Thursday, February 20, 2014

IP ගේ සුපිරි බංගලාවට පරාව් මාලු පෙට්ටියක්.



දවස් හතක් නීති විරෝධිව රඳවා තබා ගෙන වධදීමේ සතුට සමරන්න අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ පො.ප. දමිත් ගේ සුපිරි දෙමහල් බංගලාවට පරව් මාලු පේට්ටියක් තෑගි.
මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති වෙත ලිඛිතව පැමිණිල්ලක් කරන අම්බලන්ගොඩ, ASB සේල්ස් ෂොප්හි හිටපු සහකාර කළමණාකරු චන්දන සමන්තතමාව නීති වීරෝධිව අත්අඩංගුවට ගෙනරඳවා තබාගෙන වධදි බොරු නඩු දැමීම ගැන මෙසේ සඳහන් කරයි.
‘‘ 2014.02.13 දිනදීය.
2009 ජුලි 07 දින සිට මාඅම්බලන්ගොඩ ASB සේල්ස් ෂොප් හි සහකාර කළමණාකරු වශයෙන් 2014.01.30 දින දක්වා සේවය කළෙමි.2017.01.31 දිනමම සේවය සඳහා ගියේ නැත.
2017.01.31 උදේ 9.30 ට පමණ මට ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් දුරකථනයෙන් දැනුම් දුන්නා - ෂොප් එක හොරු කඩලා කියා. මා හිටියේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ. ඔහු දහවල් 12.30 ට පමණ නැවත දුරකථනයෙන් අමතා, ”ෂොප් එකට” එන්න කිව්වා.
ඒ සමගම වාගේ මට ගෙදරින් දුරකථන පණිවුඩයක් ලැබුනා. ගෙදරින් කිව්වේ පොලිසිය සමග ASB එකේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කිව්වා. මම,නැවත සම්පත්ට කතාකර ඇහුව්වාමම කොහාටද එන්න  ඕනි කියා. එවිටගෙදරට එන්න කිව්වා.
මම ගෙදරට යන විට, ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ජයසිරි සිල්වාගේ පුතා වන සඳුන් යන අයප‍්‍රාදේශීය කළමණාකරු සම්පත්අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. දමිත් හා පො.කො. ධනුෂ්ක හිටියා.
පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පැමිණ සිටියේ සිවිල් ඇඳුමිනි. ඔවුන් පැමිණ සිටියේ ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ගේ WP KX 0086 දරන වාහනයෙනි. 
පො.ප.දමිත්අපිත් එක්ක යන්න  ඕනි යයි කිව්වා. මම කැමැත්ත පලකලා. මෝටර් රථය දොඩන්ගොඩින් අධිවේගී මාර්ගයට ඇතුලූ කරගමන් කොට,වැලිපැන්න හයිවේ රෙස්ට්ටුරන්ට්’ එකේ නවත්වා කෑම ගත්තා. මට කෑම දුන්නේ නෑ. ඉන්පසු කුරුඳුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයෙන්අම්බලන්ගොඩ පොලිසියට ආවා.
මා මෝටර් රථයේ සිටියා. පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පොලස් ස්ථානය තුලට ගොස් ටික වේලාවක් සිට පැමිණමාව එම රථයෙන්ම අකුරැස්සට ගෙන ගියා. මාඅම්බලන්ගොඩ ASB සේල් ෂොප් හී සේවය කරන කාලයේ මට  ASB සමූහ ව්‍යාපාරයේනිවසක් ලබා දී තිබුනා. එය තිබුනේ අකුරැස්සේ බංගම පාරේ.
මාබිරිඳ හා දරුවා සමග පදිංචිවී සිටියේ එහි. මෙම පිරිස එම නිවසට ගියා. මෝටර් රථයේ මා හා සඳුන් (ASB  අයිතිකරුගේ පුතා) සිටියදීපො.ප. දමිත්පො.කො. ධනුෂ්ක හා ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් සමග මගේ නිවස තුලට ගියා. ඔවුන් කිව්වා නිවස පරීක්ෂා කරන්න  ඕනැ කියා. පසුව දැනගත්තා ඔවුන් මගේ නිවසේ අල්මාරිකබඞ්මේස ලාච්චු ඇද පරික්ෂා කර තිබූ බව. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ බිරිඳ හා අවුරුදු 3ක් වයසැකි පුතා පමණි.
මාව - නිවස තුලට ගෙන ගියේ නැහැ. ඔවුන් බිරිඳගෙන් හා අසල්වැසියන් ගෙන් මා ආ ගිය වේලාවන් ගැන ප‍්‍රශ්ණ කර තිබුනා. ඔවුන්ට කිසිවක් හම්බවුනේ නෑ කියා ප‍්‍රකාශ කරනැවත අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට වේලාව රාත‍්‍රී 10.00 ට පමණ ඇති.
පොලිසියේදී මාවඅපරාධ අංශයේ කාමරය තුල තිබූ මේසය පෙන්වා මට එහි නිදා ගන්න කිව්වා. මා මේසය මතට වී ඇඳ සිටිය ඇඳුම් එක්ක මුදුරුවන්ට බිළිවෙමින් සිටියා.
පසු දින 2014.02.01 දිනපෙ:ව:9.30 ට පමණමාව පොලිසියේ උඩ තටටුවේ පොලිස් නිලධාරීන් නිදා ගන්න කාමරයකට ගෙන ගියා. එහිදීමාව පුටුවක වාඩි කෙරෙව්වා. සැරයන් ගමගේකොස්තාපල් ධනුෂ්ක යන දෙදෙනාඑහි තිබූ ඇඳේ වාඩිවී මගෙන් ප‍්‍රශ්ණ කලා.
පස්වරු 2.30 ට පමණ,  ASB සේල්ස් ෂොප් එකට අයිතිඩොල්පින් සුපර් GL වෑන් එක පැමණියා. එය එළෙව්වේ ආරියරත්න යන රියදුරුය. පො.ප. දමිත්පො.ප. පෙරේරාසැරයන් ගමගේකොස්තාපල් ධනුෂ්කප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් සමගමාව වෑන් රථයට නංවා ගෙනහොරවලට පැමිණියා. මේ අවස්ථාවේ නිල ඇඳුමින් සිටියේ සැරයන් ගමගේ පමණි.
හොරවලදීබජාජ් සර්විස් සෙන්ටර් එකට ගොස් මා පිලිබඳව විස්තර විමසා සිටියා. එතැනින් මතුගම පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියා. යන විට පශු වෛද්‍ය කාර්යාලය වසා තිබුනා. ඒ අසල තිබූ රෙස්ටුරන්ට් එකකට ගොස්එතැන සේවකයින්ගෙන් මා ගැන විපරම් කලා.
එතැනින්පො.ප. දමිත් ගේ - අගලවත්ත පිහිටි නිවසට ගියා. ASB  වෑන් රථයේ තිබූ මාලු පෙට්ටිය නිවස තුලට ගෙන ගියා. පො.ප. දමිත්ගේ සුපිරි දෙමහල් නිවස තුල ස්වල්ප වේලාවක් ගත කොටගල්ලස්හේන හංදියේඩ‍්‍රැගන් රෙස්ට්ටුරන්ට් එකට පැමිණියා. එතැන - ඔවුන් බියර් පානය කලා.
ඉන්පසුනාගොඩ සෙන්ට‍්‍රල් හංදියේ චීන හෝටලයකට පැමිණියා. එහිදී ආහාර ගත්තා. එතැනින් - අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට රාත‍්‍රී7.30ට පමණ ඇති. එදින රාත‍්‍රියේ 10.00 ට පමණපෙර පරිදිමාව අපරාධ අංශයේ කාමරයක මේසය උඩ නිදාගන්න කිව්වා.
2014.02.03 දිනමු`ඵ දවසේම පොලිසිය තුල රඳවාගෙන හිටියා. 2014.02.04 දින උදේ 8.45 ට පමණනීතිඥ මධුර චින්තක ගමගේ මහතා මා බැලීමට පැමිණියා. එදින දහවල් 11.00 ට මාව අධිකරණයට ගෙන යන බවඒ මහතා මා සමග පවසා සිටියා. නමුත් ගෙනිච්චේ නැහැ. එදින මු`ඵ දවසේම පෙර දින මෙන්පොලිසිය තුල සිටියා. රාත‍්‍රියේ පෙර දින මෙන්ම අපරාධ අංශයේ කාමරයක මේසය මත නිදාගන්න දුන්නා.
පසුදින එනම් 2014.02.05 දිනඋදේ 8.00ට පමණයලිත් නීතිඥ මධුර චින්තක ගමගේ මයා මා බැලීමට පැමිණියා. ඒ මහතාඅද අනිවාර්යයෙන් උසාවි දාන බව ප‍්‍රකාශ කලා. නමුත් දැම්මේ නැහැ. එදිනද පෙර සේම මා පොලිසියේම ගත කලා.
2014.02.06, මාගේ බිරිඳ මාතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කර තිබුනා. එහිදී ඇයවනියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි පීඩාවට පත්කරලා තිබුනා. එදින, 2014.02.06, සවස 2.00 ට පමණ මාගෙන් සැරයන් ගමගේ ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසුව සවස 3.00ට පමණමාව බලපිටියේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.
එහිදීමට විරුද්ධවව්‍යාජ චෝදනා නගා තිබුනා. 2014.02.30 වන දිනරාත‍්‍රියේ සොරකම පිළිබඳව කිසිවක් සඳහන්වී තිබුනේ නැහැ. මාවරුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරියා.’’
ඔහු සිය පැමිණිල්ලෙන්න ඉල්ලා සිටින්නේ,
‘‘ 2014.01.31 වන දිනඅම්බලන්ගොඩ පොලිසිය විසින් තමා නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම,  එදින සිට, 2014.02.06 දින දක්වාදින 07ක් පුරානීති විරෝධීව රඳවා තබාගෙනශාරීරික හා මානසික වධහිංසාවන්ටදඅවමන් සහගත සැලකිලිවලට හා දඬුවම් වලට භාජණය කිරීමනීති විරෝධී ලෙස මාගේ නිවස සෝදිසි කිරීම, ASB  සමූහ ව්‍යාපාරයෙන් අල්ලස් ලබාගෙන මේ සියල්ල සිදුකිරීමපැමිණිල්ලක් කිරීමට ගිය විට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මාගේ බිරිඳට අවමන් කිරීම - සම්බන්ධයෙන්අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිඑම පොලිසියේ අපරාධ අංශයේ පො.ප. දමිත්පො.කො. ධනුෂ්කසැරයන් ගමගේ සහා මෙම ක‍්‍රියාවට හවුල් වූ ASB  සමූහ ව්‍යාපාරයේ අයිතිකරුගේ පුත් සඳුන් හා ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.’’
මෙම ක‍්‍රියාවන් ඔහු ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කඩ කර ත්බෙන බවද ප‍්‍රකාශ කර සිටී.

No comments:

Post a Comment