Monday, February 3, 2014

“ ෂොපින් ” බෑග් එකක් ඔලුවට දාලා බෙල්ල හිරකරලා නාහින් කටින් සෙම බේරෙනකන් ගැහැව්වා.



පහර දුන්නේ පානදුර වෙරළේදී. ගහන කොට බලන්න ආව පිරිසව පන්න ගත්තා. කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ බවත්, මාස 11 ක් බන්ධනාගාරගතව සිටින්නට සිදු වූ බවත් දුමින්ද පීරිස් ප්‍රකාශ කර සිටී.

පළිගැනීමේ චේතනාවෙන් මෙසේ සිදුකරන ලද බව වැඩිදුරටත් ප්‍රකාශ කරන දුමින්ද පීරිස් 34 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරකු වන දෙදරු පියෙකි.

2011.12.14 දින තම සොහොයුරා සමග රෝගී පියා බැලීමට මහ ගෙදරට යමින් සිටිය දී පානදුර දකුණ පොලීසිය අසලදී, තමා පැදවූ ත්‍රී රෝද රථය නවතා තමාත් සොහොයුරාත් අත්අඩංගුවට ගෙන, පානදුර මූදු වෙරළට ගෙන ගොස් ඉහත සඳහන් පරිදි වධදුන්න බව ද ඔහු ප්‍රකාශ කරයි.

එසේ වධ දීමෙන් පසුව, කොළඹ මත් ද්‍රව්‍ය කාර්යාංශයට ගෙනගොස් තබාගෙන සිට, පසුදින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, හෙරොයින් ළඟ තබා ගැනීම යටතේ බොරු චෝදනා ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

තමාට පහරදීම, පිළිබඳව අධිකරණයට ප්‍රකාශ කිරීම නිසා, අධිකරණ නියෝග මත ඔහු බන්ධනාගාරය මගින් රෝහල් ගත කර තිබේ.

මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා ඔහුට මාස 11 ක් ගත විය. මේ පිළිබඳව ඔහු මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ඇත. නමුත් අද දක්වාම, පොලිස්පතිවරයා දුමින්ද පීරිස් ට වධදීම පිළිබඳව කිසිදු ආකාරයේ පරීක්ෂණයක් හෝ නීතිමය පියවරක් ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ නීතිය ආරක්ෂා කරන්නට සිටින පොලීසිය නීති විරෝධී ක්‍රියාවන් වසන් කිරීමට, පොලිස් අපරාධකරුවන්ව ආරක්ෂා කිරීමට පියවර ගන්නේ පොලිස්පතිවරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ය.

රාජපක්ෂ ආණ්ඩුවට, කත් අදින, නිරෝෂන් ප්‍රේමරත්න වැනි එවුන් බේරා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස්පතිවරයා එම සිද්ධියට අදාල එක් නිලධාරියෙකුව සේවයෙන් නෙරපා ඇත්තේ මූලික පරීක්ෂනයක් නොකරය.

එමෙන්ම ඔහු පානදුර පොලීසියේ නිලධාරීන්  දෙන්නාට විරුද්ධව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. නමුත් අදාල පොලිස් නිලධාරීන්ට පහර දීම, වෙරිමතින් රිය පැදවීම, චෝදනාවට ලක් වූ නිරෝෂන් ප්‍රේමරත්නට එරෙහිව, අධිකරණය නියම කළද, මේ දක්වාම නඩු පවරා නැත.

බොහෝ සංඝයා කරන්නාක් මෙන්ම පොලීසියට බුදුසරණයි කියන්නට, දුමින්ද පීරිස්ට ද  සිදුව තිබේ.

No comments:

Post a Comment