Thursday, February 20, 2014

එච්.ආර්.සී සභාපති නටනවාද ? නටවනවාද ?



මෙම ප්‍රශ්ණය නගන්නේ, පළමුව වධ දී, දෙවනුව බොරු නඩු දැමූ පොලිස් නිලධාරියෙකුව ආරක්ෂා කිරීමට මානව හිමිකම් කොමිෂමේ මාතර ප්‍රාදේශීය සම්බන්ධීකාරක, අතිරේක ලේකම් හා නීති නිලධාරිනිය ගන්නා උත්සාහය හමුවේ - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටි, වත්මන් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, ඔහු නමට යවන ලිපියකට අඩුම වශයෙන් ලැබුන බවවත් දැන්වීමට තරම් සදාචාර සම්පන්න නැති නිසාය.

වදුරU පදිංචි කරුවකු බුද්ධික 27 වියැති තරුණයෙකි.2010.09.24 දින වදුරඹ පොලිස් ස්ථානාධිපතිව සිටි පො.ප.සුමේධ විමලගුණරත්න ඔහුට පහර දෙනු ලැබීය.එම පහරදීම ඔහුගේ කණ් බෙරයට තුවාල සිදු විය. කරාපිටිය ශීක්ෂණ රෝහලින් ප්‍රතිකාර ගනු ලැබීය.පො.ප.සුමේධ විමලගුණරත්න ට එරෙහිව, නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් වූ විට, මාසයකට පසුව, ඔහුට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් පැවරීය.

චෝදනාව මෙසේය.

චූදිත :- දොඩම්පෙ ගමගේ බුද්ධික කොස්ගොඩ, වදුරඹ.

"ඉහත නම් සදහන් චූදිත වන නුඹ විසින් මෙම අධිකරණ බල ප්‍රදේශය ඇතුලත වූ පොලිසිය ඉදිරිපිටදී 2010.09.26 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ප්‍රසිද්ධ ස්ථානයක වදුරඹ පොලිස් ස්ථානය ඉදිරිපිට මාපලගම ගාල්ල මාර්ගයේ රැදී සිටිමින් පොලිස් ස්ථානයට පැමිණ සිටි මහජනතාවට පිළිකුලක් හා අප්‍රසන්න තාවයක් ඇති වන ආකාරයෙන් කැරි පොලිස් කාරයෝ මුන් ඔක්කොටම හුකවලා යන්නයි ආවේ කියා අසභ්‍ය වචන තාලයකට ප්‍රකාශ කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 287 යව වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කල බවට මෙයින් නුඹට චෝදනා කරමි."


පහරදීම හා බොරු නඩු දැමීම අපරාධයකි. මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

ඔහු අධිකරණයේදී චෝදනාව ප්‍රතික්‍ෂේප කෙළේය. ඒ නිසා තවමත් නඩුව පවතී. ඒ ගැන වෙනම කතා කල යුතුයි.

ඒ අතර ඔහු - මූලික අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. විමර්ශණයට, මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධීකාරක දිසානායක ට යොමු කරනු ලැබීය. නම් කිහිපයකින් පෙනී සිටින බවට ඔප්පු වී ඇති මොහු වින්දිතයින් දැඩි පීඩාවට පත් කරන්නෙකි. බද්ධිකද මොහුගේ පීඩාවට ලක්විය.

ඔහු ඒ පිළිබදව, මා.හි.කො.සභාපතිට ලියා, විමර්ශණය - ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලෙසට ඉල්ලා සිටියේය. පිළිතුරක් නොවුයේය. ඔහු සාධරණයක් අපේක්ෂාවෙන්, සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවී තම ගැටඵව ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා ගත්තේය.

එහෙත් ඔහුට සිදුවූයේ, සභාපතිගේ දෙපැත්තේ වාඩි වී, සියලු කරුණු විකෘති කරන්නට දගලන අතිරේක ලේකම් නිමල් ජී පුංචිහේවා හා නීති නිලධාරිනී මේනකා හේරත් ගේ රගපෑම් බලාගෙන සිටීමටය.

මේ සියල්ල සම්බන්ධයෙන් - සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු (හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) ට යවන ලද - සංෂිප්ත ලිපිය පහත දක්වමු.

2014.02.18 දාතමින් බුද්ධික සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතාට යවන ලද ලිපිය.

පැමිණිලි අංකය - එච්.ආර්.සී 2978/2011

උක්ත පැමිණිල්ල අදාල විමර්ශන කටයුතු මේ දක්වාම සිදුකර නොමැති බව යලිත් වරක් දැනුම් දීමට සිදුවේ.

මේ කාරණාව අදාලව මා විස්තරාත්මකව ලිපියක් 2013.06.28 දාතමින් ඔබ වෙත එවනු ලැබීය.

එම ලිපියේ පිටපත අමුණා ඇත.

එම ලිපිය ලැබුනු බව හෝ මේ දක්වා දැනුම් දීමක් නොමැත.

මේ සම්බන්ධයෙන් මා දුරකථනයෙන් විමසීමේදී ප‍්‍රකාශ කරන්නේ ‘‘තව සති 02ක් බලන්න කියාය.

1. 2013.01.11 වන දිනපෙ:ව:10.00 ට පමණ මේ පිළීබඳව ඔබ හමුවිය.

මා ඔබ හමුවූ අවස්ථාවේදී ඔබ සමග අතිරේක ලේකම් නිමල් ජී.පුංචිහේවා හා නීති නිලධාරිනී මේනකා හේරත් මියද සාකච්ජාවට එක්විය.

එහිදී නීති නිලධාරිනී මේනකා හේරත් මිය මට කාරණය කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වා.

මා විස්තර ඉදිරිපත් කල විට මාතර ප‍්‍රාදේශීය කාර්යාලයෙන් අසාධාරණයක් සිදුවූවත් මෙහෙන් (ප‍්‍රධාන කාර්යාලයෙන්) අසාධාරණයක් වූයේ නැහැ නේද කියා විමසා සිටියා.

මම එයට පිළිතුරු දුන් විට අතිරේක ලේකම් නිමල් ජී.පුංචිහේවා මෙයට හේතුව ගොනුවේ අධිකරණ වෛද්‍ය වාර්තාව නොමැතිවීම බව කියා සිටියා.

මා එවිට එසේ විය නොහැකි බව ප‍්‍රකාශ කලා.

එවිට අතිරේක ලේකම් නිතිඥ නිමල් ජී පුංචිහේවාගොනුව පරීක්ෂා කරඔව් තියෙනවා කියා වෛද්‍ය වාර්තාව අරගත්තා.

එය පරීක්ෂා කර බලා කිව්වා ඒක අනුවඑ කිසිවක් වෙලා නැහැ කියා.

මා එම ප‍්‍රකාශය පිළිගත නොහැකි බව පවසා මා නේවාසිකව ප‍්‍රතිකාර ගැනීම අදාල - රෝහලින් නිකුත් කල රෝග විනිශ්චය කාඞ්පත පෙන්ව සිටියා.

එවිට නිමල් ජී.පුංචිහේවා කියා සිටියා එය පිළිගත නොහැකි බව. ඔහු කියා සිටියා වැදගත් වන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව බව.

මා ඔහුට ඒ අවස්ථාවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. එස්. දසනායක මයා නිකුත් කල අධීකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කලා.

ඉතා අකමැත්තෙන් එය පරීක්ෂා කර එහි තුවාල ඇති බව පිළීගෙන ඔබ(කොමිසම) සතුව තිබෙන වාර්තාව (ගොනුවේ තිබු) වෙනත් එකක් බව පිළිගනු ලැබුවා.

එයින් පසුව මා සතුව තිබූ අධිකරණ වෛද්‍ය වාර්තාවේ ජායා පිටපතක් ලබා ගත්තා.

එයින් අනතුරුව  2013.01.31 ට පෙර දැනුම් දීමක් සිදුකරන බව  ඔබ මාහට දැනුම් දෙනු ලැබුවා.

2. නමුත් 2013.01.31 ට පෙර දැනුම්දීමක් නොලැබූ හෙයින් මා

(අ) 2013 පෙබරවාරි මස දිනක දුරකථනයෙන් විස්තර විමසූ විට  විමර්ශණ නිලධාරිනී නදී   එදිරිසිංහ මියගෙන් විමසන ලෙසට දැනුම් දී ඇයව සම්බන්ධ කලා.

(ආ) ඇය පැවසුවේ වෛද්‍ය වාර්තාවල ප‍්‍රශ්ණයක් තියෙන නිසා තව සතියක් ලබා දෙන  ලෙසට ඉල්ලා සිටියා.

ඇ) සතියකින් කතා කර විමසූ විට ඇය කියා සිටියේ වෛද්‍ය වාර්තාවේ ප‍්‍රශ්ණ තියෙන නිසා දිනයක් දෙන්න බැහැ කියා.

මහත්මයාණෙනි මේ සියලූ කරුණු සලකා බලා මා 2013.06.28 දින ලිපිය ඉදිරිපත් කලා. පිටපත අමුණා ඇත.

නමුත් මේ දක්වාම  වමර්ශණය සිදු නොකරන්නේ

1. මාහට පහරදුන්න පොලිස් නිලධාරීවරයා වන - දැනට ගාල්ල නාගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධීපති සුමේධ විමලගුණරත්න ව ආරක්ෂා කිරීමට

2. මේ පිළිබඳව මුල් පරීක්ෂණය කල ඔබ මාතර ප‍්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධීකාරක  දිසානායක මෙම පොලිස් නිලධාරියා ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ඔබ වෙත පැමිණිලි කිරීම නිසා බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

මාගේ මෙම චෝදනාව වඩාත් තහවුරු කරන්නේ  මෙම පහර දීමෙන් අනතුරුව වඳුරඹ පොලිසි ය මට විරුද්ධව ගාල්ල මහේස්ත‍්‍රාත් අධීකරණයේදී පවරන ලද අංක 60655 දරන ‘‘බොරු චෝදනා නඩුව  2013.08.23 වන දින පැවති අවස්ථාවේදීඅධීකරණය හමුවේ පොලිසිය කියා සිටියේ පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න ට එරෙහිව මා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිලි වලින් ඔහු නිදහස් වුවහොත් මෙම නඩුවේදී වරද පිළීගන්නවාද යන යොජනාව ඉදිරිපත් කළා.

මා එය ප‍්‍රතික්ෂේප කලා. නමුත් නඩු වාර්තාවේ එය සම්පූර්ණයෙන්ම විකෘති කර, ‘‘මානව හිමිකම් කොමිෂමේ තීරණයෙන් පසුව වරද පිළිගැනීම සම්බන්ධයෙන් සලකා බලන බවට චූදිත දන්වයි යනුවෙන් සඳහන්ව තිබෙනවා.

සැ.යු. මෙය සංශෝධනය කරන ලෙසට මා මාගේ නීතිඥ වරයාට උපදෙස් දී තිබේ.

මේ සියලූ කරුණු වලින් පෙනී යන්නේ

මානව හිමිකම් කොමිෂම් සභාව

 අ) පළමු මාතර ප‍්‍රාදේශීය සම්බන්දීකාරක දිසානායක හා පො.ප.සුමේධ විමලගුණරත්න පවත්වන්නා වූ අයතා සම්බන්ධය -

ආ) දෙවනුව අතිරේක ලේකම් හා නීති නිලධාරිනිය දක්වාම ව්‍යාප්තව ඇති බවයි.


මේ සියලූ කරුණු සැලකිල්ලට ගෙන නොපමාව මට පිලීතුරක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමි.

අත්සන් කළේ/ඞී. ජී. බුද්ධික

මේ මහින්ද චින්තනය - මානව හිමිකම් කොමිෂමේ ක්‍රියාත්මක කරන අයුරු පැහැදිලි කෙරෙන හතරවන උදාහරණයි. තව බලාපොරොත්තු වන්න.

අදාල විඩියෝව-

No comments:

Post a Comment