Thursday, February 6, 2014

මම හිටියා නම් ඕකාව මරනවා, බෝම්බ නෙමෙයි දාන්නේ.


මෙහෙම කියලා තියෙන්නේ මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්න.
මතුගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. පද්මලාල් අත් අඩංගුවට ගත් තම පුතාට වධදි බොම්බයක් සමග අත් අඩංගුවට ගත් බවට ව්‍යාජ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සම්බන්ධයෙන් ක`ථතර පොලිස් අධිකාරිවරයාට රෝහිණී මහත්මිය පැමිණිලි කළේ පසුගිය 18වන දිනය.
වැලිපැන්නේ පදිංචි කරියක් වු ඇය සිය පැමිණිලෙන් කියා සිටියේ 2014.01.16 දින නිවස බලා එමින් සිටිය දිනිඳු ප‍්‍රභාකර (අවු: 28) වන තම පුතාව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේඔහු රැකියාව කළ බදුගම වත්තේඅධිකාරීවරයා විසින් කර තිබෙන පැමිණිල්ලකට අදාලවය.
අත් අඩංගුවට ගැනිමෙන් පසුව මතුගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. පද්මලාල් ඇතුලූ නිලධාරින් පස් දෙනෙකු ඔහුට අතින් පයින් හා පිස්තොල මිටෙන් සිහි නැති වනතුරු පහර දි තිබේ.
මෙම පැමිණිල්ල අදාලව පරික්ෂණයකට 2014.02.03 දින උදේ 9ට පැමිණෙන ලෙසට මතුගම සහකාර පොලස් අධිකාරි වරයා ඇයට පණිවුඩයක් එවා තිබින. එම පණිවුඩය ඇයට ලැබුනේ 2014.02.02 වන දින හවසය.
ඇය නියමිත ෙවිලාවට මතුගම සහකාර පොලිස් අධිකාරි මුණ ගැසිමට යන ලදි. එ් අවස්ථාවේසහකාර පොලිස් අධිකාරී සුනිල් පියරත්න හැසුරුණු ආකාරය ඇය විස්තර කරන්නේ මෙසේය.
‘‘ ..... සහකාර පොලිස් අධිකාරී සුනිල් පියරත්න මා ගෙන් විමසුවාසාක්ෂිකාරයන් ආවාද කියා.
මම කිව්වාපණිවුඩය ලැබුනේ ඊයේ හවස නිසා මට සාක්ෂිකාරයින්ට පණිවුඩය දෙන්න වෙලාවක් තිබුනේ නෑ කියා.
එවිට ඔහු ....මම හිටියා නම්  ඕකාව මරනවාබෝම්බ නෙමෙයි දාන්නේ,  ඕකා චන්ඩියෙක්, ‘ටී 56’ ක්  තියෙනවා කියාගමේ මිනිස්සු හැමෝම කියනවා” යනු වෙන් බැනවැදුනා.
ඌ බෝම්බ අතේ තියාගෙන පෙන්න පෙන්නා එක අතකින් ඩ‍්‍රයිවින් කරගෙන ගිහිල්ලා තියෙන්නේ යයි කියමින් දබොලා චණ්ඩිතුන් හතර දෙනෙක්ව මරලා ගේනවාතොපි වත්තෙන් කොටසක් අල්ලාගෙන තියෙනවාආදි දේ මහ හඬින් කියා සිටියා.''
මම ඔහුට කිව්වාඔය කියන සියල්ලම බොරු මගේ පුතා ළඟ බෝම්බයක් තිබුනේ නෑබෝම්බය දාලා තියෙන්නේ පොලීසියෙන් කියා.
එවිටනැවතත් පොලීසියට කොහෙන්ද බෝම්බ කියමින් කෑගැසුවා.
 ඒයින් අනතුරුව ඇප ගන්න උදව් කරන්නම් ප‍්‍රකාශයක් දෙන්න කියා කිව්වා.’’
 පොලිස් අධිකාරි වරයාට කරන ලද පැමිණිල්ලක් පරික්ෂා කරන්න බාර දුන්න සහකාර පොලිස් අධිකාරිවරයා ගේ නොමනා හැසිරිම ගැන ලිඛිත පැමිණිලි කරන රෝහිණි මහත්මිය ‘‘ අප උසස් නිලධාරීන් වෙත යන්නේතර්ජන ලබා ගන්නටබැනුම් අහන්නටඅපහාස විඳින්නට නොවන බව’’ ප‍්‍රකාශ කර සිටි.
ඇය තමාට බැණ තර්ජනය කළනින්දා අපහස කළ මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්නට එරෙහිව නිතිමය හා විනයානු කුල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි. පැමිණිල්ෙල් පිටපතක් ෙපාලිස්පතිටද යවා අැත.

No comments:

Post a Comment