Friday, February 28, 2014

ස්ත්‍රී ලිංග ව්‍යංගිකරණයට මලාලා ද විරුද්ධයි.


පිරිමි ළමුන් සුන්නත් කිරීමට සමානවම, ගැහැණු ළමුන්ගේ ස්ත්‍රී ලිංග විච්ජේදනය කිරීමේ (ව්‍යංගිකරණය) - මිලේච්ජ ක්‍රියාවට එරෙහිව, බ්‍රිතාන්‍යයේ17 හැවිරිදි මුස්ලිම් පාසලේ ශිෂ්‍යාවක් වන ෆාතිමා මොහොමඩ්, එරට ගාඩියන් පුවත්පත හා එක්ව ආරම්භ කල සටනට, පූර්ණ සහාය පළ කිරීමට මලාලා යුෂුප් ද එක්ව තිබේ.

ගැහැණූ දරුවන් ඉගෙනගැනීම, ඉස්ලාම් දහමට පටහැනි බව පවසමින්, පකිස්ථානයේ තලෙයි බාන් අන්තවාදීන්ගේ වෙඩි පහරට ලක්වූ මලාලා, මේ වන විට ඉස්ලාමීය අන්තවාදීන් ගේ ස්ත්‍රීන් ට මර්ධනයට ඉස්ලාම් ආගම උපයෝගි කර ගැනීමට පෙරට විත් සිටී.

ඉස්ලාමීය දහමට අනුව සෑම පිරිමි ළමයෙකුම - සුන්නත් කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ සිදු කරන අතර, එම ක්‍රියාව, ළමා අයිතීන් උල්ලංගණය කිරීමක් හෝ කෘෘර  ක්‍රියාවක් හෝ බව පිළිගැනීමට, ප්‍රකාශ කිරීමට බලධාරීන් හෝ ළමා අයිතීන් පිළිබද කතා කරන්නන් තවමත් සූදානම් නැත.

මේ අතර, ඉතා රහසිගතව, පිරිමි ළමුන් සුන්නත් කරනවා හා සමානවම, කුඩා අවධියේදීම ගැහැණු දරුවන්ගේ ස්ත්‍රී ලිංගික කොටස් කපා ඉවත් කිරීම සිදු කරනු ලබයි. ලොව පුරාම Female genital mutilation  නමින් ප්‍රකට මෙම ස්ත්‍රී ලිංග ව්‍යංගිකරණය එංගලන්තයේ මුස්ලිම් ප්‍රජාව අතර ඉතා පුලුල්ව පවතින බවත්, එරටදි මෙම මෘග ක්‍රියාව සිදු කිරීම අපහසු නිසා, පාසල් නිවාඩු කාල වල මෙම මිලෙච්ජ ක්‍රියාවට තම දූවරුන් භාජනය කිරීමට, විදේශ ගත කිරීම සිදු කරන බවත් හෙළිව තිබේ.


මෙම මිලෙච්ජ ක්‍රියාව - ඉස්ලාමීය ධර්මයට අනුව, සහිරා නීතියට අනුව හා ඉස්ලාමීය දහම හදුන්වා දුන්න, නබිනායකගේ ඉගැන්වීම් බවත් ප්‍රකාශ වේ.

ආගමේ හා සංස්කෘතියේ නාමයෙන් සිදුකරන මෙම ශරීර කොටස් විකෘති කිරීම, ගරුත්වය හා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.  ස්ත්‍රීන් පාලනය කිරිමට ඉස්ලාමීය ආගමික් ඉගැන්වීම උල්ලංඝණය කිරිම මරණයෙන් පවා දුවම් ලැබිය හැකි වරද වල් ලෙසට පිළගෙන ක්‍රියාත්මක කරයි. පක්ස්ථායයේ ඉස්ලාම් අන්නවාද් තලෙයිබාන්වරු එරට ගැහැණු ළමුන්ට පාසැල් යෑම තහනම් කළෙය. එම තහනම නොතකා පාසල් ගිය ශිෂ්‍යාවන්ට තලෙයිබන් වරු වෙඩි තැබීය. එයින් බරපතල තුවාල ලැබු මලාලා යුෂ්ප ව ජිවිතය බේරා දීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සමත්විය. සුවය ලැබු ඇය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ස්ත්‍රි අයිතීන් වෙනුවෙන් කථා කිරිමට පෙරට ආවේය.


ඇය ගැහැණු ළමුන් ගේ ලිංග   ව්‍යංගිකරණයට එරෙහිව ෆාතිමා මොහොමඩ් ශිෂ්‍යාව හා එක්ව තිබේ. ආගමට හ සංස්කෘතියට අයිතිවාසිකම් පාගා දැමිමට  ඉඩ නොදිය යුතුයි.

No comments:

Post a Comment