බල්ලෙකු ඇදගෙන ඇවිත් තිබේ.
මේ වෙලාවේ නිවසේ කිසිවකු සිට නැත. දොර කඩා ගෙට ඇතුලුවූ පොලිසිය, අස්සක් මුල්ලක් නෑර සොයා ගොස් තිබේ. ඉන් පසු රුවන් කුමාරට පොලිසියට එන ලෙසට දැනුම් දී ගොස් තිබේ.

මේ වන විට බොරු නඩු පහකට පටලවා තිබෙන රුවන් කුමාර - ඉහත සිද්ධිය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීමෙන් පසුව, ඔවුන්  දෙන ලද උපදෙස් අනුව 2014.01.24 දින බණ්ඩාරගම පොලිසියට බාර විය.

පොලිසියට බාර වූ රුවන් කුමාරට වධ දුන් පොලිසිය, පසුදින සොරකමකට සැකකරුවකු කර - රක්ෂිත බන්ධණාගාර ගත කරනු ලැබීය. මේ නිසා දින පහක් කඵතර බන්ධණාගාරයේ ගත කිරීමට ඔහුට සිදු විය.

බොරු නඩු දැමීම, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කල පැමිණිලි කෙරෙහි අවධානය යොමු කරමු.

‘‘ පොලිස්පති හා මානව හිමිකම් කොමිසම දෙන ලද උපදෙස් අනුව මා පොලිසියට ගියේ මාගේ බිරිඳ හා බිරිඳගේ මල්ලී සමග. මා පොලිසිය තුලට යනවාත් සමගබණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති මට කතා කලා.
ඔහු කඩපු කඬේ බඩු දීපන් කිව්වා’. මම කිව්වා - මම කඩ කැඩුවේ නැහැ කියා.
ඔහු - මොකද යකෝ නැත්තේ උඹලාගේ ගෙදරට බල්ලා ගියා කිව්වා. එවිට එතැනට සාජන් රණවීර ආවා. ස්ථානාධීපතිවරයා මට,බලපන් පොලිසියේ ඉස්සරහා කඬේ කඩලා තියෙන්නේඅපිට ලැජ්ජාවේ බෑ” කිව්වා.
තෝ තමයි කඬේ කැඩුවේදැන් ඒ.එස්.පී මහත්තයාට කියන්නේ මොනවාද” යයි කියා කිව්වා.
මම ඔහුට කිව්වා, ”මහත්තයෝ පොලිසිය ඉස්සරහාට තියෙන කඩ දෙක කැඩුවේ මුර කුටියකුත් තිබියදී” කියා.
එවිට සාජන් රණවීර තොගේ ගෙදරට බල්ලා ආවේ මොකද, ? උඹට නින්ද ගිය වෙලාවට ගෑනි එක්ක හැමිණෙන එකාද දන්නේ නෑ කඬේ කැඩුවේ කියා.
ඉන් පසු මාව කූඩුවට දැම්මා.
පස්වරු 3.45 ට මාව කූඩුවෙන් එළියට ගත්තා. එසේ මාව කූඩුවෙන් එළියට ගත්තේ සාජන් රණවීර හා අපරාධ අංශයේ ප‍්‍රධානියා.
ඔවුන් දෙන්නා මාවපොලිසියේ පිටුපස්සේ කාමරය ඉදිරි පස ඉස්තෝප්පුවට ගෙන ගියා. එතනදී මාගෙන් බඩු දෙනවාද කියා අපරාධ අංශයේ ප‍්‍රධානියා ඇහුව්වා. මම ප‍්‍රකාශ කලා මම කඩය කැඩුවේ නෑ කියා.
එවිට ඔහු, ”උඹෙන් බඩු ගන්න හැටි අපි දන්නවා” කියා කිව්වා.

සාජන් රණවීර අත තිබු වල්ලපට්ටා පොල්ල පෙන්නා උඹ දන්නවාද මේකේ වටිනාකම කීයද කියා’ මගෙන් ඇහැව්වා.
ඔහුසාජන් රණවීර අත තිබූ වල්ලපට්ට පොල්ල අරන්මට අත් උස්සාපන්හැරිලා ජනේලයේ ග‍්‍රිල් එක අල්ලා ගනින්” කියා තට්ටම් වලට පොල්ලෙන් ගැහුව්වා.
ඔහු මට බඩු දීපන්” කියමින් ගැහුව්වා. එසේ පහරදීමෙන් පසුවසාජන් රණවීර එ් ආකාරයටම මට ගැහුව්වා.
ඔවුන් මාරුවෙන් මාරුවට පැය 1/2 ක් විතර තියාගෙන මට ගැහුව්වා.
නැවත කූඩුවට දැම්මා.
එ් අතරමාගේ බිරිඳපානදුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් මට පහර දෙන බව ප‍්‍රකාශ කර තිබුනා.
එ් අවස්ථාවේමසහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් බණ්ඩාරගම පොලිසියට කතා කර තිබුනා.

එයින් පසු ස්ථානාධිපති කූඩුව ළඟට ඇවිල්ලාමගෙන් ඇහුව්වා තොගේ ගෑණිඑ්.එස්.පී ළඟට මගුලේ ගියාද” කියා යන්න ගියා.
රාත‍්‍රී 9.05 ට නැවත අපරාධ අංශයේ ස්ථානාධිපති හා සාජන් රණවීර මාව කූඩුවෙන් එළියට අරගත්තා.
එ් අවස්ථාවේ ඔහුඅපරාධ අංශයේ ස්ථානාධිපති මාගේ කණට පාරවල් දෙකක් ගැහුව්වා.
එසේ පහරදී - රංජන් කියන්නේ කව්ද” කියා මගෙන් ඇහුව්වා. මම කිව්වා නැන්දාගේ පුතා” කියා. උඹලාගේ ගෙදරට ඌ යනවා එනවාද” කියා ඇහුව්වා.
මම කිව්වා මීට අවුරුදු තුනකට පෙර නම් ආවාදැන් එන්නේ නෑ” කියා. නැවත කූඩුවට දැම්මා.
පසුදින උදේ 10.00ට විතර මාව කූඩුවෙන් එළියට අරගෙනප‍්‍රකාශ ලියා මගේ ඇගිලි සලකුණු ගත්තා.
අපරාධ අංශයේ ස්ථානාධිපති මට කිව්වා - උඹ ඇපයක් අරන් ආවත් මට පේන්න පාරේ යන්න එන්න එපා” යයි කිව්වා.
උඹට ගංජා හරිකුඩු හරිබෝම්බයක් හරි දානවාදකින දකින සැරේට උඹව අරන් ඇවිත් නඩු දානවා කිව්වා.
මේ පැත්තේ මොන කඩය කැඩුවත් උඹව සැක පිට අරන් ඇවිත් තියාගන්නවාපොලිස්පති කතා කරලා කිව්වත් අපි තියාගන්නවා යයි කිව්වා.
ඊට පසුවප:ව:2.00 ට පමණමාව වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කලා. මට කිසිවක් කීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. මාව රක්ෂිත බන්ධනාගාර ගත කලා.
බන්ධනාගාරයේදීමාමට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. පසුදින මාව වෛද්‍යවරයාට ඉදිරිපත් කලා. වෛද්‍යවරයාට මා පහරදුන්න බව ප‍්‍රකාශ කලා. වෛද්‍යවරයා මාව පරීක්ෂා කලා.

2014.01.30 දින පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට මාව ඉදිරිපත් කලා. එහිදී මට රු: 7500/=ක මුදල් ඇපරු: 30,000/= බැගින් ශරීර ඇප02ක් හා සෑම මසකම අන්තිම ඉරිදා- බණ්ඩාරගම පොලිසියට ඉදිරිපත් විය යුතු බව නියම කරමුදා හැරියා. මීලඟ නඩු දිනය 2014.03.20වේ.

රුවන් කුමාර මානව හිමිකම් කොමිෂම හා පොලිස්පති වෙත කරන ලද පැමිණිල්ල මගින් ඉල්ලා සිටින්නේ,

බණ්ඩාරගම පොලිසියේස්ථානාධිපති අපරාධ අංශයේ ස්ථානාධිපති හා සාජන් රණවීර යන අය විසින්ඔහුව ව්‍යාජ චෝදනා නගා අත්අඩංගුවට ගැනීම, ඔහුට වධ හිංසා පැමිණවීම,  නීති විරෝධීව ඇගිලි සලකුණු ලබා ගැනීම සහ ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම මගින් සිය මූලික අයිතීන් උල්ලංඝණය කිරීම හා අදාලව නිසි නීතිමය පියවර ගන්නා ලෙසටය.

Friday, January 24, 2014

අපරාධ සැකකරු ගෙදර! අපරාධ වින්දිතයා රිමාන්ඞ්!!


පයියාගල පොලීසියේ උ.පො.ප. ධම්මිකපො.කො.78636 සහ කොට් සාජන්ට ගේ වැඩක්!!!

46 හැවරිදි තිලකරත්න පිරිස් ස්වයං රැුකියාවක් කරගෙන අස් වියැති මවද රැුක බලාගෙන ජිවත්වන කෙනෙක්. ඔහුට ‘‘බලයක්” නැහැ. ඔහු ගෙන් පොගීසියට ඇති ප‍්‍රයොජනයකුත් නැහැ.
එ් නිසාම අපරාධයට ගොදුරුවු ඔහුව උසාවිය උපයෝගි කරගෙන රිමාන්ඞ් කරවා අපරාධකරුවාට නිදැල්ලේ සිටිමට පු`ථවන් වෙලා.

තිලකරත්න පිරිස් සිද්ධිය අදාලව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර තිබෙන පැමිණිල්ල පහත දක්වමු.

”2014.01.16 දිනදීය. මග්ගොනකුමාර කනදේඅංක 27 ලිපිනයේ ඉහත ලිපිනයේ පදිංචිව සිටන්නේමා සහා අවුරුදු 80ක් වියැති මාගේ මවයි. මා වෙළඳාම වශයෙන් කරන්නේ කෑම සාදා වෙළ`දසැල් වලට බෙදා හැරීමයි. මා ගෙදර සිටින්නේ සවස් කාලයේ පමණි. මා ගෙදර නොමැති අවස්ථාවල අම්මා පමණක් ගෙදර සිටී.

2013.10.27 දින මා ගෙදර පැමිණීයේ සවස 3.30 පමණය. දවල් ආහාරය ගැනීම සඳහා සූදානම් වූවා පමණිබීමත්ව පැමිණි ටි. නිශාන්ත පිරිස් යන අය අසභ්‍ය වචන කියා බැණ වදිමින්නිවස  ඉදිරිපිටට පැමිණි විටමා ප‍්‍රශ්ණයක් ඇත්නම් වෙරි සිදුනු විට විසඳා ගනිමු යයි නිශාන්තට පවසා ඔහුව පිටත් කර හැරින ලදි. නමුත් ඔහු නැවත නැවතත් පැමිණ මට සහ මවට බමින් මරණ තර්ජණ කරන්නට පටන් ගත්තා. පාරට එන්න එපාආවොත් මා සහා මාගේ මව ද කපා මරා දමන බවට කියා සිටියා.

මා 119 හදිසි පොලිස් ඇමතුම අංකයට කතාකර මේ සම්බන්ධයෙන් දැනුවත් කලා. ඉන් පසුව පොලිස් නිලධාරී මහතුන් දෙදෙනෙක් පැමිණ මාගෙන් කටඋත්තරයක් ද රැුගෙන නැවත බැන වැදුනොත් පොලිසියට කතාකරන ලෙසට උපදෙස් දි, 2013.11.28 වන දින පොලිසියට පැමිණෙන ලෙස දන්වා තුණ්ඩු කැබැල්ලක් ද දී නිශාන්ත යන අය මුන ගැසීමට ගියා.

ඔහු එම අවස්ථාවේ සැඟවී පොලිසිය ගිය පසු නැවත පැමිණ පෙර පරිදිම බැණ වැදුනා. මා පොලිස් නිලධාරීන් කියූ පරිදි මාගේ ජංගම දුරකථනයෙන් පයාගල පොලසියට දැනුම් දුන්නා. එවිට පොලිසිය මා හට කියා සිටියේ පොලිසියට පැමිණ පැමිණීල්ලක් කරන ලෙයසි. මා පොලිසියට කියා සිටියේ ඔහුගේ අතේ ආයුධයක් ඇති බැවින් පොලිසියට එ්මට නොහැකි බවයි. එවිට පොලිසිය කියා සිටියේ තමුන්ට පහර දීමක් කලහොත් පහර දෙන ලෙයසි.

ඉන් අනතුරුව මා  පොලිසියට යෑමට සූදානම් වුනා. එම අවස්ථාවේ දී මාගේ මව මාගෙන් මුදල් ඉල්ලාගෙන සීනි ග්?ම් 250ක් ගෙන එ්මට කඩයට ගියා. මාගේ මව සීන රැුගෙන ගෙදර එන විට ඉහත කී නිශාන්ත යන අය මාගේ මවට ආයුධයකින් පහර දෙනවා මා දුටුවා. මා දුවගෙන යන විට මාගේ මවගේ අතෙ ලේ ගලමින් තිබුනා. මටද නිශෘන්ත පහර කීපයක් එල්ල කලා. ඉන් එක් පහරක් මාගේ වම් අතට වැදුනා. මාගේ අතෙන්ද ලේ ගලමින් තිබුනා.

පසුව බීමත්ව සිටි නිශෘන්ත යන අයට පහර කිපයක් එල්ලකර ඔහු අත ඇති ආයුධය උදුරා ගත්තා. උදුරා ගෙන ඔහු මෙල්ල කිරීමේ චේතනාවෙන් පහරක් එල්ල කලා. ඔහුගේ බිරිඳ ද පුතා ද දුව ද මට සහා මවට පහර දුන්නා. ඔවුන් අත ද ආයුධ තිබුනා. ඔහුගෙන් උදුරා ගත් ආයුධය ද ඔහුගේ වත්තට විසිකර වැටී සිටි මව ද ඔසවාගෙන මා ගෙදර පැමිණ පොලිසියට මේ බව කියා සිටියා.

පොලිසිය කියා සිටියේ පොලීසිය පැමිණෙන තෙක් සිටින ලෙසසි (අපහට ගෙදරින් එළියට බැසීමට නොහැකි තත්වයකයි සිටියේ*. ඉන් අනතුරුව රාත‍්‍රී 9.30ට පමණ පොලිස් ජීප් රථය පැමිණීයා. අප දෙදෙනාට රෝහල් ගත වීමට අවශ්‍ය බව කියා සිටියා. එ් වන විටත් අප දෙදෙනාගේ තුවාල වලින් ලේ ගලමින් තිබුනා. පොලිසිය එම අවස්ථාවේ මාගේ ගේ සෝදිසි කලා.

ඉන් අනතුරුව මා පමණක් ජීප් රථයේ දමාගෙන අ`ඵත්ගම කන්ද විහාරය පැත්තේ තවත් අයෙක් දමාගෙන ජීප් රථයේ ත‍්‍රී විලරයක් ගැටගසාගෙන ඇදගෙන ආවා. එ් වන විටත් මාගේ අතෙන් ලේ ගලමින් තිබුනා. මා රෝහලට රැුගෙන යන අලෙස ඉල්ලා සිටියා. පොලිසිය එ් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ලේ ගලන තුවාලය සහිත මා පොලිස් කූඩුවේ දැමුවා.

මාගේ අත කකියන බවත්ලේ ගලන බවත් මා රැුගෙන ගිය අපරාධ අංශයේ ස්ථානාධිපති දම්මික මහතාට කියා සිටියා. ඔහු එ් ගැන සැලකුවේ නැහැ. පසුව මා මාගේ මව ගැන පොලිසියෙන් විමසුවා. අප දැන් ගිහින් අම්මාව රෝහලට ගෙන යන බව පවසා සිටයා. එ් වන විට රාත‍්‍රී 11.30 ට පමණ ඇති.

පසුව දින (2013.11.28* උදේ මාව කූඩුවෙන් එළියට ගත්තා. එළියට අරගෙන කපපු පිහිය දීපන් කීවා. මා කියා සිටියා එ් මම ගෙන ගිය පිහියක් නොවෙයිඔහු ගෙන ආ පිහියමම උදුරාගත් බව ඇත්තමම එම අවස්ථාවේ ඔහුගේ වත්තට විසිකල බව කියා සිටියා.

එම අවස්ථාවේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහා මාගේ මතකයේ හැටියට ඔහුගේ අංකය 78636 යන අය සහා කෝට් සාජන්ට් යන අය අසභ්‍ය වචනයෙන් මට බැණ වදිමින්උඹව බෝම්බයකට දානවා කියා කීවා.

පසුව මා සිද්දීය වුන ස්ථානයට රැුගෙන ආවා. එ් රැුගෙන ආවේ අපරාධ අංශයේ ස්ථානාධිපති මහතා සහා මා ඉහත අංකය සඳහන් කල නිලධාරියායි. එම ස්ථානයෙන් පසුව මාව ගෙදරට රැුගෙන ආවා. එ් වන විට වේලාව පෙ:ව:10.30 ට පමණ ඇති. මට කීවා ෙදාරවල් අරින්න කියා. මා කීවා මා ළඟ යතුරු නැහැඅම්මා ෙදාරවල් වහලා ගියා නම් අම්මා ළඟ යතුරු ඇති කියා. පසුව ධම්මික මහතා ගේ වටේ සහා වත්ත වටේ පරීක්ෂා කරමින් කපාපු පිහිය ඉල්ලා සිටියා. ඔහු සමග පැමිණී අනෙත් නිලධාරියා වසා ඇති ජනේලය කැඩුවා.

මම කීවා ඔවා කඩන්න එපා කියා. පසුව මාහට අපහාස කරමින් උඹව මානසික රෝගියෙක් කරනවාකුඩුවලට දානවා කියා කීවා. පසුව ජනේලය කැඩුවා. එහි ඇතුලතින් කූරු ඇති නිසා ඇතුල් වීමට අපහසු වුනා. පසුව ඉදරි පස ජනේලයේ කූරු ගලවා ඉස්තෝප්පුවට ඇතු`ඵ වී ප‍්‍රධාන ෙදාර කඩා ගෙට ඇතු`ඵ වුනා. ගෙයි සෑම තැනම බැලූවා. අල්මාරිය ඇර බැලූවා. හැම ස්ථානයක්ම හැම පෙට්ටියක්ම,ලාච්චුවක්ම ඇර බැලූවා. පසුව මාව ධම්මික මහතා එළියට රැුගෙන ආවා. අනෙක් නිලධාරියා පමණක් ගේ ඇතුලේ සිටියා. එළීයට ගෙනවිත් ධම්මික මහතා මගෙන් ඇසුවා උඹ කසිප්පු පෙරනවා නේද කියා. මම කියා සිටියා පෙරනවා නම් අල්ල ගන්න කියා.

පසුව කුඩු ගංජා විකුණනවා නේද කියා ඇසුවා. මම ජීවිතේට එ්ව දැක නැති බව කියා සිටියා. පැය 2කට වැඩි කාලයක් ගේ සහා වත්ත පරීක්ෂ කලා. අපරාධ අංශයේ ස්ථානාධිපති සමග පැමිණි අනෙක් නිලධාරියා උඹ ගෑණු නාන දිහා බලන් ඉන්නවා නේද කියා ඇසුවා. උඹව මානසික රෝහලට අද යවනවා කියා පැවසුවා. පසුව මා පොලිසියට රැුගෙන ගොස් මාගේ ඇගිලි සලකුණු ලබ ගත්තා.

කෝට් සාජන්ට් මහතා නොයෙක් අපහාස කරමින් බොරු චෝදනා ඉදිරිපත් කලා. මම ඇසුවා එවැනි පැමිණීලි කවුරුත් කර තිබෙනවාද කියා. පසුව එම නිලධාරියා කියා සිටියා පැමිණීලි අපට අවශ්‍ය නැහැඅවශ්‍ය උනොත් උඹව බෝම්බයකට දාලා ඇප නැති වෙන්න ඇතුලට යවනවා කියා. මම නිහඬව සිටියා. මම කිව්වා 26 වන දින රාත‍්‍රී කෑමට පසුව කෑම නැහැ කියා. උඹට කන්න  ඕනාද කියා මගෙන් ඇසුවා.

2013.11.28 වන දින සවස 3.30 ට පමණ මාව උසාවියට ඉදිරිපත් කලා. එ් වන විටත් මම නිරාහාරව මයි සිටියේ. කෝට් සාජන්ට් මහතානඩුකාර තුමාට මා මානසික රෝගයකින් පෙලෙන බව කියා සිටියා. එ් අනුව නඩුකාරතුමා මා මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙසට නියම කලා.

2013.11.06 වන දින තෙකන් මා රිමාන්ඞ් බන්ධනාගාර ගත කලා. බන්ධනාගාරය මගින් මා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලා. වෛද්‍යවරයාට මා සිය`ඵම කරුණු ඉදිරිපත් කලා. වෛද්‍යවරයා මාහට කියා සිටියේ හොඳ නීතිඥ මහතෙකු නඩුවට තෝරා ගන්නා ලෙයසි.

ඉන් පසු මා 2013.11.06 වන දින උසාවියට ඉදිරිපත් කලා. පොලිසිය ඇප ලබා දීමට විරුද්ධ වුනා. මාගේ නීතිඥ මහතා නඩුකාර තුමිය සමග කතා කර ඇප ලබා ගත්තා. මාගේ සහෝදරියක් ඇපයට අත්සන් තැබුවා.

මා ගෙදර එන විට අම්මා රෝහලෙන් ටිකට් කපා 2013.10.30 වන දින ගෙදර පැමිණ තිබුනා. අම්මාගේ කැපුම් තුවාලයට මැහුම් 06ක් දමා තිබුනා. මගේ අතේ තුවාලයට බන්ධනාගාර රෝහලෙන් ප‍්‍රතිකාර ගත්තා. අම්මා මට කියා සිටියා අම්මා ගෙදර එන විට ප‍්‍රධාන ෙදාර කඩා තිබුනු බව. මා කීවා පොලිසියෙන් ෙදාර කැඩූ බව.

පසුව මා 2013.10.26 වන දින සවස වෙළඳාමේ ගොස් වෙළඳාම් කර ගෙනා මුදල් තිබූ තැන තිබේදැයි බැලූවා. එතන රුපියල් 10,000/=ක පමණ මුදලක් තිබුනා. එම මුදල එතන තිබුනේ නැහැ.

අපරාධ අංශයේ ස්තානාධීපති සමග පැමිණී අනෙක් නිලධාරියා පමණයි තනිවම ගෙයි ඇතුලේ සේදිසි කළේ. එම මුදල් ගන්නේ ඇත්තේ එම නිලධාරියා බවට මා හට සැකයක් පවතිනවා. මට රැුකියාව කර ගැනීමට පවා දැන් මුදල් නැහැ. ඉන් අනතුරුව 2013.11.10 වන දින පොලිසියෙන් පැමිණ මාගේ මවට පොලිසියට පැමිණෙන ලෙසට තුණ්ඩුවක් දී තිබුනා. එහි සඳහන්ව තිබුනේ 2013.11.12 වන දින උදේ8.00 ට පොලිසියට පැමිණෙණ ලෙසටයි. මාගේ මවට අවුරුදු 80ක් පමණ වයසයි. මාගේ මව විසින් මිරිස් කුඩු ගැසුවා යිය චෝදනා ගොනු කරමින් එදින උසාවියට ඉදිරිපත් කලා. පසුව උසාවියෙන් ඇප ලබා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණීල්ලක් කිරීමට පවාව අපහට ඉඩ ලබා දුන්නේ නැහැ. මවට සහා මට පහර දුන් නිශාන්ත ඇතු`ඵ අනෙක් තිදෙනා ද සම්බන්ධයෙන් පයාගල පොලිසිය මේ දක්වා ක‍්‍රියා මාර්ගයක් ගෙන නැත.

මා ඉල්ලා සිටින්නේ අපරාධකරුවෙකු බේරා ගැනීම සහ අපරාධකරුව බේරා ගැනීමට බොරු නඩු පවරා අපරාධයට ගොදුරු වු මා රිමාන්ඞ් බාරයට පත්කල  සඳහා පයාගල පොලීසියේ හිටපු ස්ථානාධිපතිඋ.පො.ප. ධම්මිකපො.කො.78636, කොට් සාජන්ට ලෙසට හඳුන්වනු ලබන නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකුල පිවර ගන්නා ලෙසටදමා ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ප‍්‍රකාශයට පත් කරන ලෙසටය”.

Saturday, January 11, 2014

ඉංග්‍රීසියෙන් ලියපු කටඋත්තරයට අත්සන් කිරීම ප්‍රතික්ෂ්ප කලා. පැනලා යනවද කියා ඇහැව්වා. අවස්ථාවක් ආවොත් පනිනවා කිව්වා. පැනලා යන්න උත්සාහ කරන තෙක් ආරක්ෂාව තියෙනවා කිව්වා. - සෝමපාල ගරුසිංහ


මම ජේ.වී.පී එකට එකතු වෙලා, 1971 කැරැලල්ට සම්බන්ධ වුනා. මම අවුරුදු හයක්ම සන්නද්ධව කණ්ඩායමක් එක්ක අහුවෙන්නේ නැතිව හිටියේ කැලේ.

අත්අඩංගුවට පත්වුනොත් දෙන කට උත්තරයට මම සූදානම් වෙලා හිටියා. මාත් එක්කම හිටපු අයගේ නම් ගම් හෙළි කරන්නේ නැතිව, මම කරපු දේවල් කියන්න මම සූදානම් වෙලා හිටියේ.

මාව අත්අඩංගුවට ගත්තේ 1976 අග භාගයේදී. මාව ප්‍රශ්ණ කලා. මම මගේ සැලැස්මට අනුව කටඋත්තර දෙනවා. කොළඹින් ආපු රහස් පොලිසියේ මහත්වරු දවල්ට ප්‍රශ්ණ කරලා, රෑට කූඩුවට ගෙනත් දානවා. දවසක් පොලිස් නිලධාරී මහතෙක් මගේ ළගට ඇවිල්ලා කිව්වා (මගේ ප්‍රකාශයට සවන් දීපු) - කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ, අවුරුදු 20කට හිරේ යනවා කියලා.

මම ඔහුට කිව්වා - ඔය ප්‍රකාශයට මම අත්සන් කරන්නේ නෑ කියලා.  ඔහු පුදුම වෙලා ඇහුව්වා ඒ කොහෝමද කියලා. මම කිව්වා ඒක ලියන්නේ ඉංග්‍රීසියෙන්, ඒ නිසා මම අත්සන් කරන්නේ නෑ කියලා.

දවසක් ප්‍රශ්ණ කරන අතරේ මගෙන් ඇහැව්වා පැනලා යනවාද කියා. මම කිව්වා අවස්ථාවක් ආවොත් පැනලා යනවා කියා. පැනලා යන්න උත්සාහ කරන තෙක් ආරක්ෂාව තියෙනවා කියා පොලිසිය කිව්වා.

පසුවදා එම මහත්තයයි, තවත් මහතෙකුයි කූඩුව ලගට ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ යුක්ති කොමිෂන් සභා පනත මට ගෙනත් දුන්නා. මට කියලත් දුන්නා.

රහස් පොලිසියේ මහත්වරු මට ප්‍රකාශයට අත්සන් කරන්න කිව්වා. මම බැහැ කිව්වා. ඉංග්‍රීසියෙන් තියෙන නිසා. මට බල කලා. නමුත් අත්සන් කළේම නෑ. මම ඔවුන්ට නීතිය කිව්වා. ඒ පාර යලිත් මගෙන් ප්‍රකාශය අරන් සිංහලෙන් ලිව්වා. කියන දේට පිටින් අකුරක්වත් වෙනස් කරන්නේ නැතිව. මම එයට අත්සන් කලා. මම නිදහස් වුනා.

88-89 දී මම එතකොට ජේ.වී.පී.නොවෙයි. මම එයට විරුද්ධයි. ඒත් දයානන්ද වික්‍රමසිංහ (පාර්ලිමේන්තු මංත්‍රි) ගේ අවශ්‍යතාවයට මාව අත්අඩංගුවට ගත්තා. මාව වීරවිල කඳවුරට ගෙනහින් දැම්මා. ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, විජය කුමාරතුංග ඉදිරිපත් වෙලා මාව බේරා ගත්තා.

මම මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම ගැන. නඩුව කළේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය. මම මෙම ප්‍රකාශය කළේ, මාගේ කයිවාරුව කියන්න නෙවෙයි. මෙම ප්‍රකාශනය - නීතිය, පොලිසිය, උසාවිය හා යුක්තිය පසඳලීම- ගැන කථා කරන්න, නීතිය දැනගෙන සිටීම ඉතා වැදගත් බව පෙන්නුම් කරන්න. පැහැදිලි කරන්න.

මම අගය කරනවා - ජනසංසදය දරන උත්සාහය, නීතිය ජනතාව ලගට ගෙනයන්න. නීතිය දැන තිබීම අවශ්‍යයි. පොලිසියට, උසාවියට ගිහිල්ලා අභියෝග කරන්න.

2013.12.29 - නීතිය, පොලිසිය, උසාවිය හා යුක්තිය පසඳලීම තේමාව යටතේ ජනසංසදයේ පැවැති කථීකාවට එක්වෙමින් ඉහත අදහස් ප්‍රකාශ කළේ 1971 අප්‍රේල් සන්නද්ධ කැරැල්ල සෘජුව සම්බන්ධව, වසර 6ක් අත්අඩංගුවට පත් නොවී කැලයේ සිටි සෝමපාල ගරුසිංහය. ගුරුවරයෙකු වු සෝමපාල ගරුසිංහ, ගුරුවෘතිය සමිති ව්‍යාපාරයේ මෙන්ම 71´ සංසදයේ මුල් පෙළේ ක්‍රියා ක්‍රිය්‍යාධර යෙකි.

Wednesday, January 8, 2014

ශ්‍රී ලංකාවේ එල්ලන්නේ නැති එල්ලුම් ගහ



මොරණරාගල පළාත්බද මහාධිකරණය 2013.07.01 දින 05 දෙනෙකු මරණීය දන්ඩනයට නියම කර තිබුනි.
2013 ජූලි 07 ඉරිදා ලංකාදීප පස් දෙනා ගස් ගිය නඩුව යනුවෙන් විස්තරාත්මක ගවේෂණාත්මක ලිපියක් පල කර තිබුනි.
එම ලිපිය තුල අන්තර්ගත වූයේ රටේ අපරාධ, අපරාධ යුක්තිය හා දඩුවම් ක්‍රියා වලිය පිළිබදව අවධානය යොමු කරමින් සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී තිබූ සිරකරු දිනයට පසු වදනක් සැපයීම මගේ අපේක්ෂාවයි.
බන්ධනාගාර සහා සිරකරුවන් නිෂ්පාදනය කරනු ලබන්නේ අපරාධ, අපරාධ යුක්තිය සහ දඩුවම් ක්‍රියාවලිය විසිනි. පස් දෙනෙකු එල්ලුම් ගසට ගෙන ගිය මෙම මිනී මැරුම සිදු වී ඇත්තේ 2002.10.04 වන දින රාත්‍රියේමොරණරාගල මැදගම ප්‍රද්ශයේ ය.
අසල්වාසී පවුල් දෙකක් අතර මායිම් වැටක තිබූ දද කිරල ගසක අයිතිය මත හටගත් නොහොද නෝක්කඩුව ආරවුලක් බවට පත් වෙයි. ගහ බැන ගැනීම් දක්වා වර්ධනය වී එක් පාර්ශවයක් පොලිසියට පැමිණිලි කිරීමෙන් 2002.10.15 වන දින දෙපාර්ශවයටම පොලිසියට පැමිණීමට නියෝග ලබයි.
එහෙත් අවසාන වරට පහරදීමකට ලක් වූ පවුලේ මූලිකයාට තම විරුද්ධවාදියාට හොද පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය වෙයි. කිට්ටුවර ඥාතීන්ද ඒ සදහා එකගව පාඩම වඩා හොදින් ඉගැන්වීමට නගරයේ වැඩ කාරයෙකු ද ඊට එකතු කරගෙන මත්පැන් වලින් සප්පායම් වෙයි. පිහි පොලු වැනි ආයුධ වලින් සන්නද්ධව 2012.10.14 දින රාත්‍රියේ අසල් වාසියාගේ නිවසට යන මේ පිරිස පොලිසියෙන් පැමිණි බව හගවා මරණකරුව නිවසින් පිටතට රැගෙන ගොස් කපා කොටා මරා අතහැර දමයි.
මෙම සිදුවීම සමාජ හා අපරාධ විද්‍යාත්මකව දෘෂ්ටියකින් සලකා බලන විට අපේ රටේ සිදුවන මිනීමැරුම් වලට තවමත් ප්‍රධාන හේතුවක් වී ඇති දේපල ආරවුල් මෙම සිදු වීමටද අදාලය. මිනිසුන් තුල දේපල අයිතියට තිබෙන ජානගත කෑදරකම මෙහිදීද ඉස්මතුව තිබේ. ඉඩම් හා දේපල ආරවුල් නිරාකරණය සදහා අපරටේ පවතින ඉතා මන්දගාමී,  වෙහෙසකර, වියදම්කාරී, ක්‍රියා මාර්ග තෝරා ගනිති. නීතිය යුක්තිය සියතට ගෙන කටයුතු කරයි. රට පුරාම සංවිධානාත්මක ලෙසට පාතාලයද මෙවැනි කොන්ත්‍රාත් බාර ගනී.
මොණරාගල මෙම සිදුවීමටද නගරාශ්‍රිත පාතාල අභාෂය සහිත පුද්ගලයෙකුගේ මැදිහත්වීම සමග විරුද්ධවාදියාට හොද පාඩමක් ඉගැන්වීමේ අවශ්‍යතාවය පාතාල ක්‍රමයේ මිනීමැරුමක් දක්වා වර්ධනය වූ බවට අනුමාන කල හැකිය.
තම සැමියා මරා දැමීමෙන් පසුව ගම අතහැර ගොස් වෙනත් ස්ථානායක පදිංදිව සිටින මිය ගිය අයගේ බිරිදව නඩු තීන්දුවෙන් පසුව හමුවීමට ලංකාදීප ලිපිය ලියූ ලියුම් කරුට හැකිවී තිබේ. අපරාධ යුක්තිය පිළිබදව ඇයගේ වචන වලින්ම මෙසේ සටහන් කර තිබේ.
මහත්තයෝ මේ අවුරුදු 11 පුරාවට උසාවි වලට ගිහිල්ලා අඩලා දැන් අඩන්න ඇස්වල කදුලු නෑ. මට අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වුනත් දරුවන්ගේ කුස පුරවන්න මට හයියක් නැහැ. කුලියක් කරලයි මම පොඩි දරුවන් දෙන්නට උගන්වන්නේ. අහිංසක අපට රටේ ඉන්න හිත උනුවෙන කාටහරි පිහිට වෙන්න කියලා මහත්තයා පරත්තයට ලියන කොට ලියන්න මම දැන් ජීවත් වෙන්නේ මේ පුංචි එවුන් දෙන්නා නිසා. නැතිනම් මමත් දිවිනහගෙන දැන් ගොඩක් කල්.
වසර 11ට පසුව ලැබුනු අපරාධ යුක්තිය ඇයගේ ජීවන ගැටඵ වලට පිළිතුරු සපයන්නේ නැත. ආසන්න සමාජයට මෙම සිදුවීම අමතකව ගොස්ය. මහා සමාජයට තවත් එක් නඩු තීන්දුවක් පමණි.
අපරාධ වින්දිතයන් සදහා සහන සැලසීමේ සාධාරණත්වය පිළිබදව සමාජ කතිකාවතක් හා අනතුරුව රාජ්‍ය අනුග්‍රහය සහිත සංවිධානයක් බිහිවූවත් එය නාම පුවරුවකට පමණක් සීමා වී ඇති බවත් සටහන් කරමි.
දැන් බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. කොටි සංවිධාන සටහන්කරුවන් පවා පුනරුත්ථාපනය කර අවසාන කර තිබේ. ඒ වාගේම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාව පුනරුත්ථාපනය කරමින් දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මකය. මරණීය දණ්ඩනය යටත්ව බන්ධනාගාර ගත වූ පස් දෙනාට හා ඔවුන්ගේ අසරන වූ අඹු දරුවන්ට සේවා සලසන සහන සලසන සිරකරු සුභ සාධක සංගමය වැනි පිළිගත් සංවිධාන හා වැඩසටහන් ස්ථාපිතව තිබේ.
එහෙත් මෙම මිනී මැරුම නිසා පීඩාවට පත්ව අසරනව තවමත් විලාප නගන කාන්තාවට හා දරුවන්ට සහන සලසන වැඩ පිළිවෙලක් සකස්ව ස්ථාපිතව වී නැත‍
බල අපරාධ සදහා බහුල වශයෙන් මත්පැන් උත්තේජක සැපයීම මෙම මිනී මැරුමේ ද දක්නට ලැබෙන තවත් එක් සාධකයකි.
අපරාධකරුවන් වශයෙන්ම ඉපදී මිනිසුන් අපරාධ කරන බවට පැවති මතවාදය අපරාධ විද්‍යා අධ්‍යපනය සමග ප්‍රතික්ෂේප විය. මිනිසුන් අපරාධ ඉගෙන ගන්නා බව තවමත් ප්‍රතික්ෂේප නොවූ මතවාදයකි.
පවුල සමාජය හා සමාජ සංස්ථා වලින් විධිමත් හා අවිධිමත් ලෙස ඉගෙන ගන්නා දේ මිනිස් චර්යාව මිනිස් හැසිරීම ලෙස ප්‍රකාශ වන බවත්, අනිකුත් මිනිස් හැසිරීම් වාගේම අපරාධ ද මිනිස් හැසිරිමක් වන බැවින් අපරාධ උගත් චර්යාවක් බවට මතවාදයන් ඇත. මිනිසුන් අපරාධ සමග අපරාධ සැලසුම හා තාක්ෂණයද ඉගෙන ගන්නා බව ඒ හා බැදුනු තවත් මතයකි.
මෙම මිනී මැරුමේදී අපරාධ සැලසුම හා අපරාධ තාක්ෂණය භාවිතා කිරීම ඉතාම පැහැදිලිය. මියගිය පුද්ගලයාව රාත්‍රී කාලයේදී නිවසින් පිටතට ගත්තේ පොලිසියෙන් පැමිණි බව හගවමිනි. මේ ගම්බද මිනිසුන් පස්දෙනා අපරාධ  තාක්ෂණය ඉගෙන ගන්නේ සමාජයෙනි. ඔවුන් එය කදිමට භාවිතා කර තිබේ. මරණ කරුගේ බිරිද පසු දින උදෑසන මැදගම පොලිසියට දිවයන්නේ පෙර දින රාත්‍රියේ පොලිසියෙන් රැගෙන ගිය බව තම සැමියා බැලීමටය.
පුද්ගල ගැටුම් සංහිදියාව සදහා පෙර අප සමාජයේ පැවති වැඩිහිටි දැනමුතු කම නිෂ්ක්‍රීය වී ඇති සැටිද මෙහිදී ප්‍රදර්ශණය වෙයි. මාමා, බෑනා, අයියා වැනි පිරිසක් මෙම කාර්යයට එක්ව තිබේ.
පන්සල, පල්ලිය, ග්‍රාම නිලධාරී, පොලිසිය, සමථ මණ්ඩලය වැනි පුද්ගල ගැටුම් නිරාකරණ මැදිහත්කරුවන්ගේ අවකාශය පුරවා ඇත්තේ ලුම්පන් සංස්කෘතික නගරයේ අයියා කෙනෙකු විසිනි. ආරවුලට මුල් වුවද කිරල ගස සැබෑ අයිතිකරුවා කැලෑ දෙපාර්තමේන්තුවේ බවට හෙලිදරව්වූයේ මිනී මැරුම සිදු වීමෙන් පසුසවය.
2012.10.15 වන දින සිදුවූ මෙම මිනී මැරුම පිළිබද පොලිස් විමර්ශන වලට පසුව 2002.12.23 දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුවක් ආරම්භ වන්නේ අපරාධ යුක්තිය රජයේ වගකීමක් වන නිසාවෙනි. අප රටේ ක්‍රියාත්මක අපරාධ යුක්ති විනිශ්ච අනුව අපරාධ වලින් පුද්ගලයාට හා දේපල වලට හානි සිදු වුවත් ඒ ඒ පුද්ගලයාට පුද්ගලිකව පිලියම් යෙදීමට ඉඩ නොතබා අපරාධය පුද්ගලයාට පමණක් සමාජයටම සිදු කරන ලද හානියක් ලෙසට සලකා අපරාධ යුක්ති විනිශ්චය රජයේ පොදු කාර්යභාරයක් බවට පත්කර තිබේ.
මෙම සිදුවීමට අදාලවද රජය එම වගකීම ඉටු කරමින් අපරාධ යුක්තිය ප්‍රකාශයට පත් කිරීමට වසර 12ට ආසන්න කාලයක් ගතකර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විනිශ්චය සදහා වසර 04ක බදුල්ල හා මොනරාගල මහාධිකරණ විනිශ්චයන් සදහා වසර 08ක කාළයක් වශයෙනි. දැන් අපරාධ යුක්තිය ඉටු කර තිබේ. මිය ගිය පුද්ගලයාගේ ආසන්නතමයන්ට ද ආසන්න සමාජයද, මහා සමාජයද මෙම යුක්තිය භාර ගන්නේ කෙබදු වූ ආකල්පයකින්ද?
11 කොටස
ලියෝ තෝල්ස්තොයි ලියූ පරිදි වැරදිකරුවන්ට දඩුවම් කිරීම දෙවියන්ගේ කාර්යයි. දෙවියන්ට නොවරදින නිසා හා මිනිසුන්ට වරදින නිසාවෙනි. එසේ උවත් මිනිසුන්ට දඩුවම් කිරීමට භාර දෙන්නේ මිනිසුන්ටමය. වසර 12කට පසුව පැනවූ දඩුවම ක්‍රියාත්මක කිරීමට වැරදිකරුවන් 05 දෙනා බන්ධනාගාරයට භාර දී තිබේ. තමන්ට නියමිත දඩුවමට නිවැරදිව සාධාරණ ලෙස යුක්ති ගරුක ලෙස පොදු ස්වාභාවයක පැවතිය මෙන්ම සාමූහිකව ද ප්‍රචණ්ඩ ප්‍රතිචාර දක්වන අවස්ථා බහුලය. දඩුවම් ක්‍රියාත්මක කරන ආයතන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් බිලියන 05 (කෝටි 500 ක්) වැය කරමින් පවත්වාගෙන යනු ලබයි.
2013.07.01 දින මරණීය දණ්ඩනයට යටත්කල වැරදිකරුවන් පස් දෙනා දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා බෝගම්බර බන්ධනාගාර ගත කර තිබේ. ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල හැකි එල්ලුම් ගස් තිබෙන්නේ වැලිකඩ හා බෝගම්බර බන්ධණාගාරයටද අයත්වන නිසා ඔවුන් බෝගම්බර බන්ධනාගාරයේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) සදහන් පරිදි ගරු ජනාධිපති තුමා විසින් නියම කරන දිනයකදී එල්ලා මැරීයයුතුය.
එහෙත් ඒ පිරිදි මොවුන්ව එල්ලා මරණවාද? නැත.
අපේ රටේ පවතින අධිකරණ ක්‍රියාවලිය අනුව මෙම වරද කරුවන්ටද තම දඩුවමට එරෙහිව අභියාචනා අධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කල හැකිය. අභියාචනාධිකරණය අභියාචනය භාර ගැනීම සමගම මොවුන් අභියාචනා සිරකරුවන් බවට පත් වේ. එවිට ඔවුන් දඩුවමක් නොවිදින එහෙත් සුරක්ෂිතව හා ආරක්ෂිතව රදවා තබාගත යුතු සිරකරුවන් බවට පත් වෙයි.
අභියාචනා අධිකරණයට අභියාචනා තීන්දුවක් ලබා දීමට සාමාන්‍ය යෙන් වසර 05 ක පමණ කාළයක් ගත වේ. ලැබෙන තීන්දුව අනුව දඩුවම වෙනසකට භාජනය නොවුනහොත් වසර 05 කට පමන පසුව නැවත මොවුන් පස්දෙනාට මරණීය දණ්ඩනයට යටත් වූ සිරකරැවන් බවට පත් වීමට සිදු වෙයි. මොවුනට නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැකිය. එහෙත් වැඩි දෙනෙකු ඒ සහා පියවරක් නොගන්නේ වියදම් පාර්ශවය සලකා බලමිනි. අභියාචනා අධිකරණය දක්වා එනවිට සාමාන්‍යෙයන් වැඩි දෙනෙකුගේ චංචල නිශ්පල දේපල පවා නඩු කටයුතු සදහා විකිණී ගොස්ය. තම තමන්ගේ හැකියාව අනුව ලක්ෂ 05 සිට 300 දක්වා වූ වියදම් පරාසයක කටයුතු කිරීමට මොවුනට සිදු වෙයි.
මෙනිසා වසර 05කට පමණ පසුව අභියාචනා අධිකරණයෙන් එම තීන්දුවම මොවුන් පස් දෙනාට ලැබුනහොත් වසර 137 ක් පැරණි මිනිස්වාසයට නුසුදුසු හා අවම පහසුකම් සහිත බෝගම්බර බන්ධනාගාර මරණීය දන්ඩනයට යටත්ව සිර මැදිරියක ගාල් වීමට මොවුනට සිදු වෙයි. එහෙත් ගත කල යුතු කාළය අවිනිශ්චිතය.
අධිකරණ වල මරණ දඩුවම පැනවූවත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 34(1) අනුව බන්ධනාගාර අධිකාරියට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති වරයා විසින් අනුමත කල යුතුය. එලෙස ස්ථිර කර අවසන් වරට බන්ධනාගාරයක් තුල මරණීය දන්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ බෝගම්බර හිරගෙදර, 1976 ජූනි 23 දිනය. ඒ ද්විත්ව මිනීමැරුමකට වරදකරු වූ දෙබරවැව, චන්ද්‍රදාස නොහොත් හො පපුවා ය.
ඊට පසුව අද දක්වාම බන්ධනාගාරය තුල කිසිවකු එල්ලා මරා දමා නැත. වර්ථමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ඇත්තේ 1978 වසරේදී ය. එහි 34 (1) වගන්තිය ප්‍රකාරව, කිසිවකු එල්ලා මරා දමා නැත. එහෙත් 34(1) ABCD උපවගන්ති කියවෙන දඩුවම් පරිවර්තනය එනම් මරණීය දණ්ඩනය ජීවතාන්ත සිර දඩුවමට හා ජීවිතාන්ත සිරදඩුවම 20 අවුරුදු දඩුවම වශයෙන් වෙනස් කිරීම සමාව ප්‍රදානය වශයෙන් ක්‍රියාත්මක කර තිබේ.
1978 නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර හා පසුවත් මේ පරිදි ජනාධිපති සමාව ප්‍රධානය කිරීම කිසියම් පිළිවෙලකට නොකඩවා සිදු විය.ඒ අනුව 1999.03.04 දින දක්වා වූ කාළ වකවානුව තුලදී එල්ලා නොමරණ මෙවැනි සිරකරුවන් වසර 15 ක පමන කාලයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව ගියා.
1990 දශකයේ අගභාගයේදී මෙරට අපරාධ රැල්ලක් පවතින බවට සමාජ මතයක් පැවතුනි. විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව අපරාධ රැල්ලට ප්‍රතිකර්මයක් ලෙස බන්ධනාගාර දඩුවම් වලට සමාව ප්‍රධානය කිරීම සීමා කිරීමට රජය කටයුතු කළේය.
90 දශකයේ ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම බන්ධනාගාර ජනගහනය දෙගුන තෙගුන වීමේ ප්‍රවනතාවයක් පැවතුනි. බන්ධනාගාර ගත වීම පාලනය කිරීමට ඒ ඒ රටවල විවිධ වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවූහ. එවැනි අවධියකදී අප ක්‍රියාත්මක වූයේ බන්ධණාගාර ජනගහනය තවත් වර්ධනය කර ගැනීමටය. වාර්ශිකව නොයෙකුත් හේතු මත සිරකරුවන්ට ප්‍රදානය කල පොදු සමාවන් අහෝසිකල අතර මරණීය දන්ඩනයට ජීවතාන්ත සිර දඩුවමට හා 20 අවුරුදු සිර දඩුවමට යටත් වූ සිර කරුවන් සදහා සමාව ප්‍රධානය, දඩුවම් පරිවර්තනය, සීමා කරමින් 1999.03.04 දිනැතිව ජනාධිපති නියෝගයක් පනවන ලදි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය අනුව මරණීය දන්ඩනයට නියම කරන ලද සිරකරුවෙකුගේ ක්‍රියාත්මක කිරීම, ක්‍රියාත්මක නොකිරීම හා ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් කිරීම සදහා නඩු තීන්දුව දුන් විනිශ්චයකාර වරයා, නීතිපතිවරයා හා අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශයක් සැපයිය යුතුයි.
මේ අනුව අධිකරණයෙන් එල්ලා මැරීමට තීන්දු කරන සෑම සිරකරුවෙකු මෙන්ම ඉහත කී නිර්දේශය ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කල යුතුමය. වාර්ෂික බන්ධනාගාර සංඛ්‍යා ලේඛන ප්‍රකාශනය අනුව සෑම වසරකම 100 ට වැඩි පිරිසක් මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාර ගත වන බැවින් ඔවුන් සදහා නොකඩවා අනු පිළිවෙලට නිර්දේශ ඉදිරිපත් විය යුතු අතර බන්ධනාගාරය වෙත ජනාධිපති තුමාගේ අනුමැතිය නිකුත් විය යුතුය.
1999.03.04 දිනැති ජනාධිපති නියෝගය ඊලග ජේදය ජීවිතාන්ත සිර දඩුවම නිශ්චිත සිර දඩුවමකට පරිවර්ථනය කිරීමට අදාලවය. මරණ දඩුවම ජීවිතාන්ත සිරදඩුවමට වෙනස් කරනු ලැබූ සිරකරුවෙකු 20 අවුරුදු සිර දඩුවමක් සදහා වෙනස් කිරීමට සලකා බැලිය යුත්තේ අවුරුදු 20ක කාලයක් බන්ධණාගාරයේ ගත කිරීමෙන් පසුවය. ඒ අනුව 20 අවුරැදු සිර දඩුවම් කාලය අනිවාර්යෙන්ම ගත කල යුතුය.
අවුරුදු 20 ට පසුව 20 අවුරුදු නිශ්චිත සිර දඩුවමකට වෙනස් කලද, නැවත අරඹන 20 අවුරුදු නිශ්චිත සිර දඩුවම් කාලය තුළ පමණක් ඔහුට 1/3 ක් වන සාමාන්‍ය සමාව උපයා ගත හැකිය. ඒ අනුව තවත් අවුරැදු 14ක තරම් කාලයක් ඔහු බන්ධනාගාර සිර දඩුවම් ගත කල යුතුය.
මේ අනුව 1999 ට පෙර අනුගමනය කල ක්‍රමය අනුව මරණීය දන්ඩනයට යටත් වූවෙකු ජීවිත සමාව ලැබීමෙන් පසුව වසර 14ක පමන කාලයක් බන්ධනාගාර ගතව සිටීම වෙනුවට අවුරුදු 34 ක කාළයක් ගත කිරීමට සිදු වේයැයි අනුමාන කල හැකිය.
මෙනිසා 1999.03.04 දින වන විට මරණ දන්ඩනයට යටත් වූ හා ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් වූ හා යටත් වූ සිරකරු පිරිසද 1999.03.04 දින සිට 2013.07.01 දින එක්වූ සිරකරුවන් 05 දෙනාද ඇතුලත්ව මෙම වර්ගයට අයත් සිරකරුවන් 1500 ක් පමණ බන්ධනාගාරය තුල රදවා සිටී. මේ අය අතර 1993.03.04 දිනට පසුව මරණ දන්ඩනයට යටත්ව බන්ධනාගාර ගත වූ සිරකරුවන් නව ජනාධිපති විධිවිධාන අනුකූලව දඩුවම් කාලය උපකල්පනය කලහොත් 1999 සිට අඩුතරමින් වසර 50ක් වත් බන්ධනාගාර ගතව වසර 2049 තෙක් සිටිය යුතු වෙයි.
මෙම ක්‍රමවේදය මත 2013.07.01 මරණීය දණ්ඩනයට යටත්වූ සිරකරුවන් 05 දෙනාගේ දඩුවම් කාළය නීර්නය අධ්‍යනය සදහා කල්පිතයක් දෙසට සකස් කල හොත්,
මරණීය දණෟඩනයට නියම වී බන්ධනාගාර ගත වීම -                  2013.07.01
අභියාචනා අධිකරණයට අභියාචනා තීන්දුවට ගත විය හැකි කාළය - වසර  05                                           

දඩුවම කිසිදු වෙනසක් නොවුවහොත් මරණ දන්ඩනයට නියම වූ සිරකරු - 2018.07.01                                                                       

ජීවිතාන්ත සිර දඩුවමට වෙනස් කිරීම -   කාලය අවිනිශ්චිතය
                                                                                               2018.07.01

ජීවිතාන්ත සිර දඩුවම් ගත කලයුතු කාළය වසර  -   20   ( 2038.07.01 දක්වා)
                                                                                                
20 අවුරුදු සිර දඩුවම ආරම්භකර සමාව උපයා ගත් විට වසර  -  14 ( අනුමාන වශයෙන් නිදහස් වියහැකි දිනය 2052.07.01)

දැනට ක්‍රියාත්මක පිළිවෙල අනුව නම් මෙම සිරකරුවන් පස් දෙනාට මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිර දඩුවමකට පෙරලීමට ගත වන අවිනිශ්චිත කාළය අත්හැර ගණන් බැලූ විට අද සිට වසර 40ක පමණ කාලයක් බන්ධණාගාර ගතච සිටීමට සිදු විය හැක. අද දින මොවුන්ගේ වයස් බැලූ විට පිළිවෙලින් වසර 60,52,33,32 වශයෙන් වයස්ගත මොවුනට ගෙවිය යුතු සිර දඩුවම් ගත කිරීමට තම ආයු කාළය ප්‍රමානවත් වේදැයි සැක සහිතය.
ලංකාවේ රාජ්‍ය රැදවුම් මධ්‍යස්ථානය අතර අම්බලන්තොට රිදීගම නිවාරණ නිවාසය තුල සුසාන භූමියක්ද තිබේ. නිශ්චිත රැදවුම් කාලයක් නොමැතිව මෙම ආයතන ගත වන ඇතැම් අසරන වූ පුද්ගලයන් ආයතන තුලම මිය ගොස් එහිම මිහිදන් වෙයි. ඉදිරි කාලයේදී බන්ධනාගාරයටද මෙවැනි ආකෘතික බන්ධනාගාරයන් සැලසුම් කිරීමට සිදු විය හැකිය.
බන්ධනාගාර ගත කරනු ලබන සිරකරුවෙකු නඩත්තු කිරීමට අද පවතින මිල යටතේ දෛනිකව එක් අයෙකුට රු: 372/= මුදලක් ද, වාර්ෂිකව 1,35937/= ක මුදලක් ද වැය කල යුතුව තිබේ.
බන්ධනාගාර සංඛ්‍යා ලේඛණ අනුව සෑම වසරකම 100 කට වැඩි පිරිසක් මරණ දණ්ඩනයට යටත්ව බන්ධණගාර ගත කරනු ලබයි. පවතින අපරාධ රටාව ප්‍රවණතා අනුව මෙම සංඛ්‍යා අඩුවීම නොව වැඩි වීම අපේක්ෂා කල යුතුය. බන්ධනාගාර ගත වන පිරිසට සාපේක්ෂව පිරිසක් නිදහස්ව නොයන නිසා මෙම වර්ගයට අයත් සිරකරුවන් සංඛ්‍යාත්මකව ඉහල යෑම වැලැක්විය නොහැකිය. මෙනිසා ඉදිරි කාළයේදී 3000ක් පමන වන මේ කාණ්ඩයේ සිරකරුවන් පමණක් රදවා තැබීමට වෙන්කල වඩා ආරක්ෂිත, සුරක්ෂිත, බන්ධනාගාර තැනීමට සිදු විය හැකිය. එහි බන්ධනාගාර ගත වන සිරකරුවන්"බලාපොරොත්තුව" නැතිව ජීවිතය ගතකරන පිරිසක් නිසා බන්ධණාගාරයට ද ඊට ගැලපෙන පාලන මෙහෙයුම් ක්‍රමයක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට සිදුවිය හැකිය.
අපේ රටේ බන්ධනාගාර අධිධාරිතාව නිසා අධික බන්ධණාගාර තද බදයක් නිර්මාණීය වී තිබේ. බන්ධණාගාර නඩත්තුව සදහා වාර්ෂිකව කෝටි 500 ක් වැය කරන්නේ ජාතික ආර්ථිකයේ ආදායම ඉක්මවා යන වියදම් ගැටඵ තිබියදීය.
ඉතා පැහැදිලි බන්ධණාගාර තදබදයක් බන්ධණාගාර අධිධාරිතාවක් තිබියදීත් රටක් වශයෙන් රාජ්‍ය අය භාරයට වඩා වැය භාරය ඉක්මවා යන ජාතික මූල්‍ය ගැටඵ තිබියදී වාර්ෂිකව රුපියල් බිලියන 05 ක මුදලක් වැයකරමින් බන්ධනාගාර පවත්වාගෙන යන්නේ ජාත්‍යන්තර ප්‍රවේශයන්ට අනුව යමින් වැරදි කරුවන් නිවැරදි කිරීමේ අරමුණ සහිතව නම් මිනීමැරැමක් කල වැරදිකරුවකු නිවැරදි කිරීමට මේ සා දීර්ඝ කාලයක් බන්දණාගාර ගත කර තබා ගැනීමේ අවශ්‍යතාවය හා අර්ථය කුමක්ද? අපරාධ කර ගැලවිය හැකිය. විපාක නැත යන මතය මුල් බැසගෙන ඇති හා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබද විශ්වාසය බිදවැටී සමාජයක සිදු කල යුතු ප්‍රතිසංස්කරණ නොසලකා හැර දඩුවම් දැඩි කිරීමෙන් පමණක් අපරාධ වැලැක්වීම හා පාලනය කිරීමට යාම මහත්වූ මුලාවක් බව අවධාරණයෙන් සටහන් කරමි.
ඩබ්ලිව්. ඒ.එල්.වීරසිංහ
විශ්‍රාමලත් බන්ධණාගාර කොමසාරිස් (සුභසාධක)