Tuesday, February 4, 2014

”ශී‍්‍ර ලංකා ප‍්‍රමිතියෝ” අලි බෙටි වලට යට වෙලා.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයෙන් නිකුත් කරන ලද .. SLS,  ලාංඡුනයෙන් පිදුම් ලත් ඇස්බැස්ටස් සෙවිලි තහඩු විෂේශයකි. ”අලියා ලකුණ” දරන සෙවිලි තහඩු. පෙරේරා මහතා, තම දෙමහල් නිවසේ වහලයට, ”අලියා” ලකුණ සෙවිලි තහඩු තෝරා ගත්තේ  SLS,  කෙරෙහි තබා තිබූ විශ්වාසයෙනි.
වහලයට තහඩු දැමීමේදී දෙකට වෙන්වූ සෙවිලි තහඩුවක් සමග පළමු මහලෙන් බිමට වැටී තම පුතා බරපතල තුවාල ලැබීය. ඒ් සමග ඔවුන් තහඩු ලේයර් තුනකට ගැලවෙන බව නිරීක්ෂනය කළේය.

මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන්නේ බණ්ඩාරගම පී.ජේ.සී. පෙරේරා මහතාය. ඔහු වහාම මේ පිළිබඳව පැමිණිල්ලක් බණ්ඩාරගම පොලීසියට කළේය.

රුපියල් එක්ලක්ෂ පන්සියයකට සෙවිලි තහඩු 73 ක් මිළදී ගත් මැස්කනයිට් සමාගමේ නියෝජිත, හොරණ ආරියරත්න හාඞ්වෙයාර් එකට වහාම දැනුම් දුන්නේය.

ක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක වූ මැස්කනයිට් සමාගම, ෂීට් 73 ට, නව ෂීට් 73 ක් ද, රැගෙන ආවේය. දෙකට වෙන්වූ ඇස්බැස්ටස් තහඩුවේ කෑලි වහාම එකතු කර ගත් සමාගමේ නිලධාරීන්, බිම තිබූ ෂීට් පටවාගෙන එ් වෙනුවට අලූත් ෂීට් තබා යන්න ගියේය.

පී.ජේ.සී. පෙරේරා මහතා ප‍්‍රමිතියෙන් බාල ඇස්බැස්ටස් ෂීට් වෙළඳපලට නිකුත් කිරීම හා එ්වා මිළදී ගැනීමට සැලැස්වීමෙන් තමන්ට සිදු වූ අලාභය පිළිබඳව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් විය. එ් ඔහුට ලැබුණ නීති උපදෙස් මතය.

බණ්ඩාරගම පොලීසියට දමන ලද පැමිණිල්ලට මැස්කනයිට් සමාගමේ නිලධාරීන් පැමිණිය ද, බණ්ඩාරගම පොලීසිය එම නිලධාරීන්ගෙන් ප‍්‍රකාශයක්වත් ලියා නොගෙනම පිටත් කර හැරීමට තරම් කාරුණික විය.

එයින් අනතුරුව, පී.ජේ.සී.පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ අජිත් පී.පෙරේරා, මැස්කනයිට් සමාගමට හා ප‍්‍රමිති කාර්යාංශයට පැමිණිලි කළේය.

එම පැමිණිලි වලට, මැස්කනයිට් සමාගමෙන් ලැබුණ පිළිතුර වූයේ, ඇස්බැස්ටස් තහඩු වල ප‍්‍රමිතියේ දෝෂ නැති බවටත්, පුහුණු කාර්මිකයින් යොදවන්නේ නැතිව ඇස්බැස්ටස් වහලයට එලීමට යෑම නිසා සිදුවූ අනතුරක් බවත් ය. මැස්කනයිට් සමාගම ඉංගී‍්‍රසියෙන් ලියූ පිළිතුරම, ප‍්‍රමිති කාර්යාංශයෙන් සිංහලෙන් ලියා එවා තිබිණ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත‍්‍රී අජිත් පී. පෙරේරා, මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළේය.

ප‍්‍රමිතියෙන් බාල ඇස්බැස්ටස් සෙවිලි කිරීමට ගොස් අනතුර සිදුවූයේ 2011.09.02 දිනය. වසර 3 1/2 ගතවු වත් ප‍්‍රශ්නයට පිළිතුරු නැත. අවම වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප‍්‍රහ්නයටවත් පිළිතුරක් නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය අයිති වන්නේ තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශයටය. එය බාර ඇමතිවරයා හෙළ උරුමය රකින පාඨලී චම්පික රණවකය.

පී.ජේ.සී.පෙරේරා මහතා, තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීමේ සටන අතහැර නැත.
ඔහු 2014.01.22 දාතමින් ප‍්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්/විධායක නිලධාරී වෙත යවන ලද ලිපියෙන් සියලූ කරුණු පැහැදිලි කරයි. මෙහි පිටපතක් අමාත්‍යාංශ ලේකම්වරයාට ද යවා තිබේ.
                                                            
ලි.ප.තැපැලෙනි
                                     
පී.ජේ.සී.පෙරේරා
‘පෙරේරා මෝටර් වර්ක්ස්’,
බණ්ඩාරගනායක මාවත,
රඹුක්කන,
බණ්ඩාරගම.
2014.01.22

අධ්‍යක්ෂ ජනරාල්/ප‍්‍රධාන විධායක,
ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය,
අංක 17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විටිගල මාවත,
කොලඹ - 08.
මහත්මයාණෙණි,
තත්වයෙන් බාල අලියා ලකුණ දරණ සෙවිළි තහඩු පිලිබඳව -
විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙසට කරනු ලැබූ ඉල්ලීම.
මාගේ ඉහත ලිපිනයේ පිහිටි නව දෙමහල් නිවසේ වහල සෙවිලි කිරීම සඳහා - 2011.04.28 වන දින, මැක්සන් සමාගේ බලය ලත් නියෝජිත, අංක 61-63, පාදුක්ක පාර, ආරියරත්න ටේ‍්‍රඩස් වෙතින්, අඩි 10- සෙවිළි තහඩු 18ක් හා අඩි 08 සෙවිළි තහඩු 55ක් (මු`ථ ගණන 73කි* මිළදී ගත්තෙමි. මු`ඵ වටිනාකම රු: 100500/=කි.
02. මෙම සෙවිළි තහඩු, මා වහලට එළීම ආරම්භ කළේ - 2011.09.02 දිනය.
     2.1 පළමු මහළේ සිට, සෙවිළි තහඩු  වහලයේ වැඩ කරන බාස්වරුන්ට එක එක සෙවිළි
         තහඩු  උස්සා දීමේදී - ෂීට් වල පතුරු ‘ලේයර් 03කට’ ගැලවෙන බව නිරීක්ෂණය කරන
         ලදි. නමුත් එ් පිලිබඳව ක්ෂණික නිගමනයකට එළඹියේ නැත.
     2.2 එසේ නිර්ක්ෂණය කිරීමත් සමගම, වහලය උඩට උස්සන ලද එක් අඩි 08 දිග සෙවිළි
         තහඩු වක් ලේයර් 03ට ගැලවී, හරි මැදින් දෙකට වෙන්විය.
     2.3 එ් සමගම, එක පැත්තකින් ෂීට් උඩට දීමට උදව්ව වූ මාගේ - පී.බී.එස්.පෙරේරා (එවිට
          වයස අවු : 30* පුතා, ලේයර් ගැලවී, දෙකට වෙන්වූ ෂීට් කොටස සමග, විසිවී බිමට
          වැටුණි (පලංචියක් උඩ සිට නොවේ).
     2.4 ඔහු පතිත වූයේ පොලව මතය. බාහිර කිසිම තුවාල ළකුණක් නොවීය.
03. මෙම අනතුර සිදුවූයේ තත්වයෙන් බාල අලියා ළකුණ දරණ සෙවිළි තහඩු නිසා, මිස , වෙනත්
     කිසිඳු හේතුවක් නිසා නොවේ.
04. මා පුතාව ප‍්‍රතිකාර සඳහා යොමු කර, සිද්ධිය - අලියා ළකුණ දරන සෙවිළි තහඩු මිළදී ගත්-
    අංක 61,63, පාදුක්ක පාර, ආරියරත්න ස්ටෝර්ස් වෙත දුරකථනයෙන් දැනුම් දුන්නා. එවිට
    වේලාව ප.ව.05.30ට පමණ ඇත.
05. ආරියරත්න ස්ටෝර්ස් මට දැනුම් දුන්නා, දැන් වෙළඳ සැලේ අස්බැස්ටස් සෙවිළි තහඩු අංශය
     භාර වෙළඳ සේවක එවනවා කියා.
     පසු දින, 2011.09.03, උදේ 8.00 ට පමණ, ආරියරත්න ස්ටෝර්ස් වෙළඳ සේවක - විරාජ්
     නැමැති අය පැමිණියා.
      ඔහු බිම තිබූ ෂීට 20ක් පරීක්ෂා කර, පිළිගත්තා, එම ෂීට් සියල්ලම ”ඩැමේජ්” කියා.
06. ඔහු, විරාජ් නැමැති අය , එතැන සිටම මැස්කන් සමාගමට දුරකථනයෙන් කතා කලා.
07. ඔහු කතා කළේ මැස්කන් සමාගමේ ගාමිණී සිල්වා නැමැති අයට. විරාජ් ප‍්‍රකාශ කලා, ඔහු
     ඉංජිනේරුවරයෙකු බව.
08. දින 04කට පසුව, එනම් 2011.09.06 වන දින, උදේ වරුවේ මැස්කන් සමාගමේ, මහනාම
     නැමැති නිලධාරියා පැමිණියා.
09. ඔහු- බිම තිබූ සෙවිළි තහඩු  29 පරික්ෂාර කර, එ්වා ඡායාරූප ගත කලා.
10. ඔහු පළමු මහලට නැග, සෙවිලි කර තිබූ සෙවිළි තහඩු ද, ඡායාරූප ගත කලා.
11. ඉන්පසු - ඔහු මට ප‍්‍රකාශ කලා, මේකට පොලිසි එහෙම යන්න  ඕනි නැහැ, පැය 1 1/2ක් තුල
   විසඳුමක් ලබා දෙන බව.
12. එදින සවස 4.00 ට පමණ මැස්කන් සමාගමේ මහනාම නැමැති නිලධාරියා දැනුම් දුන්නා.
    ‘ෂීට්’ අරන් එනවා, ‘ෂීට්’ බාගන්න කිහිප දෙනෙක් සූදානම් කරගන්න කියා.
13. එදින සවස 5.00 පමණ වන විට, මහනාම නැමැති නිලධාරීවරයා හා තවත් නිලධාරීන්
   දෙදෙනෙකු සෙවිළි තහඩු ද සමග, සමාගමේ ලොරියෙකින් පැමිණියා.
14. ඔවුන් - මහානාම ඇතු`ඵ පිරිස බිම තිබූ සෙවිළි තහඩු 29 හා කැඩුණු සෙවිළි තහඩු වද
    කඩිනමින් ලොරියට පටවා, එයට සමාන සෙවිළි තහඩු 30ක් බාර දී යන ලදි.
15. මෙම කාලය තුල - අනතුරට පත්වූ මාගේ පුතා, දකුණු කොළම ශීක්ෂණ රෝහලේ ප‍්‍රතිකාර
   ලබමින් සිටි බවද ප‍්‍රකාශ කරමි.
16. 2011.09.15 දින මා මේ පිළිබඳව බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණිලි කළෙමි.
     (පැමිණිලි අංකය CIB:1, 2011.01.15 - පිටුව 142, ජේදය 262.)
17. මෙම පැමිණිල්ල අදාලව- පරීක්ෂණයක් 2011.09.16 දින, උදේ උදේ 10.0 ට පැවැත්වූවා. එම
    පරීක්ෂණයට මැක්සන් සමාගමේ ඉංජිනේරු බව ප‍්‍රකාශ කල ගාමිණී සිල්වා, නීතිඥවරයෙක්
     හා තවත් අයෙක් පැමිණ සිටියා.
18. එවකට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති කොඩිතුවක්කු නැමැති නිලධාරියා, විස්තර
    ඇසුවා මිස, සමාගමේ නිලධාරීන්ගෙන් කිසිම ප‍්‍රකාශයක් ගත්තේ නැති බවද, මෙහිදී සඳහන්
    කරමි.
19. එයින් පසුව මා,
    1. ඔබ ආයතනයේ භාණ්ඩ සහතික කරන අංශයේ- ඩබ්.සතරසිංහ මිය වෙත 2011.09.19 දිනද,
    2. ඔබ අමතා - 2011.10.14 දාතමින් ද,  මේ පිළිබඳව ලිඛිතව පැමිණිලි කළෙමි.
20. එයට අමතරව, මා වෙනුවෙන් නීතිඥ අජිත් පී.පෙරේරා, ඔබ ආයනයේ අධ්‍යක්ෂිකා (භාණ්ඩ
    සහතික කරන) වෙත - 2011.11.11 දාතමින් ද, මේ සම්බන්ධයෙන් ලියා තිබේ.
මහත්මයාණෙනි,
මෙසේ තිබියදී, මාගේ ඉල්ලීම පරිදි - තත්වයෙන් බාල ඇස්බැස්ටස් පිළිබඳව, ඔබ විසින් කළ යුතුව තිබූ පරීක්ෂණ කිසිවක් නොකර, සමාගම විසින්, ඔබ වෙත සපයන ලද සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු පදනම් කරගෙන, "වැරදිකරුවන්’’, අප බවට පෙන්වීමට, ඉතා පහත් නින්දිත උත්සාහයක් ගත්තේය.
එය තහවුරු කරන්නේ-
1. මේ කාරණය අදාලව මා වෙනුවෙන් නීතිඥ අජිත් පී.පෙරේරා මහතාගේ 2011.11.11 ලිපියට පිළීතුරක් ලබා නොදීම හා,
2. මෙකී කාරණය පිළිබඳව පාර්ලිමේන්තු මංත‍්‍රී නීතිඥ අජිත් පී.පෙරේරා විසින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප‍්‍රශ්ණයට ද ඔබ පිළිතුරක් සපයන්නේ නැතිව මග හැරිමෙන්ය.
එමෙන්ම, මාගේ ඉල්ලීම වූ මෙම සෙවිළි තහඩු - තත්ව පරීක්ෂණයට භාවිතා නොකර, සමාගමේ අවශ්‍යතාවයට කටයුතු කරනු ලැබූයේ - අල්ලසක් මත බවට, මා චෝදනා කරමි.
මෙම තත්වය පිළිබඳ පරීක්ෂණ වලක්වා, අසත්‍ය කරුණු, ප‍්‍රකාශ ඉදිරිපත් කල - සමාගමෙන් අයුතු ලාභ ප‍්‍රයෝජන ගත් නිලධාරීන් ට එරෙහිව විධීමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටද,
තවදුරටත්, මා සතුව පවතින තත්වයේන බාල සෙවිලි තහඩු පරීක්ෂා කර, (විධිමත්ව) මැස්කන් සමාගමේ (ඔබ නිකුත් කළ SLS ලාංඡනය දරන) සෙවිළි තහඩු පරික්ෂණයට භාජනය කර මට සිදු වූ අලාභය නොපමාව ලබා දිමට පිවර ගන්නා ලෙසටයි.

පී.ජේ.සී.පෙරේරා

No comments:

Post a Comment